කවියාට, සංගීතඥයාට
කලාකරුවට..
කලාකරුවට..
ජීවිතයේ රස ඔවුන් සිතූ සේ
නොලැබෙනකල්
සොයයි එය..
එයින්ද නොනැවත
තබායන්නට සලකුණක්
දිවි පුරාවට
අසංතෘප්තව
හිමිකරගැනුමට
තමාට පමණක්ම..
එහෙත්
බොහෝ සියුම්
හසරැල්ලක් වුවද
සුළඟින් කිතිකැවෙන
සුළඟින් කිතිකැවෙන
හදවතින්
අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන..
අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන..
වටිනවා බොහෝ..
දුහුවිලි
ස්පර්ෂවන එහෙත්
නොදැනෙන
කෘතිම
මිනිසුන්ට
වඩා...
දුහුවිලි
ස්පර්ෂවන එහෙත්
නොදැනෙන
කෘතිම
මිනිසුන්ට
වඩා...
ඒ
රස නහර ඇත්තන්..!
රස නහර ඇත්තන්..!
ම්ම්ම්,,රස විදින්න පුළුවන් විදියට කාලෙකින් හම්බවුණු කවියක්... !!
ReplyDeleteවටිනවා ගොඩක්..! ස්තූතියි ශම්මි.. :)
Deleteඒ කියන්නේ මට රස නහරේ තියෙනවා! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හා හා රජා මල්ලි.. :D :D
Deleteඑසේම වේවා..!
එහෙත්
ReplyDeleteබොහෝ සියුම්
හසරැල්ලක් වුවද
සුළඟින් කිතිකැවෙන
හදවතින්
අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන..
APUURUEI
ස්තූතියි..! :)
Deleteදැං කාලෙ වැඩිපුරම ඉන්නෙ තාක්ශණික රොබෝලා.. මනුස්සකම නැති වෙලා
ReplyDeleteජීවිතය ජීවත්වන බවවත් නොදන්න..
Deleteස්තූතියි.. :)
හැගීම් මැරුනු මිනිසුන් අතර මාද ජීවත් වෙමි.
ReplyDeleteජය !
හැඟීම් මැරුණ මිනිසුන් මැද ජීවත් වන බව දැනෙනවානම්..
Deleteවටිනවා බොහෝ..!
තුති..!
හුටා මගේ රස නහර නැද්ද මංදා.....
ReplyDeleteහෆ්ෆා.. අමතක වුණාවත්ද කොහෙ හරි.. :D
Deleteකෘතීම මිනිසුන්ට වඩා
ReplyDeleteඒ
රස නහර ඇත්තන්....
සුපිරි......
තුති අග්නි නංගා
Deleteමමත් ආමී කියවා ගියෙමි
ReplyDeleteඋඹ ආමි ද? අදනේ දැනගත්තේ ලොල්.
Deleteතැබූ සටහනට ස්තූතියි.. :)
Deleteලස්සනයි නන්දු..
ReplyDeleteතවමත් අරුත් පබැඳුම් ගෙතෙන හිත් බොහෝයි..!
Deleteස්තූතියි පුංචි.. :)
හ්ම්මම්....ඉඳලා හිටල හරි එහෙම උන් හම්බවෙන එකත් වාසනාවක්..
ReplyDeleteහ්ම්ම්.. හ්ම්.. :)
Deleteවිඳින්න පුළුවන් විදියේ නිසඳැසක්.
ReplyDeleteහිහිහී.. සරලව තේරුණා.. :D
Deleteවටිනවා බොහෝ..
තුති.. :)
විඳින්න පුළුවන්.එහි ලෙන්ගතු ගීතවත් බවක් ඇත.
ReplyDeleteබොහෝ සියුම්
හසරැල්ලක් වුවද
සුළඟින් කිතිකැවෙන
හදවතින්
අරුත් පබැඳුම්
ජීවිතය පුරා
ලියැවෙන.. මම වැඩියෙන් රස වින්ඳ කොටස
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තුති ගයානි..!
Deleteකිසිම සංවේදී කමක් වත් නැතිව ජීවත් වෙන අයත් ඉන්නා කාලෙක මේ කවිය හිතට වැදුනා නන්ඳු.
ReplyDeleteසැබෑ වටිනාකම එයයි..
Deleteතුති ඔබතුමියට.. :)
එහෙම රස නහර ඇත්තන් අද සොයාගන්නත් අමාරුයි නේද නන්දු...
ReplyDeleteඒක ඇත්ත මියුරු අක්කේ.. ඒත් තවමත් අපි අතරම සුළු කොටසක් ඉතුරුවෙලා ඉන්නවා.. :)
Deleteපද ගෙත්තම සුන්දරයි...
ReplyDeleteතුති සිරා අයියේ.. :)
Deleteමේ කවියේ සැබෑ යථාර්ථයත් එයමයි. බොහෝවිට කලා කරුවන් එක නිර්මානයකින් දෙකකින් සෑහිමට පත්වනනේ නෑ නිරන්තරයෙන් උත්සාහ ගන්නේ එකම සිදුවිම වුවත් එය අලුත් ඇසකින් දකින්නට රිසි විමයි.ඇත්තටම ඒක අසිමිත ලෝබකමක් වගේ අතහැර දාන්න සිදුවුනොත්..
ReplyDeleteඇත්තෙන්ම..
Deleteඅත්දැකීමෙන්ම ලියැවුණ නිර්ව්‍යාජ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි..! :)
සොයනවා බොහෝ කලක්
ReplyDeleteඉවසුමක් නැතුව හැමදාමත්
හීනයක පැටලිලා මෙන් තවත්
වටිනාකමක් රස ඇත්තන්..
බෙදුවොත් රස යමක්
Deleteඅගය කරනා අය තවත්
සොයා බැලුවොතින් ඔබත්
හමුවේවි ඔබ ඉවසුවොත්..
ස්තූතියි සදහම්..!
ම්...හැමදාම නොදකින යථාර්තය...
ReplyDeleteස්තුතියි අපූරු නිර්මාණයට..
ගොඩක් ස්තූතිමි මේ දිරිගැන්වීමට රූ අක්කෙ..
Deleteඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ලක් වත් බලන්නෙ :(
ReplyDeleteඇත්තටම කීයෙන් කී දෙනාද අද නිවාඩු පාඩුව පත්තර කෑල්ලක් වත් බලන්නෙ :(
ReplyDeleteඅපිට අපිම නැතිවෙලා ගිමා. ඒත් තවමත් සුළු කොටසක් හරි ඉන්නවා.. ඒ බව තේරුම් ගන්න පුළුවන් තැන..
Deleteවටිනවා බොහෝ..
ReplyDeleteදුහුවිලි
ස්පර්ෂවන එහෙත්
නොදැනෙන
කෘතිම
මිනිසුන්ට
වඩා...
ඒ
රස නහර ඇත්තන්..!
නියම කවියක් අක්කියෝ...
ස්තූතියි ගොඩක් නංගියෝ..
Deleteදැක්කා ලස්සන කතාවක පෙරවදනක්
ඒ පැත්තට එන්නම්.. :)