කළුවර මුල්ලකට වෙලා විටින් විට ඔච්චමට හිනාවෙන අහසෙ තරු දිහා මට බැලුණෙ පුරුද්දට වගේ... අවටින් ඇහුණ සංගීතය කන්දෙකෙන් රිංගලා කෙලින්ම බදාගත්තෙ හදවත.. අනවසරෙන්ම එළියට එන්න ඔන්න මෙන්න තිවුණ ඒ කඳුළු නවත්තගත්තෙ ඒ කඳුළු එළියට පෙනේවි කියලා හිතාගෙන.. උගුරෙ හිරවුණ කටුවක වේදනාවෙන් මම බලාගෙන හිටියෙ වීදුරුව දිහා.. නිවි නිවි පත්තුවෙන පාට විදුලි ලාම්පු වල හෙවනැලි අපි දෙන්නගෙම මූණුවලට වැටුණෙ, බලාගෙන හිටිය අයට ප්‍රකෘතියෙන් කිසිවක් කියන්න පුළුවන් හැගිම් මවලා නෙමෙයි.. ඒ වැටෙන පාට වලින් හදවතේ හරිම පාට කියන්න පුළුවන් වුණානම්... අපේ හිත්වල තිබුණ සිතිවිලි වචන වලට පෙරලන්න පුළුවන් වුණානම්... කවදාවත් ජීවත් වෙන එක මේ තරම් අමාරුවෙන එකක් නැහැ එහෙනම්... එකපාරටම කොහෙදෝ ඉදන් අමතකවෙලා වගේ දුවගෙන ආව සීතලට ඇඟේ හිරිගඩු ඇහැරවද්දී... අපි දෙන්නම වීදුරුව හිස්කලේ තරඟයට වගේ..
චන්දරේගෙ මූණෙ ඇඳුණෙ හිනාවක්.. හදවතේ තියෙන සතුටත් එක්ක හිනාවෙන හිනාවක්.. ඒ හිනාව මීට අවුරුදු ගණනකට කලින් මගෙන් අතුරුදහන් වුණ ඒ අතීතයේ හිනාව.. උඩතට්ටුවේ සිටන් පියගැටපෙළ දිගේ සුදු ඇදුමකින් මල්කළඹකුත් සමඟ මගෙ මූණ දිහා බලාගෙන පහළට බහින සුරංගනාවිය.. ඒ මූණෙ තිබුණෙ දුකද සතුටද කියන්න මං අතරමං වුණේ ජීවිතේ පළවෙනි වතාවට මා දිහාවට පාන කුසලානයකින් මගේ මූණෙ හැඩ බලනවා වගෙයි.. කවුදෝ ඒ දර්ශණ පටයට පිවිසිලා ජයග්‍රාහී පීත්ත පටියත් එක්ක කුසලානය අතට ගනිද්දී අවටින් ඇහුණ සුබ පැතුම් එක්ක මං මඟ නතරවුණේ තරඟයකදි වැරදිලා ප්‍රචාරය වුණ ජයග්‍රහයකයගෙ හඬ සවන් වැකුණ ගාණට දුකත් ලැජ්ජාවත් සමඟ... ප්‍රකෘතියට... දිනාගන්න බැරිවුණ ඒ ආදරය කවුදෝ කෙනෙක් ජයගද්දි.. මං හිටියෙ බොදවුණ ඇස්වලින් ඒ දිහා බලාගෙන.. හැමෝම ඇවිත් සුබ පතද්දි මං ඈතට වෙලා බලාගෙන හිටියෙ හැගීම් වචන වලට පෙරළගන්න පරිවර්තකයෙක්වත් නැතිව... හැමෝගෙම සුදු විලද අහුරු ආශිර්වාදයට බයෙන් පැනලා ගිය මතක සමනල්ලු තවමත් මගෙ හදවත ඇතුලෙ එළියට එන්න බැරිව හිරවෙලා.. මං ආයෙමත් හිස්වුණ වීදුරුව පුරවගෙන උගුරක් උගුරෙන් පහතට හලාගත්තෙ ඒ බයටවත් උන් ටිකව නතරකරගන්න.. ඒත් උන් සැහැල්ලුවෙන් පියාඹන්නෙ මේ වගේ වෙලාවට බව මං අවුරුදු ගණනක ඉදන් දන්නවා.. ඒ උයනෙ පාලකයා විදිහට..
"හෙට ප්‍රියන්වදාගෙ උපන්දිනේ..
මං හොඳ තෑග්ගක් තවම හොයනවා මචං.."
එක පාරටම ආව මුහුදු රැල්ලක සද්දෙ මගෙ කනට ඇහුනෙ චන්ද්‍රේගෙ හදවතේ බරත් අරගෙනම පිට වුණ සුසුම මැදින් හීනියට ඇහුණෙ "මාව බේරගන්න" නොකියා කියන මැලවුණ කටහඬ හීන් කෙඳිරියක් ගාණට.. කීකරුකරන් හිටිය සමනල්ලු ඒ මේ අත ආයෙත් විසිරෙන්න ගත්තෙ සිහිනයක අතරමං කලා වගෙයි.. මෙච්චර වෙලා වීදුරුවෙ ගිනිපාට වතුරට ගිලිලා තිබුණ මගෙ ඇස් දෙක එසවුණෙ නොදැනම..
ඔව්.. මුළු හිතම ආදරෙන් පිදුව මගෙ ආදර ප්‍රියන්වදාගෙ උපන්දිනේ හෙට.. කවදාවත් දෙන්න බැරිවුණ ඒ පුංචි තිළිණය තවමත් යන යන තැන තනිරකින කාර්යාල බෑගයේ.. අවුරුදු ගණනක මතක එක්ක.. හිතට දැනුනෙ මහ තනිකමක්.. බදාගෙන හිටිය මම මගේ කියන මතක... මේ අවුරුදු ගණනට දෙන්නට කවුරුත් හිටියෙ නැති.. මතකය විතරක්ම රිදවන ඒ තිළිණය..
"මේක තියාගනින්.. ඕක දෙන්න දැන් මට කවුරුත් නැහැ.. හිටිය අයත් යන්න ගිහින්.."
චන්ද්‍රේගෙ හිතෙන් ඉපැදුන කඳුළු ගිලෙන්න ඔන්න මෙන්න තිබුණ රතු ඇස් වසාගෙන අවර්ණ කඳුළු කම්මුල් හරහා අඳුරේම ගලාගෙන යද්දී ඒ මුහුණ මගෙන් සඟවන්න මගේ මිත්‍රයා අසාර්ථක උත්සහයක යෙදීසිටියෙ වැටුණ පාට ලාම්පු එළි ඒ කඳුළු වලට වෙනස් අරුත් එකතුකරනවා බලන් ඉන්න බැරිවද.. නැතිනම්.. ඒ කඳුළු වල අවර්ණබව මම විනිවිද දකිවිද කියලා බයෙන්ද මම දන්නෙ නැහැ..
බලාගෙන ඉන්න මුළු ලෝකයම කියාවි මේ ආදරයේ පාට බව..
එත්.. ඒත්.. කාටවත් නොපෙනෙන පාට ලාම්පු වලට නිරාවරණය නොවෙන හිත ඇතුලෙන් පටන් අරන් ගලන කඳුලක පාට..? හඳුනගන්න..
දුක හිතෙන තවත් සත්‍ය ප්‍රේම කතාවක්..
ReplyDeleteඔව් අයියේ...
Deleteකී දෙනෙක්ගෙ ජීවිත වල කියවන්න බැරිවුණ මෙවැනි කතා කොච්චර නම් ඇතිද..
මම දන්න විදිහට ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.. ආදරේ කියන දේ බලෙන් හිතේ රදවගෙන ඉන්න බෑ... චන්ද්‍රේගේ යාළුවාගේ හිතේ තිබුන ආදරයත් එන්න ඒ වගේ.. කොච්චර හිතේ තද කරන් ඉන්න හැදුවත් ඒ ආදරේ තමන්ගේ නොවී වෙන කෙනෙක්ගේ වෙලා ඉවරයි..
ReplyDeleteමම හිතන්නේ අර තිළිණයත් එක්ක චන්ද්‍රේගේ යාළුවා එයාගේ ආදරෙත් ආයෙම දෙනවනම් ඒකයි නියම පරිත්‍යාගය..
කතාව ලස්සනයි.. ඒත් තව කතාව ටිකක් දිග වෙලා අපිට තව ටිකක් වෙලා කතාවේ රැදෙන්න දුන්නනම් තවත් ලස්සනයි කියලා හිතෙනවා..
ආදරේ පරිත්‍යාගයක්..!
Deleteඅනිවාර්යයෙන්ම.. මං හිතන්නෙ චන්දරේගෙ යාළුවා ඒ ජීවිත වෙනුවෙන් කඳුළක් නොපෙන්වන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති..
හිහිහී.. තව ටිකක් කතාව ලිව්වනම් චන්දරේටයි යාළුවටයි පොලීසියෙන් තනිකකුලෙන් හිටගෙන පෙන්වන්න කියයි.. :D මතට තිතනේ..
ස්තූතියි දිනේෂ් මේ ඇගයීමටත්.. දිරිගැන්වීමටත්.. අනිත් දවසෙ අනිවාර්යයෙන් උත්සහකරනවා තව ටිකක් දිගට ලියන්න.. :)
ලස්සනයි...දිනේෂ් කිව්වා වගේ තවත් දිගට සිදු විම් තිබුන නම් හොඳයි කියල හිතෙනවා..
ReplyDeleteස්තූතියි අක්කියෝ.. අනිවාර්යයෙන්ම අනිත් දවසෙ ඉදන්.. :)
Delete//කවුදෝ ඒ දර්ශණ පටයට පිවිසිලා ජයග්‍රාහී පීත්ත පටියත් එක්ක කුසලානය අතට ගනිද්දී අවටින් ඇහුණ සුබ පැතුම් එක්ක මං මඟ නතරවුණේ තරඟයකදි වැරදිලා ප්‍රචාරය වුණ ජයග්‍රහයකයගෙ හඬ සවන් වැකුණ ගාණට දුකත් ලැජ්ජාවත් සමඟ... ප්‍රකෘතියට... දිනාගන්න බැරිවුණ ඒ ආදරය කවුදෝ කෙනෙක් ජයගද්දි.. මං හිටියෙ බොදවුණ ඇස්වලින් ඒ දිහා බලාගෙන.. //
ReplyDeleteහ්ම්.... මේ කොටසට මං ආසයි...
තරූ.. ස්තූතියි ඔයාටත් ගොඩක්.. ඒ වගේම මේ ඇගයීමටත්.. :)
Deleteඅයියෝ... ඉවරවෙලානේ කලින් ම! ලස්සනයි! (අද justify කරන්න අමතක වෙලා වගේ!)
ReplyDeleteහිහිහී.. ඒකනෙ.. ඉවරවෙලා දන්නෙම නැතිව..
Deleteඅමතකවෙලා නේන්නම්.. ස්තූතියි සහෝ. :)
සෑහෙන්න හැඟීම්බර කතාවක් එහෙම ඉවසන්න පුළුවන්නම් ඒ සැබෑ ආදරයක් ඒත් ආදරේ කරන අය මෙහෙම විඳවනවා නොදකින්න ලැබෙනවනම් තමයි මට සතුටු.... ලස්සනයි අක්කේ උපරිමයි
ReplyDeleteආදරේ අහිමිවීම් මොනතරම් නම් සංවේඳිද......
ReplyDeleteසංවේදී කතාවක්. මාත් කැමතියි කතාව තව ටිකක් දිගු වුනා නම්.
ReplyDeleteකියවගන්න ගොඩාක් අමාරු උනා. හිතේ මොනාද හිර උනා වගේ උනා :(((
ReplyDeleteජිවිතේ මේ තරම් දුක්බරද කියලා හිතුනා
අනිත් දවසෙ තව චුට්ටක්..... ආසාවෙන් කියෙව්වා
ReplyDeleteකියන්න හිතුවත් මොනව කියන්නද තේරෙන්නෙ නැහැ...හැබෑ නොවුනු බලාපොරොත්තු හීන නිසා පිච්චෙන හිතක්........මේ ලිපියෙන් ගොඩාක් දේවල්, අතීතයක් මතක් වුණා.....හිතට දැනුන මේ ලිපිය...
ReplyDeleteලස්සන කතාවක්.ආසාවෙන් කියෙව්වා...
ReplyDeleteඇහිපිය ගාද්දි කතාව ඉවරයිනෙ..:( තවටිකක් දිග වුනානම් හොදයි!!!
ReplyDeleteමගෙත් හිත නිකන් ඇවිලිලා ගියා... ආදරේ අවසානෙ ඉතිරි දුක විතරයි
මේ පරිත්‍යාගය දන්න එකාලා අද නැහැ බං. ඉන්න අතලොස්සට ජය පතමු .. !
ReplyDeleteතමන්ගෙ ආදරේ හිතේ අදුරැම මුල්ලක තද කරන් සදාතනික තනිකම උරැම තරන් තවකෙකුගෙ සතුට වෙනුවෙන් තමාගේ සිහින, බාලාපොරොත්තු සියල්ල පරිත්‍යාග කරන්න පුලුවන් නම් ඒ ආත්මීය පූජාවට මගේ උත්තමාචාරය!
ReplyDeleteමොකද මං වෙනුවෙන් කෙනෙක් එහෙම කරපු බව මම දැනගන්න කොට මම පමා වැඩී.
ආදරේ එක් අතුරු කතාවක්.....එළකිරි.
ReplyDelete