29 December 2012

මාවතක්



ජීවිතය අතොරක්
ඒ මැදට වන් වූ
කටු පිරුණු සෙවනක්
සදයි නෙක මලින්
පෙන්වමින් සිහසුනක්
දෑස් බඳිමින් 
වසා සලකුණු විටෙක
ඇවිදවා සතර අත
කරයි කප්පාදු 
ඉසිඹුලක්
දවයි හිරු රැස්
 නැතිව පවසට පැන් දියක්
ලබා නෙක කුසිත් බවනක
ස්වප්න දිය ගෙන
වේවි තුසිතය 
පසුව
ඇස ගැටුණ
මලින් පිරිගිය මාවතක්..!

34 comments:

  1. පොඩි පද්‍ය සංග්‍රහයක් එහෙම එළි දක්වන්න හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. තවමත් ආධුනිකයි මට හිතෙන විදිහට..
      ස්තූතියි ගොඩක් මේ අදහසට.. :)

      Delete
  2. ලස්සන පද පේළිය යාළු!!

    ReplyDelete
  3. කියෙව්වා,ඒ වගේම රසවින්දා .ඒත් මෙන්න මේ ටික මට හරියට තේරුම් ගියේ නෑ.
    //ලබා නෙක කුසිත් බවනක//
    මොකද්ද මේ කුසිත් බවනක කියන්නේ ?තුසිත් බවනක් කිව්වොත් නම් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. කුසිත= අලස බවින් පිරුණ :)

      Delete
    2. ස්තූතියි රතු රජරට.. :)
      මං එකපාරට දැක්කෙ රතු රටකජු වගේ.. :D

      Delete
  4. සදහම් අනුත්තරDecember 29, 2012 at 9:53 PM

    මලින් පිරි මාවතක්
    තබයි පියවර සෙනහසින්
    සොයයි නෙක තුරු මානයක්
    මිලින අතු අතර ප්‍රේමයෙන්
    හැර දමා ගිය මතකයක්
    නොහදුනා සදාකල් ප්‍රේමයක්
    රැදුන අතැගිලි අතර හෙමින්
    සොයයි ජීවිතය ස්වප්නයෙන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම.. කාලෙකින් මේ පැත්තෙ.. :)
      ආදරයට විතරක් නෙමෙයි ජීවි‍තයේ හැම පැතිකඩකටම වලංගුයි සදහම්..
      ස්තූතියි ගොඩක්..!

      Delete
  5. අපූරු පද ගෙත්තමක් නන්ඳූ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් ළිහිණි අක්කේ.. :)

      Delete
  6. තවංකව කිව්වොත් මට නම් ටියුබ් ලයිට්..

    ReplyDelete
    Replies
    1. හි හි හී.. :D
      පුදුමයක් නැත. ලිව්වෙ ජීවිතයේ වටින දේවල් ලබාගන්නට අපිට කොයිතරම් වෙහෙසෙන්න වෙනවද කියලා.. වෙලාවකට කාලය විසින් අපිට දෙන දඬුවම්, රැවටීම්.. ඒත් ඉවසීමෙන් හරි ඉලක්කය වෙත යෑමෙන් අන්තිමට අපේ ජයග්‍රහණය ලැබෙනවා.

      ස්තූතියි.. :)

      Delete
  7. ආවෙමි, කියෙව්වෙමි, රස වින්දෙමි, ගියෙමි.. :)

    ReplyDelete
  8. සුන්දර යමක් ලබා ගැනීමට ඇති අපහසුව..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. :)
      ස්තූතියි..!

      Delete
  9. හිතට දැනුනා.. ජයග්‍රහනයේ කටුක බව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුත් ග්‍රහණයට.. :)

      Delete
  10. මිරිගුවක් කියල හිතුනට මහන්සි වෙලා වැඩ කරන කෙනා ඒ මිරිගුව ජයගන්නවා.. එහෙම නේද?
    වටින කවියක් නන්දු අක්කේ.

    ප.ලි_
    අර පළිගු සිහින වගෙ කෙටිකතාවක් ලියන්නකො ආයෙ.ඒක හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ජීවිතේ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

      Delete
    2. ස්තූතියි නංගා.. නංගියටත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා..!

      පළිඟු සිහින කතාවක් ආයෙ ලියන්නම්කො.. :)

      Delete
  11. ජීවිතය නම් වූ කලී, ඒ පිලිබඳ සිතීමට ගිය කල මනසද අන්දකයිප්පු වන අපුරුතම දෙයකි.. මම තේරුම් ගත්ත විදිහට මේ කියන්නේ ජීවිතය ගැන නේදෝ...?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. අන්දකයිප්පු වේ.. :D
      ජීවිතය ගැන තමා මල්ලියා..

      Delete
  12. ලස්සන පද ගෙත්තමක්....ජීවිතය කටුකයි කියන්නෙ ඒක නිසා තමයි...

    සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ජීවිතය ඒකයි..
      ස්තූතියි සිරා..

      Delete
  13. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.
    මේ වසරේත් අකුරු ගෙත්තම් කරමු.

    ReplyDelete
    Replies
    1. සියළු පැතුම් ඉටුවෙන සුබ නවසරක් වේවා ඔබටත්..!!!
      ස්තූතියි ගොඩක්..

      Delete
  14. අපූරු පද ඇමිණුමක්! සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ‍සුබ නවවසරක් වේවා ගි.නි
      ස්තූතියි..!

      Delete
  15. ජීවිතේ මහ පුදුමයි! අපූරු පද ගෙත්තමක් නන්දු.

    ReplyDelete
  16. පද ගෙතුම නම් ගොඩක් හොදයි එත් පොඬ් තැනක් ටියුබ් ලයිට් මොකද්ද මේ කුසිත් බවනක කියන්නේ O.O

    ReplyDelete
    Replies
    1. කුසිත= අලස බවින් පිරුණ :)

      අන්තිම කමෙන්ටුවට මම සැබෑ උත්තරය ලියන්නම්..සරලව

      ජීවිතය අතොරක යනවා වගේ ගමනක් එහෙට මෙහෙට වැනෙන ඒත් ලණුව මතම බැලන්ස් කරගෙන යායුතු එහෙම යනකොට කටු වලින් පිරුණ ‍ඒත් හෙවනක් හම්බවේවි. ඔබත් මමත් නවතීවි ඒ ඇත්ත සිහිලස කියලා රැවටිලා ඔබ සිතාවි එය මල්වලින් පිරී තිබෙන බව ඔබට පෙන්වාවි සිහසුනක්, රවට්ටමින් මනස ජීවිතයෙ ෂෝට් කට් එකකින් ඉහළට යන්න.. සමහර විට ඇස් වසමින්, තවත් වෙලාවකට මඟ සළකුණු සඟවමින්, හතර අත ඇවිදවා.. මහන්සිකොට ඔබව නියම මඟට යොමුකරන්නට අත්දැකීමි ලබාදේවි.. විටෙක මිතුරු හිරු රැස් තවත් විටෙක නපුරවෙමින් තිබහට පැන් බිඳකුදු නැතිව.. ඔබ කම්මැලිව සිහින දුටුවොතින් මේ බවනතුල (කම්මැලි කමින් පිරුණ මේ පොළව තුල)ඔබට මියැදෙන්නට සිදුවේවි ජයග්‍රහණය නොදැකම.
      ඒත් ඒ බාධක සියල්ල ජයගෙන හරිමඟ ඔබ සදාගත්තොත් ඔබට දකිවී පසුවට තුසිතය ලස්සන මලින් පිරුණු මාවතක් බව..

      Delete