01 February 2012

පුංචි කැකුළිට..


වසන්තය අත වනන සරත් සෘතුවෙන් ඇරඹ
සීත හිම සුළං මග ඇවිත් හිරිගඩු පිපෙන
වසාගෙන දෙනෙත් තද කළුවරක දිවි ගෙවන
කැකුළියෙ පුංචි නුඹෙ සුවඳ ගැන දන්නවද..?

සිනිඳු පෙති මත දැවට සිහින් තෙලිතුඩක හද
ගෙනත් නෙක පාට හැඩ නු‍ඹෙ වතට ගැලපෙනම
සඟවගෙන හිරු රැසින් නිසා දිලිසෙන රුවට
කවුද කියන් දැමුවෙ ඒ තහංචිය හිතට..?

සුසුම් ළඟ දැවට වෙලා කඳුලක මිතුර
බලා අවටින් සිරිය තවත් පා නොහකුලගෙන
පිපෙන් නුඹ සිනහ වත තවත් එක් හදට නොව
සිනාසෙන වසන්තෙක ප්‍රාර්ථනා අහසකට..!!!

20 comments:

  1. මල් කැකුළක් පිපේවි හිරු අභියස
    නුදුරේම සුවද විහිදාගෙන
    රකුසු ඇස් ඇති මේ මහ වන මැද
    යන මග තුනී කටු ඇනේවි පෙති මත..

    ReplyDelete
    Replies
    1. පිපී හිනැහෙන සුවඳ මුකුලිත
      රකීනම් ලොව දෙනෙත් දයාබර
      හෙලන සුසුමන් බලා වට පිට
      කුමට ලොව පිපුණේද මල් ලොව.. :)

      අරුත් කවියක්..! ස්තූතියි දිනේෂ්.. :)

      Delete
  2. නාන්දු කාලෙකින් කවියක් අරගෙන ඇවිල්ල තියෙන්නේ.මේ මාසෙට මේක විතරද?

    ReplyDelete
    Replies
    1. හිහිහී.. මමත් හිතන්නෙ.. :D

      Delete
  3. සිනාසෙනු නුඹ වසන්තයෙ පැතුමන් අහසකට.....

    ReplyDelete
    Replies
    1. දිනිති අක්කේ.. ගොඩක් ස්තූතියි මේ පැදි පෙලට අරුතක් එක්කලාට.. :) ඒ වගේම මේ පුංචි බ්ලොගයට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි අක්කියට.. :)

      Delete
  4. අහිංසක ප්‍රාර්ථනාවක්... :) :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම.. හ්ම්ම..
      ස්තූතියි අයිස් න‍ඟේ..:)

      Delete
  5. අම්මෝ ඇති යාන්තම් අක්කියාට මතක් වුනා බ්ලොග් එක..:D

    ලස්සනම ලස්සනයි කවි පෙල අක්කෙ..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. :D මේ පැත්ත මතක්වුණත් ඉදලා හිටලා.. ඔයාලගෙ බ්ලොග් පැත්තෙ අනිවාර්යයෙන්ම එනවා නංගියෝ..
      ස්තූතියි න‍ඟේ..:)

      Delete
  6. කාලෙකින් කවියක්...ලස්සනයි....

    ReplyDelete
  7. ම්ම්ම්.... ලස්සනයි අක්කා...:)

    ReplyDelete
  8. හරිම ලස්සනයි දුවේ. සුමුදු වදන් පෙලක් ඇති මේ කවි පෙල හරිම සුන්දරයි.අසරණ කමත් එක්ක මතුවූ දැරියකගේ සුන්දර කම දකින්න හිතක් ඇතිවූ එකත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. මේ වචන මට ‍ශක්තියක්..
      දහසක් වැඩ මැද්දෙ මේ පැත්තට ගොඩවැදුනට බොහොමත් ස්තූතියි.. :)

      Delete
  9. අහිංසක මල් කැකුලියකට ලියවුන සුන්දර වදන් පෙලක්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ පුංචි දරුවන් කොයිතරම් ඇතිද.. බාහිර බලපෑම් වලින් හැකියාවන් සඟවගත්ත..
      ස්තූතියි මලීෂා.. :)

      Delete
  10. ලස්සනයි මේ කවි....ගොඩ දවසකින් වගේ දැක්කෙ....

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඔව් මේ පැත්තෙ පහුගිය දවස්ටිකේ එන්න බැරිවුණා..
      ස්තූතියි සහෝ.. :)

      Delete