එක්තරා ගම්බද පාසැලක වසර අවසාන පරීක්ෂණය වෙනුවෙන් පෙනී සිටින සිසුන්ව පරීක්ෂා කිරීමට පරික්ෂකවරයෙකු පැමිණීමට නියමිතව තිබුණත් පන්ති භාර ගුරුතුමා එම නියමිත කලට පාඩම් අවසන් කර තිබුණෙ නැහැ.. පරීක්ෂකවරයාගේ පැමිණීම දැනුම් දී සතියක් ඇතුලත පන්තිභාර ගුරුතුමා තමාගේ හැකිවෙර යොදා අදාල පාඩම් කොටස ඉවර කිරීමට මහත් වෙහෙසක් ගත්තා.. සිකුරාදා පාසැල නිමාවීමට පැයකටත් අඩු කාලයක් තිබියදී ළමුන් හිටියෙ පිට්ටනියේ බෝල ගහන මතකයෙන්..
"ළමායි.. කියන්න බලන්න.. ලෝක බෝලය මොන වගේද..?"
වටපිට බැලූ ළමුන් අතර දහඅතේ බොරුවට කල්පනා කල සිසුන් අතරින් එක අතක්වත් ඉහළට එසවෙන පාටක් නැති බව දුටු ගුරුතුමා බෝල ගැසීමට ගෙනා රබර් බෝලයක් අතර අරන්..
"ළමයි ලෝක බෝලෙ හරියට මේ රබර් බෝලය වගේ.. ගෝලා කාරයි..!"
බොහොම කරුණාවෙන් පහදා දුන්නෙ තමන්ගෙ රස්සාවත් බේරගෙන සඳුදට නිවැරදි උත්තර දෙන්න සිසුන්ට මතක හිටින සරළ උදාහරණයකුත් එක්ක..
සෙනසුරාදා , ඉරිදා කුඹුරෙ, බෝංචි පැල අස්සෙ, කැරට් කොටු අස්සෙ මඩ නාගෙන හිටිය කොළු පැටව් ටික එකා දෙන්නා පාසැලට සුදු කොක්කු රෑනක් වගේ සඳුදා දවසෙ ළහිරු කිරණත් එක්ක එකතුවුණේ එක රෑනට..
පරීක්ෂක වරයගෙ පැමිණීම බලගෙන හිටි නිසාම ගුරු මේසය පිරෙන්න පළතුරුත් ඉරිදා පොළෙන් පන්තිබාර ගුරුතුමා ගෙනත් තිබුණෙ පොඩි වුන්ගෙ හිතත් පිරෙන්නම වෙන්න ඇති..
පන්තිකාමරයට පැමිණී පරික්ෂක වරයට හැසිරීමේ අඩුවක් නොපෙන්වාම පිළිගන්න පන්තියෙ ළමුන් වග බලාගත්තා
"ආ....යුබෝවන් සෑර්.."
පුටු හෙමින් සැරේ එක විටම අදින ගමන් කිව්වත් පරක්කුවෙලා නැගිට්ට ළමයි දෙතුන් දෙනෙක්ගෙ පමාවෙලා අවසන් වන හඬ ආවෙ කොයි පැත්තෙන්ද හොයාගන්න බැරිව පරීක්ෂක වරයා මුළු පන්තියම දිහා බලාගෙන හිටියෙ උපැස් යුවල යටින්.. ගුරුමේයේ අසල වාඩිවුණ ගුරුතුමා ළමයින්ගෙ දක්ෂකම අතරින් තමාගෙ ඉගැන්වීම උරගා බලන්න හරිබරි ගැහිලා වාඩිවුණා.. පරික්ෂකවරයා පන්තිය වටේ ඇවිදින ගමන් ප්‍රශ්න අහන්න ගත්තා..
ගණීතය, සිංහල ව්‍යාකරණ, විශයන්ගෙන් ප්‍රශ්න ඇසූ එතුමා ප්‍රශ්න අහන්න ගත්තෙ ග්‍රහලෝක පැත්තෙන්..
"හරි.. ළමයි කියන්න බලන්න.. ලෝක බෝලය මොන වගේද.."
උඩබිම බලන ළමයි අතර සිකුරාදා පාඩම එක්කෙනෙක්ටවත් මතක නැතිව තිබුණෙ පරික්ෂක තුමාගෙ ඇස් මුළු පන්තිම කාමරයේ සිසුන් අතරත් ගුරුතුමා අතරටත් මාරුවෙන් මාරුවට උපැස්යුවල යටින් බලන ගමන්.. ඔරලෝසුවේ තත්පර කටුව කන්දෙක රිදවගෙන දුවද්දි ගුරුතුමාගෙ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ ටිකක් කේන්තියෙන් දත්මිටිත් කන ගමන්..
ගුරුතුමාට තමාත් ශිෂ්‍යයිනුත් බේරගන්න මාර්ගයක් කල්පනා වුණා.. මේසෙ උඩ වටිටියකට වෙලා විවිධ පළතුරු අතර අපූවරුවට සැරසුව දොඩම් ගෙඩියක් අතට අරන් පරික්ෂක වරයගෙ ඇස්වලට නොපෙනී බොහොම පරිස්සමින් පෙන්නුව ළමයි දිහාවට..
මේ අතර ඒ දිහා බලාගෙන හිටිය ළමයෙක්ට මතක් වුණා සිකුරාදා ලෝක බෝල පාඩම.. බොහොම උනන්දුවෙන් ඒ සිසුවගෙ අත ඉහළට එසවුණේ විදුලි වේගෙන්..
"සෑර්.. සෑර්.."
"ඔව් කියන්න.." උපැස්යුවල අතරින් විනිවද බැලුව පරික්ෂකතුමාත් සතුටින් ඒ දිහා බලගෙන හිටිය ගුරුතුමාටත් තරු විසික්වෙන්න මෙහෙම උත්තරයක් ලැබුණලු...
"සෑර්... සිකුරාදට ලෝක බෝලෙ රබර් බෝලයක් වගෙයි..
සඳුදට ලෝක බෝලෙ දොඩම් ගෙඩියක් වගෙයි.."
ප/ලි. අසා ඇත්නම් සමාවෙත්වා..! මමත් ඇහුව කතාවක්..