ඔහු.. දස දහසකගේ සිත් සහජහැකියාවෙන් නැලැව්වේය.. හැඬෙව්වේය.. ඉපිලෙව්වේය.. යළි යළිත් පිබිදෙව්වේය...
මේ නගරයේ පාළු බව හිත් තුල ගොඩ නැගුවේය..
තනිවී සිටින්නට නොදී තනි නොතනියට මං තැනුවේය..
තවත් දයාබර තනු වලට ඔහුගේ වාදන හැකියාවෙන් ඒ ගීත රසික හදවත් තුල ලැඟුම් කල ඔහු අතීතයේ එක් සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාරයෙන් ගමන් ඇරඹ සැක්සෆෝනයෙන් තම හැකියා හඳුනාගන්න ලදි... පණ්ඩිත්. විශාරදයන්ගේ පැසසුම් ඇගයීම් මැද ලංකාවේ දක්ෂතම සැක්සෆෝන් වාදකයකු විය..
ආර්ථික තත්වයන් කඩාවැටීම හේතුවෙන් ඔහුට වෙනත් රටක සරණක් පතන්නට සිදුවිය.. එතැන් පටන් ඔහු.. වෙනත් රටකට විත් හෝටල් වල පිඟන් කෝප්ප සේදුවේය.. මහාමාර්ග අතුගෑවේය.. ඔහුගේ රටේ නොමිනිසුන්ගේ තාඩන පීඩන ඔහු ඉවසා විඳදරා සිටියත් තම රටේ තවත් අයකුට එසේ වනවා දකින්නට තරයේ විරුද්ධ විය.. ඔහු ඒ වෙනුවෙන් හඬ නැගුවේය.. ඔහුව අමතක කල අයට, ඔහුට අසාධාරණකම් කල අයට ඔහු හැකි සෑම විටම උදව් කලේය..
විවේකයක් ලද හැකි සෑම විටම මිතුරන් හා එකතුව ඔහුගේ සංගීතයේ හඬ උරගෑය.. ඔහුගේම වටා රැඳි ඔහු මවන තනුගී වලට තාල මං තනන සංගීත මිතුරු කැල සමඟ සැක්සෆෝනයට පමණක්ම නොව කීබෝඩයටද ගායනයට සංගීතය ගැන මනාදැනුමක් ඇති ඔහු දක්ෂ විය..
ඔහුගෙන් උදව් ලබාගත් අය ඔහුව හැර යද්දී අතලොස්සක් පමණක් ඔහුට අවසන ඉතිරිවිය..
ඔහුව අමතක කල ඔහුගේම සහෝදරයා වෙනුවෙන් ඔහු එ රට සංගීත සන්ධ්‍යාවක් සූදානම් කර නැවත ලංකාවට එන්නට මාස 02 පමණ තිබියදී කලින් අනතුරු අගවා සැගව ගොස් තිබුණ හෘද්‍යාබාධය නැවත මතුවිය..හෘද්‍යාබාධයකින් ඔහුගේම කෙනෙක් නැති ඉසව්වක ඔහු අවසන් වතාවට වුවත් තම රටේම කෙනෙක්ට කරදරයක් නොකලේය..
"ඇම්බිලන්ස් එකකට කතා කරන්න එපා.. මම දන්නවා මේ මගේ අන්තිම දවස..."
ඔහුගේ අකමැත්ත මැද වුවත් රෝහලට රැගෙන යන විටත් වටින කලාකරුවෙක් අපට අප රටට සංගීත ලොවට නැතිවී ගොස් අවසන්ය..
ඔහුගේ ජීවිතය සේම ඔහු හිටි සිත් තැවුල් ඔහුගේ ජීවිතයේ දුක්ඛිත පැතිකඩ ලෝකයෙන් සැඟවූවේය.. කාටවත් නොකී ඔහු සිටි තැන කිසිවෙකුට ජීවත්විය නොහැකි ජරාවාස වූ තැනක් බව දැනගන්නට ලැබෙන්නේ සිරුර ලංකාවට යැවීමට අවශ්‍ය ලියකියවිලි සෙවීමේදීය.. කාටත් සැඟවූ ඔහුගේ හිත් තැවුල්.., ඔහුට වූ අසාධාරණකම් ඒ වාසය කියා පාන්නට ඇත.. සංගීත තනු කඩදහි කොළ අතර වෛද්‍ය වාර්තා නිහඬව බලා සිටින්නට ඇත.. ඔහුගේම සහෘදයන්ට ඔහුගේම ළඟම පවුලේ හිතවතුන්ට ඔහු සිටි වගක් අමතක විය.. අවසනදී ඔහුගේ දුකේදී ඔහුව හැර ගිය මිතුරන් වැනි සතුරන්ද ඔහුගේම සහෝදරයෙකු ද ඔහුගේ සංගීත භාණ්ඩ සඳහා පොරකන ලදි.. නීතියක් වෂයෙන් සියලු බරපැන එ රට රජයෙන් දැරුවත් එරට වෙසෙන ලාංකිකයන් ඔහුගේ දේහය ලංකාවට යැවීමටයි කියා එරට වෙසෙන ලංකික පවුල් වලින් මුදල් එකතු කරන ලදි.. ඔහුගේ බිරිදට යැවීමටයි යැයි කියා මුදල් එකතු කල ලිස්ට් පසුව ගොඩක් දෙනෙක්ගේ අතින් අතුරුදහන්ව තිබුණි.. ඔහු වටා සිටි මනුෂ්‍යය කම් අතින් වගෙම මිතුදම් අගයන් දත් අතලොස්සක් පමණක් එකතුව අයිතිවාසිකම් කී ඔහුගේ හදවත නැමැති සංගීත භාණ්ඩ ඔහුගේ අවසාන ඉල්ලීම පරිදි පුතුනුවන් වෙත යවන ලදි.. ඒ අය පමණක් එකතු කරන ලද මුදල් පමණක් ඔහුගේ බිරිඳ අතට විශ්වාසනීයව පත් කලෝය.. අදටත් ඒ අය එරට සිටියත් ඒ වංචාව මත ගොළුය.. සිහළුන් අතර වෙනත් රටකදී එකමුතුකම ඉතා අගනේය.. එය තව දුරටත් දැනෙන්නේ කෙනෙක් අසරණ වූ මොහොතකය.. අපේ කම අපේ දෙය වෙනත් රටක ඉදිරිපත් කීරීම අපේම රටට සංස්කෘතියට ආඩම්බරයක් වුණත් අපේම කලා කරුවෙකුගේ අවසාන මොහොතත් තම මඬිතරකරගන්නට පොරකන අය සිටීම ගැන විදේශයකදී දැනෙන පිළිකුල ගැන මෙලෙස සනිටුහන් වෙන්නට තරම් හිතට දැනුනෙ දුකකි..
සදා අමරණීය ඒ නද තුලින් ලොව හදුනගත් මිනිසා නිහඬ සේවයක් කර අප අතරින් වෙන්ව ගොස් අදට අවුරුදු 6 ගණනක් ගතවී ඇතත් තවමත් දිනක සුහද හමුවකදී වුවත් ඔහු අසල සතුටෙදී මෙන්ම දුකේදීත් අවසන තෙක් සිටි සහෘද මිතුරන්ට ඔහුව අමතක නැති..
"අනේ... ------ මෙතන හිටියනම්..."
"මේ එයාගෙ ආසම සිංදුව.."
නිර්ව්‍යාජ හදවත් වල හඬක් දෙසවන් වැටෙන්නට මොහොතක් ගතවන්නේ නැත..
වෙනත් රටවල අපේම අයගේ ක්‍රියා කලාවන් නිසා ඒ අය අතර විටෙක ජීවත් වීම දුකකි... :(
දයාබර වාදකය..
ජීවිතයේ යම් දවසක මේ සංසාරගමනේ මුණ ගැසුනොත්
සත්සර අතර නැවත ජීවිතය දකින්නට..
සත්සර අතර නැවත ජීවිතය දකින්නට..
ඔබට නිවන් සුව..!!!
-අපේම කලාකරුවෙකුගේ සත්‍ය කතාවකි-
හිතට මාර විදිහට දැනුන කතාවක්.. නම් ගම් නොලියපු නිසා අහන්න යන්නේ නෑ..
ReplyDeleteඒත් අන්තිමේ කියපු කතාව එක්ක මාත් එකගයි.. කතානියා වලත් දෙන්නෙක්ගේ මරණ වලට ලංකාවට යවන්න එකතු කරපු සල්ලි වලට උන දෙයක් නෑලු. ඒ ගැන අහන්නත් කෙනෙක් නෑලු.. අනේ මන්දා මේවට මොනා කියනවද කියලා..
මෙහෙත් ඔය වැඩ අනන්තයි..
Deleteමෙක නම් ඇත්තම සිද්දියක්..දිනෙෂ් කිව්වා වගෙ අපෙ මිනිස්සු පිට රටවල ඉද්දිත් කරන්නෙ පුදුමාකාර ජරා වැඩ. සුනාමියට යවන්න කියල එකතු කරන් මොන තරම් වංචා කරාද...
ReplyDeleteවාදකයගේ නම කිව්වට කමක් නැති වෙයිද?
ReplyDeleteහුගක් සංවේදි කතාවක් නන්දු..මිනිස්සු මේ තරම් පහලට වැටෙන්නේ ඇයි කියලා නම් තේරෙන්නේ නෑ..කවුරු නමුත් කරන කියන දේවල් තමන්ටම තේරෙන දවසකුත් මේ ජීව්තේදිම ඒවීනේ....
ReplyDeleteකව්රුවුනත් ඒ කෙනා අයෙමත් අපි අතරට මලක් වෙලා සුවද හමන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!
ඇත්තමයි ඒ කථාවනම් ගොඩක් හිතට වැදුනා..සල්ලි වෙනුවෙන් මිනිසත් කම පාවල දෙන මේ තරම් කැත මිනිස්සුත් ඉන්නවද කියල හිතුණා..නම් ගම් නැති වුනත් අහිංසක කලා කරුවා වෙනුවෙන් මාගේ ප්‍රණාමය...
ReplyDeleteහිත කීරි ගැහුන කතාවක්.නමක් ගමක් සදහනක් නැති නිසා අහන්නත් බෑ මේ කවුද කියලා. ම්ම්ම් මතක් කලත් හිතට එහෙම කෙනෙක් ආවෙත් නෑ.
ReplyDeleteවෙනස් කතාවක් නංගී...
ReplyDeleteහදවතටම වදිනවා....
කියවද්දි ඇහැට කදුලු නැගුනා..
මේ තරම්ම මිනිස්සුන්ගෙ කුරිරු කම්...හ්ම්ම්ම්....
නන්ඳු හරිම ලස්සනට ලියනවනෙ, කියලා හිතාගෙන සතුටින් පහළට කියවාගෙන යනකොට හිතට දැනුනෙ ලොකු දුකක්. මෙහෙම මිනිස්සු ඉන්නවා කොතැනත්. ඒත් නන්ඳු කියනවා වගේ, වෙන රටකදිවත් තමන්ගෙ කම දැනෙන්නෙ නැති මිනිස්සුන්ව හඳුන්වන්න මොන වගේ වචනයක් පාවිච්චි කරන්නද කියලා මට නම් තේරෙන්නෙ නෑ. මේ කලාකරුවා කවුද කියලා මම දන්නෙ නෑ. කවුද කියලා ඔයා කිවුවා කියලා සිදු වුණ අවාසනාවන්ත සිදු වීම වෙනස් වෙන්නෙත් නෑ.
ReplyDeleteඒ නිසා ඔහුට නිවන් සුව !! පතන්නම්
මේ විදියේ මිනිස්සු ගැන ඉතින් කුමන කතා ද? මල මිනියත් විකුණලා කන ජාතියක් විදියට දන සමාජය පිරිහිලාද?
ReplyDeleteදුක හිතෙන කතාවක්
ReplyDeleteනිවන් සුව පතමි..!!!
නන්දුගෙ බ්ලොග් එකට එකතුවෙලා ගොඩක් දවස් ඒත් මේක මොකක් හරි හේතුවකින් මග හැරුනා. අන්තිමට නිවාඩුවෙලාවක චෙක් කරල බලද්දි තමයි දැක්කේ මේක අප්ඩේට් රෝල් එකට ඇවිත් නැති වග දැන් හරි.
ReplyDeleteමේ චරිතය කියවද්දි මට හිතුනේ කලදුටු කල වල ඉහගෙන කන සමාජයක තාමත් අපි ඉන්නවා කියලා. මගේ මතකය නිවැරදි නම් මට හිතෙන හැටියට මේ කීර්ති පැස්කුවල්ගේ අයියා පද්මසිරි පැස්කුවල් ගැන වෙන්න ඕනෙ නන්දු ලියලා තියෙන්නේ. ස්ටැන්ලි පීරිස් නම් මිය ගියේ ලංකාවෙදි නේ.
මේ කවුද කියලා දැන ගන්න කැමති උනත්, කියන්න අකමැති නම් අහන්නේ නැහැ. හරිම දුක හිතෙන කතාවක්. රටෙන් පිට ගිහිල්ලත් අපේ අයගේ එකමුතුවක් නැති හැටි...
ReplyDeleteගොඩක් හිතට දැනුන කතාවක් නන්ඳු.
ReplyDeleteලංකාවේ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගෙන් බහුතරයකට ඔය කියන ඉරනම අත්වෙලා තියනවා. මොකද රුකඩ නළු නිළියන්ට වගේම ජිල්මාර්ට් සන්ගීතකාරයින්ට අද රටේ ඇති තැන ඔය කියන විශිෂ්ට මිනිස්සුන්ට නෑ. ඉතින් ඒ මිනිස්සු මැරෙනවා දන්නෙත් බොහොම ටික දෙනයි. සේක්සෆෝන් වදන ශිල්පියාට නිවන් සුවම ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteකාගේ හරි මරණයක් වුනත් විකුණන් කන මේවගේ මිනිස්සු ඉන්න ලෝකෙක ජීවත් වෙන්න ලැබීම එක විදිහකට පිළිකුලක්.
මේ වගේ වැඩ නවත්තන්න විදිහක් නැති එක ගැන නම් දුකයි..
ReplyDeleteඒත් ඒ දක්ෂ කලාකරුවාට සුභ ගමන් පතනවා..
පැය බාගයක් විතර මතක් කලේ කවුද කියලා,ඒත් කියපු කෙනා තාම ඔලුවට ආවෙ නෑ.හැබැයි ලංකාවෙ ඉන්න දක්ෂයො ගොඩක් මැරුනෙ නාස්ති වුනේ බීමත්කම හින්දා.
ReplyDeleteගොඩාක් හිතට වැදුන කතාවක් නංගි. මේ අය සංසාරෙට ගෙනියන්න එකතු කරන කුණු. ඒ කලාකරුවාට නිවන් සුව ! පතනවා.
ReplyDelete