11 March 2012

෴දයාබර නුඹ නමට෴


සිහිල් දිය කඳුළු මත උණුහුමට වැටෙන සඳ
නෙක රටා මැවෙන කල නෙතු පියා නොදුටු ලෙස
දවටමින් සිනහවක් රැගෙන විත් මුවග හස
සැලෙන පවනක් නුඹ ලෙසින් චාමර පතක

මුවාකර සිනහවට තුහිනයක සිහිල් පොද
ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස
දුටුව මා නුඹ නෙතින් තරු ඇසට රටාවක
මගෙ නමින් ලියූ කවි දැක පුදුම හිතුණි මට

හදින් දුර ළඟ පාත සොයන් කවි හිත සැඟව
අමතකව ගිය මාව සොයාගෙන කොහෙ සිට ද?
සිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...
෴ 

59 comments:

  1. අපුරූ කවියක්. ලස්සනයි...
    "දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට..." මෙතෙන්ට මම ගොඩක් ආසයි

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ස්තූතියි සිතුම් පැතුම්.. :)

      Delete
  2. අමතකව ගිය කවිය හිත් පතුලටම වී සැඟව
    යලිඳු මතු පිටට විත් හිතට වද දෙන අරුම
    යලිඳූ නුඹ ආවොතින් අතැර ගිය මතකයට
    තුරුලු වෙමි නෙතු වසා ඔය හදට උණුහුමට.....

    ලස්සනයි නන්ඳු.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ.. මේ කවි සිතුවිල්ලටත්
      ගොඩක් ලස්සනයි..

      Delete
  3. මාත් ආසම...."දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට..." කොටසට...
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ගොඩක් දෙනෙක්ගෙ හිත රැදුන තැනක්..
      ස්තූතියි සහෝ.. :)

      Delete
  4. සිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
    දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...

    ලස්සණ කවිය අක්කේ...මට ඊයේ වුන දෙයක් මතක් කලා :(

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් මොනවා ලිවුවත් මතක් වෙන්න දෙයක් තියෙනවනේ..

      Delete
    2. නෑහෑ සහෝ ඊයේ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි.මම ඔයාට කියන්නම්කෝ

      Delete
    3. :( දුක හිතුණ මතකයක් වගේ මලයට මතක් කලේ..
      සමහර දේවල් කාලය විසඳයි මල්ලියෝ..

      @ දිනේෂ්- මලයා දුකින් ඉද්දි කියන කතා.. :P

      Delete
  5. කවිය දෙපාරක්ම කියෙවුවා.. ඇත්තටම ලස්සනයි..

    උරහිසේ ඉඩක් හම්බුවේවි.. බය වෙන්න එපා...:) දැන් කාගේ උරහිසේද මේ හිස තියා ගනන්න අහන්නේ?

    ReplyDelete
    Replies
    1. මේකට මම උත්තරයක් දෙන්නනද?හෙහ් හෙහ් :P

      Delete
    2. ස්තූතියි දිනේෂ්..
      හිහිහී.. සංසාරෙ පතාගෙන එන කෙනෙක්ටලු.. :D

      @ මලයා- හිහිහී.. ඕන් ඉතින් බොරු උත්තරයක් දෙන්නලු යන්නේ.. :P

      Delete
  6. පැතුමින් පිරුණ මේ පදපෙල බොහෝම ලස්සනයි නංගී.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩීන් අයියේ.. :)

      Delete
  7. ලස්සනයි අක්කා... හරිම සුන්දර කවි ටිකක්.. !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි නංගියෝ.. :)

      Delete
  8. ලස්‌සන කවියක්‌..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රීම්ස්.. :)

      Delete
  9. මොකටද ඉතින් බොරු කියන්නේ පට්ටමැ ලයින් එක තමා "දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට..." :D

    ReplyDelete
    Replies
    1. :D හිහිහී..
      ස්තූතියි සහෝ.

      Delete
  10. ඇත්තටම ලස්සන පදපෙලක් අක්කියෝ..
    පින්තුරෙත් නියමෙට ගැලපෙනවා. :D

    ReplyDelete
  11. පික්ෂු හැදෙනව අප්ප කවි ටික දැක්කම......

    ReplyDelete
    Replies
    1. හෆොයි..!
      ස්තූතියි සහෝ. :)

      Delete
  12. හරිම ලස්සනයි නන්දු..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එකට මට යන්න බැහැ නේ.ඒ මොකද?

      Delete
    2. ස්තූතියි ගොඩක් සිත් රූ සිහින අක්කේ.. :)

      Delete
  13. //ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස//
    කවිය කියල ආවනම් රයිම් වෙනවා වගේ නන්දු..

    කොහොම වුනත් අපූරු කවි ටික හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අලේ...
      ඒ වගක් කම්පනා වුණේ නෑ නොවැ

      ස්තූතියි සහෝ. :)

      Delete
  14. කාටද මේ ලිවුවේ..කවුරු වෙනුවෙන් ද?..මගේ උරහිසටත් තවම කවුරුවත් නැහැ.හික්ස්....

    ReplyDelete
    Replies
    1. අම්මපා කවුරුත් නැද්ද බන් හෙහ් හෙහ්

      Delete
    2. හිහිහී.. ඉක්මනටම හරි කෙනාව මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරනවා අසාර් අයියට..!!! :D
      ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට අයියේ..

      Delete
  15. ලස්සනයි, උරහිසේ උණුසුම විඳින එකත් සුන්දර අත්දැකීමක් මම හිතන්නේ!

    ReplyDelete
  16. ගොඩක්ම ලස්සනයි...

    ~~ මුවාකර සිනහවට තුහිනයක සිහිල් පොද
    ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස
    දුටුව මා නුඹ නෙතින් තරු ඇසට රටාවක
    මගෙ නමින් ලියූ කවි දැක පුදුම හිතුණි මට ~~

    හිතට දැනුනා ගොඩක්ම...
    :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙත්පානි.. :)

      Delete
  17. නිදිමතත් ගියා නොවැ..

    මාත් පේස් බුකියේ ගෘප් එකේ දානවා කවි..

    ReplyDelete
    Replies
    1. හිහිහී... :D
      කුමන ගෘප් එකේ දෝ... දැක්කෙ නෑනේ සෑම්.. :(

      Delete
  18. ලස්සන කවිටිකක්! :)

    ReplyDelete
  19. ලස්සනම ලස්සනයි

    ReplyDelete
  20. ලස්සනයි අක්කේ ගොඩාක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ ගොඩක්.. :)

      Delete
  21. හරිම ලස්සනයි නංගා...ඔය උරහිසේ උණුසුම කියන්නේ නැතුවම බැරි දෙයක්..

    ReplyDelete
  22. අදයි මේ පැතට ගොඩ උනේ . ලස්සනයි කවි ටික.
    ඔන්න ඔයාගේ සිංදුව දෙනවා ඊලඟ ඉරිදා නිශාන්තයෙන් එන්න අහන්න .

    ReplyDelete
  23. ඔයාගෙ පැතුම ඉටුවේවා..ලස්සනයි

    ReplyDelete
  24. හරිම ලස්සනයි අක්කේ..

    සිහින මල් කඳුළු වැල් ගලායන බර දරන්
    නීල නෙතු පියවෙනා විටදි මා ලඟ ඉඳන්
    ඔබේ ඔය උරහිසින් මගේ පෙමේ බර දරන්
    නලල් තල සිප ගන්න හිඳිනු මැන ආදරෙන්

    ReplyDelete
  25. හරිම ලස්සනයි අක්කේ..

    ReplyDelete
  26. හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි

    ReplyDelete
  27. හරිම ලස්සන අපූරු කවි සිතුවිලක්......

    ReplyDelete
  28. ගොඩක් ලස්සනයි යාළුවා!! සුන්දර කවි පෙල ...ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. සිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
      දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...

      ලස්සන පද පෙලක් යාළුවා!

      Delete
  29. සුන්දර කවක්


    සියත් පත් මත බිගු රැඟුම්දී නුරා පහසින් මත්වෙනා සඳ
    මේකුලක් ගෙන දෑස වැසුවේ සරා සඳටත් ලැජ්ජ හිතිලද
    දිවුරලා ඉරු සඳු සපත කර හාදුවක් තවරා කොපුල් මත
    කියමි සත්තයි මියුලැසියෙ මම නුබට පමණයි මගෙ හදවත

    ReplyDelete
    Replies
    1. මේ කවත් සුන්දරයි ගොඩක්..!
      ස්තූතියි සහෝ. :)

      Delete