එකමත් එක හීන කතන්දරයක
පාට තැවරුණ සුරංගනා සාළුවේ
අකුරෙන් අකුර කියෙව්ව..
ජීවිතයේ සටන් කල
හිත පිරෙන්න පෙම් කල
දුකේදී සනසවා
හිනහවෙන් සැරසුව
විටෙක ඉදිරි මං කියා..
ජීවිතයට පියවරක් එකතු කල
මේ ඇස්වලින් දකින්න ප්‍රාර්ථනා කල
ඔයා..
මගේම ඇස් ඉස්සරහා..
මගේම ජීවිතය වෙලා
හිතේ හුස්ම පිරෙන්නම ආදරය අරගෙන
දුරක හිටියත්..
ආදරයෙ ශක්තිමත් බැම්මකින්
මා වට ආරක්ෂාකරද්දි..
දෙවිවරුන් මේ ලොවේ ඉන්න බවක්
අදහන්න බැරිව හිටිය
මම..
ජීවත්වෙනවා කියලා දැනෙනවා..
සුරංගනා කතාවෙන් එළියට ඇවිත්..!
මේ ලෝකයේ..
මනුෂ්‍යය දෙවිවරුත්..!
චාමින් කුමාරයා ගැන වෙන්න ඇති ලිවුවේ... :)
ReplyDeleteසුරංගනා දෑසක්
Deleteඈත දෙවුලොවෙන් මෙහා ඉදන්
පාට වළාකුළු
දේදුණු අතරින්
පොළවට විත්
මිනිසුන් අතරින්
ආදරේ සිතක්
සොයාගෙන..
හිහිහී.. චාමින් කුමාරයා ගැන ලිව්වෙ.. :D
Deleteසෙමෙර පතකින්
හැමූ
සිහිලසක් ගෙන
මඟ බලාන තවම
දකින තුරු
ඒ දිදුල නෙත් යුග..!
හ්ම්ම්ම්... මගේ සුරංගනා කතාවේ කුමාරය එනකන් මන් තාම බලාගෙන ඉන්නවා..හරිම ආදරණිය කවියක්.. :)
ReplyDeleteඉක්මනටම ඒ කුමාරයා ඔයා ළඟට එන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම නංගියෝ.. :)
Deleteලස්සනයි ලියමන
ReplyDeleteස්තූතියි පුබුදු..!
Deleteසුරංගනාවියෝ සුරංගනා කුමාරයා එනකල් බලාන ඉන්නවා. කුමාරයෝ සුරංගනාවියෝ එනකල් බලාන ඉන්නවා. ආදරේ කියන්නේ මහා අමුතු දෙයක්. ගව් ගානක් දුරින් හිටියත් හිතට දැනෙනවා අහලක පහලක ඉන්නවා වගේ.
ReplyDeleteඅන්න නියම කතාවක්.. ඒක නම් සහතික ඇත්ත පැතුම්..:D
Deleteදුර කෙටි කරන බලයකි ආදරය.. ළඟ නැතිකල කෙටි දුරත් දුරකි ආදරයට..!
Deleteහිහි.. ස්තූතියි ග්‍රැෆික් මල්ලියා.. :D
@Red Riding Hood - හිහිහී.. මල්ලිත් ඉදලා ඉදලා මේ වගේ දේවලුත් කියනවා නේද නංගො.. :D
මගේ හීනයකත් එක සුරංගනා කතාවක් තිබුනා. හෑබෑ නොවුන සුරංගනා කතාවක්.
ReplyDeleteපද ටික හරිම ආදරණීයයි
ඒ සුරංගනා කතාව ඉක්මනටම සැබෑවෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කේ..!!
Deleteස්තූතියි ගොඩක්..!!
ලස්සනයි! එහෙනම් සුරංගනා කතාත් ඇත්ත වෙන වෙලාවල් තියෙනවා නේද!
ReplyDeleteහිහිහී.. නැතුව නැතුව.. :D
Deleteලස්සනම ආදරණීය පද ටිකක් නන්දු....
ReplyDeleteජීවත්වෙනවා කියලා දැනෙනවා..
සුරංගනා කතාවෙන් එළියට ඇවිත්..!
මේ ලෝකයේ..
මනුෂ්‍යය දෙවිවරුත්..!
කියන්න වචන නෑ......
කවි සිතුවිල්ලෙ අන්තර්ගත පේලිය ඔයා හොයාගෙන..
Deleteසිත්තමී.. ගොඩක් ස්තූතියි ඔයාට.. :)
//..ජීවිතයට පියවරක් එකතු කල
ReplyDeleteමේ ඇස්වලින් දකින්න ප්‍රාර්ථනා කල
ඔයා..
මගේම ඇස් ඉස්සරහා..
මගේම ජීවිතය වෙලා..//
වාව්..ඇත්තටම ඒ ටිකටනම් මම හරිම ආසයි..සුපර්..ලස්සනම ලස්සනයි....
හැමදෙනාගෙම ප්‍රාර්ථනාව..
Deleteගොඩක් ස්තූතියි සිතිවිලි දැහැන.. :)
නියමයි අක්කේ :) කාලෙකින් අම්මෝ මෙයාව දකින්න තියෙන අමාරුවක්
ReplyDeleteහිහිහී.. වර්ණා නංගියෝ.. අපි හෙන බිසීනෙ.. (කරන වැඩක් නෑ ඉතින් :D )
Deleteතැන්කූ නංගො..
ම්ම්ම්...ලස්සනයි..
ReplyDeleteස්තූතියි තරු.. :)
Deleteමමත් මේ කියලා තියෙන දෙවල් ඒ විදියටම විශ්වාස කරනවා, ලස්සනයි
ReplyDeleteස්තූතියි කාව්‍යා අක්කේ.. :)
Deleteලස්සන කවියක්. ඒත් ටිකක් පුද්ගලික බවක් තියෙන බව හැගෙනවා.
ReplyDeleteස්තූතියි ගොඩක්..!
Deleteඔව් ජීවිතයට දැනුන දෙයක්.. :)
ලස්සනයි යාලු :)
ReplyDeleteස්තූතියි හිරු.. :)
Deleteඇත්තටම ලස්සනයි යාලු :)
ReplyDeleteගොඩක් ස්තූතියි යාලු... :)
Deleteකාලෙකට සැරයක් ඇවිත් කවියක් දාල අයෙ නොපෙනී යනවා.
ReplyDeleteහිහිහී.. කවුද කවුද ඒ.. :D
Deleteසුරංගනාවන් වගේ අයත් මේ සමාජයේ ඉන්නවා ඒ කතාවල ඉන්න රාක්ෂයෝත් ඉන්නවා. දෙගොල්ලන්වම හරියට අඳුරගන්න ඕනේ :)
ReplyDeleteඅනිවාර්යයෙන්ම..
Deleteස්තූතියි අයියෙ.. :)
හීනයක් සැබෑ නොවුන
ReplyDeleteදුක් ගොඩක නිමා නොවුන
අත් නොහැරි අතීතය
අතර මං සඳ සාවී
නොම සිතු ඇසිල්ලක
තෙමා සෙනෙහෙන් බිඳුණු ඒ සිත
සනසවා තුරුල් කොට
පිදුවාද පිවිතුරුම
මහමෙරක් ආදරය
කවිය ලස්සනයි මං ලිව්වේ ඒ කවිය එක්ක මගේ හිත මගෙන් අහපු ප්‍රශ්නයක්.
පෙරවදනක් නැති පුරාවතක් වගේද..
Deleteලස්සනයි මේ කවි පෙලත්..! :)
හ්ම්ම් කලකට පස්සෙ ලස්සන කවියක් දාල .
ReplyDeleteහිහිහී.. ස්තූතියි ගිම් අක්කේ.. :)
Deleteහරිම ලස්සනයි නන්දු . කවි ටික හරියට රස වින්දා.අහිංසක සුරංගනාවියකගේ පැතුමක්!
ReplyDeleteගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. :)
Delete