කොහෙන්දෝ දුවගෙන ආව හීත හුළඟක් කාමරයේ නොවැසුනු ජනේලයෙන් ඇතුලට කඩාවැදුනෙ ජනෙල් රෙදිත් එහාට මෙහාට විසි කරගෙනම... මීට විනාඩි දෙක තුනකට කලියෙන් තමන් අතින්ම කෑලි වලට බෙදුන ලියමනේ ශේෂයන් සහන්ගෙ දෙපා හොයාගෙන දුක කිව්වත්, හිතේ දුකත් තෙරපගෙන වැටෙන්න පොරකන උණු කඳුළු ඇස් වලට පිරෙද්දි, ඔහු හිටියෙ කාමරයෙන් ගොඩක් ඈතක මතකයන් එක්ක..
"ලැජ්ජාවක් කියලා නැද්ද උඹට..?"
බිමට බරවුණ ඇස් අල්ලගන්න පොරකන අප්පච්චිගෙ හඬ කණට රිංගලා බෙරිහන් දෙද්දි, ආදරය ඉල්ලලා පොරකන හදවත නගන දහසක් ප්‍රශ්න සහන් මුවින් පිට නොකලෙ ඊළග පිළිතුර දැනගෙන..
"මොන අඩුපාඩුවක්ද හෂීගෙ.. අපිට හැම අතින්ම ගැලපෙනවා.. පවුලෙ එකම දරුවා.. උඹට නරක් වෙලා තියෙයි.." එක දෙයක් මතක තියාගන්.. මේ කසාදෙ ස්ථීරයි..!
මේ ගැලපීම් හමුවේ අප්පච්චිත්, ඔහුගේ හඬට පිටින් නොයන ගෙදර උදවිය විතරක් නෙමෙයි... උදේ හවා රැකියාවෙන් හෙම්බත්ව පැමිණෙන සහන්ව පිළිගන්න ඉස්සරහට දිව එන වයිටත් හෂීව වගේම ඇයගේ ගෙදර අයව නකුට වනා අකුරටම ඒ කාරණාව පිළිගත්තත්, අප්පච්චිගෙ බහට එක එක කාලෙට එක එක විදිහට නැටවුණු සුවච කීකරු පුතා, ඒ පීල්ලෙන් කෝච්චිය වෙනත් පීල්ලකට මාරු වුණේ හදවතින්ම ලියවුණු ආදරයක මං දකිද්දී..
පිය උරුමයෙන් ව්‍යාපාර ගණනක අයිතිය හිමි, යාන වාහන හිමි සහන්ට, අප්පච්චි කොයිතරම් කෑගැහලා කිව්වත් කාලයත් එක්ක ඔට්ටු සෙල්ලම් කරලා සූරණ මහ ධනයෙ තියෙන්නෙ සතුට කියලා.. සහන් දැක්කෙ තමන්ගෙ කුඩාකල පටන් අහිමි කල නිදහසේ එක් කොටස් කාරයක් විදිහට.. අර විභාග.. මේ විභාග.. එක එක උපාධි.. හුස්මක් ගන්නට තිබුණු ඉඩ කඩෙත් අප්පච්චිට වුවමණා වුණා සහන් ගෙ අනාගතය තමාගෙ අතට ගන්න.. මේ නිසාම ගෙදරට ගුරුවරුන් ගෙනත් තම පුතාට උගන්වන්න කටයුතු කලේ.. ඒත්... පුංචි කාලෙ නෑ හිතවතුන්ගේ ගෙදර යනකොට පාර දෙපැත්තෙ සෙල්ලම් කරන තමන්ගෙම වයසෙ අයගෙ නිදහස, සහන් හිතෙන් එළියට පනින්න දෙන්නෙ නැතිව අහුර ගත්තෙ කැමැත්තෙන්නම් නෙමෙයි..
"මචං මේ ඉන්නෙ අනුත්තරා... අපේ ඔෆිස් කෝච්චි සෙට් එකට අළුත් කෙනෙක්.."
විදුරගෙ කටහඬින් ඉහලට එසවුණු හිනාවුණු ඇස් අහිංසකව සහන් දිහා බලාගෙන හිනාවෙද්දී.. සහන් හිටියෙ ඒ ඇස් වල ඇතුලට පාවෙමින්..
"හෙ හෙලෝ.. "
සිහිනයකින් වගේ ඒ අත පරිස්සමින් අල්ලගනිද්දී.. වටේ ඉන්න යාළුවෝ හිටියෙ "සූ" ගාගත්ත ගමන් වුණත් සහන් කොයින්ද ඒකෙන් වගක්..! තාලයට ගමන් කරන කෝච්චියත් හූ කියාගෙනම ගියේ හදවතේ වේගය ඇන්ජිම ගානට දාලා..
යොවුන් පිහාටු හිරු රැසින් දිලිසෙද්දි... අප්පච්චිගේ සිහින වලින් නැටවුණ සහන් ට ඕන වුණේ තමන්ගෙම සැහැල්ලු නිදහස් ලෝකයක්.. අප්පච්චිගේ න්‍යායෙන් නොදැක්ක.. නොලැබුණ.. ව්‍යාපාරයේ සේවකයගෙ පටන් ඒ ජීවිත වලට එබිකම් කරන්න..මේ නිසාම උදේ නිවසින් පිටත්වෙන වාහනේ මඟ නතරකරලා දුම්රියෙන් මිතුරන් සමග ව්‍යාපාරයට යන්නත් එන්නත් පුරුදු වුණ සහන් ට... හදවතේ කාලයක් තිස්සෙ සිහින් මිනිරන් තුඩුවලින් එහෙට මෙහෙට නොපැහැදිලිව ඇඳුණ විත්‍රයට පණ ආවෙ එදා..
සහන්ගෙ ලෝකය උඩු කනපිට පෙරලලා.. සහන්ව හොයාගන්න ඉගැන්නුව ඒ හිනාවෙන ඇස්.. දැක්ක තත්පරේම හිතේ ඇදුණ හුරු පුරුදු රුවත් එක්ක ගැලපුණා.. අප්පච්චිගේ දැඩි නීති සංග්‍රහයෙන් මිදිලා, නිදහසේ පියාඹන සහන් ගේ සිතට ඒ හිත ආදරයෙන් පිරුණු අහසක් වුණා..
අනුත්තරා...
එතැන් පටන් සහන්ගෙ ලෝකයේ ආදර අනූ වුණා..
මෙතැනින් ඇරඹුණ කතා බහ නතර නොවී තවත් ගලායමින් පවතිද්දී.. සහනුත් අනූත් අතරට දෙමව්පියන් විසින් බලෙන් තල්ලු වුණු හෂීට සහන්ගෙ හිතේ කොතැනකවත් ලියවෙන්න හිඩසක් තිබුණෙ නැහැ... ඒත් හෂී වගේම හෂීගෙ පවුලෙ අයත් ඒ ගැන හිටියෙ ලොකු හදිස්සියකින්..හොර රහසේම අප්පච්චිලා යොදාගෙන තිබුණ සහන්ගේ ජීවිතයේ තීරණාත්මක දේවලට ඔවුන්ගෙ ජීවිත පාලනය කරන්න කලියෙන් සහන් අනූවත් අරගෙන දුර ඈතකට ගියෙ පිය ආයතනයේ රැකියාව.., තනතුරු විතරක් නෙමෙයි.. ආදරයට හරස් කපන අයගෙනුත් වෙන්වෙලා.. කන්න, ඉන්න,අදින්න අතේ තිබුණ මුදල් වියදම් වෙද්දි.. කුලියට හිටි කාමර කෑල්ලෙ හරියට ඉතිරි වුණේ.. සහනුත්-අනූත් දෙන්නාගෙ ආදරයත් විශ්වාසයත් විතරයි..
"මහත්තයෝ.. කෝ ඉතින් නැගිටින්නකෝ..."
උදෑසන හිරු කිරණ අතුපතරින් වැටිලා වහලෙ කවුළුවකින් ඇස් දෙකට වැටෙද්දි සහන්ව ඇහැරවන ඒ ආදරණීය හඬ වෙනසක් නැතිව සහන්ට සහනයක්ම වුණා..
"ඇයි අද උදෙන්ම මාව ඇහැරුවේ... අද නිවාඩුනෙ... නිදාගන්න දෙන්නකෝ.." කොට්ටයෙන් මූණ වහගත්තත් සහන්ට ඇහුනෙ ඇගේ ගීතවත් හිනාව..
"මගෙ මහත්තයට සුබම සුබ උපන්දිනයක්..!!!"
ගෙවුණු දින, සති, මාස ගණනක නිනව්වක් නැතිව ගත කලත්.. සහන් අත තැබූ පුංචි තෑග්ග දිහා බලාගෙන හිටියෙ ඇගේ දිලිසෙන දෑස් වලින්..
මා ළඟ ඉතිරි වුණ සල්ලි ටිකකින් ගත්තේ.. බලන්නකෝ ලස්සනද කියලා..
එදා ඉදන් ඇයත් ඔහුත් ගත් හැම තීරණයකම අතර මැදියා වෙන්න මේ පුංචි තෑග්ගට තිබුණෙ ලොකු වටිනා කමක්.. සහන් ඔහුගෙම ව්‍යාර කටයුත්තකට මුල පුරන්න.. ඒ දෙයින් හිතේ මැවුන සිහින හැබෑවෙන්න..
"සහන්.. මේ කාමරය අපි මේ පැත්තට දාමූ.."
"ම්ම්ම.. අපි මෙතනින් තව ජනේලයක් දාමු අනූ..."
"හ්ම්ම්.. එතකොට තවත් ලස්සන වෙයි.."
මේ හැම අදහසක් ගානෙම එහාට මෙහාට වුණේ ඒ අතර මැදියා.. තැබූ හැම පියවරකම.. ගත්ත හැම තීරණයකම රස.. තිත්ත.. එකට මුසු කරන්න අතර බැදීමේ ශක්තිය ආදරය.. අතර තවත් වැඩි කලා..
බොරු අතීතයක් ගැන ලියවුණ ලියමනක් හෂී අනූට දීලා තිබුණෙ සහන්ගෙ යාළුවෙක් විදිහට.. අනූ ඒ ගැන කිසි දෙයක් විශ්වාස නොකලත් ආදරය නමින් අනූගෙ හිත රිදෙන වදන් පිටවුණේ අනූගෙ ආදරයට රිදවන්න හෂීගෙ ගෙදරින් කල හැමදෙයක්ම ඉවසීමේ සීමාව නික්මුණාට පස්සෙ.. අතින් කීතු කෑලි වලට බෙදුනෙ
"මහත්තයෝ.. තරහද..?"
ඒ හඩින් සහන් ආවෙ නැවතත් කාමරයට.. වැහුන වීදුරු ජනේලයට එපිටින් රටා මවාගෙන ගලාගෙන යන වැහි බිංදු සහන්ගෙ ඈතට යොමුවෙලා තිබුණ මාර්ගය බොදකරගෙනම පහලට රූටන්න අරන් වුණත් ඔහුට ඒ බවක් නොපෙනෙන්න දිග ඇදිලා තිබුණෙ බොඳවුණ කඳුළු ලියකම්..
"මොනවද කල්පනා කරන්නෙ.."
පුංචි සමනලී.. ඔහුගෙ උරහිසට බරවුණේ.. හැම සංවාදයකම අතර මැදියා වුණ.. ඒ පුංචි තෑග්ග... මේ හීතලේ ආදරයේ තේ කෝප්පයකුත් අතැතිව...
මං ආයෙ එහෙම කරන්නෙ නැහැනේ..
තේ කෝප්පය ඔහුගෙ අතට මාරු කරන අතර ඇගේ හුරතල් කටහඩ
"මමත් වැරදී අනූ.. මට සමාවෙන්න.."
ඇගේ අතට උගුරක් බී දුන් කෝප්පය..
"ෂ්ස්ස.. මමනෙ ලියමන ගත්තෙ.."
"කෝ දැන් ඒ ලියුම..?"
ඈතට විසිවී ගිය ලියුමේ ශේෂයන් නිසොල්මනේ නිදන්නට විය..
මේ තේකෝප්පය තිත්ත පැණිරස කිරි කහට එක්ක තේක රස කරන්නට එක්ව ජීවිතේ ගෙවන්නට.. හැබෑලෝකයේ සහන්ලට සහ අනූත්තරාලට..!
ප/ලි. නුවරඑළි ගිහින් සීතට ඉඟුරුත් නැති තේක බොන ගමන් ඔයාගෙ ආදරෙත් එක්ක එව්ව පුංචි සටහන නිසයි මතක් වුණේ මේ වගේ දෙයක් මං ලිව්ව බවක් ගිය අවුරුද්දක.. ස්තූතිය ඔයාට..!
සුපිරි කතාවක්.. එක හුස්මට කියවගෙන යන්න පුලුවන්... ලස්සනයි නන්දු..
ReplyDeleteස්තූතියි ගොඩක් මාඩා.. :)
Deleteදෙන්නෙක් එකට ජීවිතේ ගෙවද්දී සැකය කියන දේ අහලකටවත් එන්න ඉඩ දෙන්න හොඳ නැහැ.
ReplyDeleteසැකය.. ජීවිතයේ ඉරිතැලීම..
Deleteඅනිවාර්යයෙන්ම
ස්තූතියි රෙහානි.. :)
අර බේබි ශානිකාගේ ෂිංදුව මතක් වුනේ :)
ReplyDeleteහිහිහ.. :D :D :D සෑමටත් මතක්වෙන දේවල්..
Deleteඇවිත් තැබූ සටහනට ස්තූතියි සෑමො.. :)
:) lassanai ...
ReplyDeleteස්තූතියි තරූ..!! :)
Deleteලස්සන යි. අපුරු නිර්මාණයක්..:) ඉතින් "නිමි" ද මෙතනින්???
ReplyDeleteකතාව නිමි..
Deleteස්තූතියි චන්දන මේ ඇගයීමට.. :)
මට තියෙන ප්‍රශ්නෙ කවුද අසංක කියන එක :)
ReplyDeleteඔය ප්‍රශ්නේ මටත් තිබුන සාතන් අයියේ. හැබැයි දිනේෂ් අයියගේ පොස්ට් එකේ.
Deleteකතාව ගොඩක් ලස්සනයි නන්දු අක්කේ. සැබෑ ආදරේ හැමදාම ජයගන්නවා මොන ප්‍රශ්නේ ආවත්.
Deleteමුල්ම පරිච්චේදය නේද කතාවේ අගට සම්බන්ධ වෙන්නේ අක්කේ. මම තේරුම් ගත්තේ ඒ විදිහට.
@ සාතන් අයියා- සහන්ගෙ නම මතක්වුණේ පහුවෙලානෙ..:D
Deleteපොඩි ටෙස්ට් එකක් කලේ.. අවධානෙන් කියවනවද බලන්න.. :D
ස්තූතියි අයියේ ඒ ගැන පෙන්වලා දුන්නට.. :)
@ ග්‍රැෆික් මල්ලි- හිහිහී.. මල්ලි හරියට තේරුම් අරගෙන තියෙනවා මල්ලියෝ.. :)
ම්ම්ම්ම්..ලස්සනයි...
ReplyDeleteතුති තරුවො.. :)
Deleteශැහ්.... මෙගා එකක් කරන්න තිබ්බා, කමක් නෑ ලස්සනයි!
ReplyDeleteහම්මෝ.. මෙගා..!
Deleteඔයින් ගියා මදෑ.. :D
ස්තූතියි ලහිරු.. :)
ලස්සනයි නිර්මාණය
ReplyDeleteමේ ඇගයීමට ස්තූතියි කස්ස අයියේ.. :)
Deleteලස්ස්නයි නන්දු. මට ගොඩක් දේවල් මතක් වුනා මේකත් එක්ක. ඇත්ත. මොන බාධා ආවත් හැමදාම ජයගන්නෙ ඇත්ත ආදරේ.
ReplyDeleteඅවංක ආදරයට ස්වභාව දහමත් එකඟයි.. ස්තූතියි සිඳූ.. :)
Deleteහිත මෙව්ව වෙලා ගියා.........!!!
ReplyDeleteඕඕඕ.. කොව්වා වෙලා ගියාද.. :D
Deleteහරිම ලස්සන කතාව නන්ඳූ...
ReplyDeleteස්තූතියි ළිහිණි අක්කේ.. :)
Deleteහ්ම්ම්ම්ම්ම්.....
ReplyDeleteහ්ම්ම්ම.. හ්ම්ම්ම..
Deleteලස්සනයි නන්දු. හැමදාම වගේ ලස්සන කතාවක්.
ReplyDeleteස්තූතියි පුංචි..:)
Deleteහරිම අපූරු කතාව... ඒ අදහස ගොනු කරගත්ත එක නිර්මානාත්මකයි.
ReplyDeleteමට මතක හැටියට නන්දු මීට කලින් ලියූ පෝස්ට් එකෙත් තේ කෝප්පයක් ගැන ලිව්වා.
හිහිහී.. මේ කමෙන්ට් එක දැකල් මමත් මතක්කලා මං ලිව්ව තවත් තේකෝප්පෙ මොකද්ද කියලා.. පස්සෙනෙ මතක්වුණේ ආඩතෝඩ පස්පංගුව.. :D
Deleteස්තූතියි ගොඩක්..
ඉතාමත් සුපිරි ඝනයේ පුංචි, ලස්සන නිර්මාණයක්..
ReplyDeleteස්තූතියි සයුරි අක්කේ.. :)
Deleteඅපූරුයි!
ReplyDeleteඔබට ජය!
ස්තූතියි හිරුහිමාවී.. :)
Deleteකතාව නියමයි නන්දුවෝ.. අර ප.ලි කෑල්ල විතරයි මම අද කියෙවුවේ... :)
ReplyDeleteඕවා අසාධාරණ වැඩ.. නැද්ද මං අහන්නෙ.. :P
Deleteලස්සන නිර්මාණයක්.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteස්තූතියි සහෝ. :)
Deleteතේ කෝප්පේ ලස්සනයි. :)
ReplyDeleteආදරය කියන්නේ තනිකරම කෙනෙක් තව කෙනෙක් ගැන තියන විශ්වාසයට.
ජය වේවා..!
විශ්වාසයත් හරියට මකනයක් වගේය කියනවනේ.. කඩවෙන්න කඩවෙන්න විශ්වාසය නැතිවෙලාම යනවලු.. :)
Deleteස්තූතියි මී පැටියා ජය වේවා..!
ලස්සන නිර්මාණයක්....
ReplyDeleteස්තූතියි සිතූ.. :)
Deleteහරිම ලස්සනයි නන්දු... කෙටිකථාවක් විදියට ඉවර කලාට සහන්, අනූ ආදරය හැල හැප්පීම් එක්ක ඉදිරියට ගලාගෙන යන හැටි නව කථාවකට හොඳ ආරම්භයක් කියල හිතුනා
ReplyDeleteගොඩක් ස්තූතියි අදහසට අයියේ.. බලමු බලමු කාලයක් හොයාගත්තොතින් ඒ ගැනත් සලකා බලා.. :)
Deleteලස්සන නිර්මාණයක්. ඔබේ ලිවීමේ ක්‍රමය ටිකක් සුජීව ප්‍රසන්න ආරච්චිගේ වගෙයි. අදමයි මේ පැත්තේ ආවේ. ආයෙම එන්නම් කෝ.
ReplyDeleteහිහිහී.. ස්තූතියි.. සමහර විට යම් බොලදවදන් නිසා වෙන්න ඇති ඔබ එහෙම කියන්න ඇත්තෙ.. :)
Deleteහරියටම හරි නොකිය කිව්වා දේ ඔබ අපූරුවට තේරුම් ගත්ත නමුත් ආදරය ගැන කියද්දී එතන බොළඳ බවක් නැත්නම් නීරසයි.
Deleteමාරම ලස්සනයි අක්කේ අවසානයත් නියමෙට තියෙනවා.... මම මැදක් කියවද්දි හිතුවා තාත්තලගේ කීමට වහල් වෙයිදෝවත්ද කියලා... කාලෙකින් ආවේ මේ පැත්තේ... ජය වේවා අක්කේ
ReplyDeleteස්තූතියි ගැමි මල්ලියා.. :)
Deleteමාර ආදරණීය නිර්මාණයක්. තේකකින් කරන්න පුළුවන් දේවල් නේ..
ReplyDeleteහිහිහී.. නැතුව නැතුව.. මේකතාවත් මතක් වුණේ තේකක් නිසානෙ.. :P
Deletelassani yalu oya lassan ata liyanawa mama adai me paththe awe aith ennam
ReplyDeleteස්තූතියි උමා.. ආයෙ එන්න.. :)
Deleteනියමයි....
ReplyDeleteලස්සන නිර්මාණයක්.සුබ පතනවා.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteනිර්මාණාත්මක කථාවක්.හොඳ උත්සහායක් .ජය! ඔබට
ReplyDeleteගහ මරාගෙන හරි තමන්ගේ ප්‍රශ්න තමන්ට ම විසඳ ගන්න හැකියාවක් ගෑනියෙකුයි මිනිහෙකියි අතරේ අනිවාර්යෙන් තිබිය යුතුයි . . . තමන්ගේ ලෝකය විනාස කරන්න කේලම් කියන කුමන්ත්‍රන කරන උන්ව වට්ටන්න පුලුවන් වෙන්නේ ඒ විස්වාසයෙන් විතරමයි . . ඒත් ගොඩක් වෙලාවට හැබෑ ලෝකයේදි වෙන්නේ ගෑනු / මිනිස්සු ඕන කෙනෙක් කියන ඕන බොරුවක් විස්වාස කරලා තමන්ගේ ගනි / මිනිහා එක්ක රන්ඩු වෙලා පවුල් අවුල් වෙන එක.
ReplyDeleteඅහ් කියන්න බැරි උනා කතාව අපූරුවට ලියලා තියෙනවා . . ජය
ReplyDeleteඅපූරු කෙටිකතාවක්... සැකය කියන එක ජීවිතේට ලංවුනොත් මහා විනාශයක් කරන්න පුළුවන්...
ReplyDeleteසිරාම කතාව...විශ්වාසෙ මත තමයි ආදරේ ගොනැගෙන්නේ...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!