දෙකම්මුල් සීතලෙන් හැකිලෙන
දුර ගමනකට මඟ බලමින්
තවමත්..
තවමත්..
එදා සෙනෙහසින්
රැදි දෑස්..
රැදි දෑස්..
තනිනොකර වමතින්..!
යැපෙන දිවිමත
තවත් එක් දවසක්ව
ඒ සීත
නොසලකා
තවත් එක් දවසක්ව
ඒ සීත
නොසලකා
පරවියන්
ඔහු වටා රොක්ව..
කුසගිනි නිවන
පාන්..
කැබලි ගෙන
පාන්..
කැබලි ගෙන
සිනාවත පුරවගෙන
ඔහුත් ඇයත්
ඔහුත් ඇයත්
පවුල් ගණනක
කුසගිනි
පිරිමසන...
ඇය
ආදරබරව..
ආදරබරව..
ඝණ රෙදි දවටමින්
ගෙල වට..
ගෙල වට..
වයසට
ඔච්චම් කරන
ඔච්චම් කරන
සීතලෙන්
ඔහුව
සුරකින..
ඔහුව
සුරකින..
කිරි සුවඳ..
පාට
කොණ්ඩයෙන්
සඟවගෙන
එහා මෙහා
යකඩ කටු ගිලුණු
ඉරුණ ඩෙනිමෙන්
උස් පාවහන්
මතින්...
ආඩම්බර
සඟවගෙන
එහා මෙහා
යකඩ කටු ගිලුණු
ඉරුණ ඩෙනිමෙන්
උස් පාවහන්
මතින්...
ආඩම්බර
රතු රෝස මල්
දැක
දැක
තවමත්
තරුණ..!
නෙත් සතරකින්
අහිංසකව
සිනාවිය..
උතුම් වූ හදවතින්..!
සැබෑ
ආදරය දරාගෙන..!
උතුම් වූ හදවතින්..!
සැබෑ
ආදරය දරාගෙන..!
නිමිත්ත- හිම සීතලෙන් වැසුන පෙබ.14 දින බස්නැවතුම් පලේ බරාදයට වී දුරගමනකට පෙරාතුව මහළු දෙමහල්ලන් කුසගිනි නිවන්නට තිබුණ පාන්කැබලි ඔවුන් වටා රොක්වෙන පරවියන් වෙනුවෙන් සතුටින් දැමීමූහ.. ඒ ඉදිරිපිටින්, ආදරවන්තයන්තයගෙන්/ආදරවන්තියගෙන් ලැබූ තෑගි, රෝස මල්ගෙන උජාරුවෙන් එහා මෙහා යන තරුණ ජීවිත දැක
ඒ දිහා බලාසිටි මට මෙසේ සිත්විය..
සැබෑ
ආදරය නම් මෙයැයි..!
එලැය.. :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේදැ..
Deleteතුති..!
අමුතු අදහසක්....
ReplyDeleteඒ දෙමහල්ලන් දිහා බලාගෙන හිටිය මටත් එහෙම හිතුණා. ආදරයට එක දිනයක් මොකටද..
Deleteලස්සන සිතුවිලි දෙකක්..
ReplyDeleteඔබේ කවි සිතුවිල්ල සහ ඒ යුවලගේ සිතුවිල්ල..
ස්තූතියි මේ දිරිගැන්වීමට චන්දන..
Delete//සැබෑ
ReplyDeleteආදරය නම් මෙයැයි..!// ඇත්තටම :) හරි අමුතු ලස්සන සිතුවිල්ලක් අක්කි!! :) ආදරේ ගැන දකින්න පුළුවන් මොනතරම් කෝණ තියෙනවාද නේද?
අනිවර්යයෙන්ම නංගා. මේ ලෝකය රඳා පවතින්නෙත් ආදරය මතනෙ :)
Deleteඇත්ත සැබෑ ආදරයනම් මෙයයි.
ReplyDeleteනැතුව !
Deleteඅනිවාර්යයෙන්ම..! :)
Deleteසංවේදී මිනිසුන්ට පුංචි දසුනක් පවා හොඳටෝම ඇති.අපූරුයි කවිය.
ReplyDeleteස්තූතියි මේ දිරිගැන්වීමට..!:)
Deleteපදපෙල පුරා කවිසිතක නැඟුන ගෞරවාන්විත සුවඳ දැනේ, ලස්සන ඉදිරිපත් කිරීමක් නන්ඳු.
ReplyDeleteඩීන් අයියා කාලෙකින්..! තුති මේ අගය කිරීමට..
Deleteසැබෑ ආදරය නම් මෙයයි,, අවිවාදයකින් එකග වෙනවා.. ලස්සන අදහසක් නන්ඳු,,
ReplyDeleteස්තූතියි ශම්මි..!
Deleteහ්ම්ම්ම් ! හරිම ලස්සනයි කවි සිතිවිල්ල..
ReplyDeleteඔබේ උත්සාහය සාර්තකයි කිව හැකියි. අරුත් ගලපා ගත හැකිය. ඉතට කාවදී. කවි ගැන විචාර නොදන්නා බැවින් විචාරය කළ නොහැකිය.
ReplyDeleteමේ කවියත් පෙබරවාරි 14 දැම්මානම්.... කොහොමත් ආදරයමනේ....
ReplyDeleteනිමිත්ත නියවනකොට මට මුළු කතාවම මැවිලා පෙනුනා අක්කේ
ReplyDeleteසුන්දර අදහසක්
ReplyDeleteඅනිවාර්යයෙන් කවි සිතකට කවියක් නොලියාම බැරි දර්ශනයක් දැනුන දේ ලස්සනට කවියෙන් සිතුවම් කරලා!
ReplyDeleteලස්සන කවියක් හැමදාම වගේ..
ReplyDeleteමට නම් කවි කොහොමත් සුන්දරය.ඒ මට එය ගොතන්න බැරි බැවිනි.
ReplyDeleteඋත්සහයක් කලොත් ලස්සන කවියක් ලියැවේවි අක්කෙ..
Deleteකිසිම තර්කයක් නැතුව ඔප්පු කරන්න පුලුවං (Y)
ReplyDeleteතුති දිලුම්..!
Delete// දෙම්මුල් සීතලෙන් හැකිලෙන// මේක වැරදීමක්ද නැත්තම් කම්මුල් වලට කියන තවත් නමක්ද?
ReplyDeleteඅපූරු කවියක් නන්දූ..
හෆොයි.. වැරදීමක් අක්කෙ.. අක්කා කියනකල් මං දැක්කෙත් නෑ.. ස්තූති ගොඩක් වරැද්ද නිවැරදි කලාට.. :)
Deleteහරිම ආදරණීයයිසටහන් නන්ඳු. ආදරය මියෙන තෙක්ම එක වාගේ විය යුතුයි කියා තමා මාත් හිතන්නෙ.
ReplyDeleteලස්සන අදහසක්...අද තමයි මේ පැත්තට ආවේ
ReplyDeleteලස්සන අදහසක්...අද තමයි මේ පැත්තට ආවේ
ReplyDeleteසුන්දර සිතිවිල්ලක්
ReplyDeleteසුන්දර සිතිවිල්ලක්
ReplyDeleteඇත්තටම හරිම ලස්සනයි :) :)
ReplyDelete