25 June 2012

ලෝක බෝලයේ වෙනස..


එක්තරා ගම්බද පාසැලක වසර අවසාන පරීක්ෂණය වෙනුවෙන් පෙනී සිටින සිසුන්ව පරීක්ෂා කිරීමට පරික්ෂක‍වරයෙකු පැමිණීමට නියමිතව තිබුණත් පන්ති භාර ගුරුතුමා එම නියමිත කලට පාඩම් අවසන් කර තිබුණෙ නැහැ.. පරීක්ෂකවරයාගේ පැමිණීම දැනුම් දී සතියක් ඇතුලත පන්තිභාර ගුරුතුමා තමාගේ හැකිවෙර යොදා අදාල පාඩම් කොටස ඉවර කිරීමට මහත් වෙහෙසක් ගත්තා..  සිකුරාදා පාසැල නිමාවීමට පැයකටත් අඩු කාලයක් තිබියදී ළමුන් හිටියෙ පිට්ටනියේ බෝල ගහන මතකයෙන්..

"ළමායි.. කියන්න බලන්න.. ලෝක බෝලය මොන වගේද..?"

වටපිට බැලූ ළමුන් අතර දහඅතේ බොරුවට කල්පනා කල සිසුන් අතරින් එක අතක්වත් ඉහළට එසවෙන පාටක් නැති බව දුටු ගුරුතුමා බෝල ගැසීමට ගෙනා රබර් බෝලයක් අතර අරන්..

"ළමයි ලෝක බෝලෙ හරියට ‍මේ රබර් බෝලය වගේ.. ගෝලා කාරයි..!"

බොහොම කරුණාවෙන් පහදා දුන්නෙ තමන්ගෙ රස්සාවත් බේරගෙන සඳුදට නිවැරදි උත්තර දෙන්න සිසුන්ට මතක හිටින සරළ උදාහරණයකුත් එක්ක..

සෙනසුරාදා , ඉරිදා කුඹුරෙ, බෝංචි පැල අස්සෙ, කැරට් කොටු අස්සෙ මඩ නාගෙන හිටිය කොළු පැටව් ටික එකා දෙන්නා පාසැලට සුදු කොක්කු රෑනක් වගේ සඳුදා දවසෙ ළහිරු කිරණත් එක්ක එකතුවුණේ එක රෑනට..
පරීක්ෂක වරයගෙ පැමිණීම බලගෙන හිටි නිසාම ගුරු මේසය පිරෙන්න පළතුරුත් ඉරිදා පොළෙන් පන්තිබාර ගුරුතුමා ගෙනත් තිබුණෙ පොඩි වුන්ගෙ හිතත් පිරෙන්නම වෙන්න ඇති..

පන්තිකාමරයට පැමිණී පරික්ෂක වරයට හැසිරීමේ අඩුවක් නොපෙන්වාම පිළිගන්න පන්තියෙ ළමුන් වග බලාගත්තා

"ආ....යුබෝවන් සෑර්.."

පුටු හෙමින් සැරේ එක විටම අදින ගමන් කිව්වත් පරක්කුවෙලා නැගිට්ට ළමයි දෙතුන් දෙනෙක්ගෙ පමාවෙලා අවසන් වන හඬ ආවෙ කොයි පැත්තෙන්ද හොයාගන්න බැරිව පරීක්ෂක වරයා මුළු පන්තියම දිහා බලාගෙන හිටියෙ උපැස් යුවල යටින්.. ගුරුමේයේ අසල වාඩිවුණ ගුරුතුමා ළමයින්ගෙ දක්ෂකම අතරින් තමාගෙ ඉගැන්වීම උරගා බලන්න හරිබරි ගැහිලා වාඩිවුණා.. පරික්ෂකවරයා පන්තිය වටේ ඇවිදින ගමන් ප්‍රශ්න අහන්න ගත්තා..

ගණීතය, සිංහල ව්‍යාකරණ, විශයන්ගෙන් ප්‍රශ්න ඇසූ එතුමා ප්‍රශ්න අහන්න ගත්තෙ ග්‍රහලෝක පැත්තෙන්..

"හරි.. ළමයි කියන්න බලන්න.. ලෝක බෝලය මොන වගේද.."

උඩබිම බලන ළමයි අතර සිකුරාදා පාඩම එක්කෙනෙක්ටවත් මතක නැතිව තිබුණෙ පරික්ෂක තුමාගෙ ඇස් මුළු පන්තිම කාමරයේ සිසුන් අතරත් ගුරුතුමා අතරටත් මාරුවෙන් මාරුවට උපැස්යුවල යටින් බලන ගමන්.. ඔරලෝසුවේ තත්පර කටුව කන්දෙක රිදවගෙන දුවද්දි ගුරුතුමාගෙ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තෙ ටිකක් කේන්තියෙන් දත්මිටිත් කන ගමන්..

ගුරුතුමාට තමාත් ශිෂ්‍යයිනුත් බේරගන්න මාර්ගයක් කල්පනා වුණා.. මේසෙ උඩ වටිටියකට වෙලා විවිධ පළතුරු අතර අපූවරුවට සැරසුව දොඩම් ගෙඩියක් අතට අරන් ‍පරික්ෂක වරයගෙ ඇස්වලට නොපෙනී බො‍හොම පරිස්සමින් පෙන්නුව ළමයි දිහාවට..

මේ අතර ඒ දිහා බලාගෙන හිටිය ළමයෙක්ට මතක් වුණා සිකුරාදා ලෝක බෝල පාඩම.. බොහොම උනන්දුවෙන් ඒ සිසුවගෙ අත ඉහළට එසවුණේ විදුලි වේගෙන්.. 

"සෑර්.. සෑර්.."

"ඔව් කියන්න.." උපැස්යුවල අතරින් විනිවද බැලුව පරික්ෂකතුමාත් සතුටින් ඒ දිහා බලගෙන හිටිය ගුරුතුමාටත් තරු විසික්වෙන්න මෙහෙම උත්තරයක් ලැබුණලු...

"සෑර්... සිකුරාදට ලෝක බෝලෙ රබර් බෝලයක් වගෙයි.. 
සඳුදට ලෝක බෝලෙ දොඩම් ගෙඩියක් වගෙයි.."

ප/ලි. අසා ඇත්නම් සමාවෙත්වා..! මමත් ඇහුව කතාවක්..

44 comments:

  1. අන්න නියම ගෝලයෝ... මේ අපි වගේ...

    මම එකද? :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.. ලංකාවටම එක්කෙනයිනෙ.. :P

      ඔව් ඔව්.. එකනේන්නම් හැබැයි තෑගි නෑ.. :D

      Delete
  2. අන්න මොලේ ඇති ළමයෙක් :D

    ReplyDelete
    Replies
    1. හෙහෙහේ.. ඒකනෙ අක්කේ.. :D

      Delete
  3. අන්න කොල්ලෝ.. දැන් දීපන්කො පරීක්ෂක උත්තර...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. පරික්ෂකට තරු පේන්න ඇති මොකද්ද ඒ අපබ්‍රංසෙ කියලා.. :D

      Delete
  4. හොද මොළකාරයෙක් කොහොම වුනත් ............ ඔන්න මං අද ඉදන් නන්නදුනන්නි පස්සෙන් එනවා .......

    ReplyDelete
    Replies
    1. හිහී.. කොහොමද ටිකිරි මොලේ..
      ඕඕ.. ආයුබෝවන් කියලා පිළිගන්නවා.. :)

      Delete
  5. අන්න එල කොල්ලක්...
    එහෙම තමයි හැදෙන ලමයි... තර්කානුකූලව හිතනවා :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ වගේ තව එක්කෙනෙක් හිටියොතින් හොඳටම ඇති ලංකාවට.. :D

      එසේම වේවා ඔබටත්..!!

      Delete
  6. පාසල් පරීක්ෂකයො! another පට්ටපල් බොරුව!

    ReplyDelete
    Replies
    1. ඉස්සර හිටියලුනෙ.. තවමත් ඉන්නවා මං හිතන්නෙ.. :)

      Delete
  7. ගම්බද පාසල්වල තියෙන අඩුපාඩු ගැන නොවැ මේ කතාවෙන් ව්‍යංගයෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.. මේ කතාවනම් එහෙම දෙයක් හිතේ අහලකවත් තියාගෙන ලිව්ව කතාවක් නෙමෙයි.. හිනාවෙන්න ලිව්ව කතාවක්..
      නැවතිල්ලෙ හිතලා බලද්දි ලියැවිලා තියෙන්නෙ එහෙමදෝ මන්දා..
      ස්තූතියි ඔබට.. :)

      Delete
  8. hi hii....meka thawa widiyakata ahala thiyanawa. niyamai...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඔව් ඔව් මමත් මේ ඇහුව කතාවක් අක්කේ.. :D

      Delete
  9. ශෝක් ගෝලයෙක්..ගුරුතුමාට දවල් තරුත් පේන්න ඇති...(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. හෙහේ.. තාරකා රටාවනුත් පේන්න ඇති..
      ගෝලයනම් මොළකාරයෙක් වගේ.. :D

      Delete
  10. හි හි හී මටත් හිතුණෙ මම වගේ කියල...මොලේ වැඩි ළමයෙක්..

    ReplyDelete
    Replies
    1. මෙන්නෝ.. සිහින සිත්තම් ගැනද අපි මේ ලියලා තියෙන්නෙ.. :D
      හෙහේ..

      Delete
  11. ෂා නියම ළමයෙක්නේ...
    මම නම් ආසයි ලෝකය තැපලි වෙලා මිනිස්සු ගෝලාකාර වෙනවනම්.

    ReplyDelete
    Replies
    1. හෙහේ.. ලෝකෙ විවිධාකාරයි මිනිස්සු ගෝලාකාරයි වගේ වෙනවනම් වගේද බට්ටි අක්කේ.. :D

      Delete
  12. අන්න නියම ලමයි... :D

    ReplyDelete
    Replies
    1. හෙහේහේ.. අපි අපිවගේ නේද අක්කේ.. :D

      Delete
  13. අන්න නියම ගෝලයෝ ටික.. මෙහෙම ගෝලයෝ ටිකක් හදා ගත්තනම් නියමයි. නිකං මහදැන මුත්තයි ගෝලයො රොත්තයි වගේ...

    ReplyDelete
  14. මරු මොලේ පොඩි එකාගේ.... පව් සර්..

    ReplyDelete
  15. හිහී..දක්ෂ සිසුවෙක්....
    කාටූන් එකක් අදින්න හොදයි..
    ගුරුතුමා උඩ යන හැටි....

    ReplyDelete
  16. //"සෑර්... සිකුරාදට ලෝක බෝලෙ රබර් බෝලයක් වගෙයි..
    සඳුදට ලෝක බෝලෙ දොඩම් ගෙඩියක් වගෙයි.."//

    හික්ස්ස්ස්ස්ස්ස්.... අන්න ලමයි!!!!! ;)

    ReplyDelete
  17. :ඩ් :ඩ්
    කොල්ලා තාරිකිකයි..

    ReplyDelete
  18. බොහොම තර්කානුකූල උත්තරයක්‌,,,, අම්මප තෑග්ගක් දෙන්න වටිනව.

    ReplyDelete
  19. ප්මොනා උනත් දක්ෂ කොලුවෙක්..

    ReplyDelete
  20. හෆොයි..........! ඔන්න ඕක තමයි වෙන්නෙ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට තැනක් නොදී ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් දෙනකොට. (මේ ලොකු වචන අපේ අම්මාගෙ. "හෆොයි" කියන එක විතරයි මගෙ)

    ReplyDelete
  21. බ්‍රහස්පතින්දා වගේ දවසක කියා දුන්නනම් උත්තරේ මොනවගේ වේවිද?

    ReplyDelete
  22. ලස්සන කතාවක් නන්දු. මෙහෙම කතා බොහොමයක් තියෙනවා ඒවා හරිම රසවත්. මරු ගෝලයෝ ටික.

    ReplyDelete
  23. පොඩි එකාගේ තර්කෙත් වැරද්දක් නෑනේ බලන් ගියාම. ගුරුතුමාට බයවෙන්න දෙයක් නෑනේ පාඩම හරියට ඉගැන්නුවනම්

    ReplyDelete
  24. හික් හික්...
    කාලෙකට කලින් අහල අමතක වෙලා තිබුනු කතාවක්.
    ස්තූතියි ඒ රස කතා මතක් කරනවට

    ඔන්න නන්දු අද තමයි මුලින්ම නමක් ඇතුව මේ පැත්තට පෑයුවෙ.

    ReplyDelete
  25. වාසනාවට එක දවසක් විතරක් ආවෙ,දවස ගානෙ පරික්ෂකයො එනවනම් කියන්න උත්තර නැතුව යනවා.

    ReplyDelete
  26. කලින් අසා නැත.. පට්ට ය.. එවැනි ළමයින් ලබන්නට නම් පිං කළ යුතු ය...

    ReplyDelete
  27. mama ahala tiyenava i yedumath ekka kiyana lassana katawak. I langata am enna one kiyana eka api hamoma dannawane eth siripala guru tumiyata kiyanna giya wakyaye i is kiyalai patan gatte teacher kiyanawa lamayo i langata is danna am kiyanna kiyala itin siri pala deparak tun parakma I is kiyanna haduwath ida labunnati hinda }


    I am 9th letter in albohobet kiyala kiwwalu. onna ohoma ewath wenavalu :D

    ReplyDelete
  28. ඕං මාවත් පිලිගන්න...!
    ඇත්තටම එහෙම කතා වෙන්න ඇති...! ඔයාගෙ රචනා විලාසය ලස්සනයි..!
    ප්‍රොෆයිල් පින්තූරය ලස්සනයි..!

    ReplyDelete
  29. කලින් අසා ඇත... ඒත් මෙයිට ටිකක් වෙනස්ය....

    යහතින් ඉන්නවා නේදෝ

    ReplyDelete
  30. අදමයි මේ පැත්තේ ආවේ...සුබ පැතුම් ,දිගටම ලියන්න :)

    ReplyDelete
  31. ඒක නම් කලින් අහල තිබුනෙ නෑ........එල එල ....

    ReplyDelete
  32. බදාදට මොන වගේද දන්නේ නැහැ එතකොට. හඃ හඃ

    ReplyDelete