අයිෆල් කුළුන හිස
බලාන උඩින් වහලත
සඳළුතලයට වී තනිව
මං බලාගෙන ඉන්නවා
පැමින තුර නුඹ ම'ළඟට
තබාගෙන දුම් දමන
ඉඟුරු තේ කොළ සමග
නුඹේ ප්‍රියතම
ආඩතෝඩ පස්පංගුව
පුටුවකුත් ලඟට කර
කතා කරනවා තනිව
මම
නුඹේ ප්‍රියතම
ආඩතෝඩ පස්පංගුව
පුටුවකුත් ලඟට කර
කතා කරනවා තනිව
මම
කොහෙන්දෝ ඈතක
සිටන් නැග පුර සඳ
වවුල් බකමූණු කැල
රඟන විසිතුරු අහස මත
මවයි සැණකෙළි
මනැස යට
මනැස යට
පැය කටුවෙ ඉබි ගමන
ළඟින් ඉන්න විට ගෙවුන
අද ඊයෙක මෙන් වුවත්..
මේ ගෙවුන තුන් මස
සතියකටත් අඩු බව
අදහන්නෙ මං කෝම..?
ළඟින් ඉන්න විට ගෙවුන
අද ඊයෙක මෙන් වුවත්..
මේ ගෙවුන තුන් මස
සතියකටත් අඩු බව
අදහන්නෙ මං කෝම..?
මං මඟ බලාන..
තවමත් අයිෆල් කුළුණ දෙස..
සඳළුතලයට වී තනිව..
නැවත පැමිණතෙක් ළඟට..
පිංතූරෙ දැකල ලිව්වද ලියපු එකකට පිංතූරෙ ඇන්දද? කොහොම හරි දෙකම ලස්සනයි!
ReplyDeleteඇත්තමයි..මටත් හිතුනෙ..ඕකමනෙ..!!
Deleteමේක බාගයට ලියවිලා තිබුණ සිතුවිල්ලක්.. පින්තූරය දැක්කට පස්සෙ අයිෆල් කුළුණ මතක් වුණා.. :D
Deleteස්තූතියි ගිමන් නිවන්නා, වීපොකුර.. :)
හා හා.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හචිං :D
Delete
ReplyDeleteඅයිෆල් කුලුණ.? ඉතාලියේ ද?
කවිය වගේම චිත්‍රයත් ලස්සනයි. ඔයාද \ඇන්දේ.
\\ කොහෙන්දෝ ඈතක
සිටන් නැග පුර සඳ
වවුල් බකමූණු කැල
රඟන විසිතුරු අහස මත
මවයි සැණකෙළි
මනැස යට//
මේ ටික කියවද්දි මටත් මැවිලා පෙනුනා වගේ ඒ දර්ශනය
අයිෆල් කුළුණ ප්‍රංශේ සහෝ.. :)
Deleteමාව නිවැරදි කලාට ස්තුතියි :)
Deleteඒකනෙ අර අම්බානකට ඇලවෙලා තියෙන්නෙ..!!!
Deleteඅයිෆල් කුළුණ තියෙන්නෙ ප්‍රංශයේ.. වීපොකුර කියන්නෙ මං හිතන්නෙ ඇලවෙන කුළුණට වෙන්න ඕනා.. පීසා කුළුණ කියලා කියන්නෙ..
Deleteස්තූතියි චන්දන..
රෙඩ් නංගා ස්තූතියි මේ නිවැරදි කිරීමට.. :)
ආ.. නියම නිර්මාණය.එක පේළියක් මට තේරුනේ නෑ හැබැයි.
ReplyDeleteහිහිහි.. නොතේරුණ පේලිය කුමක්ද.. :)
Deleteමේක කියවනකොට නිකමට හිතුනා Stephen Sauvestre එනකම් මග බලාන ඉන්නවාදෝයිත් කියා..
ReplyDeleteඑනකම් මග බලන් ඉන්න වැඩි හරියක් දෙනා එන්නේ නෑ.
බලාන සිටිමුත් ගුරු පාර දෙස
පෙරදා සුලඟට විසිරුණු මල් වැටී
දිස්වන පලසක් ලෙසට
ගෙවී ගියමුත් දින සති මාසද
අවුරුදුද
නොහැකි වුනි දැක ගැන්මට
ඔබ මුහුනත
ගුරු පාර දෙසින් මතුවන
ලස්සන කවි පෙලක්.
ජය වේවා..!
ස්තූතියි මී පැටියා..
Deleteඒ වගේම සාදරෙන් පිළිගන්නවා නාඳුනන්නියගෙ අකුරු ගෙත්තමට..
මේ මඟ බලන කෙනානම් එන කෙනෙක් හැබැයි.. :)
සතුටුයි..සතුටුයි..
Deleteවැඩි කල් බලා ඉන්න නොලැබේවා කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා..!
හ්ම්ම්ම්ම්ම්ම්ම්..... ඇයි මට මේක තේරුම් ගන්න අමාරු..... :|
ReplyDeleteහපෝ.. ගැඹුරින් හිතන්න එපා..
Deleteමේ දවස්වල තනිකමේ ආඩතෝඩ පස්පංගුව බොනවනෙ..
ඔයත් බැල්කනියට ගිහින් ඈත බලාගෙන කල්පනා කරන්නකො..එතකොට තේරුම්ගන්න පුළුවන්.. :D
මට නොරිකො සං ව මතක් වුනා මළගිය ඇත්තෝ පොතේ..
ReplyDeleteහරිම ලස්සනයි නන්දු අක්කා...
නැවත එන තුරු ආදරණීය බලාපොරොත්තුවක මඟ බැලීමක්..
Deleteස්තූතියි නංගියෝ.. :)
තවමත් මග බලානද,,,,,,,,,?
ReplyDeleteහ්ම්ම්ම.. ඒකනෙ.. :)
Deleteඇත්තටම නන්ඳු මගේ හිතට එක පාරටම ආව ප්‍රශ්ණයත් ඒකමයි. ඇත්තටම මේ පද ටික පින්තූරය දිහා බලාගෙන ලිව්වද ? නැත්තම් පද ටික ලියලා පින්තූරය පස්සෙ එකතු කලාද ? මොකද...ඒ දෙකේ සම්මිශ්‍රණය නියමයි... හිතට දැනුන පද ටිකක්
ReplyDeleteඉස්සරවෙලා මේ සිතුවිල්ල ලියලා තිබුණෙ අක්කේ.. පස්සෙ පින්තූරය අහම්බෙන් හම්බවුණා.. ඊට පස්සෙ අයිෆල් කුළුණත් එකතු කලා.. :)
Deleteස්තූතියි ගොඩක්..!
කවියටම ගැලපෙන පිංතූරය, පිංතූරයට ගැලපෙන කවිය. දෙකම ලස්සනයි.
ReplyDeleteස්තූතියි ගොඩක් මේ දිරිගැන්වීමට..! :)
Deleteරොමැන්ටික් "එමීලියා රොමාඥ්ඥා" වල ඉඳන්ද පැරීසියේ අසිරිය වින්දෙ?
ReplyDeleteහීතල මීදුම ගලන වෙලාවට,පාළු සඳ එළියෙ අතරින්, කඳු යායක් දිහා බලාගෙන විරහ රසය විඳිනවා තරම්, රස අත්දැකීමක් තවත් නෑ. ඒ වෙලාවට කවි සිතුවිල්ලක් හිතට ආවොත් ........
ඈත කඳු යායට ඔබ්බෙන්
පායන සඳ මඬල
සිහි කළා අපේ අතීතය .......
එදා මේ සඳ මඬල යටම
ඔබ මා එක්ව
සිනාසුනු හැඬූ මතකය......
එදා පායපු ඒ සඳම
අදත් පායන අපූරුව
ඔබ මා සමු ගත් බව නොදැන
සත්තයි .....
ඒ සඳ මඬල දිවුරාවී
මට ආදරේ කියා දුන්නු
ඔය ලස්සන ඇස් දෙකට
තවම මම ආදරේ බව...............
හිහිහී.. වෙනසකටත් එක්ක පැරීසියට යන්න හිතුණා.. :D
Deleteඅනිවාර්යයෙන්ම මීදුමෙන් වැහුන කඳු හිතට මවන්නෙ වෙනම ලොවක්..!
ගොඩක් ලස්සනයි මේ කවි සිතිවිල්ල.. ස්තූතියි මේ සටහනට.. :)
හ්ම්ම් හ්ම්ම්..
ReplyDeleteවවුල් බකමූණු කැල.. :D
Deleteහ්ම්ම්.. හ්ම්ම්..
කවියත් , පිංතූරේත් හරිම අගෙයි නන්දු .
ReplyDeleteස්තූතියි ගොඩක් ගිම් අක්කේ.. :)
Deleteහරිම ලස්සනයි!!! පින්තූරෙටත් අපූරුවට ගැලපෙනවා..
ReplyDeleteස්තූතියි හිතූ.. :)
Deleteලස්සනයි ඈ...
ReplyDeleteස්තූතියි තරුවෝ.. :)
Deleteතාලයට ගලා යන
ReplyDeleteපුංචි දොළ පාර ලඟ
බලා ඉන්නවා මං
අල්ල ගන්නට
පුංචි මාළු කුරියෙක්
මාළු නැතිව
එන්නෙපා කිව්ව හින්දම
අද රෑට ගෙදර මට
බය වෙන්න එපා නුඹ
තවත් මග බලාගෙන
අල්ලගත් සැනින්
මා එනව නොවැ ගෙදර
කවිය ලස්සනයි නන්දු මාත් කවියකින් ම පිළිතුරු ලිව්වා ඕං
හිහිහිහී.. :D
Deleteමාළු නැතත් කමක් නැත..!
ලස්සන සිතිවිල්ලක්.. ස්තූතියි ගොඩක් සිමිසි..!!
ඇත්තටම හරිම ලස්සනයි නන්දු...දිගටම ලියන්න අපි එනවා කියවන්න..
ReplyDeleteගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට රෙහානි.. :)
Deleteපස් පංගුවට නම් මාත් ආසයි.. හැබැයි සීනි දාලා...
ReplyDeleteහිහිහී.. සීනි නැතිව තමා ගුණ.. :D
Deleteස්තූතියි අනූ..
පින්තූරයට අපූරුවට ගැළපෙන පද... හරිම ලස්සනයි..
ReplyDeleteස්තූතියි ගොඩක් සිතුවිලි සිතූ..!!
Deleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම.. හ්ම්ම..
Deleteහරිම සුන්දරයි සිතුවිල්ල. කවි පන්තියේ අපූරුව! කීප පාරක්ම කියෙව්වා නන්දු.
ReplyDeleteගොඩක් ස්තූතියි චන්දි අක්කේ..!! :)
Deleteකාලෙකින් දැක්ක වෙනස් විදිහේ නිසදැසක්.අමුතු ගතියක් තියනවා - මම කැමති ජාතියේ..දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteමේ දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි සහෝ. :)
Deleteපිට රට ගිහින් හවස කාමරේට ඇවිත් තනි උන මොහොත මතක් වෙනවා....
ReplyDeleteමාර ලස්සනයි.......
සිතිවිලි අතර තනිවීමක්..
Deleteස්තූතියි ගොඩක්.. :)
කාලෙකින් මගේ හිතට සමීප වුනු කවක් ......
ReplyDeleteස්තූතියි සචිත්.. :)
Deleteලස්සන වචන ටිකක්. ඉක්මනින් ලඟට එන්න කියල පතනවා.
ReplyDeleteහිහිහී.. මගෙත් ප්‍රාර්ථනාව.. :)
Delete