08 February 2013

අසංතෘප්ත වටිනාකම

කවියාට, සංගීතඥයාට 
කලාකරුවට..
ජීවිතයේ රස ඔවුන් සිතූ සේ 
නොලැබෙනකල්
සොයයි එය..
එයින්ද නොනැවත
තබායන්නට සලකුණක් 
දිවි පුරාවට
අසංතෘප්තව
හිමිකරගැනුමට 
තමාට පමණක්ම..
එහෙත්
බොහෝ සියුම්
හසරැල්ලක් වුවද 
සුළඟින් කිතිකැවෙන
හදවතින්
 අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන..
වටිනවා බොහෝ..
දුහුවිලි
ස්පර්ෂවන එහෙත් 
නොදැනෙන
කෘතිම 
මිනිසුන්ට 
වඩා...
ඒ 
රස නහර ඇත්තන්..!

42 comments:

  1. ම්ම්ම්,,රස විදින්න පුළුවන් විදියට කාලෙකින් හම්බවුණු කවියක්... !!

    ReplyDelete
    Replies
    1. වටිනවා ගොඩක්..! ස්තූතියි ශම්මි.. :)

      Delete
  2. ඒ කියන්නේ මට රස නහරේ තියෙනවා! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා රජා මල්ලි.. :D :D
      එසේම වේවා..!

      Delete
  3. එහෙත්
    බොහෝ සියුම්
    හසරැල්ලක් වුවද
    සුළඟින් කිතිකැවෙන
    හදවතින්
    අරුත් පබැඳුම්
    ජීවිතය පුරා
    ලියැවෙන..

    APUURUEI

    ReplyDelete
  4. දැං කාලෙ වැඩිපුරම ඉන්නෙ තාක්ශණික රොබෝලා.. මනුස්සකම නැති වෙලා

    ReplyDelete
    Replies
    1. ජීවිතය ජීවත්වන බවවත් නොදන්න..
      ස්තූතියි.. :)

      Delete
  5. හැගීම් මැරුනු මිනිසුන් අතර මාද ජීවත් වෙමි.

    ජය !

    ReplyDelete
    Replies
    1. හැඟීම් මැරුණ මිනිසුන් මැද ජීවත් වන බව දැනෙනවානම්..
      වටිනවා බොහෝ..!
      තුති..!

      Delete
  6. හුටා මගේ රස නහර නැද්ද මංදා.....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. අමතක වුණාවත්ද කොහෙ හරි.. :D

      Delete
  7. කෘතීම මිනිසුන්ට වඩා

    රස නහර ඇත්තන්....

    සුපිරි......

    ReplyDelete
  8. මමත් ආමී කියවා ගියෙමි

    ReplyDelete
    Replies
    1. උඹ ආමි ද? අදනේ දැනගත්තේ ලොල්.

      Delete
    2. තැබූ සටහනට ස්තූතියි.. :)

      Delete
  9. ලස්සනයි නන්දු..

    ReplyDelete
    Replies
    1. තවමත් අරුත් පබැඳුම් ගෙතෙන හිත් බොහෝයි..!
      ස්තූතියි පුංචි.. :)

      Delete
  10. හ්ම්මම්....ඉඳලා හිටල හරි එහෙම උන් හම්බවෙන එකත් වාසනාවක්..

    ReplyDelete
  11. විඳින්න පුළුවන් විදියේ නිසඳැසක්.

    ReplyDelete
    Replies
    1. හිහිහී.. සරලව තේරුණා.. :D

      වටිනවා බොහෝ..

      තුති.. :)

      Delete
  12. විඳින්න පුළුවන්.එහි ලෙන්ගතු ගීතවත් බවක් ඇත.
    බොහෝ සියුම්
    හසරැල්ලක් වුවද
    සුළඟින් කිතිකැවෙන
    හදවතින්
    අරුත් පබැඳුම්
    ජීවිතය පුරා
    ලියැවෙන.. මම වැඩියෙන් රස වින්ඳ කොටස
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  13. කිසිම සංවේදී කමක් වත් නැතිව ජීවත් වෙන අයත් ඉන්නා කාලෙක මේ කවිය හිතට වැදුනා නන්ඳු.

    ReplyDelete
    Replies
    1. සැබෑ වටිනාකම එයයි..
      තුති ඔබතුමියට.. :)

      Delete
  14. එහෙම රස නහර ඇත්තන් අද සොයාගන්නත් අමාරුයි නේද නන්දු...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මියුරු අක්කේ.. ඒත් තවමත් අපි අතරම සුළු කොටසක් ඉතුරුවෙලා ඉන්නවා.. :)

      Delete
  15. පද ගෙත්තම සුන්දරයි...

    ReplyDelete
  16. මේ කවියේ සැබෑ යථාර්ථයත් එයමයි. බොහෝවිට කලා කරුවන් එක නිර්මානයකින් දෙකකින් සෑහිමට පත්වනනේ නෑ නිරන්තරයෙන් උත්සාහ ගන්නේ එකම සිදුවිම වුවත් එය අලුත් ඇසකින් දකින්නට රිසි විමයි.ඇත්තටම ඒක අසිමිත ලෝබකමක් වගේ අතහැර දාන්න සිදුවුනොත්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම..
      අත්දැකීමෙන්ම ලියැවුණ නිර්ව්‍යාජ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි..! :)

      Delete
  17. සදහම් අනුත්තරFebruary 10, 2013 at 9:15 PM

    සොයනවා බොහෝ කලක්
    ඉවසුමක් නැතුව හැමදාමත්
    හීනයක පැටලිලා මෙන් තවත්
    වටිනාකමක් රස ඇත්තන්..

    ReplyDelete
    Replies
    1. බෙදුවොත් රස යමක්
      අගය කරනා අය තවත්
      සොයා බැලුවොතින් ඔබත්
      හමුවේවි ඔබ ඉවසුවොත්..

      ස්තූතියි සදහම්..!

      Delete
  18. ම්...හැමදාම නොදකින යථාර්තය...
    ස්තුතියි අපූරු නිර්මාණයට..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතිමි මේ දිරිගැන්වීමට රූ අක්කෙ..

      Delete
  19. ඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ලක් වත් බලන්නෙ :(

    ReplyDelete
  20. ඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ලක් වත් බලන්නෙ :(

    ReplyDelete
    Replies
    1. අපිට අපිම නැතිවෙලා ගිමා. ඒත් තවමත් සුළු කොටසක් හරි ඉන්නවා.. ඒ බව තේරුම් ගන්න පුළුවන් තැන..

      Delete
  21. වටිනවා බොහෝ..
    දුහුවිලි
    ස්පර්ෂවන එහෙත්
    නොදැනෙන
    කෘතිම
    මිනිසුන්ට
    වඩා...

    රස නහර ඇත්තන්..!

    නියම කවියක් අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් නංගියෝ..
      දැක්කා ලස්සන කතාවක පෙරවදනක්
      ඒ පැත්තට එන්නම්.. :)

      Delete