05 August 2012

෴සුරංගනා කතාවෙන් ඇවිත්෴


කමත් එක හීන කතන්දරයක
පාට තැවරුණ සුරංගනා සාළුවේ
අකුරෙන් අකුර කියෙව්ව..
ජීවිතයේ සටන් කල 
හිත පිරෙන්න පෙම් කල
දුකේදී  සනසවා 
හිනහවෙන් සැරසුව
විටෙක ඉදිරි මං කියා..
ජීවිතයට පියවරක් එකතු කල
 මේ ඇස්වලින් දකින්න ප්‍රාර්ථනා කල
ඔයා..
මගේම ඇස් ඉස්සරහා..
මගේම ජීවිතය වෙලා
හිතේ හුස්ම පිරෙන්නම ආදරය අරගෙන
දුරක හිටියත්..
ආදරයෙ ශක්තිමත් බැම්මකින්
මා වට ආරක්ෂාකරද්දි..
දෙවිවරුන් මේ ලොවේ ඉන්න බවක්
අදහන්න බැරිව හිටිය 
මම..
ජීවත්වෙනවා කියලා දැනෙනවා..
සුරංගනා කතාවෙන් එළියට ඇවිත්..!
මේ ලෝකයේ..
මනුෂ්‍යය දෙවිවරුත්..!




40 comments:

  1. චාමින් කුමාරයා ගැන වෙන්න ඇති ලිවුවේ... :)

    ReplyDelete
    Replies
    1. සුරංගනා දෑසක්
      ඈත දෙවුලොවෙන් මෙහා ඉදන්
      පාට වළාකුළු
      දේදුණු අතරින්
      පොළවට විත්
      මිනිසුන් අතරින්
      ආදරේ සිතක්
      සොයාගෙන..

      Delete
    2. හිහිහී.. චාමින් කුමාරයා ගැන ලිව්වෙ.. :D

      සෙමෙර පතකින්
      හැමූ
      සිහිලසක් ගෙන
      මඟ බලාන තවම
      ‍දකින තුරු
      ඒ දිදුල නෙත් යුග..!

      Delete
  2. හ්ම්ම්ම්... මගේ සුරංගනා කතාවේ කුමාරය එනකන් මන් තාම බලාගෙන ඉන්නවා..හරිම ආදරණිය කවියක්.. :)

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ඒ කුමාරයා ඔයා ළඟට එන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම නංගියෝ.. :)

      Delete
  3. සුරංගනාවියෝ සුරංගනා කුමාරයා එනකල් බලාන ඉන්නවා. කුමාරයෝ සුරංගනාවියෝ එනකල් බලාන ඉන්නවා. ආදරේ කියන්නේ මහා අමුතු දෙයක්. ගව් ගානක් දුරින් හිටියත් හිතට දැනෙනවා අහලක පහලක ඉන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාවක්.. ඒක නම් සහතික ඇත්ත පැතුම්..:D

      Delete
    2. දුර කෙටි කරන බලයකි ආදරය.. ළඟ නැතිකල කෙටි දුරත් දුරකි ආදරයට..!
      හිහි.. ස්තූතියි ග්‍රැෆික් මල්ලියා.. :D

      @Red Riding Hood - හිහිහී.. මල්ලිත් ඉදලා ඉදලා මේ වගේ දේවලුත් කියනවා නේද නංගො.. :D

      Delete
  4. මගේ හීනයකත් එක සුරංගනා කතාවක් තිබුනා. හෑබෑ නොවුන සුරංගනා කතාවක්.

    පද ටික හරිම ආදරණීයයි

    ReplyDelete
    Replies
    1. ඒ සුරංගනා කතාව ඉක්මනටම සැබෑවෙන්න ප්‍රාර්ථනා කරනවා අක්කේ..!!
      ස්තූතියි ගොඩක්..!!

      Delete
  5. ලස්සනයි! එහෙනම් සුරංගනා කතාත් ඇත්ත වෙන වෙලාවල් තියෙනවා නේද!

    ReplyDelete
    Replies
    1. හිහිහී.. නැතුව නැතුව.. :D

      Delete
  6. ලස්සනම ආදරණීය පද ටිකක් නන්දු....

    ජීවත්වෙනවා කියලා දැනෙනවා..
    සුරංගනා කතාවෙන් එළියට ඇවිත්..!
    මේ ලෝකයේ..
    මනුෂ්‍යය දෙවිවරුත්..!

    කියන්න වචන නෑ......

    ReplyDelete
    Replies
    1. කවි සිතුවිල්ලෙ අන්තර්ගත පේලිය ඔයා හොයාගෙන..
      සිත්තමී.. ගොඩක් ස්තූතියි ඔයාට.. :)

      Delete
  7. //..ජීවිතයට පියවරක් එකතු කල
    මේ ඇස්වලින් දකින්න ප්‍රාර්ථනා කල
    ඔයා..
    මගේම ඇස් ඉස්සරහා..
    මගේම ජීවිතය වෙලා..//

    වාව්..ඇත්තටම ඒ ටිකටනම් මම හරිම ආසයි..සුපර්..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හැමදෙනාගෙම ප්‍රාර්ථනාව..
      ගොඩක් ස්තූතියි සිතිවිලි දැහැන.. :)

      Delete
  8. නියමයි අක්කේ :) කාලෙකින් අම්මෝ මෙයාව දකින්න තියෙන අමාරුවක්

    ReplyDelete
    Replies
    1. හිහිහී.. වර්ණා නංගියෝ.. අපි හෙන බිසීනෙ.. (කරන වැඩක් නෑ ඉතින් :D )
      තැන්කූ නංගො..

      Delete
  9. ම්ම්ම්...ලස්සනයි..

    ReplyDelete
  10. මමත් මේ කියලා තියෙන දෙවල් ඒ විදියටම විශ්වාස කරනවා, ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා අක්කේ.. :)

      Delete
  11. ලස්සන කවියක්. ඒත් ටිකක් පුද්ගලික බවක් තියෙන බව හැගෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්..!
      ඔව් ජීවිතයට දැනුන දෙයක්.. :)

      Delete
  12. ලස්සනයි යාලු :)

    ReplyDelete
  13. ඇත්තටම ලස්සනයි යාලු :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි යාලු... :)

      Delete
  14. කාලෙකට සැරයක් ඇවිත් කවියක් දාල අයෙ නොපෙනී යනවා.

    ReplyDelete
    Replies
    1. හිහිහී.. කවුද කවුද ඒ.. :D

      Delete
  15. සුරංගනාවන් වගේ අයත් මේ සමාජයේ ඉන්නවා ඒ කතාවල ඉන්න රාක්ෂයෝත් ඉන්නවා. දෙගොල්ලන්වම හරියට අඳුරගන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..
      ස්තූතියි අයියෙ.. :)

      Delete
  16. හීනයක් සැබෑ නොවුන
    දුක් ගොඩක නිමා නොවුන
    අත් නොහැරි අතීතය
    අතර මං සඳ සාවී

    නොම සිතු ඇසිල්ලක
    තෙමා සෙනෙහෙන් බිඳුණු ඒ සිත
    සනසවා තුරුල් කොට
    පිදුවාද පිවිතුරුම
    මහමෙරක් ආදරය

    කවිය ලස්සනයි මං ලිව්වේ ඒ කවිය එක්ක මගේ හිත මගෙන් අහපු ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. පෙරවදනක් නැති පුරාවතක් වගේද..
      ලස්සනයි මේ කවි පෙලත්..! :)

      Delete
  17. හ්ම්ම් කලකට පස්සෙ ලස්සන කවියක් දාල .

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ස්තූතියි ගිම් අක්කේ.. :)

      Delete
  18. හරිම ලස්සනයි නන්දු . කවි ටික හරියට රස වින්දා.අහිංසක සුරංගනාවියකගේ පැතුමක්!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. :)

      Delete