25 February 2013

රෝස මලින් ආචාරය..!

දෙකම්මුල් සීතලෙන් හැකිලෙන
දුර ගමනකට මඟ බලමින් 
තවමත්.. 
එදා සෙනෙහසින් 
රැදි දෑස්..
තනිනොකර වමතින්..!

යැපෙන දිවිමත
තවත් එක් දවසක්ව
ඒ සීත
නොසලකා
පරවියන්
ඔහු වටා රොක්ව..

කුසගිනි නිවන 
පාන්..
කැබලි ගෙන
සිනාවත පුරවගෙන
ඔහුත් ඇයත්
පවුල් ගණනක
කුසගිනි
පිරිමසන...

ඇය 
ආදරබරව.. 
ඝණ රෙදි දවටමින්
ගෙල වට..
වයසට 
ඔච්චම් කරන
සීතලෙන් 
ඔහුව 
සුරකින..

කිරි සුවඳ..
පාට
කොණ්ඩයෙන් 
සඟවගෙන
එහා මෙහා 
යකඩ කටු ගිලුණු
ඉරුණ ඩෙනිමෙන්
උස් පාවහන්
මතින්...

ආඩම්බර
රතු රෝස මල් 
දැක
තවමත්
තරුණ..!
නෙත් සතරකින්
අහිංසකව
සිනාවිය..
උතුම් වූ හදවතින්..!
සැබෑ
ආදරය දරාගෙන..!

නිමිත්ත- හිම සීතලෙන් වැසුන පෙබ.14 දින බස්නැවතුම් පලේ බරාදයට වී දුරගමනකට පෙරාතුව මහළු දෙමහල්ලන් කුසගිනි නිවන්නට තිබුණ පාන්කැබලි ඔවුන් වටා රොක්වෙන පරවියන් වෙනුවෙන් සතුටින් දැමීමූහ.. ඒ ඉදිරිපිටින්, ආදරවන්තයන්තයගෙන්/ආදරවන්තියගෙන් ලැබූ තෑගි, රෝස මල්ගෙන උජාරුවෙන් එහා මෙහා යන තරුණ ජීවිත දැක 
ඒ දිහා බලාසිටි මට මෙසේ සිත්විය..
සැබෑ
ආදරය නම් මෙයැයි..!

36 comments:

  1. එලැය.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. Replies
    1. ඒ දෙමහල්ලන් දිහා බලාගෙන හිටිය මටත් එහෙම හිතුණා. ආදරයට එක දිනයක් මොකටද..

      Delete
  3. ලස්සන සිතුවිලි දෙකක්..

    ඔබේ කවි සිතුවිල්ල සහ ඒ යුවලගේ සිතුවිල්ල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ දිරිගැන්වීමට චන්දන..

      Delete
  4. //සැබෑ
    ආදරය නම් මෙයැයි..!// ඇත්තටම :) හරි අමුතු ලස්සන සිතුවිල්ලක් අක්කි!! :) ආදරේ ගැන දකින්න පුළුවන් මොනතරම් කෝණ තියෙනවාද නේද?

    ReplyDelete
    Replies
    1. අනිවර්යයෙන්ම නංගා. මේ ලෝකය රඳා පවතින්නෙත් ආදරය මතනෙ :)

      Delete
  5. ඇත්ත සැබෑ ආදරයනම් මෙයයි.

    ReplyDelete
  6. සංවේදී මිනිසුන්ට පුංචි දසුනක් පවා හොඳටෝම ඇති.අපූරුයි කවිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ දිරිගැන්වීමට..!:)

      Delete
  7. පදපෙල පුරා කවිසිතක නැඟුන ගෞරවාන්විත සුවඳ දැනේ, ලස්සන ඉදිරිපත් කිරීමක් නන්ඳු.

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා කාලෙකින්..! තුති මේ අගය කිරීමට..

      Delete
  8. සැබෑ ආදරය නම් මෙයයි,, අවිවාදයකින් එකග වෙනවා.. ලස්සන අදහසක් නන්ඳු,,

    ReplyDelete
  9. හ්ම්ම්ම් ! හරිම ලස්සනයි කවි සිතිවිල්ල..

    ReplyDelete
  10. ඔබේ උත්සාහය සාර්තකයි කිව හැකියි. අරුත් ගලපා ගත හැකිය. ඉතට කාවදී. කවි ගැන විචාර නොදන්නා බැවින් විචාරය කළ නොහැකිය.

    ReplyDelete
  11. මේ කවියත් පෙබරවාරි 14 දැම්මානම්.... කොහොමත් ආදරයමනේ....

    ReplyDelete
  12. නිමිත්ත නියවනකොට මට මුළු කතාවම මැවිලා පෙනුනා අක්කේ

    ReplyDelete
  13. සුන්දර අදහසක්

    ReplyDelete
  14. අනිවාර්‍යයෙන් කවි සිතකට කවියක් නොලියාම බැරි දර්ශනයක් දැනුන දේ ලස්සනට කවියෙන් සිතුවම් කරලා!

    ReplyDelete
  15. ලස්සන කවියක් හැමදාම වගේ..

    ReplyDelete
  16. මට නම් කවි කොහොමත් සුන්දරය.ඒ මට එය ගොතන්න බැරි බැවිනි.

    ReplyDelete
    Replies
    1. උත්සහයක් කලොත් ලස්සන කවියක් ලියැවේවි අක්කෙ..

      Delete
  17. කිසිම තර්කයක් නැතුව ඔප්පු කරන්න පුලුවං (Y)

    ReplyDelete
  18. // දෙම්මුල් සීතලෙන් හැකිලෙන// මේක වැරදීමක්ද නැත්තම් කම්මුල් වලට කියන තවත් නමක්ද?

    අපූරු කවියක් නන්දූ..

    ReplyDelete
    Replies
    1. හෆොයි.. වැරදීමක් අක්කෙ.. අක්කා කියනකල් මං දැක්කෙත් නෑ.. ස්තූති ගොඩක් වරැද්ද නිවැරදි කලාට.. :)

      Delete
  19. හරිම ආදරණීයයිසටහන් නන්ඳු. ආදරය මියෙන තෙක්ම එක වාගේ විය යුතුයි කියා තමා මාත් හිතන්නෙ.

    ReplyDelete
  20. ලස්සන අදහසක්...අද තමයි මේ පැත්තට ආවේ

    ReplyDelete
  21. ලස්සන අදහසක්...අද තමයි මේ පැත්තට ආවේ

    ReplyDelete
  22. සුන්දර සිතිවිල්ලක්

    ReplyDelete
  23. සුන්දර සිතිවිල්ලක්

    ReplyDelete
  24. ඇත්තටම හරිම ලස්සනයි :) :)

    ReplyDelete