11 December 2012

වැහි ළිහිණි..

මම 
මගේ පාඩුවේ ඔහේ හිටිය
ළිහිණියක්..!
නුඹ අරන් ඇවිත් 
ආදරණීය වැස්සක්
ඒ මේඅතට විසිකරන්..
මං 
තෙමෙන්නට බියෙන් 
පියඹගෙන ගියේ 
සැඟවෙන්නට සෙවනක්..!
නතරවුණේ..
ශක්තිමත් පියාඹදකට මැදිව
උණුහුමක්..
ඉතින් දැන් මං
නුඹ නමින් 
වැහි ළිහිණියක්..!

46 comments:

  1. ආදරණීය වැස්සක
    තෙමී තෙත බරිත උන
    මමත් වැහි ළිහිණියක්...

    වැහි ළිහිණියට ගෙතුව පද ටික ලස්සනයි නන්ඳූ..

    ReplyDelete
    Replies
    1. පළවෙනි කමෙන්ට් 1කම ළිහිණි අක්කගෙන්.. :D
      ස්තූතියි ගොඩක්..

      Delete
  2. නන්ඳු කාටද ඇත්තටම නාඳුනනියක් උනේ?

    ReplyDelete
    Replies
    1. නාඳුනන්නියක්..! නෑ නෑ.. මේ වැහිළිහිණියක්.. :D
      ස්තූතියි StD

      Delete
  3. ලස්සන අදහසක්, ලස්සන පද ගැලපුමක් නන්ඳු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් ඩීන් අයියේ.. :)

      Delete
  4. සරළයි , ලස්සනයි නන්දු .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම් අක්කේ.. :)

      Delete
  5. ඉතින් දැන් මං
    නුඹ නමින්
    වැහි ළිහිණියක්..!

    සිත් ගත්තු කවි පද ටිකක් යාළු

    ReplyDelete
  6. අරුත වටහාගතිමි... වැඩි මහප්‍රාණ නැති සරළ සුන්දර පද පෙළක්...

    ReplyDelete
  7. කෙටි යෙන් වුනත් කවි පන්තිය ආදරණිය හැඟීමක් එකතුකරන සිතුවිල්ලක් යැයි කීවොත් ඒක නිවැරදියි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මේ දිරිගැන්වීමට.. :)

      Delete
  8. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... ඒ උණූසුමට මැදිවෙලා හැමදාම ඒ නමින්ම ඉන්න ලැබෙන්න ඕනෙ වැහි ලිහිණියාට :) <3

    සරලයි!! ලස්සනයි!! ආදරණියයි!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් පොඩ්ඩියේ.. <3

      Delete
  9. හරිම ආදරණීයයි නන්ඳු, ඒ සෙවන යට හැමදා රැඳේවා!

    ReplyDelete
  10. ලස්සනයි නන්දු .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බට්ටි අක්කේ.. :)

      Delete
  11. රකින්නම් හමදාම
    වැහි බිඳක නොතෙමන්න
    මගෙ නමින් මට ඉන්න
    මගෙම උනු ලිහිනිය :)

    ReplyDelete
    Replies
    1. නොයා දුර නුබ ගැබක
      කියා ගී සිත් තොසින
      ලැබෙන්නට ළිහිණියක්
      පතන්නම් ඔය හිතට.. :)

      කවි සිතිවිල්ල ලස්සනයි සමී..

      Delete
  12. වාව් අක්කේ...නියමයි...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතු පැතු මල්ලී.. :)

      Delete
  13. ඈ...........එහෙමත් වෙලාද දැන්......

    ReplyDelete
  14. මමත් වැහිළිහිනියක්..වැස්සකට හසු නොවූ..:)

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ඒවි වැස්සක් නංගියෝ..
      ස්තූතියි..! :)

      Delete
  15. ඇයි ඉතින් වැහි ලිහිනියේ වැස්සට යටින් යන්න තිබ්බනේ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අකුරු ගෙත්තටම..!

      හිහිහී.. තෙමෙන්න අකමැති වැහි ළිහිණියක්වෙන්න ඕනා..
      ස්තූතියි දසුන්.. :)

      Delete
  16. හැමදාම වැහි ලිහිණියක් වී ඉන්න
    ඔහු නමින්..
    සුබ පතමි ලිහිණියේ ආදරෙන්!

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා අකුරු ගෙත්තමට..!
      ස්තූතියි නංගියෝ..

      Delete
  17. වැහි ලිහිණි

    වැස්ස කඩා වැටෙන්න ළඟයි........... ද ?

    ReplyDelete
    Replies
    1. හිහිහී.. වැස්ස වැහැලනෙ..
      ස්තූතියි.. :)

      Delete
  18. ලස්සන පද පෙළක් නන්දු.....

    ReplyDelete
  19. සරලව අර්ථවත් විදියට ලස්සනට පෙළ ගැස්සු පැදි පෙළක්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොරලේ මහත්තයා.. :)

      Delete