11 February 2012

ජීවන සයුරු රළ | Wave of Life


දෑස් මායිම පසුකරගෙන යන සෙනඟ මැද්දෙන් ඇය ඉදිරි පියවර තැබුවෙ අසිහියෙන්.. තැබූ බලාපොරොත්තු වල වේදනව දෑස්වලින් කඳුළු බවට හැරී කම්මුල් දිගේ ගලාගෙන යද්දි, පසුකර යන සෙනඟ අතර තෙරපී ඇය බිම වැටෙන්න ගියේ වරක් දෙවරක් නොවෙයි...

"සඳූ..."

ඇයට හුරු පුරුදු කටහඬකින් සෙනග අතර ඇගේ නම මුමුණනවා ඇහුණත්.. ඒ කාගෙදැයි හඳුනගන්න ඇයට මතකයක් තිබුණෙ නැහැ... ඒ හඬ ඈතින් ඇසෙන්ට ඇසෙන්නට ඇයව තව තවත් සෙනඟ අතරින් ඈතටම රැගෙන ගිය දෙපා නතර වුණේ, ඉමක් නිමක් නොපෙ‍නෙන මුහුද අසල... වෙරලේ රැඳි ඇයගේ පියමං සලකුණු මුහුදු රැල්ලෙන් පිස දැමුවේ ඇයට තම තුරුලට එන්නට ආරාධිත පාවඩ එලමින්.. ඇගේ දෙපා උණුහුම සොයමින් තව තවත් ඇදුනෙ මුහුද දෙසට..  සුදු රැළිමතින් වෙරළට'විත් පෑ හිනාව ඇයව තමාගෙ දෙසට නතු කරගන්න මුහුදු රළට හැකිවුණත් ඒ හිනාවම ආපසු හකුලගන්න ඉක්මන් වුණේ ඇයව තවත් කෙනෙකුගේ දෑතකට බාරදීලා..

***********************************
"ඔයාට මතකද සඳූ... මං වුණ පොරොන්දුව.. මං කවදාවත් ඔයාව තනිකරන්නෙ නෑ.."
පැතුම් සඳුනිගෙ අතින් අල්ලගෙන පුංචි මුදුවක් ඇගේ ඇඟිල්ලක රඳවන ගමන් කතා කලේ ඇගේ ඒ දි‍ලිසෙන ඇස් දිහා බලාගෙන..

"මං දන්නවා පැතුම්.. අපි සිහින මැව්ව අද අපේ ලස්සනම දවස.. අර බලන්න හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා.."
විවිධ මල් වර්ගයන්ගෙන් සැරසුණු ශාලාව දෙසට තම නෙත් යොමු කරන ගමන් ඇය කිව්වෙ පැතුම්ගෙ අතේ එල්ලිලා.. ඒත් ඇය දුටුවෙ ශාලාව මැද ඔහු එනතුරු බලාහිදින තවත් කෙනෙක්.. හීනාවීගෙන ඔවුන් එන මඟ බලාහිදින හැටි..

"පැතුම්... කවුද ඒ.. මං මීට කලින් එයාව දැකලා නැහැනේ.."

"එයාව Marry කරලා මං රට යනවා සඳුනි.." සඳුනිගෙ අත අතඅරින ගමන් පැතුම් අත දිගුකලේ ඒ යුවතිය වෙතට..

"පැතුම්..?"

"පැතු... ම්..."

 ඇය කොපමණ අත දිගුකලත් පැතුම්ගේ අත මානයටවත් ලංවිය නොහැකි සේ පිටුපා ගිය ඔවුන් දෙසට ඇය තව තවත් දිවයන්නට උත්සහ කලා...

"ඳූ.. සඳූ..."

අර පුරුදු කටහඬ ආයෙමත්... ඇ‍ගේ පසුපසින්..
ඇය හෙමිහිට ඇස් ඇරියෙ ඒ හඬ හිමි කෙනාව දකින්න.. හුරුපුරුදු රුවක් එක්ක ඇය ඉදිරිපිට සිටිය රුව අඳුරගන්න ඇයව අරන්ගියේ යාන්තමින් පාසැල්කාලේ ඊට සමාන රුවකට.. 

"මතකද මාව.. ඔයගෙ ක්ලාස් එකේ හිටිය සිසිර..."

පුංචි හිනාවකුත් එක්ක ඇයට මතක් වුණේ පාසැල් කාලය.. සඳූගෙ හිත කොයිතරම් ගන්න සිසිර උත්සහ ගත්තත් ඇගේ හිත තිබුණෙ පැතුම් ළඟ.. අවුරුදු ගණනක ඒ ආදරයේ දුක්බර නැවතුමේ මතකය ගැන වාතලයට මුසුවුණේ ඇගේ හිතෙන් නික්මුණ සුසුම් පමණයි...

"මට සමාවෙන්න සිසිර.. ඒකාලෙ ඔයා මං බලාපොරොත්තු තියාගෙන හිටියෙ පැතුම් ගැන.. එයා නැති ලෝකයක් ගැන මං කවදාවත් හිතලා තිබුණෙ නැහැ... " ඇගේ ජීවිත කතාවෙ හැමදෙයක්ම ඇය සිසිර සමඟ පවසද්දි ඒ දිහාවට නිහැඬියාවෙන් අහන් හිටියෙ සිසිර..

"කවුරු අතිනුත් වැරදි වෙනවා.. ඒ ජීවිතේ හැටි සඳූ.. ජීවිතේ තියෙන්නෙ අපිට ඕන වෙලාවට අතහැරලා දාන්න නෙමෙයි.. ජීවිතේ ජීවත්කරවන්න.. බලාපොරොත්තුවලින්.."

"ඔයා දැන් මොකද කරන්නෙ..?" අවුරුදු ගණනක වෙනස් වුණ ජීවිතවල සිසිරගෙ පාසැල් කාලෙ තිබුණ හීන ගැන මතක්වුණ සඳූ ඇහුවෙ ඒ හීන කාලයත් එක්ක වෙනස්වෙලා ඇති බවක් හිතාගෙන..

ආදරයෙන් රකින හදවතක් මෙන් පුංචි උයනක් මැද තිබුණ නේවාසිකව ප්‍රථිකාරකරන රෝහලක්වෙතට ඇය පා තැබුවෙ තරමක චතිකයකින්.. පුංචි කතාබහ, හිනාවන් අතරින් ඇවිදින්න බැරි මල්වෙනුවට එහා මෙහා පියාඹන සමනල රංචු ඒ පරිසරයට එක්කලේ පුංචි හුළඟකින් පාවෙන මල්පෙති වගේ ශාන්ත බවක්.., පිරිපුන්බවක්..

"සඳූ ඔයාට පේනවද අර සතුටෙන් සැහැල්ලුවෙන් හිනාවෙන පුංචි දුවක්.."

"අනේ ඇත්තමයි.. කොයිතරම් හුරතල් ළමයෙක්ද.. ඒත් ඇයි එයා මෙහේ..?" සඳූ ඇහුවෙ පුදුමයෙන්..

"එයා උපතින්ම හදවත් රෝගියෙක් සඳූ.. තව අවුරුදු පහකින් හයකින් පුළුවන් ඒ සමනල් පැටික්කිව හොඳකරන්න.. ඔපරේෂන් එකකින්.. එතකල් එයාව අපි ආදරයෙන් බලාගන්නවා.."

ඇය රෝහලෙන් ඉවතට ඇදුනෙ පහත් කරගත් හිසින්.. ඒ වගේම ලැජ්ජාවකින්.. ඇයට මැවුණෙම රෝගවලින් ගත ඔත්පල වුණත් හිතෙන් සිනාසෙන ඒ පුංචි මල් කැකුළු..

"ඔයාට දැන් තේරෙනවා නේද සඳූ.. ඔයා නැතිකරගන්න හැදුවෙ කිසිදෙයකින් අඩුපාඩු නැති.. කිසිම වටිනාකමකට සම කරන්න බැරි ජීවිතයක් බව සඳූ..." සිසිර ඇහුවෙ ඈත බලාගෙන කල්පනාකරන සඳූගෙන්.. 

"මට තේරෙනවා සිසිර.. අපි ජීවත්වෙලා හිටියොතින් මිසක් නැතිකරගන්න ජීවිතයෙන් මේ ලෝකෙ කිසිදෙයක විසදුමක් අපිට හොයන්න බැරිබව.."

*******************************

උරහිසට බරවෙලා ඈත මුහුද දිහා බලාගෙන ඉන්න ඒ සඳවතියගේ මූණට පුංචි පවන් රොදකින් දඟකරන කෙස්රොද සිසිරට මතක්කලේ අතීතය.. සුදුගවුමට දිග කොණ්ඩකරල් දෙක ගෙතුණ ඇගේ කෙස්.. ඔහු එදා වගේම ආදරයෙන් බලාගෙන උන්නා..

"සඳූ.."

"ම්ම්ම.. "
ඇහෙන නොඇහෙන ගණනට ඇය කෙඳිරුවේ ලොකු කල්පනාවකින්..

"මොනවද කල්පනා කරන්නෙ..?" හීනියට මුවපුරා ඇඳුනු හිනාවෙන් සිසිර ඇහුවෙ ඒ දිලිසෙන ඇගේ ඒ ඇස් දිහා බලාගෙන..

"අපේ ජීවිතත් හරියට මේ මුහුද වගේ නේද සිසර..? ජීවිතේ කොයිතරම් දේවල් අපෙන් ඈතට යනවද..? ළඟට එනවද.. දැවටි දැවටි අපි අසලම ඉන්නවද.. හරියට මුහුදෙ රැළිවගෙ... " සඳූ කිව්වෙ තමා අසල ඉන්න ආදර සෙල්රුව දිහා බලන්...

අද ඒ පුංචි ආදර කැදැල්ලෙ අවුරුදු ගණනක ආදරයේ මතක සැමරුම් දවස.. ඒ ආදර මතක සැමරුමේ ලොකුම තෑග්ග තෑගි කලේ මේ ලොවේ තවත් ජීවිතයක් පිබිදෙන්න... ඒ.. පුංචි දරුවකුගෙ හෘද සැත්කමකට අවශ්‍ය මුළු මුදලම...


නෙක රටාමවමින් ක්ෂිතිජයේ ගිලෙන හිරුත් සමඟ කැදලිවලට යන කුරුළු රංචුත් සමඟ සිසිරගෙ අතැඟිලි අතර ඇගේ අතැඟිලි රඳවගත් ඇය නැවතත් හැරිලා බැලුවෙ රැළිපිට රැළිමතින් සුබ පතන නිල් සයුර දිහා.. සැහැල්ලු හිනාවෙන්.. :)

39 comments:

  1. තවත් කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම පරිත්‍යාගය... ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම පුංචි කුමාරිහාමි.. තවත් ජීවිතයකට හුස්මපොදක් වෙන්න අපේ ජීවිත තුලින් ලැබෙන තරම් පිනක් තවත් නැහැ...
      ස්තූතියි.. :)

      Delete
  2. ලස්සනයි මේ කතාව...දුකයි...ගොඩක් හිතට වැදුන.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.
      ජීවිතයට යමක් එකතුකරගත්තනම්..
      මේ කතාවෙ උත්සහය එයයි.. :)

      Delete
  3. ම්ම්ම්ම්...ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූගේ ලෝකය :)

      Delete
  4. ලස්සන කතාවක්...... ගොඩක් අයට සැබෑ ආදරේ අදුර ගන්න බෑ.. එකට හේතුව මොකද්ද කියලනම් මම දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. ඇත්ත... සැබෑ ආදරය ගොඩක් දෙනෙක්ට අඳුරගන්න ලැබෙද්දි ජීවිතය ගොඩක් දුර ගිහින්..
      ස්තූතියි සහෝ. :)

      Delete
  5. // ජීවිතේ කොයිතරම් දේවල් අපෙන් ඈතට යනවද..? ළඟට එනවද.. දැවටි දැවටි අපි අසලම ඉන්නවද.. හරියට මුහුදෙ රැළිවගෙ...//
    ලස්සනයි කතාව..සමහර වෙලාවට අපිට මේක අමතක වෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඒ ජීවිතයේ හැටි රූ..
      වෙලාවකට අපි දුක්වෙන්නෙ ජීවිතයේ කාටවත් වැඩකට නැති විදිහට..
      ස්තූතියි රූ.. :)

      Delete
  6. හරිම ලස්සන කතාවක් ගොඩක් හැඟුම්බරයි හැබැයි ආදර්ශමත්.... ගොඩක් කට්ටිය ජීවිතේ ගැන ගන්න මුල්ම තීරණේ ගොඩක් වෙලාවට වරදිනවා ඒක කාටත් පොදුයි... හරි ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ... :)

      Delete
  7. අපි කරන දේවල් විතරයි අපිට කවද හරි ඉතුරුවෙන්නේ.ලස්සන කතාවක් ලස්සනට ලියල තියෙනවා.

    ජයෙන් ජය!!..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අසරණයා අයියේ.. ස්තූතියි ගොඩක්.. :)

      Delete
  8. හරිම ලස්සනයි අක්කේ.. මේක දැක්කම මම ලියන කතාව මොකක්ද කියලා හිතෙනවා :)))

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා නංගියෝ.. ඔයා කතාව ගොඩක් ලස්සනට ගොඩනගාගෙන යනවා.. ඒක මේ කතාවට වඩා වෙනස් කවුරුවත් නොලිව්ව.. නොහිතණ.. ඒ කතාව ලියන,හිතන එකම එක්කෙනා ඔයා නංගියෝ... :)

      Delete
  9. හ්ම්ම්.... ලස්සනයි අක්කේ.... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා..!!
      ස්තූතියි නගේ.. :)

      Delete
  10. //ජීවිතේ තියෙන්නෙ අපිට ඕන වෙලාවට අතහැරලා දාන්න නෙමෙයි.. ජීවිතේ ජීවත්කරවන්න.. බලාපොරොත්තුවලින්.."//

    ඇත්ත අක්කි..හරිම ලස්සනයි මේ කතාව.. හුඟාක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. අළුතෙන් පියවරක් ඉදිරියට තියන්න ජීවිතයට යම්දෙයක් එකතුවුණානම්..
      ඇත්තටම සතුටුයි නංගියෝ.. :)

      Delete
  11. හැඟුම් බර කතාවක්...හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි අක්කියෝ.. :)

      Delete
  12. ඇත්ත ජීවිතේ කියන්නේ මේ මුහුද වගේ.. එකින් එක ගලා ගෙන එන රැලි හරියට අපේ මතක වගේ.. හැමදාම ලග රැදෙන්නේ නෑ.. එකකට පස්සේ එකක් ඇවිත් අළුත් වෙනවා.. ජීවිතෙත් අපි එහෙම එන මතක රැලි වලට ඉඩ දෙන්න ඕන.. හරියට සදු වගේ..

    කතාව ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ.. ලස්සනට ලියවිලා තියෙනවා.. මෙහෙම ලියන්න පුළුවන් කමක් තියාගෙනනේ බොරුවට බෑ කියන්නේ.. වෙනස් තේමාවලින් වෙනස් රටා වලින් තව ලියමු..

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උන දෙයක් කියලා යන්න ආයෙම ආවා.. ඒ තමයි මුහුද වගේ මේ ජීවිතේ සමහර වෙලාවට එන රැළි වලින් ජීවිතේ ලස්සන කරනවා.. ඒ වගේමයි රුදුරු රළකින් ජීවිතේ විනාශ කරනවා.. සිසිර ඒ වගේ ජීවිතේ ලස්සන කරන රැල්ලක්.. ඒත් සඳු ඒක තේරුම් අරන් තිබුනෑ නෑ..

      අළුත් පෙනුමත් ලස්සනයි ඔන්න..

      Delete
    2. සඳූලා,පැතුම්ලා වගේම සිසිර වගේ අය මේ ලෝකෙ කොතෙකුත් ඇති.... අවාසනාවකට සඳූලව සිසිරලට හම්බවෙන්නෙ මහසයුරෙ ගිලුණට පස්සෙ.. සමහර විට ගිලෙන්න යනකොට ආයෙමත් හම්බවෙන්නෙ පැතුම්ලට.. ඇත්ත දිනේෂ්.. මතක රැළිත් එක්ක අපේ ජීවිතය ලස්සන කරන්න පුළුවනුත්,විනාශයට ඇදගෙන යන්න පුළුවනුත් මේ මිනිස් ජීවිතය අයිති අයටම පමණයි.. ප්‍රාර්ථනා කරමු සිසිරවගේ අය මේ ලොව තුල තව තවත් බිහිවෙන්නට වගේම සඳූලට දෑස්මායිමේ තියෙන සැබෑ ආදරය තව තවත් තේරුම්ගන්නට ලැබෙන්නට..!!!

      හිහිහී.. ස්තූතියි දිනේෂ්.. මේ දිරිගැන්වීම් වලට.. :)

      Delete
  13. කතාව ගොඩක් හිතට දැනෙනවා...ලස්සනට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ආයුබොහෝවේවා..!!!
      සහෝගෙ පළවෙනි ‍කමෙන්ටුව අකුරු ගෙත්තමේ.. :)

      ස්තූතියි සහෝ. :)

      Delete
  14. හරිම ලස්සනයි අක්කා... ඇත්ත ආදරේ කොච්චර කල් ගියත් නැති වෙන්නේ නෑ.. නැති වුන දේවල් ගැන හිතලා දුක වෙලා ජීවිතේම විනාස කරගන්න එක මහා මෝඩ වැඩක්..

    ReplyDelete
    Replies
    1. හරියට හරි නංගියෝ...
      කතාවෙ සාරංශය නංගියා හරියටම ග්‍රහණය කරගෙන.. :)

      Delete
  15. නන්දු අද සිට සෑමාගේ බ්ලොග් රෝලේ.. ;)
    කලින් හිටියේ ගූගල් රීඩරේ නොවැ..

    සිරා.. !

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ස්තූතියි සෑම්.. :D

      ජයවේවා..!!!

      Delete
  16. පවුඩර් බබාලට අගනා ඔසුවක්. (හරියට බිව්වොත් විතරක්)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මල්ලී..!

      Delete
  17. හරිම අරුත්බරයි........

    ReplyDelete
    Replies
    1. කාව්‍යා අක්කී.. ගොඩක් ස්තූතියි..!!! :)

      Delete
  18. මට කියන්න තියෙන්නෙත් අර NNK කියපු දේ මයි.....
    හරිම ලස්සනට කතාව ලියලා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.. :)

      Delete