22 August 2012

ආඩතෝඩ පස්පංගුව

අයිෆල් කුළුන හිස
බලාන උඩින් වහලත
සඳළුතලයට වී තනිව
මං බලාගෙන ඉන්නවා
පැමින තුර නුඹ ම'ළඟට

තබාගෙන ‍දුම් දමන
ඉඟුරු තේ කොළ සමග
නුඹේ ප්‍රියතම
ආඩතෝඩ පස්පංගුව
පුටුවකුත් ලඟට කර
කතා කරනවා තනිව
මම

කොහෙන්දෝ ඈතක
සිටන් නැ‍ග පුර සඳ
වවුල් බකමූණු කැල
රඟන විසිතුරු අහස මත
මවයි සැණකෙළි 
මනැස යට

පැය කටුවෙ ඉබි ගමන
ළඟින් ඉන්න විට ගෙවුන 
අද ඊයෙක මෙන් වුවත්..
මේ ගෙවුන තුන් මස
සතියකටත් අඩු බව
අදහන්නෙ මං කෝම..?


ඉතින් 
මං මඟ බලාන..
තවමත් අයිෆල් කුළුණ දෙස..
සඳළුතලයට වී තනිව..
නැවත පැමිණතෙක් ළඟට..



55 comments:

  1. පිංතූරෙ දැකල ලිව්වද ලියපු එකකට පිංතූරෙ ඇන්දද? කොහොම හරි දෙකම ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි..මටත් හිතුනෙ..ඕකමනෙ..!!

      Delete
    2. මේක බාගයට ලියවිලා තිබුණ සිතුවිල්ලක්.. පින්තූරය දැක්කට පස්සෙ අයිෆල් කුළුණ මතක් වුණා.. :D
      ස්තූතියි ගිමන් නිවන්නා, වීපොකුර.. :)

      Delete
  2. හා හා.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

  3. …අයිෆල් කුලුණ.? ඉතාලියේ ද?
    … කවිය වගේම චිත්‍රයත් ලස්සනයි. ඔයාද \ඇන්දේ.

    \\…කොහෙන්දෝ ඈතක
    සිටන් නැ‍ග පුර සඳ
    වවුල් බකමූණු කැල
    රඟන විසිතුරු අහස මත
    මවයි සැණකෙළි
    මනැස යට//
    … මේ ටික කියවද්දි මටත් මැවිලා පෙනුනා වගේ ඒ දර්ශනය

    ReplyDelete
    Replies
    1. අයිෆල් කුළුණ ප්‍රංශේ සහෝ.. :)

      Delete
    2. මාව නිවැරදි කලාට ස්තුතියි :)

      Delete
    3. ඒකනෙ අර අම්බානකට ඇලවෙලා තියෙන්නෙ..!!!

      Delete
    4. අයිෆල් කුළුණ තියෙන්නෙ ප්‍රංශයේ.. වීපොකුර කියන්නෙ මං හිතන්නෙ ඇ‍ලවෙන කුළුණට වෙන්න ඕනා.. පීසා කුළුණ කියලා කියන්නෙ..

      ස්තූතියි චන්දන..
      රෙඩ් නංගා ස්තූතියි මේ නිවැරදි කිරීමට.. :)

      Delete
  4. ආ.. නියම නිර්මාණය.එක පේළියක් මට තේරුනේ නෑ හැබැයි.

    ReplyDelete
    Replies
    1. හිහිහි.. නොතේරුණ පේලිය කුමක්ද.. :)

      Delete
  5. මේක කියවනකොට නිකමට හිතුනා Stephen Sauvestre එනකම් මග බලාන ඉන්නවාදෝයිත් කියා..

    එනකම් මග බලන් ඉන්න වැඩි හරියක් දෙනා එන්නේ නෑ.

    බලාන සිටිමුත් ගුරු පාර දෙස
    පෙරදා සුලඟට විසිරුණු මල් වැටී
    දිස්වන පලසක් ලෙසට

    ගෙවී ගියමුත් දින සති මාසද
    අවුරුදුද

    නොහැකි වුනි දැක ගැන්මට
    ඔබ මුහුනත
    ගුරු පාර දෙසින් මතුවන

    ලස්සන කවි පෙලක්.

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මී පැටියා..
      ඒ වගේම සාදරෙන් පිළිගන්නවා නාඳුනන්නියගෙ අකුරු ගෙත්තමට..

      මේ මඟ බලන කෙනානම් එන කෙනෙක් හැබැයි.. :)

      Delete
    2. සතු‍ටුයි..සතු‍ටුයි..

      වැඩි කල් බලා ඉන්න නොලැබේවා කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා..!

      Delete
  6. හ්ම්ම්ම්ම්ම්ම්ම්..... ඇයි මට මේක තේරුම් ගන්න අමාරු..... :|

    ReplyDelete
    Replies
    1. හපෝ.. ගැඹුරින් හිතන්න එපා..
      මේ දවස්වල තනිකමේ ආඩතෝඩ පස්පංගුව බොනවනෙ..
      ඔයත් බැල්කනියට ගිහින් ඈත බලාගෙන කල්පනා කරන්නකො..එතකොට තේරුම්ගන්න පුළුවන්.. :D

      Delete
  7. මට නොරිකො සං ව මතක් වුනා මළගිය ඇත්තෝ පොතේ..
    හරිම ලස්සනයි නන්දු අක්කා...

    ReplyDelete
    Replies
    1. නැවත එන තුරු ආදරණීය බලාපොරොත්තුවක මඟ බැලීමක්..
      ස්තූතියි නංගියෝ.. :)

      Delete
  8. ඇත්තටම නන්ඳු මගේ හිතට එක පාරටම ආව ප්‍රශ්ණයත් ඒකමයි. ඇත්තටම මේ පද ටික පින්තූරය දිහා බලාගෙන ලිව්වද ? නැත්තම් පද ටික ලියලා පින්තූරය පස්සෙ එකතු කලාද ? මොකද...ඒ දෙකේ සම්මිශ්‍රණය නියමයි... හිතට දැනුන පද ටිකක්

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලා මේ සිතුවිල්ල ලියලා තිබුණෙ අක්කේ.. පස්සෙ පින්තූරය අහම්බෙන් හම්බවුණා.. ඊ‍ට පස්සෙ අයිෆල් කුළුණත් එකතු කලා.. :)
      ස්තූතියි ගොඩක්..!

      Delete
  9. කවියටම ගැලපෙන පිංතූරය, පිංතූරයට ගැලපෙන කවිය. දෙකම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් මේ දිරිගැන්වීමට..! :)

      Delete
  10. රොමැන්ටික් "එමීලියා රොමාඥ්ඥා" වල ඉඳන්ද පැරීසියේ අසිරිය වින්දෙ?

    හීතල මීදුම ගලන වෙලාවට,පාළු සඳ එළියෙ අතරින්, කඳු යායක් දිහා බලාගෙන විරහ රසය විඳිනවා තරම්, රස අත්දැකීමක් තවත් නෑ. ඒ වෙලාවට කවි සිතුවිල්ලක් හිතට ආවොත් ........


    ඈත කඳු යායට ඔබ්බෙන්
    පායන සඳ මඬල
    සිහි කළා අපේ අතීතය .......

    එදා මේ සඳ මඬල යටම
    ඔබ මා එක්ව
    සිනාසුනු හැඬූ මතකය......

    එදා පායපු ඒ සඳම
    අදත් පායන අපූරුව
    ඔබ මා සමු ගත් බව නොදැන

    සත්තයි .....
    ඒ සඳ මඬල දිවුරාවී
    මට ආදරේ කියා දුන්නු
    ඔය ලස්සන ඇස් දෙකට
    තවම මම ආදරේ බව...............

    ReplyDelete
    Replies
    1. හිහිහී.. වෙනසකටත් එක්ක පැරීසියට යන්න හිතුණා.. :D

      අනිවාර්යයෙන්ම මීදුමෙන් වැහුන කඳු හිතට මවන්නෙ වෙනම ලොවක්..!
      ගොඩක් ලස්සනයි මේ කවි සිතිවිල්ල.. ස්තූතියි මේ සටහනට.. :)

      Delete
  11. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. වවුල් බකමූණු කැල.. :D
      හ්ම්ම්.. හ්ම්ම්..

      Delete
  12. කවියත් , පිංතූරේත් හරිම අගෙයි නන්දු .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් ගිම් අක්කේ.. :)

      Delete
  13. හරිම ලස්සනයි!!! පින්තූරෙටත් අපූරුවට ගැලපෙනවා..

    ReplyDelete
  14. තාලයට ගලා යන
    පුංචි දොළ පාර ලඟ
    බලා ඉන්නවා මං
    අල්ල ගන්නට
    පුංචි මාළු කුරියෙක්
    මාළු නැතිව
    එන්නෙපා කිව්ව හින්දම
    අද රෑට ගෙදර මට
    බය වෙන්න එපා නුඹ
    තවත් මග බලාගෙන
    අල්ලගත් සැනින්
    මා එනව නොවැ ගෙදර


    කවිය ලස්සනයි නන්දු මාත් කවියකින් ම පිළිතුරු ලිව්වා ඕං

    ReplyDelete
    Replies
    1. හිහිහිහී.. :D
      මාළු නැතත් කමක් නැත..!

      ලස්සන සිතිවිල්ලක්.. ස්තූතියි ගොඩක් සිමිසි..!!

      Delete
  15. ඇත්තටම හරිම ලස්සනයි නන්දු...දිගටම ලියන්න අපි එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට රෙහානි.. :)

      Delete
  16. පස් පංගුවට නම් මාත් ආසයි.. හැබැයි සීනි දාලා...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. සීනි නැතිව තමා ගුණ.. :D
      ස්තූතියි අනූ..

      Delete
  17. පින්තූරයට අපූරුවට ගැළපෙන පද... හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් සිතුවිලි සිතූ..!!

      Delete
  18. හරිම සුන්දරයි සිතුවිල්ල. කවි පන්තියේ අපූරුව! කීප පාරක්ම කියෙව්වා නන්දු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි අක්කේ..!! :)

      Delete
  19. කාලෙකින් දැක්ක වෙනස් විදිහේ නිසදැසක්.අමුතු ගතියක් තියනවා - මම කැමති ජාතියේ..දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. මේ දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි සහෝ. :)

      Delete
  20. පිට රට ගිහින් හවස කාමරේට ඇවිත් තනි උන මොහොත මතක් වෙනවා....
    මාර ලස්සනයි.......

    ReplyDelete
    Replies
    1. සිතිවිලි අතර තනිවීමක්..
      ස්තූතියි ගොඩක්.. :)

      Delete
  21. කාලෙකින් මගේ හිතට සමීප වුනු කවක් ......

    ReplyDelete
  22. ලස්සන වචන ටිකක්. ඉක්මනින් ලඟට එන්න කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. හිහිහී.. මගෙත් ප්‍රාර්ථනාව.. :)

      Delete