04 January 2012

ප්‍රශ්න එක්ක සෙල්ලමක්..

පරණ අවුරුද්දකුත් ගෙවිලා.. අළුත් අවුරුද්දෙනුත් දවස් ගණනක් ක්ෂය වෙන්න පටන් අරන්.. අළුත් බලාපොරොත්තු.. තිබුණ බලාපොරොත්තු වල ඉලක්ක වලට පියවරක් ඉදිරියට තියන්න පරණ අවුරු‍ද්දෙන් අළුත් අවුරුද්දක කාලයක් ලැබිලා.. අද ඊයේ ප්‍රථිඵලයක් වගේම එය හෙටට හේතුවක්.. පරණ අවුරුදු ගණනකින් සමහර විට අපි අළුත් අවුරුද්දටත් නොවිසඳුන ප්‍රශ්න අපිත් එක්කම මේ අවුරුද්දට එන්න ඇති.. 

ප්‍රශ්නයක් නැති එකත් සමහර අයට ප්‍රශ්නයක්නෙ.. එහෙනම් නන්දු අද පුංචි ගණිත , මනෝමය ප්‍රශ්නයක් දෙන්න යන්නේ.. මේ දේ ‍මේ විදිහෙන් හිතලා ප්‍රායෝගික ජීවිතයට ඇතුල් කරගන්න කියලා දුන්නෙ නන්දුගෙ යුනියෙ ගියසතියෙ පාඩමෙන්ම තමයි.. හිතුණා ඔයාලත් එක්ක බෙදාගන්න.. මේක ප්‍රශ්නයක්ම කරගන්න එපා ඔන්න.. ගොඩක් දෙනෙක් මේක ගණිත ගැටළුවක් විදිහටත් සෙල්ලමක් විදිහටත් කරලා ඇති.. ඒ අයත් බලන්න මේ සෙල්ලම මේ පැත්තෙනුත් බැලුවද කියලා.. 
කොළයකුයි පෑනකුයි අතට අරගෙන මෙන්න ප්‍රශ්නෙ ඇඳගන්න..
ප්‍රශ්නය : මේ තිත් නමය ඉරි තුනකින් හෝ හතරකින් එකට යාකරන්න 
නීතිය : යා කරන අතර පෑන එසවීම තහනම්..!

මේ දේ පුංචි සෙල්ලමක් කියලා ඔයාලා හිතයි.. ඇත්තටම හරි.. එත් මේ පුංචි සෙල්ලම ඇතුලෙ අපේ ජීවිත වලට උගන්වන දේ ගොඩක් වටිනවා..

හරි.. දැන් ඔයාලා හැම විදිහකටම උත්සහ කරන්න ඇති.. බලන්න පහලින් තියෙන ඔයාලගෙ උත්තර මං කොපිකල හැටි හරිද කියලා.... කොලේ නවලත් බලන්න ඇති නේද සමහර අය.. 
ඒත් කොලේ වහන්න බෑ ඕන්... :D  

හිතන්න.. අළුත් දෙයක් ඉගෙන ගන්න කල් අපි නිතරම හිතන්නෙ අපිට මවලා දීලා තියෙන ඒ පුංචි ලෝකෙ ඇතුලෙ ඉඳගෙන.. අපේ මොළය ඇතුලෙ තියෙන සිස්ටම් එකටයි අපි ක්‍රියාකාරීත්වී වෙන්නෙ.. අපිට වෙනස් දෙයක් ඕන කියලා හිතෙන තාක්.. අපිට අනිත් අය විසින් පටවලා තියෙන නීති ඇතුලෙම අපේ ජීවිත ගෙනියයි.. අපිට මේ රාමුවෙන් පිටතට යන්න ඕනෙ කියලා හිතෙන තාක්.. 

අද ඔබත් මමත් විදුලි පහනෙන් ආලෝකය දකින්නෙ.. අන්තර්ජාලය හරහා සම්බන්ද වෙන්නෙ.. මෙහෙම බ්ලොග් පිටුවක් ලියන්න පසුබිමක් නිමැවුණෙ , දුෂ්කරතා.. වැරදීම්.. අඩුපාඩු මැද... උත්සහයන් මැද්දෙන්.. ඒ අයගෙ හිත් වල මැවුණ වෙනස් සිතිවිලි වලින්.. වැරදි වැරදි හෝ දැරුව උත්සහයන් තුලින්.. ඒ අයත් අනිත් අය වගේම හිතුවොතින්.. එදා තිබුණ ඒ තඩි පරිඝණක ඒ විදිහටම අදත් තියේවි.. අද ඔබත් මටත් මේ විදියට සිංහල යුනිකේත නොතිබේවි.. ගමනා ගමනයට තවමත් සතුන් යොදාගැනේවි.. අළුත් අවුරුද්ද උදාවෙද්දී.. ග්‍රහදෝස තාරකා දෝස හිතේ තියාගෙන.. අනිත් අයගේ මිම්මෙන් තමන්වම මනින්න උත්සහ කරන... වැස්ස නිසා සීතලයි.. අව්ව නිසා රස්නෙයි කියලා අපේ ජීවිත වල එක දවසක් හරි ඉලක්කවලට අපිට යන්න තියෙන කාලය අපි පමා කරනවනම්..  අපතේ යවනවනම්.. ඔබේ අනාගත ගොඩනැගිල්ලෙ ශක්තිමත් පාදමට එක ගඩොලක් කොතැනක හෝ අඩුවේවි..

උත්සහ කරන්න.. වෙනස් විදිහට දකින්න.. අපි හැමෝම ජීවිතෙන් පාඩම් ඉගෙන ගන්නවා.. ජීවිත‍ය මේ විදිහ කියලා සම්පූර්ණ නිර්වචනයක් දෙන්න අපි අතරින් කාටවත් බෑ.. එක එක්කෙනාගෙ ජීවිත එක එක විදිහ.. ඒ ජීවිත වලට ප්‍රශ්න එන්නෙත් විවිධ හැඩ වලින්.. උත්සහ නොකර කවදාවත් අපිට වරදින්නෙ නැහැ.. වරදින්නෙ නැහැ කියන්නෙ අපි අළුත් දෙයක් හොයාගන්න උත්සහ නොකලා කියන එක.. උත්සහ කරන්න.. ඔබ වැරදි වැරදි හෝ මේ ඇන්ද කටුසටහන් වගේ.. ප්‍රශ්න වල ඇතුල ඉඳන් ඒ ප්‍රශ්නෙ විසදනවට වඩා.. පිටින් ඒ ප්‍රශ්නෙ දිහා බලන්න.. ප්‍රශ්න එකපිට එක ඒවි.. ඒත් ඒ දේවල් වලට වෙනස්, නිවැරදි විදිහට විසඳුම් හොයන්න පුංචි හරි උත්සහයක් දරන්න.. මේ පුංචි සෙල්ලමෙන් දෙන පණිවිඩයත් ඒකයි.. අපි හැමෝම රාමුවකට කොටුවෙලා ඉන්න තාක්කල්.. හිතනතාක්කල්.. කවදාවත් අපේ අතින් අළුත් නිර්මාණයක් බිහිනොවේවී.. ඔබ ලැබුව වටින මනුෂ්‍ය ආත්මයේ ජීවිතේ වටිනා කාලයෙන් ඔබත් රටටවත් කාටවත් ප්‍රයෝජනයක් නොවී කාලය ගෙවිලා තියේවි.. 

සමහර ප්‍රශ්න වලට එක විසඳුමක් විතරයි ඕනෙ.. ඒත් අපි.. ඒක සම්පුර්ණ විසදුම් හොයන්න ගිහින්.. මුළු ප්‍රශ්නෙ ඇතුලෙම ගිලෙන අවස්ථා කොයිතරම් තියෙන්න ඇතිද..? ඒ විතරද.. නිකන් තියෙන කරදර වලට කරදර කරන්න ගිහින් ඉල්‍ලගෙනම නාපුවා.. සමහර ප්‍රශ්න අපි විසින්ම ජීවිතේට ඇතුලත් කරගෙන ඔසවගෙන ඉන්නෙ හරියට කවුරු හරි පැටෙව්වා වගෙයි.. අර මහාචාර්යතුමයි වතුර වීදුරුවෙ කතාවයි අහලා ඇති නේද..? වෙලාවක අපිත් අත රිදෙනකල්, අත කැඩෙනකල් ඒ වතුර වීදුරුව වගේ අපේ ප්‍රශ්නත් අල්ලගෙන ඉන්නවා.. බිමින් තියන්නෙ නැතිව..
මේ තිත් වලින් පිට ගිහින් යා කරන්න එපා කියන නීතිය අපේ හිතෙන්ම අපි හදාගෙන ඉවරයි නේද..? මේ තිත් වෙනස් විදිහකින් යා කරන්න උත්සහ කරන්න ඔබව යොමුකරන්න පුංචි කාලෙ ඉදන් අපේ මනසට යොමුකල සිස්ටම් එක වෙනස් කරන්න දෙන්නෙ නැති හැටියක්.. ඇයි ඔය තිත්වලින් ටිකක් පිටතට අපි ‍ගියොත්.. :) 

ඔන්න බලන්නකො වෙනස් විදිහකට හිතලා ප්‍රශ්නයකට විසඳුමක් හොයාගත්ත ක්‍රමයක්.. :)




හිහිහී.. වෙනස් විදිහකට හිතලා.. ගූගල් දෙවියන්ගෙන් උත්තරේ හෙව්ව අය දැන් අත උස්සන්නෝ... :D
දවසක ප්‍රශ්න කෙනෙක්ට දවසකට ප්‍රමාණවත් නිසා ඕන් තවත්නම් පෝසට් එක දිග්කරන්නෙ නැතිව උත්තරේ පහල දීලා තියෙනවා.. 
විදි කිහිපයකට..


උත්තරේ හරිද බලන්න..

ඉරි තුනකින්


ඉරි හතරකින්


"Anyone who has never made a mistake has never tried anything new"
 Albert Einstein

පිළිගන්නවද.. :)

26 comments:

  1. Anyone who has never made a mistake has never tried anything new!
    පිළිගන්නවා මම නම්... :) :)

    ReplyDelete
  2. "Anyone who has never made a mistake has never tried anything new"
    Albert Einstein

    පිළිගන්නවද.. :) අනිවා! :)

    [අද ඔබත් මමත් විදුලි පහනෙන් ආලෝකය දකින්නෙ.. අන්තර්ජාලය හරහා සම්බන්ද වෙන්නෙ.. මෙහෙම බ්ලොග් පිටුවක් ලියන්න පසුබිමක් නිමැවුණෙ , දුෂ්කරතා.. වැරදීම්.. අඩුපාඩු මැද... උත්සහයන් මැද්දෙන්..]

    අැත්තය! අැත්ත අමතක කිරීම නවීන විලාසිතාවකි!

    ReplyDelete
  3. "Anyone who has never made a mistake has never tried anything"
    පිළීගනිමි!!

    // සමහර ප්‍රශ්න වලට එක විසඳුමක් විතරයි ඕනෙ.. ඒත් අපි.. ඒක සම්පුර්ණ විසදුම් හොයන්න ගිහින්.. මුළු ප්‍රශ්නෙ ඇතුලෙම ගිලෙන අවස්ථා කොයිතරම් තියෙන්න ඇතිද..?//
    මෙහෙම අවස්ථා මටනම් අනන්ත තියෙනවා...මේ අවුරුද්දෙ ඉදන්වත් හදාගන්න ඉන්නෙ.

    ReplyDelete
  4. aniwaryen piliganawaa..

    samagara dewal mulu jiwtha kaalema uththarayak hewwata hambenne naha..

    solly akki sinhala font eke awulak :(((

    ReplyDelete
  5. හනේ හරිගියේ නැහැ නේ.. ඔයාගේ කථාව ඇත්ත.හැම දෙයක්ම රාමුවක් ඇතුලේ ඉඳං හිතන්න නේ පුරුදු වෙලා ඉන්නේ..

    ReplyDelete
  6. කෝ මගේ කොමෙන්ට් ඒක

    ReplyDelete
  7. අර අන්තිමේ ලියලා තියෙන කතාව සම්පූර්ණයෙන්ම පිළි ගනිමි.. මට වැරදුන තැන් නම් එමටයි.. ඒ ගැන මම ඔයාට පස්සේ දවසක කියන්නම්කෝ..

    ReplyDelete
  8. ගූගල් සරණං ගච්ඡාමි.

    ReplyDelete
  9. විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් මහත්මයා ඒ සොයාගැනීමට කලින් වරක් කිවුවා "මම අසාර්ථක වුණේ නෑ,බල්බයක් නොසාදන විදි 10,000ක් මම සොයාගත්තා" කියලා.එඩිසන් තමුන්ගෙ උත්සහය අතරමගින් නැවැත්වූවා නම් අපිට අද බල්බ තියේවිද?

    ගැලීලියෝ ගැලිලි සාම්ප්‍රදායික රාමුවට කොටුවෙලා හිතුවානම් ලෝකය අපිට අදටත් පැතලි තැටියක්ම විතරයි.ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනත් ගැලීලියෝ තමන් විශ්වාස කරපු දේ අත හැරියෙ නෑ.

    අපිට මේවායින් ගන්න ආදර්ශ ගොඩක් තියනවා.අලුත් අවුරුද්දත් එක්ක ඒ ගැන මතක් කරපු එක ගැන නන්දුට ස්තූතියි කියලා කියනවා...:)

    ReplyDelete
  10. කථාවනං ඇත්ත...මම මේ පොඩි වැඩක හිටියේ ‍ෆ්‍රී උනාම මේක බලන්නං....(යන්තං බේරුනා)....

    ReplyDelete
  11. ගණිත ගැටළුවක් ගිය දුරක්..හික්..හික්..

    කතාවනම් ඇත්තම ඇත්ත.සම්පූර්නයෙන්ම එකඟ වෙනව...මමත් ගොඩක් වෙලාවට සමහර ප්‍රශ්න හිතේ තියාගෙන​, මේවටනම් කවමදාක්වත් විසඳුමක් ලැබෙන්නෙ නැහැ කියල හිතුව අවස්තා තිබුන.කිව්වට මොකද මේ දැනුත් එහෙම තමයි.හිතන්න ගොඩාක් උදව්වෙන ලිපියක්.

    ප.ලි:මගේ බ්ලොග් එක පැත්තට ගොඩවුනාට ගොඩාක් ස්තූතියි....

    ReplyDelete
  12. මට ගනන් බෑ අනේ...හි හි..ඔන්න නොදුටු වගේම මාත් ෂෙප්..

    ReplyDelete
  13. @ ICE නංගියා- අනිවාර්යයෙන්ම නං‍ගෝ.. :)

    ReplyDelete
  14. @ අලි මල්ලියා- කතාව ඇත්තකි.. :)

    ReplyDelete
  15. @ හිතූ- ඇත්තටම සතුටුයි නංගියෝ.. මේ ලිපියෙන් වැදගත් දෙයක් ජීවිතයට එකතුකරගත්තට.. :)

    ReplyDelete
  16. @ වර්ණා- සමහර ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ අපි ළඟමයි නංගියෝ.. අකුරක් ‍එහෙට මෙහෙට කරලා බලන්න.. අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබේවි.. :)

    ReplyDelete
  17. @ අසරණයා- ඔව් අයියේ.. පුංචිකාලෙ ඉඳන් පුරුදුවෙලා තියෙන්නෙ එහෙමනේ.. :) මේ පැත්තට ගොඩවැඳුනට ගොඩක් ස්තූතියි අයියට..

    ReplyDelete
  18. @ දිනේෂ්- හැමෝගෙම ජීවිත වල කොතනක හරි වැරැද්දක් තියෙනවා.. ආපහු හැරිලා බලද්දි.. ස්තූතියි මේ පැත්තට ආවට දිනේෂ්.. :)

    ReplyDelete
  19. @ පැණි දොඩම්- හේහේහේ.. :D ස්තූතියි සහෝ. මේ පැත්තට ගොඩවැඳුනට.. :)

    ReplyDelete
  20. @ වවුලා- ආයුබෝවන් වවුල් සහෝ. අතීතයෙන් අපිට කොයිතරම් ආදර්ශ තියේද වර්තමානෙට.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.. :)

    ReplyDelete
  21. @ ඔබ නොදුටු ලොවක්- හිහිහී.. අන්තිමට උත්‍තරේ දීලා තියෙන්නේ.. :P හලි හලී.. කකුළුවා කොහෙන් ගියත් යන්න වෙන්නෙ මෙහෙන්නේ.. අල්ලගන්නම්කෝ.. :D ස්තූතියි සහෝ. මේ පැත්තට ගොඩවැඳුනට.. :)

    ReplyDelete
  22. @ සිහින මතකයන්- ආයුබෝවන් සහෝ. හිහිහී.. ඒකනේ.. අපි නොහිතන පුංචි පුංචි දේ තුලින් අපේ ජීවිත වලට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයයි.. :)

    ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඒ පැත්තෙ ඇවිත් යන්න එනවා අනිවාර්යයෙන්ම.. :)

    ReplyDelete
  23. @ පුංචි කුමාරිහාමි- නාඳුනන ගෙත්තමට ආයුබෝවන් පුංචි කුමාරිහාමී.. හිහිහී.. ඕන් උත්තරේ පහල තියෙනවා.. ගොඩක් ස්තූතියි මේ පැත්තට ගොඩවැඳුනට... :)

    ReplyDelete
  24. මම පොඩි කාලේ අපේ තාත්තා මට මේ පුරස්නෙම දැම්ම නිසා මතකයි. බ්ලොගට ආපු පලවෙනි දවසෙම පුරස්නයක් නොවැ දැක්කේ...

    අසරණයාගේ පෝස්ටුවක මේ පැත්ත ගැන සදහනක් තිබ්බ නිසා බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. හිමීට කියවමුකෝ..

    ජය...

    ReplyDelete
  25. අසරණයා අයියාගේ ලින්ක් එකකින් ආවේ ආපු ගමන් මොලේ කරකුට්ටන් කරන ප්‍රශ්නයක් හි හි වෙලාවට ගූගල් ලොක්කගෙන් හෙල්ප් එකක් ගත්තේ නෑ ඇත්තටම ඔයා කියන දේ හරියටම හරි අපි ලේසි දේ හොයාගන්නවා මිසක් කවදාවත් හිතන්න කාලයක් වෙන් කරන්නේ නෑ දැන් අධ්‍යාපන රටාවත් එහෙමයිනේ අපි මෙහෙම හරි හිතයි අපෙන් පස්සේ පරම්පරාවට දෙයියන්ගේ පිහිටයි...
    ලියන විදියට කියවන්න හිතුනා පස්සේ වෙලාවක් අරන් අග ඉදන් මුලට කියවනවා දැන් අසරණයා අයියා දාපු ලින්ක් දිගේ යන්න ඕනේනේ...

    ඔයාට මගෙන් සුබ පැතුම් ජය වේවා

    ReplyDelete