එහා මෙහා යනෙන මිනිසුන් වාහන අතර මැදිව ඉදිවුණ උස ගොඩනැගිල්ලෙ කවුළුවෙන් මං පහල බලාගෙන හිටියා. ඒ ශබ්ද කන් දෙකින් රිංගල ආයෙත් වා තලයට මුහු වුණත්.. හිස් බවත්, තනිකමත් මාව තනිනොකරන්න කතිකා කරගෙන.
මට යම් දෙයක් මඟ හැරුණා.
මොකද්ද..? අවුරුදු ගණනක ඉඳන්.. මම තවම හොයනවා. මේ පාළු, මකුළුවන්ගෙන් වවුලන්ගෙන් , මීයන්ගෙන් පිරුණ ලැගුම් හලක පාවෙමින්.. මං ඒ ගැන හිත හිත ගෙවුණ කාලය ගැන මට නිනව්වක් නැහැ. ඒත්.. යම් දෙයක් ඇවිත් ආපසු යනවා..
මොකද්ද..? අවුරුදු ගණනක ඉඳන්.. මම තවම හොයනවා. මේ පාළු, මකුළුවන්ගෙන් වවුලන්ගෙන් , මීයන්ගෙන් පිරුණ ලැගුම් හලක පාවෙමින්.. මං ඒ ගැන හිත හිත ගෙවුණ කාලය ගැන මට නිනව්වක් නැහැ. ඒත්.. යම් දෙයක් ඇවිත් ආපසු යනවා..
ගීතයක්, ස්ථානයක්..? පොතක්.. පොරොන්දුවක්..!
ඔව් පොරොන්දුවක්..!
ඒත්.. කාටද..? කොහෙදිද..? කවදද..?
මං උත්සහ කලා.. මේ යනෙන අය අතර මතක් කරන්න.. ඒත් මගෙ කට හඬ ඒ අයට අහන්න උවමනාවක් නැති හැටි..! උදේ ඉඳන් කඬියො කෑවා වගේ මුමුණ මුමුණ ගිහින් රෑට හතර පයිනුත් යන උන්..! මං වගේම තව අය හිටියත් අපි අතරට තව අය එකතුවුණත් එයාලත් එයාලගෙ කල්පනාවෙ.
"එලිසබෙත්..! එලිසබෙත්..!"
ග්‍රීස්මයේ වියලුණ ගස්වල අන්තිම කොළයත් හැලෙන්නට කලියෙන්ම දුවගෙන ආව ඒ සීත හුළගෙ තැවරිලා තිබුණෙ ඈතින් හුරු පුරුදු කට හඬක්..! ඒත් වියළිව.. අපහැදිලිව..! මං ඒ හුළං පොදට ඉවකලා. මේ රාත්‍රියෙ තිබුණෙ හරි අමුත්තක්.. කියාගන්න බැරි, පහදගන්න බැරි. ඒත් කවදදෝ හුරු පුරුදු සුවඳක්..! මං ඒ දිගේ දිගටම ගියා..
මේකප් දැම්මත් වටවෙලා හිටිය හුරු පුරුදු මුහුණවල් අතරෙ මං දැක්කෙ දුකක්ද සතුටක්ද..? මට හැඟීම් නැතිවෙලා..ද.. නැතිනම් ඒ මූණුවල තිබුණෙ සතුටක් ද..? මං ඇතුළු වුණේ කවුළුවෙන්.. රෝහලකට..!කවුදෝ ඇඳක දිගාවෙලා මගෙ නම මුමුණනවා.. මං ඇඳ ළඟට ගිහින් එඹිලා බලද්දි ඔහු මා දිහා බලාගෙන අමාරුවෙන් හිනාවුණා..!
"මගෙ එළිසබෙත්..!"
"ඔයා ආව එහෙනම්.. ඔය වගේ දිලිසෙන්නෙ.. ඔයා කොහොමද ඔච්චර සුදු වුණේ..! මට පේනවා.. ඔයා මං එනකල් බලාගෙන ඉන්නවා.. සුදුම සුදු පාට එළියකින්.. මතකද කිව්වා ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.. ඔයා මාව දාලා යද්දි.. මං එනකල් යන්න එපා කියලා.. ඇයි මං ළඟට එන්න මේ තරම් පරක්කු වුණේ එළිසබෙත්..! එහෙනම් ඔයා පොරොන්දුව ඉටුකලා..!"
ලස්සනයි :)
ReplyDeleteස්තූතියි.. :)
Deleteමං එක මොහොතකට ගොළු උනා වගේ දැනුනා.. මේක ඒ තරමටම ලස්සන හන්දා.. ජීවිතේ එක තැනකදි දුන්න මතක පොරොන්දුවක්.. හ්ම්ම්.. මටත් කාලෙකට උඩදි තිබුනා.. ඒ වගේම එකක්.. තාමත් හැංගිලා හිත අස්සේ තැනක..
ReplyDeleteවර්තමාණය අතීතයේ ප්රථිඵලයක් සදහම්.. :)
Deleteඋත්සහය අගය කරමු!
ReplyDeleteජයවේවා!
අපි ශ්‍රී ලංකා නිවුස්
ස්තූතියි..!
Deleteමට තේරුනේ නෑ වගේ..
ReplyDeleteහොල්මන් ද..? :D :D
Deleteලස්සනයි නන්දු..
ReplyDeleteස්තූතියි ගොඩක් පුංචි.. :)
Deleteනන්දුත් මරු රයිටරයෙක් ඈ... :)
ReplyDeleteහිහිහී..
Deleteස්තූතියි අයියේ.. :)
පොරොන්දු ජිවිතය ජිවත් කරවනවා සේම ජිවිත මරනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
වෙලාවකට වෙනස් පැතිකඩකින්..
Deleteස්තූතියි ගයානි..
පොරොන්දු ඉටු කිරීම යනු ඉතා උතුම් ක්‍රියාවක්.
ReplyDeleteකාලයක බාධාවක් නැතිවම.. :)
Deleteදෙපාරක් කියවන්න උනා. ඒත් මරු ඈ....
ReplyDeleteහෆොයි බරපතලයි වගේද..
Deleteස්තූතියි ඈ.. :)
ලස්සනයි නන්ඳු...!!
ReplyDeleteස්තූතියි ශම්මි..!
Deleteසමහර පොරොන්දු එක ජීවිත කාලයකින් ඉවර වෙන්නෙ නෑ නේද?
ReplyDeleteඔව්.. සමහරවිට සංසාරේ පුරාවටම.. :)
Deleteලස්සනයි! මරණින් පසුවත් ඉටු කල පොරොන්දුවක් නේද
ReplyDeleteහරියටම හරි ගිම්.. :)
Deleteලස්සනයි! මරණින් පසුවත් ඉටු කල පොරොන්දුවක් නේද
ReplyDeleteඔයා හරි..
Deleteස්තූතියි ගිම්..
කෙනෙක් හුදකලා වුණාම නිර්මාණාත්මක ලෝකය ලස්සනයි. ඒවගේ තමයි මේ නිර්මාණයත්.
ReplyDeleteඇත්තෙන්ම..
Deleteකමෙන්ට් එක ගැන ලියන්න දෙයක් නැතිව මං ගොලුවුණා වගේ..
ස්තූතියි ගොඩක්.. :)
ලස්සනයි. වචන වලට වඩා ඒ කතාව ඇතුලේ ඇති වෙච්ච සිතුවිලි වැඩියි
ReplyDeleteස්තූතියි පී.එම්..!
Deleteලස්සනයි!!! වෙනස් විදියට ලියපු, අපූරු ලියැවිල්ලක් :)
ReplyDeleteස්තූතියි හිතූ නංගා..!
Deleteහරිම ලස්සන නිර්මාණයක් නන්දු...මට මේ ගැන ගොඩාක් දේවල් හිතුනා... මගේ හිතේ මැවුනා අපූරු කතාවක්... :D
ReplyDeleteඅපිටත් බලන්න ලියනවා නේද මියුරුගෙ ලෝකයේ..
Deleteඅනිවාර්යෙන්ම බලාගෙන ඉන්නවා..
ස්තූතියි මේ නිර්ව්‍යාජ අදහස්වලට..!
ගොඩාක් ලස්නනයි දිගටම කරගෙන යන්න. මගේ උණුසුම් සුබ පැතුම් ඔයාට නන්දු
ReplyDeleteස්තූතියි ආචාර්ය තුමා..!
Deleteවෙනස් විදියට ලස්සනට ලියලා ...හොඳයි !
ReplyDeleteස්තූතියි රෙහානි..!
Deleteපොරොන්දු ජීවිතය ජීවත් කරවනවා නේ ද නන්ඳු, ඒ වගේම ජීවිතේ නැති උනාමත් ඉටුවෙන පොරොන්දුවක් මේ. හරිම ලස්සනයි කතාව. එක හුස්මට කියවගෙන ගියා.
ReplyDeleteපොරොන්දු ජීවිතය ජීවත්කරනවනවා..
Deleteඒ මතින් තබන බලාපොරොත්තුත් වෙලාවකට හරියට වියළිකොළ වගෙයි.. සෘතුව පැමිණියම හුළඟට ගහගෙන යන්න සිද්ධවෙනවා.. ඒත් සතුටින්..
ස්තූතියි ගොඩක්..!
@ නන්දු,
ReplyDelete--------------
කමෙන්ට් කරන්න ඇවිල්ලා නැහැ. වැඩ අධිකයි වගේ. කොහොම වුනත් මම නම් මඟ බලාගෙන ඉන්නේ. පුංචි කුමාරිහාමිත් ඉන්නේ. අපේ කට්ටිය සේරම මෙතනනේ බලපුවාම. පුංචි කුමාරිහාමි මොකද ඔයාගේ බ්ලොක් එකේ අලුත් පොස්ට් නැත්තේ?
@ නන්දු,
ReplyDelete--------------
පුංචි කුමාරිහාමි ත් මේ බ්ලොග් එකට ඇවිල්ලා. මේකේ අදහස් දාලා තිබෙන හැම කෙනෙකුගේම හිත මිතුරියකගෙන්ම ඉල්ලා සිටින්නේ මගේ බ්ලොග් වලටත් ඇවිල්ලා කියවලා ගුණ දොස් විවේචනය කරලා මට බැනලා හරි කමෙන්ට් දාලා යන් න කියලයි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කරන්න. එතකොට මගේ බ්ලොග් සියල්ලම දැකගත හැකියි. කරුණාකරලා ඒවා බලලා 0718064226 මට ගුණ දොස් කතා කරන්න පුලුවන් නම් බොහෝම ස්තූතියි ඔබ සැමට. මාව වරදවා වටහා නොගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
@ නන්දු,
ReplyDelete--------------
ඔයා ආවාද කමෙන්ට් කරන්න. ඔයාව සාදරයෙන් මම පිළිගන්නවා. බොහෝම ස්තූතියි. ආයෙමත් වාරයක් එන්න. යළි යළිත් පැමිණෙන්න. මම මඟ බලා ඉන්නවා.
ස්තූතියි ආචාර්ය තුමා මේ පැත්තට නිතර ගොඩවැදෙනවට.. අනිවාර්යෙන්ම ඔබතුමාගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න පැමිණෙන්නම්..! අමතක කරන්නෙ නැහැ ප්‍රතිචාරයක් දමා යන්න.. :)
Deleteලස්සනට ලියලා තියෙනවා...බොහොම අවංකවමයි ඒ දේ කිව්වෙ...
ReplyDeleteරසවිඳීම ගැන අවංකවම ස්තූතියි.. :)
Deleteනන්දු ඔයා ලියන සමහර ලිපිවල වගේ අදහස් මා ලඟ තියෙනවා. ඔයා ඒවා පලකරපුවාම මටත් ටිකක් දිග කමෙන්ට් තමයි දැමෙන්නේ. කමක් නෑ නේද? මම මටම සුවිශේෂී වූ පෞරුෂයක් තියෙන ජීවිතේ අත්දැකීම් වලින් පෝෂිත චරිතයක්. පරිණතයි. ඒ නිසා අනිත් අයගෙන් වෙනස් වෙන්න පුලුවන්. ඒත් මාව වරදවා තේරුම් ගන්න එපා. සමහර විට මම පිස්සෙක් කියා හිතෙන්න පුලුවනි. මනෝවිද්‍යාව ආචාර්ය උපාධියට කළ නිසා එහෙම වැඩි පුර දැනෙනවා ඇති. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැනත් ඒ කාලේ සමහර මිනිසුන් හිතලා තියෙන්නෙත් එහෙමයි කියලා මම දන්න නිසා ඒ ගැන නම් මගේ තැකීමක් නැහැ. හැබැයි පිස්සෙක් වුනත් මම මෝඩයෙක් හෙම නෙවෙයි. මගේ උගත්කමට කිසිසේත්ම නොසරිලන ජීවිතය ගැට ගහ ගැනීම සඳහාම කුඩා රැකියාවක් කරන අහිංසක එහෙත මනුතාපයේ ජෝන් වැල් ජෝන් ට වගේ මහා සුවිශාල පුද්ගල පෞරුෂයක් තියෙන දැවැත්ත පුද්ගලයෙක්. ඒත් කුඩා දරුවෙකු වගේ අහිංසකයි. නරක ඉදිරියේ දරුණු වුනාට හොඳ ඉදිරියේ කීකරුයි. සංවේදීයි. ඒ වගේම චණ්ඩ මාරුතයක් වගේ නරක මිනිස්සුන්ට නම්. අහිංසකයින් සමඟ සිටිමේදී ඒ අයටත් වඩා අහිංසකයි. දෙබිඩි නැහැ. හිත හොඳයි. හිතුනොත් මරාගෙන මැරෙනවා. සමහර වෙලාවට මුළු ලෝකයටම රහසින් උණු කඳුළු වගුරවනවා. පොඩි දේකිනුත් හිත සංවේදී වෙනවා මනුෂ්‍යත්වය ඉදිරියේදී නම්. මම ඒ වාගේ චරිතයක්. හිත හොඳ මිනිහෙක්. යටින් කිසිම දාක කාටවත් ගහලා නැහැ. යටින් රහසින් හැමෝටම උදව් කරනවා. සතුරටත් මිතුරටත් මධ්‍යස්ථයි. අතින් පයින් නම් උඩින් ගහනවා. ඒකත් දැන් නැත්තේ ටිකක් වයස නිසා වයසට ඔබින පරිදි ජීවත් වෙන්න ඕනි නිසායි.
ReplyDeleteහරිම සංවේදී සුන්දර හැගීමක් ආවා....හිතේ පතුලම පිරිමදින කතාවක්...
ReplyDelete