10 January 2012

මතක පොරොන්ඳුවක්

කාලෙකට පස්සෙ මතක්වුණ පොතක් කියවලා අවසානෙට එනකොට පාන්දර තුනත් පහුවෙලා.. අද නිවාඩුදවසෙ (09) ටිකක් නැගිටින්න පරක්කු වුණත් මොකද කියලා හිතාගෙනම ඇස් දෙක පියා ගත්තෙ සීතටත් එක්ක.. යාන්තම් ඇහැපියවීගෙන.. හීන වලටත් අත වනාගෙනම එන කොට.. පුරුදු Music එකක් ඇහෙනවා.. කනලඟම.. නිකන් නෙමෙයි.. දෙදර දෙදර.. ෂැහ්!ෆෝන් එක ඕෆ් කරන්න අමතක වෙලා.. කවුරු වුණත් මේ මහ පාන්දර මට කුකුලෙක් දෙන්න කෝල් කරන්නෙ කවුද බලන්න ඇස් ඇරියත්  ස්ක්‍රීන් එකම බොදවෙලා පෙනුනෙ.. 

"හලෝ.."

"මේ ඕයි.. නිදිද හලෝ.."

"නෑ හීන බලනවා.. කවුද ඔය..?"

"ගුඩ් නිවුස් එකක් දෙන්න කතා කලේ.. අපි දෙන්නට ගෙදරින් කැමැත්ත හම්බවුණා ඕයි.. මේ අවුරුද්දෙ අන්තිම වෙඩිම.. ඕන් පොරොන්දු වුණ විදිහටම පළවෙනියටම කිව්වා... එන්න ඕනෙ.."

ඈහ්..? කැමැත්ත..? වෙඩිම..? පොරොන්දුව..?

ටිකක් ඇස් දෙකත් පොඩි කරලා.. නිදිමත එහාට මෙ‍හාට පා කරලා කතා කරන කට හඬ මතක් කරලා බැලුවා.. අලේ දැන්නෙ මතක්වුණේ.. මේ මගෙ දෙවෙනි මස්සිනා නෙව..

"ආ... එහෙනම් බිරිඳ කෑ ගහන.."
 ඉතිරියට කිව්ව ටික මතක නෑ... තියෙන සුබ පැතුම් ඔක්කොම කියලා ෆෝනත් ඇදෙන් ටිකක් එහාට කරලා තිබ්බ නින්ද ආයෙත් ගන්න උත්සහ කලත් හිනාවත් එක්ක මතකෙ ඇඳුනෙ අතීතයේ ඒ සුන්දර මතක...

"අන්න අතන ඉන්නෙ.. අර අර හිනාවෙන්නෙ.."

"එතන ඉන්න ඔක්කොම සිරික්කිය දාද්දි මං කොහොමද හලෝ එක්කෙනෙක් කියලා හොයන්නෙ..?"

"අර තනිකොණ්ඩයක් ගොතලා.. ක්‍රීම් පාට බ්ලවුස් එක.."

"ආ.. එයාද.."

‍නෑ කමට නෑනා මස්සිනා වුණත් අපි අතර තිබුණෙ සහෝදර බැඳිමක්.. අපේ අයියා, අම්මගෙ පැත්තෙන් අවුරුදු ගණනක් තිස්සෙ දෙවෙනි ගෑණු දරුවෙක්ට රජකම් කරන මම (දැන් නම් අවු.4, අවු1 ගෑණු දරුවො දෙන්නෙක් ඉන්නවා රජකමට..) ‍පළවෙනි මස්සිනා, දෙවෙනියා, තුන්වෙනියා.. තව බාප්පගෙ පැත්තෙනුත් අය ඇවිත් එකතුවුණාම.. ගෙදරට කියන නම් වලින් කතාකරනවා මිසක්.. නෑදෑකම් වල හරි නමත් අමතකවෙනවා.. මේ එහෙම දවසක ප්‍රදර්ශණයක් බලන්න ගිහින් වුණ දෙබසක්.. මගෙ මස්සිනා මේ ගෑණු දැරිවිව ඕනෙමයි කියලා ඇඩුවෙ නැතැ... සාකච්චා මාර්ගයෙන් විසඳගන්න පුළුවන් තත්වයක නෙමෙයි තිබුණෙ.. කැමැත්ත ඇහුවම ගෑණු දැරිවි ටිකක් ආඩම්බර වෙලා.. ඉතින් විදේශ ආධාරයක් විදිහට ඔතනට අපි මැදිහත් වුණා.. අපි කිව්වට මම තමයි ඉතින්.. අඳුරන්නෙ නැති වුණත් මං කාගෙ කවුද කියලා.. අනේ ගෑණු දැරිවි ටික වෙලාවකින් හොඳ යාළුවෙක් වුණා.. කොහොමින් හරි මස්සිනාගෙ යෝජනවත් දැම්මට පස්සෙ කිව්වෙ.. 

"අනී.. අම්මලාගෙන් ඇවිත් අහන්න .." (ආන්න කො‍ල්ලො ගැන දන්න ළමයි ඉහි) 

එයාගෙන් නම් අකමැත්තක් නෑලූ.. ‍එතන ඉදන් ඒ දෙන්නනම් පෙම් සයුරෙ නෑවෙ, අපි ඉන්නවද, ගිලිලද, ගහගෙනවත් ගිහිල්ලද කියලා බලන්නෙ නැතිව (අනේ හැබෑටම..හරිගියාම) ඒ ගෑණු දැරිවිගෙන් කැමැත්ත ගන්නවට වඩා අමාරුම කාර්යය තමයි පුංචිට මේ ගැන කියන එක.. ඒකටත් ඉතින් නෑදෑපරපුරේ වැඩිහිටි අයත් එක්ක මස්සිනාව යවලා ඒ ටිකත් ගාණට ශේප් කලා.. ඒ අතර අපේ මස්සිනාට ඕනාලු පුංචලා අර ගෑණු දැරිවිව බලන්න ඒ ගෙදර යද්දි.. ගෑණු දැරිවිව හොරෙන් හම්බුවෙලා ප්‍රසන්ට් එකක් දෙන්න.. මෙයාගෙම අතින්..ඔන්න දැන් කවි ලියන්න ඕනලු... තෑග්ගක් දෙන්න ඕනලු.. මෙතන එකම ඥාව් ගෑවිල්ල.. තෑගිටික ඔතන වැඩෙයි, කවියයි ලියන වැඩේ මමයි තව හිටිය නංගිකෙනෙකුයි බාර ගත්තා.. ගෙනත් දුන්න තෑග්ග ලස්සනට ඔතලා පොඩි ඩෙකරේෂ් ටිකකතුත් දාලා.. කවියකුත් ලියලා ලස්සන කාර්ඩ් එකක.. ඕන් දවස එනකල් හංගලා තිබ්බා.. අපරාදෙ කියන්න බෑ.. මගෙ පොඩි මලයගෙන් ලැබුණෙ මාරම සපෝර්ට්එකක්.. රිබන් හොයන්න.. කතුරු හොයන්න.. ඒ විතරද ඔත්තු බලන්න.. (පස්සෙ ටිප් එකට අයිසින් කේක් එකක්ම ඉල්ලුවෙ නේ..) 

ඕන් දැන් අපේ අම්මා.. පුංචි.. එතකොට ආව වැඩිහිටි නෑදෑයො ඔක්කොම අර ගෙදර ගිහින් මොනවද මන්දා කතාකරගෙන ආවයි කි‍යමුකෝ.. 

ඔය අතර මාත් එක්ක කතා කර කර හිටියෙ බාලම මලයා..

දැන් මල්ලි කී වසරද?

"7 වසරෙනෙ  - - - අක්කේ.."

"ඊට පස්සෙ මල්ලි මොකද කරන්න හිතන් ඉන්නෙ..?"

"මාත් කෂාදයක් බඳින්න හිතුවා.."

"ඈහ්..?"

අපේ පුංචිගෙ අතේ තිබුණ මොන මොනවදෝ බිමට නොහැලෙන්න , මගෙ හිනාව නවත්ත ගන්න බැරිවෙන්න, අපේ අම්මත් පොඩි ශේෂ් කතාවක් නොකියන්න.. පොඩිඑකාගෙ කටින් පැන්න ගෙබ්බො ටික අහුලන්න වෙන්නෙ පුංචිගෙ අතින් පියාඹගෙන එන කොස්සෙ කෙදි දතුත් එක්කම..

කොහොම වුණත් මස්සිනාගෙ ආදරයට දරදිය ඇදීම නිමිතිකොට ගෙනත්, දැනට තම මවගේ පාර්ශවයෙන් දැරිවියකුට රජකම් කරන නන්ඳුට.. අවු. 7-6 කට එහා ගිය මේ මතකෙ පොරොන්දුව දෙවැනි මස්සිනා ඕන් ඉෂ්ට කලා.. ඒ සුන්දර මතක මැද ඇස්වලට නිදිමත එද්දි... යාන්තමට හතර අතට එළියත් වැටීගෙන ඇවිත් ජනේලයෙන් කාමරය ඇතුලටත් එඹිලා..

එහෙමනම් මේ අවුරුද්දෙ අන්තිමට සුබ මංගලම්..!!! මට නෙමෙයි ඕන් මගෙ මස්සිනාටයි වෙන්න වෆ්ටයි... :D



ප.ලි- බාල මලයා හොටේල් කෝස් එකක් කරලා මේ දවස්වල ගෙදර එකම බේකරියක් කරලලු තියෙන්නෙ.. මාළු බනිස්, දිව උළුක්වෙන කෑම ජාති, ඩෙසර්ට් එහෙම කාලා ඉවරයක් නැතිලු.. හැබැයි පුංචි අප්සට් එකකට තියෙන්නෙ ඉගෙන ගත්ත තැනින් ඔය ඔක්කොම කරලා අන්තිමට අස් කරන්න කියලා දීලා නැතිලු.. ඒ නිසා මේ දවස්වල සැලර්ඩ් එකට දිරවන්නෙ අපේ පුංචිගෙ සුගම්‍ය බස් ලු.. එහෙම කිව්වෙ හිනාවෙවී අපේ පුංචි...

අහ් තව දෙයක්.. අපේ බාල මලයා.. නන්ඳු අක්කා එනකල් මඟබලාන ඉන්නවලු.. කේක් එහෙම හදලා දෙන්න.. (අනේ මලයෝ.. මං එන්න කලින් උඹ රස්සාවක් හොයාගෙන යන්නෝ..) උඹ කිව්වෙ සහෝදර කමට හො‍දේ.. :)


නන්ඳු පෝස්ට් දැමීමට අදිමදි කරන විට ඒ ප්‍රීතිය නිමිත්තෙන් මා දිහාවට තර්ජන එකතුකල සැමට..මේ පෝස්ටුව.. :)

51 comments:

  1. හලේ........ ෂෝයි අප්පා.. අපේ නම් කෙල්ලෝ ගොඩායි.
    එතකොට මස්සිනා නන්දු අක්කට දුන්න පොරොන්දුව ඉස්සෙල්ලම වෙඩිම කියනවා කිව්වා එකද?
    අපෝ... හොඳ දතක් ගලවන්න එපැයි(jst a joke ;)).. හැක හැක.. :DD

    ReplyDelete
  2. ඔන්න අපෙනුත් සුභ පැතුම්....

    ReplyDelete
  3. පොඩි කිව්වට පොඩි එකා පොඩිම නෑනේ....

    ReplyDelete
  4. ඔන්න එහෙනම් අපිත් සුභ මංගලම්!!! ජය මංගලම් කිව්වාලු!!!!

    අහ්හ්.. නන්දු අක්කිත් අපිට නොකියාම පොරොන්දු ඉෂ්ඨ කොරයිද මන්දා... ඔන්න එවා බෑ හලී??

    ReplyDelete
  5. ඔන්න එහෙනම් සිරි සුබ මංගලම් කියල ප්‍රාර්තනා කරන්නම් .....

    ReplyDelete
  6. හික් හික් ඒකත් එහෙනම් ජයසිරි මංගලම් වේවා කියුවාලු.. සතුටේ බැරුවා අක්කි..
    හ්ම්ම් පොස්ට් එකක් කාලෙකින් තිබුනේ නැහැ තමයි ඕන්..

    ReplyDelete
  7. ඔන්න අපිත් විශ් කලා

    ReplyDelete
  8. ඔයාගේ මස්සිනාටයි,වෙන්න වයිෆ් ටයි වගේම අර 7 වසරේ පොඩි එකාටත් ඔන්න මම සුභ පතනවා..

    ප.ලි..අර කොලු පැටියා ලඟදී බඳීද

    ReplyDelete
  9. ඔන්න එහෙනම් මස්සිනාටයි වෙන්න නෑන ටයි මගෙනුත් වාසනාවන්ත විවාහ ජීවිතෙකට සුභ පැතුම්!
    අර කෑම හදන මල්ලි වගේ තමා අනේ මාත් ඉස්සර. අස්කරන්න හරි හොරයි. දැන් ඉතින් අස්කරන්න අම්ම ළඟ නැති නිසා මම ටොප් එකට අස් පස් කරගන්නවා. මල්ලිත් තනියම වැඩ කරගන්න කොට අස් කරගනී. :D

    ReplyDelete
  10. ෂෘහ් මාරයි මම හිතන් හිටියේ කසාදයක් බදින්න ඕනේ උනාම බදින දෙන්නා කැමති උනාම ඇති කියලා අනික් අය ඕනේ කුදයක් ගහගත්තාවේ කියලා කසාදේ කොරගන්න තමයි මම හිතන් හිටියේ හි හි තාම කසාදෙකට වයසක් නැති වුනත් තාම හිතන් ඉන්නේ එහෙමයි....

    මොනා උනත් පොඩි එකාට නම් හොද අනාගතයක් තියෙනවා හි හි....

    ReplyDelete
  11. අපිට මේකේන් ගන්න තියෙන එකම දේ ඊළග වාරේ නන්දුගේ කියන එක නේද?? මේ අවුරුද්ද ඉවර වෙද්දිම ඒකත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    කවුද අර තර්ජන දැම්මයි කිවුවේ??

    ReplyDelete
  12. මේ ඔන්න අපිත් එහෙනං සුභපැතුව අෑ! :)

    ReplyDelete
  13. මල්ලිටත් හිතෙන්න ඇති... කසාදයක් බැඳන් ඉක්මනට පිළිවෙලක් වුණොත් හොඳයි කියල.

    ReplyDelete
  14. ආදරය උදවු කරද්දී කවදාවත් වරදින්නේ නැහැලු
    ඒ මලයට මමත් සුභ පැතුවා කියන්න.
    ඔයාගේ මල්ලි කෝස් එකේ අන්තිම දවස් ටිකට සල්ලි ගෙවල නැතුව ඇති..එකයි අස්කරන්න කියල දීල නැත්තේ.
    ටෙස් කරන්න කම ජාති තියනවනම් අපේ පැත්තට විසි කරන්න.පව නෑ

    ReplyDelete
  15. හ්ම්ම්....නියම වැඩක් තමයි කරල තියෙන්නෙ...මල්ලියටත් හිතන දේවල්.හික්.....
    පෝස්ටුවනම් අගෙයි..හැබැයි කෑම ගැන ඔච්චර වර්ණනා කරන්න එපා හොඳද...විශේෂයෙන්ම ඔය ඩෙසර්ට් ගැන...හෆ්ෆේ මටත් ඔය ඩෙසර්ට් තියෙනවනම් වෙන මුකූත් ඔන නැහැ...

    ReplyDelete
  16. අර පොඩි එකාට නම් හොඳ දුර දක්නා නුවණක් තියෙනවා කියලා තමා කියන්න තියෙන්නේ :D

    ReplyDelete
  17. හී.. මල්ලිත් මරුම ඩයල් එකක් තමයි... ඔන්න මගේ ආචාරය...

    ReplyDelete
  18. සුභ පැතුම් කියන්ට...

    සිතූ කුසූ ආදර අන්දරය බලන්ට ඒ පැත්‍තේ ඇවිත් තිබ්බ නිසා තමා නන්දුගේ බ්ලොගට ආවේ.. ඉතිරියත් බලන්ට ඕනේ..

    ReplyDelete
  19. ඔන්න අපිත් සුබ පතනවා මස්සිනාටයි නෑනා පොඩ්ඩටයි. කිව්වත් වගේ ඊළග වාරෙ නන්දු කියල බලා ඉන්නවා.

    ReplyDelete
  20. සුභ පැතුම් මස්සිනාටයි නෑනටයි.
    අර පොඩි එකානම් කොලු තාත්තෙක් නේ

    ReplyDelete
  21. පමාවෙලා ඇවිත් පොස්ට් එක කියෙව්වා, අපිත් සුබ පතනවා.

    ReplyDelete
  22. mama ennethuva hitapu davas tike oya liyapuva kiyavalama ennam akkio.

    ReplyDelete
  23. @ අයිස් නංගියා- හිහිහී.. ඔව් නංගියා.. පළවෙනි පොරොන්දුවනේ... හේහේ.. ලංකාවට යන්කල් ඉන්නෙ.. :D

    ReplyDelete
  24. @නිසූපා අක්කා- ස්තූතියි අක්කියෝ.. :)

    ReplyDelete
  25. @කල්ප- හිහිහී.. ඒකනේ.. :D

    ReplyDelete
  26. @ හිතූ නංගියා- එහෙම පොරොන්දු ඉෂ්ථ සිද්ධ කරනවද අක්කලා නංගියලට කලින්.. :D

    ReplyDelete
  27. @සම්මානි-ස්තූතියි සම්මානි.. :)

    ReplyDelete
  28. @වර්ණා නංගියා- හිහිහී.. ඔව් නංගියා.. වෙලාවත් එක්ක පෝස්ට් දානඑක මග ඇරෙනවා.. ස්තූතියි නංගියෝ.. :)

    ReplyDelete
  29. @කස්සා-ස්තූතියි අයියේ.. :)

    ReplyDelete
  30. @පුංචි කුමාරි හාමි-හෙහේහේ.. මටත් හිතන්නෙ මේ පාර යන්න වෙන්නෙ පොඩි මලයගෙ වෙන්න නෑනව බලන්නත් එක්ක.. :D

    ReplyDelete
  31. @නිරෝෂිනී-හිහිහී.. ඒක ඇත්ත.. මතක් වුණා වගේ නෙහ් අම්මිගෙන් බැනුම් ඇහුව හැටි..අස්කරන්නෙ නැතිව.. :D ගොඩක් ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. නංගියෝ/අක්කි‍යෝ.. :)

    ReplyDelete
  32. @ගැමියාගේ පත්ඉරුව- හිහිහී.. ඒ ගැනනම් මොනවා කියනවද.. තව තියෙනවා ඔය බාල මලගෙ විස්තර.. ඉඩක් ලැබෙන හැටියට දාන්නම්කෝ...:D

    ReplyDelete
  33. @දිනේෂ්- මේ අවුරුද්දේ..? හිහිහී ඒ කොයි අවුරුද්දද..? ඒවා කොයිද.. අපිට වඩා වැඩිමල් අය ඉද්දී.. පොරොන්දු ඉෂථ කරන්න.. :D අපි එයාලට ගරු කරන්න ඕනිනෙහ්.. :D තර්ජන ගැන මුකුත් නොකියමීඊඊඊඊ :|

    ReplyDelete
  34. @තනිඅලියා මල්ලියා- ස්තූතියි මල්ලියා.. :)

    ReplyDelete
  35. @පැණි දොඩම්- හිහිහී.. අන්තිමට ඉතුරු වුණේ එයානේ.. :D

    ReplyDelete
  36. @අසරණයා අයියා- හෙහේහේ.. :D මං කියන්නම් කෝ අයියේ... :D

    ReplyDelete
  37. @සිහින මතකයන් - හිහිහී.. තවත් අපේ බාල මල්ලියා ‍වගේම කෙනෙක් වගෙයි.. :D ස්තූතියි සහෝ. මේ පැත්තට ගොඩවැදුනට.. :)

    ReplyDelete
  38. @කුබූ- හිහිහී.. පුංචිත් ඔය දේම කිව්වා නෙව එදා.. :D ස්තූතියි කුබූ මේ පැත්තට ගොඩවැදුනට.. :)

    ReplyDelete
  39. @sAm (සෑම්)- සුබ පැතුමට ස්තූතියි සහෝ.. අනිවාර්යයෙන්ම එනවා ඉතිරි කොටස් බලන්න.. :)

    ReplyDelete
  40. @ චාන්දි නැන්දා- හිහිහී.. ඒ වාරෙට තව ගොඩක් කල් තියෙනවා නැන්දේ.. :) මේ සුබ පැතුම් අශිර්වාදයක්..!!! :)

    ReplyDelete
  41. @nikki- හිහිහී.. ස්තූතියි nikki මේ පැත්තට ගොඩවැදුනට.. ඒකනම් ඇත්ත.. තව එයාගෙ වැඩ තියෙනවා.. :D

    ReplyDelete
  42. @ගල්මල්-Coral- ස්තූතියි ගොඩක් ඩීන් අයියේ.. :)

    ReplyDelete
  43. @වර්ෂා නංගියා- හම්මේ මේ අපේ වර්ෂා නංගියනේ.. කොහොමද නංගියෝ ඉගෙනීම් වැඩ කටයුතු..? ආයෙත් බ්ලොග් එක පටන්ගමු නේද නංගියෝ..? :)

    ReplyDelete
  44. මන්ඩිය රහ බලන්න සෙට් වෙලා ඉන්නව දැකල මේ පැත්තට දුවගෙන ආවෙ.. ඔයාල කට්ටිය අර අයියට දීපු සප්එක නම් මරු ඈ.... මල් හතයි.. අනේ මට ඔය වගේ සප් එකක් දෙන්න කෙනෙක් නෑනෙ..:( බ්ලොගේ තීම් එක ලස්සනයි... පෝස්ට් එකත් පට්ට ඈ.. ජය ශ්‍රී..!!!

    ReplyDelete
  45. ලස්සනයි,සුබ පැතුම්! මගෙනුත්. මාත් ඔන්න අද ඉඳල ඉන්නම් ඔයාල එක්ක. ස්තූතියි.

    ReplyDelete
  46. ඔන්න මාත් සුභ පතනවා.. හොඳේ නන්ඳු...

    ReplyDelete
  47. මම නම් කමෙන්ට් කරන පලවෙනි දවස වෙන්න ඇති... එත් මේ පොස්ට් එක දාලා දවස් 15කට වැඩියි.. මොකද අක්කාත් පොරොන්දුවක් ඉ‍ටු කරන්න ගිහින්ද මන්දා...

    ඉක්මනට එන්න අක්කා

    ReplyDelete
  48. හිහිහී.. එහෙමනම් ඉක්මනටම එහෙම කෙනෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :) බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)@මන්ඩිපාල

    ReplyDelete
  49. @Malisha ගොඩක් ස්තූතියි මලීෂා.. :)

    ReplyDelete