හවසට මං ඇවිදගෙන එන ඒ පාර දිගේ හිත වෙලාවකට වැහි බීරුමකට පාළු වුණ ඒ පුංචි නගරය වගේ.. කාත් කවුරුවත් නැතිව අතහැරැලා දැම්ම.. ඒ වෙලාවකට කොහෙදෝ ඉදන් දුවන් එන සීතල හුළඟට මගේ කෙහෙරැල් අවුල් කරන් වේලුණු කොළත් එක්කම ඈතට ඇදගෙන යන්නෙ "සරාස්" සද්දෙත් එක්කම.. හිත උඩින් වගේ.. කළු ගලින් ආරුක්කු හැඩයට හැදුන ගොඩ නැගිලි ඒ වෙලාවට එතනින් පණ ඇතිව ගමන් කරන කම ප්‍රාණියා වුණ නිසාවටද මන්දා මා දිහා බලාගෙන ඉන්න බවක් මට දැනෙන්නෙ.. උදේ ඉදන් ඔයාගෙ මූණ හොයලා වෙහෙසෙන ඇස්.. මේ එක දෙක වැටෙන වැහි පොද අතරිනුත් බලාපොරොත්තු වෙනවා..
මේ ගෙවන දුවන කලබලකාරී ජීවිතේ.. වගකීම් දහසක් පිරුණු හිතක් ඔයාගෙ හිත ළඟ වැහි ළිහිණියෙක් වගේ සතුටින් පියාඹලා ඔය හිත් අහස පුරාවට ආදරයෙන් තුරුළු වෙන්න, හරියට ආරක්ෂක පියාපතක හෙවනක වගේ ඒ උණුසුමේ තුරුල්වෙලා පිනුම් ගහලා ඒ නිවාඩු දවස් එනකල් බලාගෙන ඉන්නෙ පෙරුම් පුරාගෙන.. ඇත්ත කොයිතරම් දුරින් වුණත් ඔයාගෙ එක වචනයකින්.. ඇති ඒ දුරස් බව නැති කරන්න..
සඳුදට ආයෙමත් ඒ කලබල ජීවිතය පටන් ගත්තම.. මේ පුංචි ගමෙන් දහසක් දුර ගෙවාගෙන ඈතට යනවා වගේම.. බස්රියේ හැරෙන වංගුවෙන්ම මට ආයෙ දුවන් එන්න හිතෙන්නෙ ඔයා ළඟට... වෙලාවකට අළුත් හිරුකිරණින් ලා දළු පාට තණකොළ ගොඩට වැටිලා තියෙන ඒ තීරුව දිගේ උදේට යුනියට යන්නෙ නැතිව නැවතිලා නිදහසේ නවතින්න හිතයි... නිදහස් දෙපා ඒ මතින් ඇවිදන්න.. ඒ හැම දේකටම හිත පැරදෙද්දි පාඩම වෙලාවෙදි ටිකකට දුවලා එනවා.. දන්නවා ඉගෙනුම වෙලාවට එහෙමෙහෙ දුවන හිතට ඔයා අකමැති බව.. ඒත්...
මුළු නුවරම පාළු වෙලා
හිතට දැනෙනවා..
මේ වැහි බිඳු කඳුළු එක්ක
නුඹව සොයනවා..
වැහි ළිහිණක් සීත රටක
පියාපතක් සොයනවා..
මේ සුළගින් දුරස් රටේ
කතා කියනවා...
වැහි ළිහිණක් සීත රටක
පියාපතක් සොයනවා..
මේ සුළගින් දුරස් රටේ
කතා කියනවා...
වැහි බිඳ බිඳ එකතුවෙලා හෙමින් සැරේම පාරෙන් එහා මෙහා දුව පනින වතුර පාරවල් රටා මවලා ගෙනියන බොර පාට දිය වැල්.. ඔයාව හොයාගෙන යනවා වගේ.. මං තවත් වැස්සෙ තෙමෙනෙවා.. මේ කඳුළුත් එක්කම.. මම දන්නවා.. මේ වෙලාවට.. ඔයාටත් මාව මතක් වෙනවා අනිවාර්යයෙන්ම.. ඒ හැම හුස්මකම ඔයාගෙ හිතේ මං ඉන්න නිසා බව මං දන්න නිසා.. පැය ගණනක වෙනසත් එක්ක වුණත් ඔයාගෙ මහන්සිය, කැපකිරීම්.. ඒ දේවල් වල වටිනා කමට සමාන කරන්න දෙයක් නැහැ මට.. වෙලාවකට ඔයා මහන්සිවෙලා ඇවිත් මාත් එක්ක කතා කරන්නෙ ඔයාට වැඩිපුර නිදාගන්න තියෙන වෙලාවෙන් බව මම දන්නවා.. කිව්වට අහන්නෙ නෑනෙ ඉතින්.. දඟකාර, අහිංසක හිතක්.. :)
හිනාවෙලා හිටියත්.., දහසකගෙ හිත් හිනැස්සුවත්.. ඔය හිතේ යටින් හංගන දුක මං නොදකිනවා නෙමෙයි.. ඒ වෙලාවට පුංචි හුස්මකින් ඒ දුක නිවන්න ඇත්නම්..
දිය වැල්ලෙන් එකට එතී
රටා මවන ඒ ගමනට
ඔබව සොයන් යන පෙරමග
පාර කියනවා..
සිහිල් පොදේ පුරුදු රුවක්
දෙනෙත් දකින ඒ දවසට
හිනැගෙන නුඹෙ තරු නෙත් යුග
බලාගන්නවා..
මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා.. මේ පාළු නගරය පුරාවට සෙනග ඉඳීවි... මේ හුළඟ වුණත් හමන දිශාවන් වෙනස් කරාවි.. එදාට වැහිබිඳු අහසින් බහින්නෙ නැති වේවි.. ඒ වෙනුවට සුදු හිම රොඳක සීතලක් දැනේවි.. ඒත්.. එකම එක දෙයක්..
වෙනස් නොවෙන
බලාගන්නවා..
මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා.. මේ පාළු නගරය පුරාවට සෙනග ඉඳීවි... මේ හුළඟ වුණත් හමන දිශාවන් වෙනස් කරාවි.. එදාට වැහිබිඳු අහසින් බහින්නෙ නැති වේවි.. ඒ වෙනුවට සුදු හිම රොඳක සීතලක් දැනේවි.. ඒත්.. එකම එක දෙයක්..
වෙනස් නොවෙන
ඔයාගෙ ඔය අහිංසක හිත විතරක්ම.. අරන් එන්න... ඒ හොඳටම ඇති මට... :)
ලස්සන ඉදිරිපත් කිරීමක් නන්ඳු.
ReplyDeleteබලාපොරොත්තුව ජීවිත ජීවත් කරවන ශක්තිය, දුවවන ඉන්ධනය. පුංචි කඳුලු බිඳුව ඒ ගමනේ ඈත ලංකර දක්වන පලිඟුවක්ම (magnifying glass) වේවා.
අනිවාර්යයෙන්ම කඳුළක් ළඟ හිනාවක් පිපෙන්නම තියෙනවා.. :)
Deleteගොඩක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට ඩීන් අයියේ..!!!
ඇත්තටම මේ ලිපිය නම් පුදුමාකාර ආදරයක් ලියවුණ එකක්..හැම වචනයක්ම පුදුමාකාර ආදරයක් ලියවිලා.කවිය නම් ගොඩක්ම ලස්සනයි.
ReplyDeleteසිහිල් පොදේ පුරුදු රුවක්
දෙනෙත් දකින ඒ දවසට
හිනැගෙන නුඹෙ තරු නෙත් යුග
බලාගන්නවා..
පුදුමාකාර ආදරයක් දෙන හිතකට ලියැවුණ පුංචි වචන කීපයක්.. :)
Deleteගොඩක් ස්තූතියි සිහින සිත්තම්... (සිසි) :)
//..දිය වැල්ලෙන් එකට එතී
ReplyDeleteරටා මවන ඒ ගමනට
ඔබව සොයන් යන පෙරමග
පාර කියනවා..//
එකම සිතින් හිතන් ඉන්න දෙයක් කවදම හරි ඉටුවෙනවා නන්දු....ලස්සනයි...
සිතුවිලි දැහැන.. ගොඩක් ස්තූතියි ඔයාට මේ දිරිගැන්වීමට..!!! :)
Deleteහමුවෙලා තව වරක්
ReplyDeleteඑකම එක එක වරක්
කියන්නට රස කවක්
බලමි තව කල්පයක්
මගෙ අහසෙ ඔබ සඳක්
නොදනීද ඒ බවක්
දෑස මෙන් රැකි පෙමක්
අරන් ඔබ ගිය දුරක්
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ නෑ ඵලක් දුර හිදීමෙන්..
Deleteඑහෙම නේද..
තුති අක්කෙ.. :)
//මේ වැස්ස දිගේ මඟ බලන ඇස්.. ඔයා කවදාමක හරි එන බවක් දන්නවා..//
ReplyDeleteම්..ඒ ඇස්වලට ආපහු එබෙන්න..හිමීට කවියක මතක ආපහු අරන් එන්න..රෝස කම්මුල් මත රැඳුනු කඳුළු බිංදුව පිසින්න එයා ආපහු ඉක්මනට ඒවි...
ලස්සනයි නන්ඳු..
බලාපොරොත්තුව, ප්‍රාර්ථනාවන් ඒ විදිහටම තියෙනවා.. :)
Deleteස්තූතියි රූ.. ගොඩක්...!!!
ගොඩක් දවසකට පස්සේ ඔයාගේ නිර්මාණයක් දැක්කේ.හැමදාම වගේ හරිම ලස්සනයි . මොකක්දෝ නොතේරෙන දුකක් මේ අකුරු අස්සේ හැංගිලා තියෙනවා වගේ.
ReplyDeleteවැස්සෙන් කඳුළු බිඳු හැංගුවත්.. හිතෙන් ඒ කඳුළු බිදු කොහෙ හංගන්නද.. පුංචි දුකක් නැතිවම නෙමෙයි..
Deleteහිහිහී.. ඔව් අක්කෙ ලිව්වත් ටිකක් අධ්‍යාපන කටයුතුත් එක්ක වැඩ වැඩි කාලෙක.. :)
නුඹේ ඇස් මම හෙවුවා
ReplyDeleteමේ පාළු නුවර සිසාරා
වැටෙන වැහි බිදු එක් පාසා
නුඹේ පහස මා වින්දා..
අහසේ ඔහේ පියාඹා යන්න
නිදහසේ තහංචි නෑ කුරුල්ලන්ට
ඒ වගේ ඉන්න ආසයි මට
නුඹේ ලගම හැමදාක..
සේදිලා වැටෙන වැහි බිදු
නුඹ ලගට එන්න පාර කියාව
ආදරෙන් හිම රොදක් අතරින්
නුඹ ලගම ඉන්න හිත කියාවි..
දැල්වෙන පහනක් නොනිමි හද තුල
Deleteයොමාගෙන දෙනෙතක් පෙර මඟ බලන
ලියාගෙන දහසක් කවි සිත තුල සැඟව
ගෙනෙයි සුළඟක් පුරුදු පෙර බවයක..
ලස්සනයි ගොඩක් දිනේෂ්.. ස්තූතියි ගොඩක්..! :)
පුදුම විදිහේ ආදරණීය ලියවිල්ලක්. වෙනස් නොවුන හිතත් එක්ක එයා කවද හරි ඒවි. අපි මග බලන් ඉඳිමු.
ReplyDeleteඅනිවාර්යයෙන්ම... මඟ බලාගෙන ඉන්නවා එයා එනකල්.. :)
Deleteපැතුම්.. තුති ඔබට..!!
// සීතල හුළඟට මගේ කෙහෙරැල් අවුල් කරන්// ජේල් ටිකක් ගාල කොන්ඩේ පීරන්න එතකොට හරි.
ReplyDeleteලස්සන කතාවත් එක්ක යන නිසඳැසක්.
හෆොයි.. බැරිද ටිකක් එවන්න.. හැබැයි අයියා යූස් කරන හෙයාර් ජෙල්නම් එපා.. :D
Deleteතුති...!!! :)
ආදරේ දෝර ගලන සටහනක් . ලස්සනයි නන්දු.
ReplyDeleteගොඩක් ස්තූතියි ගිම් අක්කී..!! :)
Deleteගොඩක් ලස්සනට ලියලා...කාලෙකට පස්සේ නේද?
ReplyDeleteඔව් අක්කෙ.. පහුගිය ටිකෙ ලියන්න විවේකයක් ලැබුණෙ නැහැ..
Deleteස්තූතියි ගොඩක් අක්කට..!! :)
එලස්..
ReplyDeleteතැන්කූස්..!
Deleteලස්සනයි ගොඩක්
ReplyDeleteස්තූතියි අයියේ..! :)
Deleteහොඳ ලියමනක් නන්දු අක්කේ..
ReplyDeleteහිහිහී.. ස්තූතියි මල්ලියා.. :)
Deleteඔයාගෙ ඔය අහිංසක හිත විතරක්ම.. අරන් එන්න... ඒ හොඳටම ඇති මට... :)
ReplyDeleteසත්තයි!!! මටත් ඒ හොදටම ඇති!!!!
දැනුනා අක්කෙ!! හුඟාක්..... ලස්සනයි!! කාලෙකට පස්සෙ ලියන්න මතක්වුනු එක ගැන සතුටුයි!!
අනිවාර්යයෙන්ම... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඒ අහිංසක හිත නංගියා ළඟට ඉක්මනටම එන්න...!!
Deleteඔව් නංගා කාලෙකට පස්සෙ.. :)
ලස්සනයි..අහිංසකයි.....
ReplyDeleteස්තූතියි ගොඩක්..!!! :)
Deleteහරිම ලස්සනයි අක්කේ.. කාලෙකට පස්සේ ඇවිත් ලස්සන පෝස්ට් එකක් ලියලා...
ReplyDeleteහ්ම්ම්...
ඔය ගලන කඳුළු පිහදාන්න ඒ අහිංසක හිත අරගෙන එයා ඒවි කවදාහරි..
ඒ අහිංසක හිත එනකල්.. බලාගෙන ඉන්නවා නංගා..
Deleteගොඩක් ස්තූතියි..
හිහිහී.. ඔව් නංගා කාලෙකින්..:)
ගිනි ගින්දර...
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි.. :)
Deleteජය වේවා..!!
nuwarata mama puduma widiyata waira karanawa
ReplyDelete:(
Deleteහ්ම්ම.. ඒත් මේත් එකම නුවර නම් නොවුනත් නංගෝ..
මතක නැවතින නුවරක්.. :)
ලස්සනයි.
ReplyDeleteපළවෙනි කමෙන්ටුව.. සාදරයෙන් පිළිගන්නවා වර්ණ..
Deleteගොඩක් ස්තූතියි..!!! :)
කාලෙකින් එන්න ලැබුනේ. යාන්තම අධිවේගිය හරි. හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් නංගි. ඒ මතකය පමනක් අරන් ඉක්මනින් එන්න කියල පතනවා. වැහිබිඳු මත සිනා මල් පිපේවා!
ReplyDelete