29 May 2012

මුළු නුවරම පාළු වෙලා..


වසට මං ඇවිදගෙන එන ඒ පාර දිගේ හිත වෙලාවකට වැහි බීරුමකට පාළු වුණ ඒ පුංචි නගරය වගේ.. කාත් කවුරුවත් නැතිව අතහැරැලා දැම්ම.. ඒ වෙලාවකට කොහෙදෝ ඉදන් දුවන් එන සීතල හුළඟට මගේ කෙහෙරැල් අවුල් කරන් වේලුණු කොළත් එක්කම ඈතට ඇදගෙන යන්නෙ "සරාස්" සද්දෙත් එක්කම.. හිත උඩින් වගේ.. කළු ගලින් ආරුක්කු හැඩයට හැදුන ගොඩ නැගිලි ඒ වෙලාවට එතනින් පණ ඇතිව ගමන් කරන කම ප්‍රාණියා වුණ නිසාවටද මන්දා මා දිහා බලාගෙන ඉන්න බවක් මට දැනෙන්නෙ.. උදේ ඉදන් ඔයාගෙ මූණ හොයලා වෙහෙසෙන ඇස්.. මේ එක දෙක වැටෙන වැහි පොද අතරිනුත් බලාපොරොත්තු වෙනවා..


මේ ගෙවන දුවන කලබලකාරී ජීවිතේ.. වගකීම් දහසක් පිරුණු හිතක් ඔයාගෙ හිත ළඟ වැහි ළිහිණියෙක් වගේ සතුටින් පියාඹලා  ඔය හිත් අහස පුරාවට ආදරයෙන් තුරුළු වෙන්න,  හරියට ආරක්ෂක පියාපතක හෙවනක වගේ ඒ උණුසුමේ තුරුල්වෙලා පිනුම් ගහලා ඒ නිවාඩු දවස් ‍එනකල් බලාගෙන ඉන්නෙ පෙරුම් පුරාගෙන.. ඇත්ත කොයිතරම් දුරින් වුණත් ඔයාගෙ එක වචනයකින්.. ඇති ඒ දුරස් බව නැති කරන්න..

සඳුදට ආයෙමත් ඒ කලබල ජීවිතය පටන් ගත්තම.. මේ පුංචි ගමෙන් දහසක් දුර ගෙවාගෙන ඈතට යනවා වගේම.. බස්රියේ හැරෙන වංගුවෙන්ම මට ආයෙ දුවන් එන්න හිතෙන්නෙ ඔයා ළඟට... වෙලාවකට අළුත් හිරුකිරණින් ලා දළු පාට තණකොළ ගොඩට වැටිලා තියෙන ඒ තීරුව දිගේ උදේට යුනියට යන්නෙ නැතිව නැවතිලා නිදහසේ නවතින්න හිතයි... නිදහස් දෙපා ඒ මතින් ඇවිදන්න.. ඒ හැම දේකටම හිත පැරදෙද්දි පාඩම වෙලාවෙදි ටිකකට දුවලා එනවා.. දන්නවා ඉගෙනුම වෙලාවට එහෙමෙහෙ දුවන හිතට ඔයා අකමැති බව.. ඒත්...

මුළු නුවරම පාළු වෙලා
හිතට දැනෙනවා..
මේ වැහි බිඳු කඳුළු එක්ක
නුඹව සොයනවා..
වැහි ළිහිණක් සීත රටක
පියාපතක් සොයනවා..
මේ සුළගින් දුරස් රටේ
කතා කියනවා...


වැහි බිඳ බිඳ එකතුවෙලා හෙමින් සැරේම පාරෙන් එහා මෙහා දුව පනින වතුර පාරවල් රටා මවලා ගෙනියන බොර පාට දිය වැල්.. ඔයාව හොයාගෙන යනවා වගේ.. මං තවත් වැස්සෙ තෙමෙනෙවා.. මේ කඳුළුත් එක්කම.. මම දන්නවා.. මේ වෙලාවට.. ඔයාටත් මාව මතක් වෙනවා අනිවාර්යයෙන්ම..  ඒ හැම හුස්මකම ඔයාගෙ හිතේ මං ඉන්න නිසා බව මං දන්න නිසා.. පැය ගණනක වෙනසත් එක්ක වුණත් ඔයාගෙ මහන්සිය, කැපකිරීම්.. ඒ දේවල් වල වටිනා කමට සමාන කරන්න දෙයක් නැහැ මට.. වෙලාවකට ඔයා මහන්සිවෙලා ඇවිත් මාත් එක්ක කතා කරන්නෙ ඔයාට වැඩිපුර නිදාගන්න තියෙන වෙලාවෙන් බව මම දන්නවා.. කිව්වට අහන්නෙ නෑනෙ ඉතින්.. දඟකාර, අහිංසක හිතක්.. :)
හිනාවෙලා හිටියත්.., දහසකගෙ හිත් හිනැස්සුවත්.. ඔය හිතේ යටින් හංගන දුක මං නොදකිනවා නෙමෙයි.. ඒ වෙලාවට පුංචි හුස්මකින් ඒ දුක නිවන්න ඇත්නම්..

දිය වැල්ලෙන් එකට එතී
රටා මවන ඒ ගමනට
ඔබව සොයන් යන පෙරමග
පාර කියනවා..

සිහිල් පොදේ පුරුදු රුවක්
දෙනෙත් දකින ඒ දවසට
හිනැගෙන නුඹෙ තරු නෙත් යුග
බලාගන්නවා..


මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා..  මේ පාළු නගරය පුරාවට සෙනග ඉඳීවි... මේ හුළඟ වුණත් හමන දිශාවන් වෙනස් කරාවි.. එදාට වැහිබිඳු අහසින් බහින්නෙ නැති වේවි.. ඒ වෙනුවට සුදු හිම රොඳක සීතලක් දැනේවි.. ඒත්.. එකම එක දෙයක්.. 
වෙනස් නොවෙන 
ඔයාගෙ ඔය අහිංසක හිත විතරක්ම.. අරන් එන්න... ඒ හොඳටම ඇති මට...  :)


41 comments:

  1. ලස්සන ඉදිරිපත් කිරීමක් නන්ඳු.

    බලාපොරොත්තුව ජීවිත ජීවත් කරවන ශක්තිය, දුවවන ඉන්ධනය. පුංචි කඳුලු බිඳුව ඒ ගමනේ ඈත ලංකර දක්වන පලිඟුවක්ම (magnifying glass) වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම කඳුළක් ළඟ හිනාවක් පිපෙන්නම තියෙනවා.. :)
      ගොඩක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට ඩීන් අයියේ..!!!

      Delete
  2. ඇත්තටම මේ ලිපිය නම් පුදුමාකාර ආදරයක් ලියවුණ එකක්..හැම වචනයක්ම පුදුමාකාර ආදරයක් ලියවිලා.කවිය නම් ගොඩක්ම ලස්සනයි.

    සිහිල් පොදේ පුරුදු රුවක්
    දෙනෙත් දකින ඒ දවසට
    හිනැගෙන නුඹෙ තරු නෙත් යුග
    බලාගන්නවා..

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර ආදරයක් දෙන හිතකට ලියැවුණ පුංචි වචන කීපයක්.. :)
      ගොඩක් ස්තූතියි සිහින සිත්තම්... (සිසි) :)

      Delete
  3. //..දිය වැල්ලෙන් එකට එතී
    රටා මවන ඒ ගමනට
    ඔබව සොයන් යන පෙරමග
    පාර කියනවා..//

    එකම සිතින් හිතන් ඉන්න දෙයක් කවදම හරි ඉටුවෙනවා නන්දු....ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දැහැන.. ගොඩක් ස්තූතියි ඔයාට මේ දිරිගැන්වීමට..!!! :)

      Delete
  4. හමුවෙලා තව වරක්
    එකම එක එක වරක්
    කියන්නට රස කවක්
    බලමි තව කල්පයක්
    මගෙ අහසෙ ඔබ සඳක්
    නොදනීද ඒ බවක්
    දෑස මෙන් රැකි පෙමක්
    අරන් ඔබ ගිය දුරක්

    ReplyDelete
    Replies
    1. ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ නෑ ඵලක් දුර හිදීමෙන්..
      එහෙම නේද..
      තුති අක්කෙ.. :)

      Delete
  5. //මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා..//
    ම්..ඒ ඇස්වලට ආපහු එබෙන්න..හිමීට කවියක මතක ආපහු අරන් එන්න..රෝස කම්මුල් මත රැඳුනු කඳුළු බිංදුව පිසින්න එයා ආපහු ඉක්මනට ඒවි...


    ලස්සනයි නන්ඳු..

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව, ප්‍රාර්ථනාවන් ඒ විදිහටම තියෙනවා.. :)
      ස්තූතියි රූ.. ගොඩක්...!!!

      Delete
  6. ගොඩක් දවසකට පස්සේ ඔයාගේ නිර්මාණයක් දැක්කේ.හැමදාම වගේ හරිම ලස්සනයි . මොකක්දෝ නොතේරෙන දුකක් මේ අකුරු අස්සේ හැංගිලා තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. වැස්සෙන් කඳුළු බිඳු හැංගුවත්.. හිතෙන් ඒ කඳුළු බිදු කොහෙ හංගන්නද.. පුංචි දුකක් නැතිවම නෙමෙයි..
      හිහිහී.. ඔව් අක්කෙ ලිව්වත් ටිකක් අධ්‍යාපන කටයුතුත් එක්ක වැඩ වැඩි කාලෙක.. :)

      Delete
  7. නුඹේ ඇස් මම හෙවුවා
    මේ පාළු නුවර සිසාරා
    වැටෙන වැහි බිදු එක් පාසා
    නුඹේ පහස මා වින්දා..

    අහසේ ඔහේ පියාඹා යන්න
    නිදහසේ තහංචි නෑ කුරුල්ලන්ට
    ඒ වගේ ඉන්න ආසයි මට
    නුඹේ ලගම හැමදාක..

    සේදිලා වැටෙන වැහි බිදු
    නුඹ ලගට එන්න පාර කියාව
    ආදරෙන් හිම රොදක් අතරින්
    නුඹ ලගම ඉන්න හිත කියාවි..

    ReplyDelete
    Replies
    1. දැල්වෙන පහනක් නොනිමි හද තුල
      යොමාගෙන දෙනෙතක් පෙර මඟ බලන
      ලියාගෙන දහසක් කවි සිත තුල සැඟව
      ගෙනෙයි සුළඟක් පුරුදු පෙර බවයක..

      ලස්සනයි ගොඩක් දිනේෂ්.. ස්තූතියි ගොඩක්..! :)

      Delete
  8. පුදුම විදිහේ ආදරණීය ලියවිල්ලක්. වෙනස් නොවුන හිතත් එක්ක එයා කවද හරි ඒවි. අපි මග බලන් ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... මඟ බලාගෙන ඉන්නවා එයා එනකල්.. :)
      පැතුම්.. තුති ඔබට..!!

      Delete
  9. // සීතල හුළඟට මගේ කෙහෙරැල් අවුල් කරන්// ජේල් ටිකක් ගාල කොන්ඩේ පීරන්න එතකොට හරි.

    ලස්සන කතාවත් එක්ක යන නිසඳැසක්.

    ReplyDelete
    Replies
    1. හෆොයි.. බැරිද ටිකක් එවන්න.. හැබැයි අයියා යූස් කරන හෙයාර් ජෙල්නම් එපා.. :D

      තුති...!!! :)

      Delete
  10. ආදරේ දෝර ගලන සටහනක් . ලස්සනයි නන්දු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගිම් අක්කී..!! :)

      Delete
  11. ගොඩක් ලස්සනට ලියලා...කාලෙකට පස්සේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ.. පහුගිය ටිකෙ ලියන්න විවේකයක් ලැබුණෙ නැහැ..
      ස්තූතියි ගොඩක් අක්කට..!! :)

      Delete
  12. ලස්සනයි ගොඩක්

    ReplyDelete
  13. හොඳ ලියමනක් නන්දු අක්කේ..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ස්තූතියි මල්ලියා.. :)

      Delete
  14. ඔයාගෙ ඔය අහිංසක හිත විතරක්ම.. අරන් එන්න... ඒ හොඳටම ඇති මට... :)

    සත්තයි!!! මටත් ඒ හොදටම ඇති!!!!

    දැනුනා අක්කෙ!! හුඟාක්..... ලස්සනයි!! කාලෙකට පස්සෙ ලියන්න මතක්වුනු එක ගැන සතුටුයි!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඒ අහිංසක හිත නංගියා ළඟට ඉක්මනටම එන්න...!!
      ඔව් නංගා කාලෙකට පස්සෙ.. :)

      Delete
  15. ලස්සනයි..අහිංසකයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්..!!! :)

      Delete
  16. හරිම ලස්සනයි අක්කේ.. කාලෙකට පස්සේ ඇවිත් ලස්සන පෝස්ට් එකක් ලියලා...
    හ්ම්ම්...
    ඔය ගලන කඳුළු පිහදාන්න ඒ අහිංසක හිත අරගෙන එයා ඒවි කවදාහරි..

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසක හිත එනකල්.. බලාගෙන ඉන්නවා නංගා..
      ගොඩක් ස්තූතියි..
      හිහිහී.. ඔව් නංගා කාලෙකින්..:)

      Delete
  17. ගිනි ගින්දර...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. :)
      ජය වේවා..!!

      Delete
  18. nuwarata mama puduma widiyata waira karanawa

    ReplyDelete
    Replies
    1. :(
      හ්ම්ම.. ඒත් මේත් එකම නුවර නම් නොවුනත් නංගෝ..
      මතක නැවතින නුවරක්.. :)

      Delete
  19. Replies
    1. පළවෙනි කමෙන්ටුව.. සාදරයෙන් පිළිගන්නවා වර්ණ..
      ගොඩක් ස්තූතියි..!!! :)

      Delete
  20. කාලෙකින් එන්න ලැබුනේ. යාන්තම අධිවේගිය හරි. හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් නංගි. ඒ මතකය පමනක් අරන් ඉක්මනින් එන්න කියල පතනවා. වැහිබිඳු මත සිනා මල් පිපේවා!

    ReplyDelete