07 November 2012

සොඳුරු තුහින


සොඳුරු තුහිනෙක 
සොසොඳු බවගෙන
අහස් සිත සීතලෙන් වැසුනා..
සීත වප් මස සිසිර සෘතුවේ
පිපුන පියුමට සුබත් පැතුවා..
අළුත් හිම තටු දුරගෙවාගෙන
දඟකාරියත් එක්ක තෙමුනා
කුරුළු ගී හඬ 
සත්ස්වර 
දොර
කවුළුවෙන් රහසේම ඇසුනා
ඉතින් 
ඒ හඬ අසා ඉන්නට
නුඹත් ළඟදිම එතැයි කිව්වා..!

ලිව්වෙ 28.10.2012

50 comments:

  1. අප්පේ කාලෙකට පස්සෙ ලස්සන සොඳුරු තුහින පිරිච්ච කවියකුත් අරන් නන්ඳු ඇවිත්!

    ReplyDelete
    Replies
    1. ආයෙමත් ලියන්න පටන්ගන්න හිතුණා..
      ගොඩක් ස්තූතියි මේ දිරිගැන්වීමට.. :)

      Delete
  2. ලස්සනයි නන්දු...

    //සොසොඳු // මේ වචනෙ තේරුම..?

    ReplyDelete
    Replies
    1. සොසොඳු.. පිරිසිදු, "සුදු පාටිනුත් සුදු පාට" කියන අදහසක් තමයි වී අයියෙ මට නම් මතක.. :)

      ස්තූතියි ගොඩක්..!

      Delete
  3. හරිම ලස්සනයි අක්කො .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.. :)

      Delete
  4. අප්පේ.... මෙන්න අක්කාටත් මතක් වෙලා බ්ලොග් එක ගැන.. කොහෙද ඉතින් දැන් වැඩ වැඩියිනෙ ඉස්සරටත් වඩා නේද?? :P

    //ඉතින්
    ඒ හඬ අසා ඉන්නට
    නුඹත් ළඟදිම එතැයි කිව්වා..!//

    අහ්හ්හ් හා... ළඟදීම...... :D

    ලස්සන කවියක් අක්කි!!! ඉදලා හිටලවත් ඇවිල්ලා මෙහෙම කවියක්වත් දාලා යන්න.. නැත්තම් මෙහෙ පාලු වෙනවානෙ..:)

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ආයෙ ඉතින් නිවාඩුවක් ලැබුණා ලියන්න.. ලියන්න කම්මැලි කම.. වෙන මුකුත් තියේද.. :D ;)
      ස්තූතියි නංගියෝ..:)

      Delete
  5. ලස්සනයි :)

    ReplyDelete
  6. මේ ඉන්නෙ නන්දු ලස්සන කවියකුත් අරන් ඇවිත් . මම ඔයාව සෙව්වා හැම තැනම .

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෝ ගිම් අක්කෙ.. මේ ඉරිදා එනෝ...

      ස්තූතියි අක්කෙ ගොඩක්..:)

      Delete
  7. ලස්සන කවියක්!!
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.
      ජයවේවා..! :)

      Delete
  8. කාලෙකට පස්සෙ නිහැඬියාව බිඳගෙන සොඳුරු පද ටිකකුත් අරගෙන....හරිම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ආයෙමත් ලියන්න හිතුණා ළිහිණි අක්කෙ.. ඒ පැත්තෙත් එනවා..

      ස්තූතියි ගොඩක්..:)

      Delete
  9. බලාපොරොත්තුව ඉටු වේවා !

    ReplyDelete
  10. කාලෙකට පස්සෙ කෙටි කවියකින් අපූරු අදහසක් ලියලා..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ආයෙමත් ලියන්න හිතුණා..
      ස්තූතියි ගොඩක් මේ දිරිගැන්වීමට..:)

      Delete
  11. අර පින්තුරේ විදිහට හිම ගුලියක් අතේ තියාගන්න හිතෙනවා මටත් .. ගොඩ කාලෙකින්නේ නන්දු අක්කේ...මේවා එහෙම අතහැරලම දාන එපා හොඳේ...අපරාදෙනේ

    ReplyDelete
    Replies
    1. හිහිහී... මං ජෑම් බෝතලයකට දාලා ටිකක් එවන්නදෝ.. ග්‍රැෆික් මල්ලියෝ.. ;)
      ආයෙමත් ලියනවා මල්ලියෝ.. :)

      Delete
  12. මෙයාලා හිම වැටෙනකන් බලන් ඉන්නවා.. හිම හන්දවත් මදැයි බ්ලොග් එක මතක් වේලා.. කෝම උනත් අර පෝස්‍ර් එන නොදැම්ම එක ගැන මගේ විරෝධය..

    ReplyDelete
    Replies
    1. ආ.. මට එහෙම බ්ලොග් එකක් තිබුණද.. මට මතක නෑනෙ..
      කමින් සූන්.. :D

      Delete
  13. හිම, අත්දැකල නැති වුනත් අපූරු බව දැනෙනවා! පද ගෙතුම නියමයි

    ReplyDelete
    Replies
    1. හිම හිත්වලට අපූරත්වයක්...
      ස්තූතියි ගිමන්..:)

      Delete
  14. බලාපොරොත්තුව ඉටු වේවා :)

    ReplyDelete
  15. ඒ එන කෙනා හිම වලසෙල් රැගෙන ඒවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. අර මක්කටෑ අයියණ්ඩි.. :P
      ස්තූතියි..

      Delete
  16. මෙන්න අපේ නන්දු අක්කා ආයේ ඇවිත්... :D

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ආයෙ ආවා නංගෝ.. :D

      Delete
  17. නියමයි නන්දු
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  18. අනේ හොඳයි....! කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා කිව්වා ඕං...!


    (දැන් ඒ පුරස්නෙත් හරි නෙව.)

    ReplyDelete
    Replies
    1. හිහිහී..තවම නෑ නොවැ ආවෙ
      ස්තූතියි සරා.. :D

      Delete
  19. නන්දු අක්කා සෑහෙන කාලෙකින්

    ReplyDelete
  20. සිතේ තිබෙන්නවෝ බලාපොරොත්තුවක් ගැන ලියවුනා එකක් වගේයි. හ්ම්ම්ම්ම් මෙය සබාදෙයක් නම් ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොරලේ මහත්තයා.. :)

      Delete
  21. හිම ැකලා තියන එකක් යැ

    ReplyDelete
  22. අනේ අම්මප මට කොහොමෙයි මෙතුවක් කාලෙකට මේ වගේ සොඳුරැ බ්ලොගයක් මඟ හැරැණෙ...ඔන්න ෆලෝව් පාරකුත් දැම්මා..ලස්සනයි හැබැවටම

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් රතී.. :)

      Delete
  23. නියමයි ඇ ඔබට ජය !!

    ReplyDelete