17 May 2013

වීරත්වයේ මතක අහුරු..


කාලයේ මං තලා යට
හුදෙක් සැඟව ඉසිඹුලන
වීරත්වයේ මතක අහුරු
පිටු පුරා‍වෙන් පැන
ධජයට බැඳුන...
එකම රුධිර ඝණයට..

වතුර ලුණු රසට
නිතැතින් එකතු වී ඇසට
හැඟුමන් මතින්
සුසුම් ගිනි සිඹින
ඈත
වන්නියට වී..


ලය රිද්ම
ගැයෙනුවස් තාලයට
නුඹ නොදැක්කත්
ඇසෙන්නැති
වියළි උඩු හුළගේ..
යාතිකා
එදා..

බොහෝ පැතුමන් දරාන..
ලෙසින්
එකම
සොහොයුර..!

වෙසෙස් ගරු බුහුමනින්..
සැතප නිහඬව..
නිවාඩුව... ගම් බලා..
ළබැඳියන්
හෙළන දුක්
ගුණ වරුණ
නොඅසාම..

අහිමිව..

බෙදනු බැරි ජයටැඹ
මුසපත්ව
පෙන්වමින
සත් මඟුල්
ඉච්ඡාවෙන්..
ඔවුන්
අද..


එදා
කළුවර
වසන්තය
එලැඹූ..
අඳුරම රළු දෑතට
අද බලකරන
නුඹට..

කියුබ් ගණනින්
වැඩි නැතිද බර..?
                  දරාගන්න හදවතට..!


13 comments:

  1. කදුලක් ඉපැද්දූ කවියක්!

    ReplyDelete
  2. නන්දු මහන්සියෙන් අමුණපු මේ පදවැල් දැක්කම මට නන්දා මාලනිය ගයන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගොතපු පදවැලක් මතක් වුනා.

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන මේ පස්කදු යට රහසේ
    මිහිකත කම්පා වී.....පුපුරා දෙස් දේවි...

    ReplyDelete
  3. අමුතුම ආරක නිර්මාණයක්..හිතට දැනුනා තදින්ම

    ReplyDelete
  4. සිතට දැනෙන ආඩම්බර පද පෙළක්.

    ReplyDelete
  5. අමුතු, ලස්සන.., වගේම මොහොතකට හිත කම්පා වෙන සිතුවිල්ලක් අක්කි. ලස්සනයි!

    ReplyDelete
  6. එදා සහ අද කාලය වෙනස් වූ හැටි.. කවියෙන් හෙළිවන යථාර්ථය එයයි.

    ReplyDelete
  7. මේ කාලයේ වෙනසක්ද නැත්නම් සමාජ චින්තනයේ වෙනසක්ද යන පැනය මතු කරන නිර්මාණයක්,,

    ReplyDelete
  8. Replies
    1. ලියන්ටකො අලුත් යමක්

      Delete
  9. අගෙයි....
    හ්ම් නන්ඳු මිස් මොකද හුඟ කාලෙකින් මොනවත් ලියල නැත්තේ...
    හොඳින් ඉන්නව කියල හිතනව... හ්ම්...
    තෙරුවන් සරණයි !

    ReplyDelete
  10. ලස්සන නිර්මාණයක්.......

    ජය වේවා......

    ReplyDelete
  11. නියමයි... ලස්සන නිර්මාණයක්...
    සුභ පැතුම්..

    ReplyDelete