02 February 2013

වියැලුන කොළ..

එහා මෙහා යනෙන මිනිසුන් වාහන අතර මැදිව ඉදිවුණ උස ගොඩනැගිල්ලෙ කවුළුවෙන් මං පහල බලාගෙන හිටියා. ඒ ශබ්ද කන් දෙකින් රිංගල ආයෙත් වා තලයට මුහු වුණත්.. හිස් බවත්, තනිකමත් මාව තනි‍නොකරන්න කතිකා කරගෙන. 

මට යම් දෙයක් මඟ හැරුණා.

මොකද්ද..? අවුරුදු ගණනක ඉඳන්.. මම තවම හොයනවා.  මේ පාළු, මකුළුවන්ගෙන් වවුලන්ගෙන් , මීයන්ගෙන් පිරුණ ලැගුම් හලක පාවෙමින්.. මං ඒ ගැන හිත හිත ගෙවුණ කාලය ගැන මට නිනව්වක් නැහැ. ඒත්.. යම් දෙයක් ඇවිත් ආපසු යනවා..

ගීතයක්, ස්ථානයක්..? පොතක්.. පොරොන්දුවක්..!

ඔව් පොරොන්දුවක්..!

ඒත්.. කාටද..? කොහෙදිද..? කවදද..? 

මං උත්සහ කලා.. මේ යනෙන අය අතර මතක් කරන්න.. ඒත් මගෙ කට හඬ ඒ අයට අහන්න උවමනාවක් නැති හැටි..! උදේ ඉඳන් කඬියො කෑවා වගේ මුමුණ මුමුණ ගිහින් රෑට හතර පයිනුත් යන උන්..! මං වගේම තව අය හිටියත් අපි අතරට තව අය එකතුවුණත් එයාලත් එයාලගෙ කල්පනාවෙ.

"එලිසබෙත්..! එලිසබෙත්..!"

ග්‍රීස්මයේ වියලුණ ගස්වල අන්තිම කොළයත් හැලෙන්නට කලියෙන්ම දුවගෙන ආව ඒ සීත හුළගෙ තැවරිලා තිබුණෙ ඈතින් හුරු පුරුදු කට හඬක්..! ඒත් වියළිව.. අපහැදිලිව..! මං ඒ හුළං පොදට ඉවකලා. මේ රාත්‍රියෙ තිබුණෙ හරි අමුත්තක්.. කියාගන්න බැරි, පහදගන්න බැරි. ඒත් කවදදෝ හුරු පුරුදු සුවඳක්..! මං ඒ දිගේ දිගටම ගියා.. 

මේකප් දැම්මත් වටවෙලා හිටිය හුරු පුරුදු මුහුණවල් අතරෙ මං දැක්කෙ දුකක්ද සතුටක්ද..? මට හැඟීම් නැතිවෙලා..ද.. නැතිනම් ඒ මූණුවල තිබුණෙ සතුටක් ද..? මං ඇතුළු වුණේ කවුළුවෙන්.. රෝහලකට..!කවුදෝ ඇඳක දිගාවෙලා මගෙ නම මුමුණනවා..  මං ඇඳ ළඟට ගිහින් එඹිලා බලද්දි ඔහු මා දිහා බලාගෙන අමාරුවෙන් හිනාවුණා..! 

"මගෙ එළිසබෙත්..!"

"ඔයා ආව එහෙනම්.. ඔය වගේ දිලිසෙන්නෙ.. ඔයා කොහොමද ඔච්චර සුදු වුණේ..! මට පේනවා.. ඔයා මං එනකල් බලාගෙන ඉන්නවා.. සුදුම සුදු පාට එළියකින්.. මතකද කිව්වා ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.. ඔයා මාව දාලා යද්දි.. මං එනකල් යන්න එපා කියලා.. ඇයි මං ළඟට එන්න මේ තරම් පරක්කු වුණේ එළිසබෙත්..! එහෙනම් ඔයා පොරොන්දුව ඉටුකලා..!"

48 comments:

  1. ලස්සනයි :)

    ReplyDelete
  2. සදහම් අනුත්තරFebruary 2, 2013 at 5:25 PM

    මං එක මොහොතකට ගොළු උනා වගේ දැනුනා.. මේක ඒ තරමටම ලස්සන හන්දා.. ජීවිතේ එක තැනකදි දුන්න මතක පොරොන්දුවක්.. හ්ම්ම්.. මටත් කාලෙකට උඩදි තිබුනා.. ඒ වගේම එකක්.. තාමත් හැංගිලා හිත අස්සේ තැනක..

    ReplyDelete
    Replies
    1. වර්තමාණය අතීතයේ ප්‍රථිඵලයක් සදහම්.. :)

      Delete
  3. උත්සහය අගය කරමු!
    ජයවේවා!
    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
  4. මට තේරුනේ නෑ වගේ..

    ReplyDelete
  5. ලස්සනයි නන්දු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් පුංචි.. :)

      Delete
  6. නන්දුත් මරු රයිටරයෙක් ඈ... :)

    ReplyDelete
    Replies
    1. හිහිහී..
      ස්තූතියි අයියේ.. :)

      Delete
  7. Replies
    1. වෙලාවකට වෙනස් පැතිකඩකින්..
      ස්තූතියි ගයානි..

      Delete
  8. පොරොන්දු ඉටු කිරීම යනු ඉතා උතුම් ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. කාලයක බාධාවක් නැතිවම.. :)

      Delete
  9. දෙපාරක් කියවන්න උනා. ඒත් මරු ඈ....

    ReplyDelete
    Replies
    1. හෆොයි බරපතලයි වගේද..
      ස්තූතියි ඈ.. :)

      Delete
  10. ලස්සනයි නන්ඳු...!!

    ReplyDelete
  11. සමහර පොරොන්දු එක ජීවිත කාලයකින් ඉවර වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. සමහරවිට සංසාරේ පුරාවටම.. :)

      Delete
  12. ලස්සනයි! මරණින් පසුවත් ඉටු කල පොරොන්දුවක් නේද

    ReplyDelete
  13. ලස්සනයි! මරණින් පසුවත් ඉටු කල පොරොන්දුවක් නේද

    ReplyDelete
    Replies
    1. ඔයා හරි..
      ස්තූතියි ගිම්..

      Delete
  14. කෙනෙක් හුදකලා වුණාම නිර්මාණාත්මක ලෝකය ලස්සනයි. ඒවගේ තමයි මේ නිර්මාණයත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම..
      කමෙන්ට් එක ගැන ලියන්න දෙයක් නැතිව ‍මං ගොලුවුණා වගේ..
      ස්තූතියි ගොඩක්.. :)

      Delete
  15. ලස්සනයි. වචන වලට වඩා ඒ කතාව ඇතුලේ ඇති වෙච්ච සිතුවිලි වැඩියි

    ReplyDelete
  16. ලස්සනයි!!! වෙනස් විදියට ලියපු, අපූරු ලියැවිල්ලක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතූ නංගා..!

      Delete
  17. හරිම ලස්සන නිර්මාණයක් නන්දු...මට මේ ගැන ගොඩාක් දේවල් හිතුනා... මගේ හිතේ මැවුනා අපූරු කතාවක්... :D

    ReplyDelete
    Replies
    1. අපිටත් බලන්න ලියනවා නේද මියුරුගෙ ලෝකයේ..
      අනිවාර්යෙන්ම බලාගෙන ඉන්නවා..
      ස්තූතියි මේ නිර්ව්‍යාජ අදහස්වලට..!

      Delete
  18. ගොඩාක් ලස්නනයි දිගටම කරගෙන යන්න. මගේ උණුසුම් සුබ පැතුම් ඔයාට නන්දු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආචාර්ය තුමා..!

      Delete
  19. වෙනස් විදියට ලස්සනට ලියලා ...හොඳයි !

    ReplyDelete
  20. පොරොන්දු ජීවිතය ජීවත් කරවනවා නේ ද නන්ඳු, ඒ වගේම ජීවිතේ නැති උනාමත් ඉටුවෙන පොරොන්දුවක් මේ. හරිම ලස්සනයි කතාව. එක හුස්මට කියවගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. පොරොන්දු ජීවිතය ජීවත්කරනවනවා..
      ඒ මතින් තබන බලාපොරොත්තුත් වෙලාවකට හරියට වියළිකොළ වගෙයි.. සෘතුව පැමිණියම හුළඟට ගහගෙන යන්න සිද්ධවෙනවා.. ඒත් සතුටින්..
      ස්තූතියි ගොඩක්..!

      Delete
  21. @ නන්දු,
    --------------
    කමෙන්ට් කරන්න ඇවිල්ලා නැහැ. වැඩ අධිකයි වගේ. කොහොම වුනත් මම නම් මඟ බලාගෙන ඉන්නේ. පුංචි කුමාරිහාමිත් ඉන්නේ. අපේ කට්ටිය සේරම මෙතනනේ බලපුවාම. පුංචි කුමාරිහාමි මොකද ඔයාගේ බ්ලොක් එකේ අලුත් පොස්ට් නැත්තේ?

    ReplyDelete
  22. @ නන්දු,
    --------------
    පුංචි කුමාරිහාමි ත් මේ බ්ලොග් එකට ඇවිල්ලා. මේකේ අදහස් දාලා තිබෙන හැම කෙනෙකුගේම හිත මිතුරියකගෙන්ම ඉල්ලා සිටින්නේ මගේ බ්ලොග් වලටත් ඇවිල්ලා කියවලා ගුණ දොස් විවේචනය කරලා මට බැනලා හරි කමෙන්ට් දාලා යන් න කියලයි. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කරන්න. එතකොට මගේ බ්ලොග් සියල්ලම දැකගත හැකියි. කරුණාකරලා ඒවා බලලා 0718064226 මට ගුණ දොස් කතා කරන්න පුලුවන් නම් බොහෝම ස්තූතියි ඔබ සැමට. මාව වරදවා වටහා නොගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

    ReplyDelete
  23. @ නන්දු,
    --------------
    ඔයා ආවාද කමෙන්ට් කරන්න. ඔයාව සාදරයෙන් මම පිළිගන්නවා. බොහෝම ස්තූතියි. ආයෙමත් වාරයක් එන්න. යළි යළිත් පැමිණෙන්න. මම මඟ බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආචාර්ය තුමා මේ පැත්තට නිතර ගොඩවැදෙනවට.. අනිවාර්යෙන්ම ඔබතුමාගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න පැමිණෙන්නම්..! අමතක කරන්නෙ නැහැ ප්‍රතිචාරයක් දමා යන්න.. :)

      Delete
  24. ලස්සනට ලියලා තියෙනවා...බොහොම අවංකවමයි ඒ දේ කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. රසවිඳීම ගැන අවංකවම ස්තූතියි.. :)

      Delete
  25. නන්දු ඔයා ලියන සමහර ලිපිවල වගේ අදහස් මා ලඟ තියෙනවා. ඔයා ඒවා පලකරපුවාම මටත් ටිකක් දිග කමෙන්ට් තමයි දැමෙන්නේ. කමක් නෑ නේද? මම මටම සුවිශේෂී වූ පෞරුෂයක් තියෙන ජීවිතේ අත්දැකීම් වලින් පෝෂිත චරිතයක්. පරිණතයි. ඒ නිසා අනිත් අයගෙන් වෙනස් වෙන්න පුලුවන්. ඒත් මාව වරදවා තේරුම් ගන්න එපා. සමහර විට මම පිස්සෙක් කියා හිතෙන්න පුලුවනි. මනෝවිද්‍යාව ආචාර්ය උපාධියට කළ නිසා එහෙම වැඩි පුර දැනෙනවා ඇති. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැනත් ඒ කාලේ සමහර මිනිසුන් හිතලා තියෙන්නෙත් එහෙමයි කියලා මම දන්න නිසා ඒ ගැන නම් මගේ තැකීමක් නැහැ. හැබැයි පිස්සෙක් වුනත් මම මෝඩයෙක් හෙම නෙවෙයි. මගේ උගත්කමට කිසිසේත්ම නොසරිලන ජීවිතය ගැට ගහ ගැනීම සඳහාම කුඩා රැකියාවක් කරන අහිංසක එහෙත මනුතාපයේ ජෝන් වැල් ජෝන් ට වගේ මහා සුවිශාල පුද්ගල පෞරුෂයක් තියෙන දැවැත්ත පුද්ගලයෙක්. ඒත් කුඩා දරුවෙකු වගේ අහිංසකයි. නරක ඉදිරියේ දරුණු වුනාට හොඳ ඉදිරියේ කීකරුයි. සංවේදීයි. ඒ වගේම චණ්ඩ මාරුතයක් වගේ නරක මිනිස්සුන්ට නම්. අහිංසකයින් සමඟ සිටිමේදී ඒ අයටත් වඩා අහිංසකයි. දෙබිඩි නැහැ. හිත හොඳයි. හිතුනොත් මරාගෙන මැරෙනවා. සමහර වෙලාවට මුළු ලෝකයටම රහසින් උණු කඳුළු වගුරවනවා. පොඩි දේකිනුත් හිත සංවේදී වෙනවා මනුෂ්‍යත්වය ඉදිරියේදී නම්. මම ඒ වාගේ චරිතයක්. හිත හොඳ මිනිහෙක්. යටින් කිසිම දාක කාටවත් ගහලා නැහැ. යටින් රහසින් හැමෝටම උදව් කරනවා. සතුරටත් මිතුරටත් මධ්‍යස්ථයි. අතින් පයින් නම් උඩින් ගහනවා. ඒකත් දැන් නැත්තේ ටිකක් වයස නිසා වයසට ඔබින පරිදි ජීවත් වෙන්න ඕනි නිසායි.

    ReplyDelete
  26. හරිම සංවේදී සුන්දර හැගීමක් ආවා....හිතේ පතුලම පිරිමදින කතාවක්...

    ReplyDelete