18 August 2012

සිහිනයට අහස්කූරක්..!

"කීක්... කීක්..
මේ ලංකා ගුවන් විදුලි සේවයයි.."

කපුටා හත්වෙනි වතාවටත් බඩගින්නට ක්ලාන්තෙ දාන්න කලින් ඇහෙන බණ්ඩෙ මාමගෙ රේඩියෝව මුළු ගමම ඇහැරෙන්න දාලා බෙහෙත් නෙල්ලි ගස් මැද්දට මැදිවෙලා නිල් කැටේට පෑදුන උල්පතකින් හැඳුන ලිදෙන් කල වලට වතුර පුරවන්න අමතක කරන්නෙ නැහැ.. ඒ දවස් වල රේඩියෝව උදේ ඉදන් හවස් වෙනකල් මේ තරම් හයියෙන් දාලා තියෙන්නෙ විවාහය නිසා දරුවන්ගෙ අඩු පාඩුව මැවුණ නිවසෙ තනියට වෙන්න ඇති.. බණ්ඩෙ මාමගෙ නෝනා මහත්මියත් හරිම නිස්සබ්ද කෙනෙක්.. අපේ ගෙදරට එහා වත්තෙ තියෙන මේ ගෙදරින් එහෙමත් කටහඬක් ඇහෙන්නෙ පුතා හෝ දුව ගෙදර ආවම විතරයි.. ඒත් හැම සිංහල අවුරුද්දකටම පැණි වළලුත් එක්ක මං ආස කරන කොකිස් ආස්මී පිඟානට වැඩියෙනුත් දාලා එවන්න අමතක කරන්නෙ නැහැ.. වෙලාවකට කන්කරච්චලයක් වුණ රේඩියෝව ගැන ගමේ කවුරුවත් ඒ ගැන ගතු කියන්න තියාගත්තෙ නැත්තෙ කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණ, ගමේ හිටිය ‍පරණ පවුල් අතරින් කෙනෙකුත් නිසා වෙන්න ඇති.. 


සිංහල අළුත් අවුරුද්දත් ඉවර වෙලා එරබදු මලුත් බිම බලාගන්න පටන් ගනිද්දි.. ඕන් ඉතින්.. පළතුරුවාරේ.. ගෙදර වටේ තියෙන පළතුරු ගස්වල විතරක් නෙමෙයි.. හිටි ගමන් පොල් ගස්වලිනුත් කුරුම් බැට්ටි වැටෙන්න ගන්නෙ හරියට ඉඩෝරෙට වගේ.. අඹ ගහ උඩ තිබුණ අපේ පරීක්ෂණාගාරයටත් මේ හේතුවෙන් බරපතල හානි සිදුවෙන්න පටන් අරන් තිබුණා.. අයියගෙත් මගෙත් පසු විපරමකදි දැනගන්න ලැබුණෙ ලොකු ලේන්නු එකෙක් මදිවට තුන්දෙනෙක්ගෙම ක්‍රියාකලාපය මේකට හේතුවුණ බවක්..! 4වසරෙ විතර හිටිය මට ජීවිතේ ඉස්සරවෙලාම දඬුලේන්නුන්ව දැක්කෙ මේ කාලෙදි..

එහෙ මෙහෙ දුවන දඬුලේනු දෙතුන් දෙනෙක් නිසා වත්තට වෙන හානිය තක්සේරුවක් කරනවට  වඩා අපිට ඕන වුණේ.. පුංචි කාලෙ ඉදන් ආසවෙන් හිටිය ලේන් පැටියා වෙනුවට ඊට වඩා ලොකු සිහිනයකට යන්න.. මේ වදකාර දඬුලේනෙක්ව අල්ල ගන්න..! අයියගෙ ප්ලෑන අනුව ඉතින් අපි ක්‍රියාත්මක වුණා.. 
ප්ලෑන මෙහෙමයි.. කවදාවත් රතිඤ්ඥයක් පත්තු කරනවා තියා බැලුම් බෝලයක්වත් පිපිරුව නැති අපේ අයියා එක තැන ඉන්නෙ නැති දඬුලේනා දිහාවට ඉලක්ක කරන් අහස්කූර අල්ලගෙන ඉද්දි මට තියෙන්නෙ පත්තු කරන එක...

වෙලාවත් උදා වුණා.. දඬුලේනා හරියටම නැමුණ අත්තක් උඩ.. කිසිම සද්දයක් නැතිව හැලහොල්මනක් නැතිව බලාගෙන ඉන්නවා.. අපි දෙන්නම කුරුමානම් අල්ලගෙන නිදිකුම්බා කටු ඇනි ඇනි, කෝටු, කූඹි කකා , කහඹිලියා ගියේ ලේනව ටිකක් පේන තැනකට.. 

ෂූ....
 ගාගෙන පත්තුවුණ අහස් කූර අයියගෙ අතින් ඉගිලෙනවා විතරයි දැක්කෙ..

ඩෝං..!!!

මං ඇස් දෙක ඇරියෙ බිම ඉන්න දඬුලේනාව දකින්න.. මොන.. ඒකා තියා නැට්ටක්වත් නෑ බිම.. (ලේනා ඉඳීවි යෑ.. සද්දෙටම දුවන්න ඇති..)

එතකොට අහස්කූර..!

පත්තුවෙලා තිබුණෙ බණ්ඩෙ මාමගෙ ගෙදර වහලෙ උඩ..!

එදා ඉදන් බණ්ඩෙ මාම රේඩියෝව අඩු කරන්න ගත්ත හේතුව ග‍මේ කවුරු ටික දවසක් යනකල් කතාබහට අනිවාර්යයෙන්ම එකතු වුණා.. නෝනා මහත්මිය නම් කියලා තිබුණෙ කවුදෝ මහත්තයගෙ රේඩියෝවත් එක්ක වෛර බැදගත් එකෙක් එව්ව රතිඤ්ඤයක් කියලා.. වෙලාවෙ හැටියට හාමිනේ වතුර කේතලයක් ලිපේ තියමින් ඉදලා තියෙන්නෙ.. ඒක අනිත් පැත්ත හැරුණ බවත් වාර්තාවක් ආවාලු.. 

දඬුලේන්ස්ලා ටිකත් යහතින් ඉදලා අපේ ඔළුගෙඩි උඩට කුරුම් බැස්ටි ටික දාලා හෙමින් සැරේ යන්න ගියා.. අපේ අහිංසක හීනයට යැව්ව අහස් කූර රතිඤ්ඤයක් වුණා.. :( ගෙදරින් කන් පිරෙන්න බැනුම් නම් අහගත්තා..  අපි තීරණේ වෙනස් කලා.. ආයෙ කවදාවත් ලේන්නුන්ගෙ සිහිනයට අහස්කූරුනම් යවන්නෙ නැති වගට.. :)

53 comments:

  1. නන්දුගේ අහස් කූරු කතාව මටත් මගේ අතීතේ මතක් කලානේ.. පෝස්ට් එකක් ලියන්න දේවලුත් තියෙනවද කොහෙද මටත්..

    කෝම උනත් සත්තුන්ට ඔහොම වැඩ කරන එකට මම නම් විරුද්ධයි..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඕන් පෝස්ටුව ලියනකල් බලාගෙන ඉන්නවා අපිත්..

      හ්ම්ම.. අපිට ඕන වුණේ දඬුලේනව අල්ල ගන්න.. පුංචි කාලෙ කල මේ වගේ දේවල් ගැන නම් හිතට දුකයි.. ඒත් මොනවා කරන්නද.. ඒ පුංචිකාලෙනෙ.. :D

      Delete
  2. අපෙත් අහල පහල ගෙවල් දෙකක් තියෙනවා කන පැලෙන්න සිංදු දාලා ගමටම විනෝදය සපයන. අහස් කූරක් වත් යවලා බලන්න ඕනෑ ...!

    ReplyDelete
    Replies
    1. හේහේහේ.. අත්දුටුවයි ප්‍රත්‍යෂයි..! :D

      Delete
  3. ලස්සන කතාවක්.දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. කතාව අදට ඉවරයිලු.. :D
      ස්තූතියි

      Delete
  4. අනේ අපොයි මෙහෙමත් දඩු ලේන්නු ඇල්ලීමක්...:D
    කතාව කියවන් යද්දීම මැවිලා පෙනුනා..... නියම වැඩනේ අක්කලත් කරලා තියෙන්නේ...:)
    පව් අප්පා අර අහිංසක බණ්ඩෙ මාමා...:D ලේන්නු නම් වෙලාවකට මහා කරදර වැඩ කරනවා..:/ ඉතින් අක්කෝ කවදාවත් දඩු ලේනෙක් අල්ලාගත්තේ නැද්ද...?

    ReplyDelete
    Replies
    1. හිහිහී.. බණ්ඩෙ මාමා ගැන අපි කාටවත් හිතුණෙ නෑනෙ මේවගේ දෙයක් වෙයි කියලා.. :D

      නෑ නංගියෝ අල්ල ගන්න බැරිවුණානෙ දඬුලේනෙක්ව.. තුන්ඉරිලේන් පැටව් නම් හිටියා.. එයාලටත් වැඩිකලක් ගෙදර ඉන්න බැරිවුණා.. :(

      Delete
  5. මේ වගේ දඟ වැඩ නිසා වැඩිහිටියෝ නිරපරාදෙ බැණ අඬගහගන්නවා...කොහොම වුනත් ජොලියට කරන මේ වගේ වැඩ ජීවිතේටම මතක තියනවා..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. අනිවාර්යයෙන්ම රූ.. ඒ කාලෙ සුන්දර වෙන්න මේ වගේ වැඩත් තියෙන්න ඕනා.. :D

      Delete
  6. අෆ්ෆා නන්ඳු අක්කාත් හරි දඟ වැඩනේ කරලා තියෙන්නේ අයියා එක්ක... :)

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට හෙමීට ලියන්නම්කො තව දඟ වැඩ..
      ‍මගෙ අයියා ඉතින් මට ඉන්න එකම කාවා සහ වේයානෙ.. :D
      ස්තූතියි නංගො..

      Delete
  7. බොහෝ කලකට කලින් බලපු දගයා කාටුනය මතක් විය..
    පට්ටය.....

    ReplyDelete
    Replies
    1. ඈ.. දඟයා කාටුන් එකෙත් මෙහෙම කතාවක් ගියාද..
      ස්තූතියි මාඩා..

      Delete
  8. :D සත්ව හිංසාව හොඳ නෑ නේද නන්ඳූ?

    ReplyDelete
    Replies
    1. කවුරු ගැන හිංසාවද එහෙම කිව්වෙ.. :P
      හිංසාවක් කරන්න හිතුවෙ නෑ ඉතින්.. අපි අහිංසකයිනෙ..

      Delete
  9. නන්දු, ඔය සිද්ධියට ගැලපෙන, අපේ පැරැන්නෝ කියන පිරුලක් තියෙනවා " විද්දෙ පඳුරට වැදුනෙ හාවට" කියල. බැරිවෙලාවත් එදා අහස්කුර අයියගේ අතේ පත්තු වුනානම් ඒකටත් කියන්න පිරුලක් තියෙනවා.:D සරල කතාවක් වුනත් සිතිය යුතු පැති රාශියක් තිබෙන හොඳ නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. පොඩිකාලෙ වුණ ඇත්තම කතාවක් හේරත්..
      //බැරිවෙලාවත් එදා අහස්කුර අයියගේ අතේ පත්තු වුනානම් ඒකටත් කියන්න පිරුලක් තියෙනවා.:D//

      ඒ මොකද්ද.. :D

      Delete
  10. ඇත්ත ගොඩක් ආදර්ශමත් තමයි.සිද්දිය නම් ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  11. අපුරු කතාව :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමාවී නංගො.. :)

      Delete
  12. හරි අපූරු දඬු ලේන්නු ඇල්ලීමක් නේ. අහස් කූරු කිව්ව මතක් උනේ ඔය අහස් කූරක් යවන්න ගිහින් ඒක බිම දිගේ ගිහිල්ලා ළිහිණිට හොඳ ඇබැද්දියක් උනානේ..මතක් වෙද්දිත් හිනා යනවා

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඒත් අල්ල ගන්න බැරිවුණනෙ.. :D
      කෝ.. අපි බලාගෙන ඉන්නවා ඒ මතක සටහනත් අපි අතර බෙදාගනීවි කියලා ළිහිණි අක්කේ.. :)

      Delete
  13. එල එල
    හොඳ ළමයා... ;ඩ්

    ReplyDelete
  14. Replies
    1. තරුවෝ.. මොකෝ හිනා.. :P
      හිහිහී.. තුති වේවා මේ පැත්තට ගොඩවුණාට..

      Delete
  15. කාලෙකින් මේ පැත්තට අවෙත් ඒ වගේම බ්ලොග් අවකාශේටත් ඉතින් මාව බ්ලොග් වලින් විචිත්‍රවත් වෙන සිතුවිලි පෙළහර මතක් වුනා චින්ත සන්තපනයම හැගීම් සමුදායකින් වේලි ගියා........

    ReplyDelete
    Replies
    1. හම්මෝ.. මාත් මේ ඉඳලා හිටිලා දැම්ම ලිපියක්..
      ස්තූතියි සචිත්.. :D

      Delete
  16. gr8..... ලස්සන ගෙත්තමක්!!

    ReplyDelete
    Replies
    1. මේක පුංචි කාලෙ ගෙත්තමක්..
      ස්තූතියි නිපුන..

      Delete
  17. පවු අහිංසක ලේනා !

    ReplyDelete
    Replies
    1. ෂුවර්මද සෑමා කිව්වෙ ලේනටමයි කියලා.. :D

      Delete
  18. අන්න එහෙමයි අහස්කූරු යවන්නේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හා හා රජ්ජුරුවන්ට ඕවා අකැපයි.. :D

      Delete
  19. දඬු ලේනා ඒක දේශික වගේම දුර්ලභ සතෙක්. ඔය අනම් මනම් කරන්න ගිහින් තව පොඩ්ඩෙන් හිරේ විලංගුවේ වැටෙන්න තිබ්බා :D

    ReplyDelete
    Replies
    1. එහෙම එකකුත් තියෙනවද හසිත...අපෝ අපේ පැත්තෙ මහ වදයක් වෙලාතියෙන්නෙ..!!
      හරිම පන හිය්ය සතෙක්. වෙඩි තියලවත් වට්ටන්න බැරිලු.

      Delete
    2. @ Hasitha- හිහිහී.. අපි ඉතින් හැදුවෙ සංරක්ෂණය කරන්නනෙ.. :D මං හිතන්නෙ දඬුලේනා නීතිය දන්න කෙනෙක්..‍ :D

      Delete
  20. හයියෝ...මේක දැක්කම මට මතක් උනේ අපි එහා ගෙදර වැට ළඟ අලි වෙඩිල්ලක් පත්තු කරලා බැනුම් අහගත්ත හැටි :)

    ReplyDelete
    Replies
    1. හිහිහී.. සයුරි අක්කටත් ලස්සන ළමා කාලයක් තිබිලා තියෙනවා.. ඒ කාලෙට ඕවා නොකර කොහොමද.. :D

      Delete
  21. ලස්සන කතාව.....

    හාස්‍යය කතාවෙන්ම මතුවෙන්න හරිනවනම් තමයි වැඩිය හොද...

    ReplyDelete
    Replies
    1. මඟ පෙන්වීමට වගේම දිරිගැන්වීමටත්
      ස්තූතියි ගොඩක්..! :)

      Delete
  22. ඔයා තියලා ගිය මං සලකුණු ඔස්සේ මෙහාට ආවේ. ඒ පැත්තේ ආවට ස්තුති.
    …පොඩි කාලෙ කොහොමත් සත්තුන්ට ආසයි නේ. අනික දඬු ලේනගෙ සමහර ක්‍රියාකාරකම් හරිම ලස්සනයි බලා ඉන්න. :)

    …අපේ මල්ලි කෙනෙක් දවසක් අල්ල ගත්ත එකෙක් පාත අත්තක දුවන කොට. අපිට නම් හිතන්න වත් බෑ. පොඩ්ඩ බැරි උනොත් අත හපා කනවනෙ.
    …හසිත මල්ලිගෙ කමෙන්ට් එක දැක්කම මතක් උනේ, මට මතක විදිහට ලංකාවෙ ජාතික සත්ත්වයා දඬුලේනා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා නාඳුනන්නියගෙ අකුරු ගෙත්තමට..! :)
      ෂහ්..! අන්න වාසනාව.. කොයිද අපිට අල්ලගන්න බැරිවුණානෙ.. :(
      ඔව් ජාතික සත්වයා දඬුලේනා.. :)

      Delete
  23. මේ සූත්තරේ දැනන් හිටියෙ නෑනෙ මං පාඩම් කරපු කාලෙ.... ඔහොම වදකාර රේඩියෝවක් තිබ්බා අපේ ගෙවල් පැත්තෙත්.... හික්ස්... පව් බණ්ඩෙ මාම....

    ReplyDelete
    Replies
    1. හිහිහිහී.. ඕන් මේ සූස්තරේ ආයෙ මතක තියාගන්න.. :D
      මොනවා කරන්නද.. බණ්ඩෙ මාම ගැනනම් දුකයි තමයි..

      Delete
  24. හරි අපූරුයි දඬුලේනාව අල්ලගන්න අටවපු උගුල. බැරිවෙලාවත් අහස් කූරෙන් බණ්ඩෙ මාමාගෙ ගෙදර වහලෙට ගිනි ඇවිලුණා නම් ලොකු අනතුරක් වෙන්න තිබුණා.

    ඒත් කුඩා කාලෙ ඒතරම් බරපතල කමක් හිතට එන්නෙ නෑ. උත්සාහ කරන්නෙම බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න.

    මේ කතාවේ "බණ්ඩෙ මාමාගෙ නෝනා මහත්මිය" කියනවට වැඩිය "බණ්ඩේ මාමාගේ බිරින්දෑ" වගේ වචනයක් පාවිච්චි කළානම් හොඳයි කියල හිතෙනවා.නෝනා මහත්මිය කිව්වාම ටිකක් කෘතිම බවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. උළු වහලක් නිසා ඒ පැත්තට බැනුම් අහගන්න එක මඟඇරුණා.. :D

      ස්තූතියි ගොඩක් මේ නිවැරදිකිරීමට ඔබ තුමාට..! :)

      Delete
  25. හික්ස්..මරු වැඩ අප්පා..

    ReplyDelete
    Replies
    1. :D උයාලත් කරලා ඇති මේ වගේ වැඩ.. :D

      Delete
  26. මරු ජොලි අතීතයක්නෙ තිබිල තියෙන්නෙ..මටත් අතීතය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ළමාකාලය නැවත කොයි කාලෙ මතක් කලත් ඒ වටිනාකම කවදාවත් නැතිවෙන්නෙ නෑ..
      වීපොකුර ලියමුකො ඉතින් ඒ අතීත කතා.. :)

      Delete