සඳ එළියේ චුම්බනයෙන් අළුත පිපුණ සමන් පිච්ච පොකුරු වල සුවඳ හීන් හුළඟට වැදී නාස්පුඩුවට තවත් ලං කලේ මා ඒ දෙසට තව තවත් ඇදගන්නට මෙනි.. තම පිට මත අසුන් ගන්නට සෑදුන නික ගහේ කඳ ආගන්තුක සත්කාර මැනවින් දත් ප්‍රාණියෙක් සේ කොළ වලින් සිහිල් සිනහවක් උණුසුම පෑය...
අදින් වසර ගණනකට පෙර නුඹ ලබා දුන් බලාපොරොත්තු ගොන්නක්ම මේ කොළ පත් වල ලියවී ඇත.. කෙදිනකවත් විඳ නැති නුඹේ හුස්ම සුවඳ ලය පුරා ගනුවස්... සුළඟ දිගේ ඉව ඇල්ලුවෙමි.. නැත... එකම පොදක්වත් නුඹ මට ඉතිරි නොකලේය.. නැතිනම් නුඹ සඟවා ගත්තේය..
ආදරය ගැන ඇසූ දුටු නිගමනයන්ගෙන් මගේම ලොවක සිරවූ මම, නුඹගේ ආදරණීය ගල් පහර බාර ගත්තෙ ඒ ලොවෙහි පාදමට තවත් ගලක් මිස වෙනත් දෑසකින් නොවේ..
එහෙත් නුඹ..?
මගේ ගිනිසිළු පිටවන දෑස් හමුවේ.. හිරුසඳුටත් මුවාවෙන්.. මගේ හිතට තව තවත් එඹෙන්නට වැරගත් තරම්.. දහසකුත් කටයුතු අතර ජීවිතය ගෙවෙද්දි.. නුඹ "අකලට පරව යන මලක්" බව දැනගන්නට ලැබුණෙ අහම්බෙන්... වට පිටාව නිශ්ෂබ්ද වුණා වගේ මතකයි.. නොදැනිම කඳුළු බිදු ඇස්වලින් පහලට රූට්ටන්න වුණේ මටත් නොදැනිම.. අරමුණක් නැතිව ගෙවුණ ජීවිතයට නුඹේ ආදරණීය ගල්පහර මගේ ලෝකයේ පවුරු බිඳ ලොකු අදිෂ්ථානයකට පාර කපන්න මුල් ගල වුණා.. නුඹ නොදන්නවට..
මම නුඹ දිහා බලාන වුන්නා.. පාන්දර පටන් නුඹ කඩිසර කුහුඹුවෙක්.. කොළඹ සිට අවසාන දුම්රියේ එන තම සොයුරියව රැගෙන එන්නෙ එතරම්ම මහන්සි වූ පසුත් සොහොයුරු පෙමින්... මටම මා ගැන කලකිරුණා.. නුඹේ ජීවිතය අස්ථීර බව දැන දැනත් නුඹ දවසම දුව පනිද්දී.. අරමුණක් නැති ජීවිතය ගැන මම පසුතැවුණා.. බීරළු කවුළුවෙන් එළියට පැන ගස්කෙළන් අතරින් තවමත් නුඹ නිදි නොමැති බව අඟවන කාමරයේ පහන් එළිය නිමෙන තෙක් මමත් නුඹත් සමග පොත් වල හරි හරියට පීනුවා.. ඒ නුඹ විසින් මට දුන්නු අධිෂ්ථානෙට පාර කපන්න ශක්තිමත් වෙන්න.. ඔව් මං හෙව්වා.. දැනුම, ලැබුවා අත්දැකීම්.., අවුරුදු ගණනක් ගොඩ නැගුණු මගේ ලෝකයේ මං විසින් දාගෙන හිටිය ආදර බැමි ටික ටික ලිහිල් වෙන්න අරගෙන... මේ ටික දවසට... ඔව් නුඹ මාව වෙනස්ම පුද්ගයෙකුට පරිපර්ථණය කරන්න පටන් අරන්.. රෑ නින්දට යන්න කලින් හැමදාම මේ පිච්ච මල් සුවඳත් එක්කම.. නුඹේ කාමරයට දුවලා ගිහින්.. නුඹේ හද ගැස්මට කන තියලා... ඒ හද රිද්මෙ තේරුම පහදගෙන ඔය නලලත සිඹ, සිහිනෙන්ම දුවගෙන එන්න මං කවදාවත් අමතක කලේ නැහැ..
ඒත් නුඹ...? හදිස්සියන්වත් මාව මුණ ගැහුණොත් හිනාවෙන්නෙ මට නෙමෙයි.. බිමට.. දුම්රියේ ඈත කෙලවරක ඇගිලි තුඩින් ඉස්සිලා... කාටවත් නොපෙනෙන්න.. නුඹේ ගල්පාර නිසාම ගෙදර අය නමකුත් පටබැඳලා තිබුණා නුඹට..! නොදන්න නුඹේ නමට ගෙදර අය හැදින්‍නුවෙ ඒ නමින් වුණත්... මගෙ හිතෙන් නුඹට මං කතා කලේ ලෙන්ගතුව පොඩී...නමින්..
කාලය ගෙවෙද්දි නුඹේ හැම විභාගයකින්ම නුඹ විශිෂ්ධ ප්‍රථිඵල ගත්තා.. ඇයි නුඹ අරමුණක් දුන්න මමත්.. පා හැකිලීම්, වැටකඩොලු, කටුඅකුලු මතින් අඩිය ඉස්සරහටම යද්දී.. නුඹයි මමයි දැන හෝ නොදැන ගිය භාෂා පංතියට හිටිගමන් නුඹ එන්නෙ නැතිව හිටියා.. එදා ඉදන් මං ටියුට්ස් ගත්තෙ නුඹටත් එක්ක.. සටහන් ලිව්වෙ නුඹටත් එක්ක.. ඒත් හැරෙන පාරෙන්ම තේරුණා වෙනසක්.. නුඹ ගෙදර නැති වගක්.. බලාගෙන හිටියා.. නුඹේ නිවසෙහි ආලෝකයක් නැතිව... දවසක් දෙකක්..? නැහැ.. සති 2යි දවස් එකහමාරක්ම..! ඒත් කවදා හෝ සතුටින් යන්නට පැමිණි තාවකාලික නවාතැනෙන් කඳුළක් බරව සමුඅරගෙන යන්න සියල්ල සූදානම් වෙලා තිබුණ මොහොතක..! නුඹ රෝහලෙන් ගෙදරට එන මොහොත...!
විදේශයකට යන්න වුණේ... වැඩිදුර අධ්‍යාපනයට.. නුඹේ අරමුණ වෙනුවෙන්ම.. නුඹේ දසුනක් ඇස නොගැටෙන, නුඹේ සුසුමක් හඬ නොඇසෙන මානයක වුණත්... නුඹේ හද ගැස්ම මට දැනුණා.. ජය ගන්න හැම විභාගෙම ප්‍රථිඵල නුඹට දන්වන්න මං දුරකථනනාමාවලියෙන් හොයාගත්ත නුඹ ගැන එකම තොරතුර... නුඹේ ගෙදර දුරකතනය නාදවුණ හැම මොහොතකම මං වචනයක්වත් කතා නොකලෙ... ඔබේ සොයුරියගෙ කට හඬට... මට පිළිතුරු දෙන්න හිත් සතුටක් නොතිබුණ නිසා....
ඔබේ තොරතුරු අවුරදු ගණනක් හෙව්වා.. නුඹේ නම ස්කයිප් හරහා ෆේස්බුක් හරහා ඉඩක් ලද හැම මොහොතකම හෙව්වා... නුඹ සැඟවෙලා ගිහින්...! මගෙ හිත කවි ලිව්වා.. පොත් පිරෙන්නම... දවසක නුඹට තෑගි දෙන්න..
ඒ තනිකම එහෙම්මම තියෙද්දි... නුඹ පෙන්නුව පාර කෙලවර මම දැක්ක මගෙ සිහිනෙ උදාකරන්න කාලෙ ඇවිත්... අධ්‍යාපන කටයුතු සියල්ල නිමා කර.. එ රට වෛද්‍යවෘතියේ ඉහලම තැනක් හෙබවීමට.. දිරි දුන්නෙ නුඹේ අර පුංචි ගලින් ගොඩ නැංවූ ශක්තිමත් පාදමයි...!
මම නැවතත් ලංකාවට ආවා.. වෙන මොනවටවත් නෙමෙයි.. අවුරුදු ගණනක් මේ දෙනෙත් හෙව්ව.. නුඹ මඟහැරිය.. මගේ ජීවිතය හොයාගෙන...!
ඔව්..! මම ආවෙ නුඹේ නිවසට.. හැමදේම වෙනස් වෙලා තියෙද්දි.. නුඹේ විශ්මිත ඇස් මාව අඳුරගත්තා..! නුඹ තාමත් කඩිසර කුහුඹුවෙක්...! හිතේ ශක්තිය නුඹව මිලිනත්වයෙන් ඈත්කරලා..! නුඹේ කටහඬින් සවන් වැකුන පළවෙනි වචන පේලිය..!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ම, දයාබර තුහින බිඳට ආරාධනා...!!!
_ _වසර _ _ මස _ _ දින _ _ _හී දී...
සුබ මොහොතින්
ජීවිත ආදරයේ මුල් අකුරු කියවන...
පුංචි පිළිකා රෝහල් මාලිගයේ... ජීවිතයට ආදරයක් නොලද.. දුක්විදින හිත්කැකුළු පොඩියනට
දිය උල්පතෙනි... දයාබර නුඹෙගෙන් පැන් වදනක්..!!
නුඹේම ජීවිතයේ
~තුහින පොකුර~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
බොහොම හොඳයි..වෙනසක්..ආත්ම රූපාවලෝකණයකට අවශ්‍ය වෙනසක්..ඒ වෙනස දෙන්න උත්සහ කරනවා..ඒ වෙනස දිගටම තියාගන්න..නැත්නම් රසවත් බවට හානියක් වෙයි
ReplyDeleteලස්සනයි, වෙනස්ම ආරක ලිවීම් රටාවක්,. දිගටම මේ විදියට ලියන්න..
ReplyDeleteමාර ස්ටයිල් එකක් නේ ...එළ එළ .....
ReplyDeleteලස්සනයි.. වෙනස් විදිහක ලිවිමේ රටාවක් අනිත් අය කියන්නත් වගේ...
ReplyDelete@ ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර: බොහොම ස්තූතියි සහෝ. කෙටි කතාවකට තැබූ පළවෙනි පියවර සඳහා පළවෙනි කමෙන්ටුව ඔබගෙන්.. :)
ReplyDelete@ ප්‍රාර්ථනා: ස්තූතියි ප්‍රාර්ථනා අක්කියෝ/නංගියෝ.. :)
@ ඔබ නොදුටු ලොවක්.....: බොහොමත්ම ස්තූතියි ඔබට.. :)
@ Dinesh: බොහොම ස්තූතියි අයියේ.. :)
ලස්සනයි!!හුගාක් දවස්කින් මෙහාට ආවෙ...සමාවෙන්න ඒකට..මොනා වුනත් ලියන ශෛලිය හරි වෙනසසේක අමුතුයි..ආවෙණික ශෛලියක් නිසා ඔයාටම දිගටම ලියන්න..ජය වේවා!!!
ReplyDeleteඉතාම ලස්සනයි..මම දැකලම නැති රටාවක්. දිගටම මෙහෙම ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDelete@ හිතූ-
ReplyDeleteඅනේ නංගියෝ... ඉගෙනීම් වැඩත් එක්ක ඔයා මෙහෙම හරි එන එක කොයිතරම් දෙයක්ද.. :)
මේ මගේ පළවෙනි දිග ලිපිය නිසා අඩුපාඩු ගොඩක් ඇති..ගොඩක් ස්තූතියි හිතූ... :)
@ සයුරි
ReplyDeleteමේ දිරිගැන්වීම මට ශක්තියක්..!!!
ගොඩක් ස්තූතියි සයුරි.. :)