ඈත කඳු එහා මෙහා නොපෙනෙන මීදුමකින් වැහෙන්න පටන් අරන්... ඇඟිලි තුඩු තව තවත් සීතලෙන් රිදුම්දෙද්දී..උණුහුමෙන් ගුලිවෙන්න ස්විටරයෙ තුරුල සොයායමින්.. මනාලියකගේ වේලයෙන් ඉහිරෙන මුතු පොකුරක් හුළඟින් එහාට මෙහාට නළවන, පහළින් ඇති පහන්කනුවෙ එළිය වැටී දිලිසෙන හිම වරුසාවන් මවන දසුන් තුන්වෙනි මහලේ සිටින මගෙ හිතට කියාගන්න බැරිවුණ අමුතුම හැඟීමක් එකතුකරයි.. කොයිතරම් හිත මිතු මිතුරියන් සිටියත්, තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්.. මේ වෙලාවට ලැපයේ තිරයත් මා දිහා බලා සිටින්නේ කොයිතරම් පාලුවකින්ද.. වෙලාවකට එකම මිතුරෙක්වත් පේන්න ඉන්න නැතිකොට.. ඒ හැමදෙයක්ම ඉනද්රජායකින් නොපෙනී ගොස් ඇතැයි සිතෙනවා..
හිත වෙනදටත් වඩා හීතලෙන් හිරිවැටෙන්නෙ සෘණාංකය වැඩි නිසාම නෙමෙයි. අවුරුදු ගණනක තනිකම ඉවසුවත් තමාවෙනුවෙන් තව කෙනෙක් ඉන්නබව දැන දැනත් ඒ ආදරයේ ළඟ නැති අඩුපාඩුවේ හිඩසටයි මේ.. වෙලාවකට හදවතේ ගැඹුරටම පැන ඒ තනිකම හිත රිද්දන්න වැඩි වෙලා නොයන බව ඔබටත් අත්දැකීම් ඇති. රටින් දුර බැහැර ඉන්නා ප්‍රියයන්ගෙන් ඈත්ව සිටින්නට වන්නා වූ කාලය සෑම විටම ඒ ආදරය නැති අඩුපාඩුවම මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්නම ඔබත් විටෙක අත්දැකීම් මත පිළිගන්නවා ඇත.
එතෙක් මෙතෙක් පරතෙරක් වන් වූ බවක් කිව නොහැකි සාගර ගැඹුර තෙක් දිවෙන සිතිවිලි කල්පනාවන්, විටෙක විහඟුන් සේ සිත් අහසින් ආවරණය වන්නාවූ ක්ෂිතජ නිම්නය තුල දෙපියාපත් විදා සැරිසරති. සැහැල්ලුවෙන්ද.. තවත් විටෙක රංචු වශයෙන්ද බොහෝමයක් විට දෙමලිච්චන්ගේ කිචි බිචියෙන්ද එකින් එක පරයමින් ගොස්.. මේ හැමටම සිතිවිල්ලක් ව මනැස නිරතුරු අයැදින පිළිලක් වන්ව නිතැතින් සිත් මඬල මධ්‍යට ගොඩවදින ඒ අතීතය.. ඈල වැල් පාලමක පැද්දෙන රිද්මයෙන් හදවතට සමීපකරන්, මේ සීත රෑ නිදිවර්ජිතව යහනේ තබන්නේ නිතැතිනි. බොහෝ වෙහෙසකර දවසේ නිමාව, විටෙක රිදුම් දෙන මස්පිඬු අතරට වඩා තනිකමෙන් මිරිකෙන හදවත දරුණුය..
එහෙත්.. ගතකල සුන්දර අතීතය මත තව තවත් අනාවක බලාපොරොත්තු මූදු සතක දුර සිට නැවත නැවතත් දළුලමින්.. මතක ලුහු බඳීයි. ආදරණීය වදන්.., උණුසුම් චුම්බනයන්, හදවතින්ම දකින්න මඟ බලන විටෙක ළඟ මෙන් ඇසෙන මනසේ රැඳි ඒ හිනාවන්.., නොනිදි සිත් යහන මත රහසේම විටෙක උණු කඳුළු සගවති. අතීතයත් වර්තමාණයත් අනාවකත් අතර දෝලනය වන්නා වූ පරතෙරක නොනිමි කල්පනා දුරස්වූ පෙම්වතුනට උරුමවූවකි.
එකිනෙකාට තුරුළුව පියැඹූ, උණුහුම විදි විහඟ පෙම් යුවලගේ සිහින සොයා සිහින තොටුපලින් පෙම් රැහැනින් දුරස් වීමේ අවසාන දසුන නිතර මතකයෙ මැවෙයි. සිහින සොයා ගුවන්තොටුපලින් දුර රට ඉගිලෙන පෙම්වතුන්ගේ භාෂාවට රචයකා විසින් මෙමෙ යෙදුම කෙතරම් ලබැඳි කොට ඇද්ද....
ඒ... සිහින එකතු කරන සහ ආදරය කෙටිකලකට වුව වෙන්කරන තොටුපල "සිහින තොටුපලයි."
ඒ... සිහින එකතු කරන සහ ආදරය කෙටිකලකට වුව වෙන්කරන තොටුපල "සිහින තොටුපලයි."
රෑ දුරු රට මේ..හිම වරුසා.. සීත පාලුවේ…මූදු සතකින් ඈත දේසේමා තනිවේ..කල්පනා ලෝ පෙම් දැහැනේක්ෂිතිජ නිම්නයේරෑ තනි යහනේ…දෑත වෙන්වී පෙම් විහඟුන්සිහින තොටුපලේරාත්රි යාමේ..රෑ දුරු රට මේ..
සීත පාළු රැයකදි කෙතරම් වෙහෙසව සිටියත් කන්දෙකින් කාන්දුව හදවතේ කල්පනාවන් බැඳ තබාගන්නා පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් නොමැති තරම්. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ගැලපෙන්නට අමරදේවයන්ගේ හඬ තුල මහා තනිකමක්, දැනෙන පාළුවේ ගැඹුරත් කියාපායි. ආදරය, දුරස්බව සහ තනිකම එකට යාකොට සැදි සරල පබැඳුම් කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් හදවත පත්ලටම දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයේ අරුත තව තවත් ඔපදමන්නට සමත්වී ඇත.
දුරු රටක තනිකමක් වූ සීතල පාළුවෙන් බැඳි ඒ ආදරණීය මතකයන්.. යළි යළිත් ආවර්ජනය කරනු වස් නිදි නොමැති විටෙක අන්තර්ජාලයද ආදරයට බකට් බාල්දි අඳින කල.. පෙර කිසි කලක හිත නොනැවතුණ මේ ගීතය එවූ.. මා මේ ගීතය තුලින් දකින ෴දයාබර නුඹ නමට෴..
මේ සිහින තොටුපලින් සමුගෙන යන්න මට බැරි...
ReplyDeleteසුන්දරයි !!
මේ සිහින තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි.. :D
Deleteතුති..!
අඩේ මම මේ සින්දුව අහලා නෑනේ...
ReplyDeleteතනියම ඉන්න වෙලාවක විදින්න අහන්න පුළුවන්!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
විදින්න..? හා හා පඳුර බේරලා රජා මල්ලි..!
Deleteතනියෙන් ඉන්න වෙලාවක ගීතය විඳින්න..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේක කියවනකොට මටත් නිකන් ඒ තනිකම දැනුනා දැනුනා වගේ වුනා..... මේ ගීතය නම් හරිම සංවේදී තමයි..... තනිකම හොදින්ම හිතට දැනෙනවා ඒක අහනකොට....
ReplyDeleteහඬ, තනු පැදි එකතුවෙන් ගීතයකට හදවත් දහසකට කල හැකි අරුමය..!
Deleteතුති සමනළී..!
ගොඩක් මහන්සියෙන් කරපු ලස්සන පෝස්ට් එකක්..
ReplyDeleteහැඟුම් බරයි මේ නිර්මාණය නන්දු ..
මාත් කැමතිම සින්දුවක් ..මේ සින්දුවම අරන්
මන් පෝස්ට් එහෙකුත් කරා ..
ඔයාගේ එක ගොඩක් ලස්සනයි...
දිගටම ලියන්න , එනවා බලන්න....
//මාත් කැමතිම සින්දුවක් ..මේ සින්දුවම අරන්
Deleteමන් පෝස්ට් එහෙකුත් කරා ..//
ලින්ක් එක සඳහනක් කලානම්.. වටිනවා ගොඩක්.. :)
තුති මේ ඇගයීමට..
අපෝ මේ නිර්මාණය එක්ක ඒ ලින්ක් එක
Deleteදාන්න තරම් මගේ පෝස්ට් එක මදි කොලිටිය ..
ඒකයි දැම්මේ නැත්තේ නන්දු කලින් ..
Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණ අමුත්තාගේ රහස ...
ගොඩක් මහන්සියෙන් කරපු ලස්සන පෝස්ට් එකක්..
ReplyDeleteහැඟුම් බරයි මේ නිර්මාණය නන්දු ..
මාත් කැමතිම සින්දුවක් ..මේ සින්දුවම අරන්
මන් පෝස්ට් එහෙකුත් කරා ..
ඔයාගේ එක ගොඩක් ලස්සනයි...
දිගටම ලියන්න , එනවා බලන්න....
අදරේදී ඒ දුරස් වීම ඇතුලේ හරි අමුතු හැඟීමක් තියනවා නේද අක්කේ...වචන වලින් කියාගන්න බැරි ගොඩක් දේ...!!
ReplyDeleteඅනිවාර්යෙන්ම මල්ලී..
Delete//වචන වලින් කියාගන්න බැරි ගොඩක් දේ...!!//
අත්දැකීම් කතාකිරීම..
අමරදේව මහත්මයාගේ මේ ගීතය මං බොහොම ඇලුම් කර ගීතයක්. තවත් තියනවා ඒ වගේම ගීත ගොන්නක්. "සඳ තරු නිහඬයි..." ඒකත් ඒ වගේම හිතට වදින ගීතයක් මට.
ReplyDeleteනන්දුගේ සටහනත් හිතට දැනෙන විදිහට ලියල තියනවා..
මමත් ආසම ගීතයක්..
Deleteස්තූතියි ගොඩක්..
පිට රටවල් එපා වෙලා ඉන්න අපි වගේ උංට තවත් එපා කරෝනවා...
ReplyDeleteහයියූ.. :D :D
Deleteඅනේ දුක හිතෙනවා. මම ආස සිංදුවක් ඒත් අහද්දී හිතට ලොකු දුකක් දැනෙනවා නන්දු..
ReplyDeleteතනිකමත් පාළුවත් කොයිතරම් හිත්වලට කතාකරනවද.. මේ ගීතයෙන්..
Deleteතුති පුංචියේ..
පාලුවෙන් ඉන්න හැම කෙනෙක්ම මේ ගීතය ඇහෙද්දී වෙනමං ලෝකකයට පා වෙලා යනවගේ.පාළුවේ ගැබුර දැනෙනවා දැනෙනවා වගේ..
ReplyDeleteඅත්දැකීම් කතාකිරීම..! :)
Deleteනන්ඳු හරිම ආදරණීය සටහනක් ඔහු වෙනුවෙන්. මගෙ හිතත් අතරමං කලා ඒ සටහන. කාලෙකට කලින් ලියාපු කවි පන්තියක් මටත් මේ අත්දැකීම නිසා තියෙනවා නන්ඳු.
ReplyDeleteඒ කවිපන්තිය නැවතත් අපට දකින්න හැකිද..
Deleteස්තූතියි ගොඩක් ඔබතුමියට..!
ඇත්තමයි මම පෝස්ටුවේ මුල් කොටස දැක්කම නිතැතින්ම මතක් වුනේ අමරදේවයන්ගෙ ඔය ගීතය...අමරදේවයන් යනු ගීතයක ඇති හැගිම ශ්‍රාවක ජනතාව වෙත ඉතා හොදින් සන්නිවේදනය කල හැකි හඩක් හිමි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා සංගීත රුකයි.
ReplyDeleteඒ හඩට කන් දෙන්න මමත් පුදුමාකාර විදියට කෑදරයි...එතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් මේ අවස්ථාව හොදයි.
තුති සිරා..
Deleteඑතුමාට දිර්ඝායුෂ ලැබේවා..!
කියෙව්වා, ආසාවෙන් කියෙව්වා, බලන් ගියාම අපිට වඩා දුක තියෙන අය ඉන්නවා නේ, ලංකාවෙම ඉදලත් කිලෝමීටර් ගානක්ම ඈත නිසා මාසෙකට සැරයක්වත් මූණ බලාගන්න බැරිව ඉන්න එකේ, ඔහොම ඉද්දි කොහොම ඇද්ද කියලා තේරෙනවා..
ReplyDeleteසිංදුව නම් අද ඇහුවේ...ලස්සනයි..
හිහිහී.. ඒකනම් ඇත්ත නංගො..
Deleteආදරය නිසා දැනෙන පාළුව දුක හැමෝටම පොදුයි නේද..
තනිකම හරිම වේදනාකාරී හැඟීමක්....හිතට වදින පෝස්ට් එකක්
ReplyDeleteඇත්තෙන්ම්..
Deleteතුති..!
ඔයාගේ සටහන් හැමදාමත් හැඟුම්බරයි. මේකත් එහෙමයි නන්දු. ලස්සනයි.
ReplyDeleteස්තූතියි ගොඩක් සයුරි අක්කෙ.. :)
Deleteදුක , තනිකම, හිතට ගොඩක් දැනෙන ගීතයක් ,,
ReplyDelete…මේ ඉරිදට අනිවාර්යෙන් නිශාන්තයෙන් ඔබ වෙනුවෙන් මේ ගීය ලබා දෙනවා නන්දු .
අනිවාර්යෙන්ම නිශාන්තය අසන්නට පැමිණෙමි..
Deleteස්තූතියි ගිම් අක්කෙ..
පුදුමාකාර විදියට හිත රදවන අඩවියක් සුන්දර ලියැවිල්ලක්. අදයි මෙතැනට ආවේ එන්නං හැමදාමත්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
සාදරයෙන් පිළිගන්නවා නාඳුනන ගෙත්තමට...!
Deleteමාත් අදමයි ඇහුවෙ!
ReplyDeleteස්තූතියි ගීතය ගැන කිව්වට!
සතුටුයි ලස්සන ගීතයක් ඇසීමට සැලස්වීම ගැන ගිමා..
Delete"...තමනුත්, තමුන්ට ආදරය කරන පුද්ගලයනුත්, අතර පවතින අධ්‍යාත්මික බැඳීම අප්රතිවර්ත්ය ලෙස ශක්තිමත් වේ නම්, "මූදු සතකින් ඈත දේශයේ"දී පමණක් නොව චක්‍රාවාට ගණනාවකින් ඈත පවතින විශ්වයේදී වුවද කිසිදා තනිකමක් ඇති නොවේ..." :)
ReplyDeleteඇත්තෙන්ම.. ඒ දැනෙන තනිකම නිසා නොවෙන්නම් අප තව තවත් ඒ ආදරයටම බැඳෙන්නෙ..
Deleteමීට වඩා වෙනස් වටින විචාරයක් මේ ගීතය ගැන ඔබගෙන් මට ලැබුණා කියා සිතනවා හේරත්.. :)
තුති.. නැවත මේ පැමිණීමට..
සින්දුව නම් අහලා නෑ. නමුත් හැඟීම නම් අඳුනනවා.
ReplyDeleteඅද සිංදුවත් අහන්න ඇති නේද එහෙනම්..
Deleteතුති ඩූඩ් අයියේ..
මමත් මේ සින්දුවට හුගාක්ම ආදරෙයි අක්කියෝ..
ReplyDeleteපාළුවත් තනිකමත් වෙලාවකට මවන රටා..
Deleteතුති නංගියෝ..
හිත ලග ආදරයක් තිබිලත් ඒ ආදරේ ලග ඉන්න බැරුව දුර ඈතක ඉන්න එක කොයි තරම්නම් වේදනාවක්ද? හ්ම්ම්..
ReplyDeleteහ්ම්ම්.. සහදම් අත්දැකීම් ඇතිවා වගෙයි..
Deleteතුති මේ පැත්තට ආවට.. :)
සැහැල්ලුව, හුදකලාව, කල්පනා සිතුවිලි ෙම් වැනි ගීයකට මුසු කලාම ඒ් ගීතය හදට වඩාත් ළංව දැෙනනවා
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteස්තූතියි ඔබතුමාට..!
සැහැල්ලුව, හුදකලාව, කල්පනා සිතුවිලි ෙම් වැනි ගීයකට මුසු කලාම ඒ් ගීතය හදට වඩාත් ළංව දැෙනනවා
ReplyDeleteගීතයත් වියමනත් එක වගේ ලස්සනයි..ස්තුතියි නන්දු..
ReplyDeleteස්තූතියි රූ අක්කේ.. :)
Deleteඅර සිංදුවට නං මං ආසයි :D :D
ReplyDeleteහිහිහී.. :D :D
Deleteඅදමයි ඇහුවෙ. ගොඩක් හිතට දැනුණා
ReplyDeleteහුඟක් ආදරය කරන අයගෙන් ඇත්වෙලා දුර රටක තනියම ඉන්නකොට ඇතිවෙන හැඟිම කොයිවගෙයිද කියන්න මම අත්දැකිමෙන්ම දන්නවා
ReplyDelete:)