සිහිල් දිය කඳුළු මත උණුහුමට වැටෙන සඳ
නෙක රටා මැවෙන කල නෙතු පියා නොදුටු ලෙස
දවටමින් සිනහවක් රැගෙන විත් මුවග හස
සැලෙන පවනක් නුඹ ලෙසින් චාමර පතක
මුවාකර සිනහවට තුහිනයක සිහිල් පොද
ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස
දුටුව මා නුඹ නෙතින් තරු ඇසට රටාවක
මගෙ නමින් ලියූ කවි දැක පුදුම හිතුණි මට
හදින් දුර ළඟ පාත සොයන් කවි හිත සැඟව
අමතකව ගිය මාව සොයාගෙන කොහෙ සිට ද?
සිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...
෴෴ ෴෴
අපුරූ කවියක්. ලස්සනයි...
ReplyDelete"දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට..." මෙතෙන්ට මම ගොඩක් ආසයි
හිහිහී.. ස්තූතියි සිතුම් පැතුම්.. :)
Deleteඅමතකව ගිය කවිය හිත් පතුලටම වී සැඟව
ReplyDeleteයලිඳු මතු පිටට විත් හිතට වද දෙන අරුම
යලිඳූ නුඹ ආවොතින් අතැර ගිය මතකයට
තුරුලු වෙමි නෙතු වසා ඔය හදට උණුහුමට.....
ලස්සනයි නන්ඳු.......
ස්තූතියි තරූ.. මේ කවි සිතුවිල්ලටත්
Deleteගොඩක් ලස්සනයි..
මාත් ආසම...."දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට..." කොටසට...
ReplyDeleteලස්සනයි..
හිහිහී.. ගොඩක් දෙනෙක්ගෙ හිත රැදුන තැනක්..
Deleteස්තූතියි සහෝ.. :)
සිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
ReplyDeleteදෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...
ලස්සණ කවිය අක්කේ...මට ඊයේ වුන දෙයක් මතක් කලා :(
උඹට ඉතින් මොනවා ලිවුවත් මතක් වෙන්න දෙයක් තියෙනවනේ..
Deleteනෑහෑ සහෝ ඊයේ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි.මම ඔයාට කියන්නම්කෝ
Delete:( දුක හිතුණ මතකයක් වගේ මලයට මතක් කලේ..
Deleteසමහර දේවල් කාලය විසඳයි මල්ලියෝ..
@ දිනේෂ්- මලයා දුකින් ඉද්දි කියන කතා.. :P
කවිය දෙපාරක්ම කියෙවුවා.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteඋරහිසේ ඉඩක් හම්බුවේවි.. බය වෙන්න එපා...:) දැන් කාගේ උරහිසේද මේ හිස තියා ගනන්න අහන්නේ?
මේකට මම උත්තරයක් දෙන්නනද?හෙහ් හෙහ් :P
Deleteස්තූතියි දිනේෂ්..
Deleteහිහිහී.. සංසාරෙ පතාගෙන එන කෙනෙක්ටලු.. :D
@ මලයා- හිහිහී.. ඕන් ඉතින් බොරු උත්තරයක් දෙන්නලු යන්නේ.. :P
පැතුමින් පිරුණ මේ පදපෙල බොහෝම ලස්සනයි නංගී.
ReplyDeleteගොඩක් ස්තූතියි ඩීන් අයියේ.. :)
Deleteලස්සනයි අක්කා... හරිම සුන්දර කවි ටිකක්.. !!!
ReplyDeleteස්තූතියි ශානි නංගියෝ.. :)
Deleteලස්‌සන කවියක්..
ReplyDeleteස්තූතියි ඩ්‍රීම්ස්.. :)
Deleteමොකටද ඉතින් බොරු කියන්නේ පට්ටමැ ලයින් එක තමා "දෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට..." :D
ReplyDelete:D හිහිහී..
Deleteස්තූතියි සහෝ.
ඇත්තටම ලස්සන පදපෙලක් අක්කියෝ..
ReplyDeleteපින්තුරෙත් නියමෙට ගැලපෙනවා. :D
තැන්කෝ නංගියෝ.. :D
Deleteපික්ෂු හැදෙනව අප්ප කවි ටික දැක්කම......
ReplyDeleteහෆොයි..!
Deleteස්තූතියි සහෝ. :)
හරිම ලස්සනයි නන්දු..
ReplyDeleteඔයාගේ බ්ලොග් එකට මට යන්න බැහැ නේ.ඒ මොකද?
Deleteස්තූතියි ගොඩක් සිත් රූ සිහින අක්කේ.. :)
Delete//ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස//
ReplyDeleteකවිය කියල ආවනම් රයිම් වෙනවා වගේ නන්දු..
කොහොම වුනත් අපූරු කවි ටික හරිම ලස්සනයි...
අලේ...
Deleteඒ වගක් කම්පනා වුණේ නෑ නොවැ
ස්තූතියි සහෝ. :)
කාටද මේ ලිවුවේ..කවුරු වෙනුවෙන් ද?..මගේ උරහිසටත් තවම කවුරුවත් නැහැ.හික්ස්....
ReplyDeleteඅම්මපා කවුරුත් නැද්ද බන් හෙහ් හෙහ්
Deleteහිහිහී.. ඉක්මනටම හරි කෙනාව මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරනවා අසාර් අයියට..!!! :D
Deleteස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට අයියේ..
ලස්සනයි, උරහිසේ උණුසුම විඳින එකත් සුන්දර අත්දැකීමක් මම හිතන්නේ!
ReplyDeleteහිහිහී.. :D
Deleteගොඩක්ම ලස්සනයි...
ReplyDelete~~ මුවාකර සිනහවට තුහිනයක සිහිල් පොද
ලියූ නුඹ හිත ඇතුලෙ මගෙ නමින් කාව්‍ය ලෙස
දුටුව මා නුඹ නෙතින් තරු ඇසට රටාවක
මගෙ නමින් ලියූ කවි දැක පුදුම හිතුණි මට ~~
හිතට දැනුනා ගොඩක්ම...
:)
ස්තූතියි නෙත්පානි.. :)
Deleteනිදිමතත් ගියා නොවැ..
ReplyDeleteමාත් පේස් බුකියේ ගෘප් එකේ දානවා කවි..
හිහිහී... :D
Deleteකුමන ගෘප් එකේ දෝ... දැක්කෙ නෑනේ සෑම්.. :(
ලස්සන කවිටිකක්! :)
ReplyDeleteස්තූතියි මලේ.. :)
Deleteලස්සනම ලස්සනයි
ReplyDeleteස්තූතියි ගොඩක්.. :)
Deleteලස්සනයි අක්කේ ගොඩාක්...
ReplyDeleteස්තූතියි මල්ලියෝ ගොඩක්.. :)
Deleteහරිම ලස්සනයි නංගා...ඔය උරහිසේ උණුසුම කියන්නේ නැතුවම බැරි දෙයක්..
ReplyDeleteඅදයි මේ පැතට ගොඩ උනේ . ලස්සනයි කවි ටික.
ReplyDeleteඔන්න ඔයාගේ සිංදුව දෙනවා ඊලඟ ඉරිදා නිශාන්තයෙන් එන්න අහන්න .
ඔයාගෙ පැතුම ඉටුවේවා..ලස්සනයි
ReplyDeleteහරිම ලස්සනයි අක්කේ..
ReplyDeleteසිහින මල් කඳුළු වැල් ගලායන බර දරන්
නීල නෙතු පියවෙනා විටදි මා ලඟ ඉඳන්
ඔබේ ඔය උරහිසින් මගේ පෙමේ බර දරන්
නලල් තල සිප ගන්න හිඳිනු මැන ආදරෙන්
හරිම ලස්සනයි අක්කේ..
ReplyDeleteහැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDeleteහරිම ලස්සන අපූරු කවි සිතුවිලක්......
ReplyDeleteගොඩක් ලස්සනයි යාළුවා!! සුන්දර කවි පෙල ...ජය වේවා!!
ReplyDeleteසිහිල් සඳ එළිය ලැබ කුමුදු මල් පිපෙන කල
Deleteදෙනවාද මට ඉඩක් උරහිසේ උණුහුමට...
ලස්සන පද පෙලක් යාළුවා!
සුන්දර කවක්
ReplyDeleteසියත් පත් මත බිගු රැඟුම්දී නුරා පහසින් මත්වෙනා සඳ
මේකුලක් ගෙන දෑස වැසුවේ සරා සඳටත් ලැජ්ජ හිතිලද
දිවුරලා ඉරු සඳු සපත කර හාදුවක් තවරා කොපුල් මත
කියමි සත්තයි මියුලැසියෙ මම නුබට පමණයි මගෙ හදවත
මේ කවත් සුන්දරයි ගොඩක්..!
Deleteස්තූතියි සහෝ. :)
ලස්සනයි
ReplyDeleteස්තූතියි මල්ලී..
Delete