29 November 2012

පළිඟු සිහින


 හාත්පස අඳුරෙන්ද ඔහු වටා සිටි අයගේ අඳුරු ඡායාවලින්ද මෙය වරදක් බව දැන තැතිගෙන සිටියා. ඝණ සීතලට හැදසිටි කබාය යටින් පෙඟුණ ඔහුගේ හදවතත් තව තවත් එම කටයුත්ත ගැන දැක්වූයේ නොසැලකිලිමත් බවක්.. පෙර පළපුරුදුබව නිසාත් විශ්වාසවන්තකම මත මෙම බාරදූර්යය කාර්යය ඔහු මතට පැවරූ අය අඳුරේම ඔවුනොවුන්ගේ උකුසු ඇස් නියවමින් සිටියේ ඒ දිහාවට ප්‍රථමයෙන්ම තම කොටස අයිතිකර ගැනීමට වුවත් කාර්ය්‍යසූර්ය වූ ඔහුට ඒවගක් නොතිබුණේ තවමත් සිත දෙගිඩියාවක් බවක් පෙන්වමින්..

"ඕක ඉක්මනට ඇරපන් මිනිහෝ.."

අඳුරේම පෙන්නවූ පිස්තෝලය සමගින් නාඳුනන කටහඬ ගැන තැකීමක් නොකරම බිම ඇන තියාගත් ඔහු හෙමින් සැරේ වසාතිබුණ අටපට්ටම් හැඩැති පෙට්ටිය විවෘත කරන්නට විය. රතුපාට විල්ලුද ඇතිරූ එහි රන් ද, රිදී කැබැලි කිහිපයක්ද ඒමතින් විසර තිබුණ රතු මැණික් ද දැක ඒවා තම සීත කබායේ සාක්කුවල පුරවගන්නට වුණේ කොන්ත්‍රාත්තුව පරිදි එය පසුව සමසේ ඔවුන් අතර බෙදාගැනීමටත් තමාගේ කොටස මුදල් වලින් ලබාගැනීමට සහතිකයකුත් වශයෙන්. කෙතරම් විශ්වාස වන්ත වුණත් ඔවුන්ට උවමනාවුනේ එහි ඇති රතු දියමන්ති කැට සියල්ල ඔහු ඔවුන් අතට භාරදේද යන්න සැක මත ඔවුනුත් පැමිණ සිටියහ.

එහෙත් සිදුවූයේ අනිකක්.. 

හදිසියේම එල්ලවූ විදුලිපන්දම් වලින් මතුවුණ වගකිවයුතු අයවලුන්ටගේ කලබැගෑනියෙන් සියළුදෙනා හිස්ලුලූ අත දිවයන්නට විය. අඳුරේම අත පත ගා අවසාන දියමන්තිය දක්වා තම කබා සාක්කුවට දමා ගත් ඔහු ,  ඉදිරියට පැමිණෙන නිලධාරීන්ට තම සාක්කුවට අත දමා මිටට අහුවෙන මැණික් අහුරක් ඔවුන්ගේ මිට මොළවා ඔහු පිළිබද පොලිස් වාර්ථාවල නොලියැවෙන සේ කට වසාදමන්නට ඔහුට හැකිවිය.. නිලධාරිත් ඒවා රැගෙන සතුටු සිතින් මඟහැර යන්නට විය. මෙම ගනුදෙනුව කනවැටී මහමග විසිරෙන කලඹලය මතින් ඔහු වහා දිව ගියේ ඔහුගේ තනිකුටිය වෙතටයි. උසට වැඩුණු ෆයිනස් ගස් මැදිකොට බදාගනිමින් සිටි වැල් ගෙදර වහල පුරාද බිත්ති පුරාද දිවගොස් තිබුණ. ගරාවැටෙමින් අඳුරුව තිබුණ කඩතොලුවූ තනි දොරත්, අඳුරු කාමරයේ උස් කවු‍ලුවෙන් හිතුවක්කාරකමට වැටුණ සඳ එළියෙන් ඔහුගේ කාමරයේ උස්තැනක ඇතිරූ රෙදිකඩත්, හිස තැබීමට යන්තම් රෙදිකඩයක් ඔතාගත් කොට්ටයත් එහෙන් මෙහෙන් විසිවූ පිඟන් කෝප්පත් අතර ඔහු දුටුවේ බිය මුසුව හිඳ සිටිනා තම නැඟනියට තුරුළුව සිටිනා දරු දෙදෙනාගේ පළිඟු ඇස්ය. දොරේ සිඳුරු අතරින් ඔත්තුබැලුම පසෙක තැබූ ඔහු ළං වූයේ දරුදෙදෙනාවෙතට..

"උඹලා මොකද මෙහෙ..?" එකෙක්ව තුරුළු කරගන්න අතර ඔහු විමසුවේ ඇයගෙන්.. පොඩි එකා ගුලිවූයේ පියෙකුගේ උණුසුමට පැන උණුසුම හොයන හංස පැටියෙක්සේ ඔහුගේ ශක්තිමත් පියපත්අතින් රැකවරණය කොට ගෙන ලයට තුරුළු විය.

"මොකුත් ඉල්ලගන්න.. අද දවසටම හරිහමන් කෑමක් නැහැ." 
ඇය පැවසුවේ බිම බලාගෙන වුවත් ඒ දෑස්වල රැදුන උණුසුම් මුතු දිය දකින්නට හඳ එළියත් ඔහුගේ ළයමත තැබුණ සොයුරු පෙමත් දරු පෙමත් ඉක්මන් වන්නට ඇත.

විගසම පහත්ව තිබූ දොර සිඳුරකින් ඔහු දුටුවේ පාරෙන් මතුවන උස් අඩි ඇති කළු පැහැති සපත්තු යුවලකි. කලබලව එහෙ මෙහෙ දිවයන සෙනඟ අතරින් තාලයට එහෙත් කඩිනමින් අඩිය තබා ඔහුගේ ගරාවැටුණ පැලට ඉදිරියෙන් ඇති මාර්ගය ලං ලංවත්ම දෙදෙනාගෙම හදවත් ගැහෙන්නට වූයේ එකම රිද්මයෙනි. ඔහු තමාගේ තුරලෙහි නිදියන දරුවාගේ මුව හඬක් නොනැගෙන සේ වසා නැඟනිය අසල සිටි අනෙකාටද ශබ්ද නොකරන ලෙස සන්කලේය.
මෙහෙට එන්න එපා.. හැරියන් හැරියන් ඔහුගේ වෙව්ලන තොල්පෙති මත යාතිකාවක විශ්වාසයෙන් එහෙත් මන්ත්‍රයක ජපකිරීමකින් කියවන්නට විය.
ඔහුගේ ගෙදර පසුකර ගොස් නැවත හැරුණ ඒ උස්පාවහන් ඔහුගේ ‍නිවසට එන පටුමාවතට හැරිණ. තෘණ වැඩුණ සිමෙන්ති කැට අතරින් තාලයකට අඩිතබා පැමිණෙන ඇයගේ මුහුණ හෝ සිරුරනොඳුටුවත් උස් වූ සිරුරකුත් , නපුරු මුහුණතකුත් එය තවත් ආරක්ෂා කරමින් සිටින නිල ඇඳුමකුත් එය රදවාගෙන සිටින තද කළු හම්පටියකුත් දිලිසෙන පටිටම් කිහිපයකුත් ඔහුට මැවිණ. දොරට අඩි තුන හතරකින් නැවතුණ ඇය නැවතත් හිටි වනම හැරී කඩිනමින් පාරට හැරිණ.

ඔහු තම ඝණකම් කබායේ සාක්කුවෙන් රතු මැණිකක් ගෙන තම නැඟණියට පෑය.
ඇය ඒ දෙස බලාගෙන සිටියේ උෂ්මයෙන් මහත්වූ දෑස්වලිනි.

"කොයින්ද මේවා..?"
"මේ වීදුරු කැටද..?"
"ඒත්....."

"හ්ම්ම.. මේක ගනින්.. දැන්ම මාරුකරන්න එපා. එහෙම වුණොත් දන්නවනේ. ඉස්සරවෙලාම අහුවෙන්නෙ ඔයාව.."

"ඔව්. මං  ඒ ගැන බලාගන්නම්."

නැවත වරක් ඔහු දරු දෙදෙනාගෙම හිස අතගා සිඹ වටපිට බලා පාරට පැනගත්තේ ඔහු ගෙදර නොසිටි බව ඇඟයීමට ගත් උත්සහයක් ලෙසින්ද ඔහුගේ නැඟනියත් දරුදෙදෙනාගෙත් ආරක්ෂාව තකාද වශයෙනි. ඔහුගේ දෑසට හසුවූයේ තවමත් වැඩිදුරක් ගොස් නැති තම නිවස දෙසට පැමිණ හැරුණ උස්පාවන් අයිතිකාරියයි. මවාගත් ලෙසම ඇය පොලීසියේ ඉහළ නිලයක් දැරු හැඩ රුව ඔහුට මුව කොණින් සිනා නැඟුණත් ඔහු කලේ වෙනත් මඟකින් හැකි ඉක්කමනින් ඇයව පසුකොට සෙනඟ අතරට එක්වීමයි.

පසුදා පහන්වනතුරු ඔහුට මතකයක් නැතත් ඔහු ඇවිදගියේ සුපුරුදු විශ්වවිද්‍යාලයක් ඉදිරිපිටට. එහිවූ සිසුසිසුවියන් එළියට බැස පුවරු එල්ලාගෙන නඟන හඬ අතර ඔහු එහි එකක් දෙකක් කියවන්නට විය. රටෙහි ඉතිහසයේ අධ්‍යාපනය වෙනුවන් ධනය රැස්කල අයගේ පින්තූර හඳුනාගත් ඔහු නිහඬවම සෙනඟ අතරින් පසුබාන්නට විය. එහෙත් කලක් තම කල්‍යාණ මිතුරියන් දෙදෙනෙක්ද ඒ අතර පුවරු සමඟ තම හඬ අවදිකරන්නට විය. දෙදෙනාම එකම වයසේ එකම ගමක මෙන්ම එකම උස ඇති අයය.

"ඇයි මෙහෙම කෑ ගහන්නෙ....?"
ඔහු ඇසුවෙ එක මිතුරියකගෙන්..

"පේන්නෙ නැතිද.. අපිට ඉගෙනගන්න වෙන්කරලා තිබුණ දේවල් කවුද ඊයෙ හොරා අරගෙන.. "
දැන් කොහොමද අපි ඉගෙන ගන්නෙ..?" ඇය කිව්වෙ ඔහුදෙස ද විපරම් ඇසකින් බලන ගමන්.

ඔහුට කල වරදෙහි බරපතලකම වැටහුණත් ඒබවක් නො අඟවාම ඔහු තව දුරටත් පැරණි වීරවරුන් දෙස බලාගෙන හිටියා. කබායෙ සාක්කුවට අත දැමුනෙ පුරුද්දට වගේ.. ඔහුටත් අමතකව ගිය දියමන්ති අතරට වැටුණු ඇඟිලි , ගැටී ඇතිවුණ ශබ්දය ඔහුට වඩා හොඳින් ඔහුගේ මිතුරියට ඇසුන බව වැටුහිණ. ඇය එකෙනෙහිම අනිත් මිතුරියට ඒ බවක් කනට කර කී බව ඔහු හොරැහින් දුටුවා. තම ජීවිතය වැටී ඇති අනතුර ගැන හොඳ හැටි අව‍බෝධයක් ලබාගත් ඔහු මිතුරියන්ගේ පිළිකුල් මුහුණු හමුවේ සමුගත්තේ ඔවුන්ගේ දෑස්වලින් මිදීමට වුවත් බලධාරීන්ගේ නීතියේ රැහැන තමාට අනිවාර්යය බව පසක් කර ගනිමින්. අතොරක් නැති සෙනඟ අතරින් නිදහස් තැනකට පැමිණි ඔහු සැඟවී සිටින්නට තැනක් සොයන්නට විය.

********************************


හාත්පස බටර් පැහැති උස් බිත්ති පුරා වටිනා දැව වලින් තැනූ රාක්ක වල බහා ඇති ලිපි ගොණුද.. විවිධ මායිම් දැක්වෙන සිතියම්ද අබිමුව ඔහු සිටගත්තේ තම ඉදිරියේ එම වටින දැව වලින්ම තැනූ මේසයක් ඉදිරිපිට තමා පිළිබද කිසි තැකීමක් නොකර ඔහුගේ කාර්යෙයහි යෙදෙන බලධාරියෙක් ඉදිරිපිට. තමා මෙතැන සිටියත් තම නිවස ඉවක් බවක් නැතිව පීරන බව ඔහු දනී. ඒ ගැන සැකයක් ඔහුට නැත. හාත්පස අඳුරු වුවත් ඇදහැලෙන වර්ෂාවෙහි වැහි බිඳු කළුවර වීදුරු මතට සෙවැනැලි අඳිති.

බලධාරියා කරමින් සිටි වැඩය නවතා බෝතල් අඩි උපැස් යුවල යටින් ඔහුදෙස බැලුවේ බියත් සැකයත් රැදි ඇස් සඟවමින්.

"උඹව දැකලා තියෙනවා ගොඩක් දෙනෙක්..!"

"මම කිව්වා.. මම ඒ වගක් දන්නෙ නැහැ."

"එහෙනම් කබායෙ සාක්කුවෙන් ශබ්දයක් ඇවිත් තියෙනවා.. හරියට දියමන්ති ගැටීමෙන් ඇතිවෙන ශබ්දයක්මයි..  ඒ කොහොමද..?"

ඔහු රබර් පටියක දෙපසට ගැට ගසන ලද කොණ්ඩෙට දමන (Hair Band) එකක් මේසය මතට විසික් කලෙත් එහි විසිතුරු වීදුරු බෝල ගැටීමෙන් හඬ ඇතිවුණෙත් ඔහුගැන ඇති චෝදනාවන් උඩු යටිකුරු කරමින්. එය නිලධාරියටත් ඔහුගේ අසල ආරක්ෂාවට සිටි අයටත් ඇසින.

"යන්න පුළුවන්..!" ඒ දෙස බලාසිටි නිලධාරියා ප්‍රශ්නය එතනින් විසඳුවා.

නිලධාරියටත් අනෙක් අයටත් ආචාර කොට විසල් කාමරයෙන් එළියට පැමිණි ඔහුව අතොරක් සොයාගත නොහැකි කො‍රිඩෝවෙ මදක් දුර කැටුව එන ලදි. හැර ඇති විසල් දොරටු දෙකින් එළියේ ඇද‍හැලෙන මහවැසි දකින මානයෙන් ඔවුන් නැවත හැරුණත් ඔහු කල්පනා කරන්නට වූයේ කුමන දොරටුවෙන් එළියට යනවාදැයි. අන්තිමට ඔහු ඉදිරි දොරටුවෙන්ම එළියට බැස්සා.

වැහිබිඳු ඔහුගේ හිසටත්, මහවැසි නිසා පාර පුරා ඇතිවුණ ගැලීම්වලින් ඔහුගේ දෙපාත් තෙමාගෙන තව තවත් සුළං වලින් බේරෙන්නට ඒ වැස්සෙම තෙමෙන අය අතරින් ආවරණයක් නොමැතිව දිව යන්නට විය.. සීතලෙන් තම දෙඅත් ගලවගනුවස් ඔහු තම ඝණකම් කබායට අත දමන ලදි. ඔහුගේ හිතට බියක් දැනුනේත්, මුහුණට විහිළු හිනාවක් නැගුණෙත් එකම විටක. දියමන්ති එ‍කිනෙකට ගැටී ඇතිවුණ ඝට්ටණයත්, ශබ්දයත් ඔහුගේ දෑත් අඟින් හදවතට දැනින..

~නින්දෙන් ඇහැරෙන ලදි~

34 comments:

  1. හරිම ලස්සන කතාවක් ... එක හුස්මට ආසාවෙන් කියවගෙන යන් පුලුවන්....

    ReplyDelete
  2. අනේ මන්දා.. මට නිකන් කොයිල් වගේ... උත්සාහය අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. අයියෝ.. වැඩිය හිතන්න එපා..
      මාතෘකාව විකල් සිහින කියලා දාලත් පළිඟු සිහින කියලා දැම්මා.. :D
      තුති මේ පැත්තට ආවට..

      Delete
  3. :o එතකොට මේ ඔක්කොම හීනයක්ද?

    ReplyDelete
    Replies
    1. නේන්නම් ගිමන් නිවන්නා.. :)

      Delete
  4. හොඳ ලියවිල්ලක් නංගි. තව හොඳට ලියන්න.

    ReplyDelete
  5. මෙ ඔක්කොම හිනයක්ද මට නිකං ටියුබි ලයිටි වගෙ කෙසෙ උනත් හොද උත්සාහයක් ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මේක හීනයක්.. ඒ වුණත් අරුතක් නැතිවම නෙමෙයි.. :)
      ස්තූතියි සහෝ. :)

      Delete
  6. ගොඩක් අගෙයි ශෛලිය නම්..ඒ ඔක්කොටම වඩා දාලා තියෙන පින්තූර ටික..මාර ගති..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. හිහී.. හිතේ ඇඳුණ විදිහට ගූගල්දෙවියා පිහිට වුණා..
      ස්තූතියි මේ අගයකිරීමට.. :)

      Delete
  7. එතකොට ඒ සාක්කුවේ තිබුනේ විදුරු බෝලද? නැත්නම් මොනවද? තවම හිතනවා..

    ReplyDelete
    Replies
    1. //කබායෙ සාක්කුවට අත දැමුනෙ පුරුද්දට වගේ.. ඔහුටත් අමතකව ගිය දියමන්ති අතරට වැටුණු ඇඟිලි , ගැටී ඇතිවුණ ශබ්දය ඔහුට වඩා හොඳින් ඔහුගේ මිතුරියට ඇසුන බව වැටුහිණ.//

      ඔහුව අත්අඩංගුවට පත්වෙන මොහොතෙත් කබා සක්කුවේ දියමන්ති තිබුණත් බලධාරීන්ට ඒ වගක් පරික්ෂා කරන්න අමතකව තිබුණා.. :)

      Delete
  8. සදහම් අනුත්තරDecember 2, 2012 at 1:53 AM

    මේක හීනයක්ද? අපරාදේ එහෙම උනේ.. රසවත්ව ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. හීනයක්ම විතරක්ම කියන්න බැහැ. මොකද අපේ ඇස් ඉස්සරහාත් මේවගෙ දේවල් ඕනතරම් සිද්ධවෙන නිසා.. :)
      ස්තූතියි සදහම්..!

      Delete
  9. අර අන්තිම වාක්‍ය අත් හැරලා මම මේ නිර්මාණය රස විඳිනවා. ඇත්තෙන්ම අපූරුයි.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. හිහිහී.. රසවිඳීමේ සම්පූර්ණ අයිතිය හිතවත් පාඨක ඔබ සැම සතුයි.. :)
      ස්තූතියි අමිල මේ දිරිගැන්වීමට.. :)

      Delete
  10. නන්දු මොකටද ? නින්දෙන් ඇහැරුනේ.
    හරිම ලස්සනයි කතාව. අපරාදෙ ඇහැරුනානෙ.
    http://piyumvila.blogspot.com/2012/12/5.html

    ReplyDelete
    Replies
    1. හිහිහී..
      ස්තූතියි..!
      මටත් හිතුණා ඉතිරි කොටසත් බලාගන්න තිබුණනම් කියලා.. :D

      Delete
  11. ඇත්තටම ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රීම්ස්..! :)

      Delete
  12. හීනයක්???

    මමත් මේක හීනයක් කියන එකට හැරෙන්න කතාවට මාර ආසයි!! ලස්සනයි අක්කෙ!! තව ලියන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්මෝ.. බයවෙලා ඇහැරෙන හීනනම් එපෝ..! :D
      ස්තූතියි හිතූ නංගියෝ..!

      Delete
  13. හිහිහී.. කැමරා දෙකක් තිබිලා..:D
    ස්තූතියි F.H :)

    ReplyDelete
  14. Replies
    1. ස්තූතියි තරු අරුන්දතී.. :)

      Delete
  15. ඔයාගේ වචන මාර ලස්සනයි නන්දු අක්කේ..තව පොඩ්ඩක් හිතලා ලිව්වා නම් කතාව තේරුම් ගන්න පුළුවන් හොඳට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මොකක් හරි අවුලක් තියේ කියලා මටත් හිතුණා.. උත්සහ කරලා බලනවා මල්ලියෝ..
      ස්තූතියි මේ ඇගයීමට.. :)

      Delete
  16. අය්යෝ හීනයක්ද?හ්ම් ...ලස්සනයි ලියමන !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හීනයක්නෙ දැකලා තියෙන්නෙ..
      ස්තූතියි රෙහානි.. :)

      Delete
  17. අපරාදේ තව පැයක් දෙකක්වත් නිදාගත්තනම්.. හැබැයි සමහර තැන් නම් තියෙනවා පොඩ්ඩක් අපැහැදිලි තැන් :)

    ReplyDelete
    Replies
    1. හෆොයි තව නිදාගත්තනම්..!
      පිළිගනිමි..!
      ස්තූතියි.. :)

      Delete
  18. නියමයි අක්කා ඔයාගෙ භාෂා විලාසය නම්.තව කෙටිකතා දෙකතුනක් දාන්නකෝ.ආසයි කියවන්න!
    really exalant..!

    ReplyDelete