
කාලයේ මං තලා යට
හුදෙක් සැඟව ඉසිඹුලන
වීරත්වයේ මතක අහුරු
පිටු පුරාවෙන් පැන
ධජයට බැඳුන...
එකම රුධිර ඝණයට..
වතුර ලුණු රසට
නිතැතින් එකතු වී ඇසට
හැඟුමන් මතින්
සුසුම් ගිනි සිඹින
ඈත
වන්නියට වී..
ලය රිද්ම
ගැයෙනුවස් තාලයට
නුඹ නොදැක්කත්

වියළි උඩු හුළගේ..
යාතිකා
එදා..
බොහෝ පැතුමන් දරාන..
ලෙසින්
එකම
සොහොයුර..!
වෙසෙස් ගරු බුහුමනින්..
සැතප නිහඬව..
නිවාඩුව... ගම් බලා..
ළබැඳියන්
හෙළන දුක්
ගුණ වරුණ
නොඅසාම..
අහිමිව..
බෙදනු බැරි ජයටැඹ
මුසපත්ව
පෙන්වමින
සත් මඟුල්
ඉච්ඡාවෙන්..
ඔවුන්
අද..
එදා
කළුවරට
වසන්තය
එලැඹූ..
අඳුරම රළු දෑතට
අද බලකරන
නුඹට..
කියුබ් ගණනින්
වැඩි නැතිද බර..?
දරාගන්න හදවතට..!
කදුලක් ඉපැද්දූ කවියක්!
ReplyDeleteනන්දු මහන්සියෙන් අමුණපු මේ පදවැල් දැක්කම මට නන්දා මාලනිය ගයන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගොතපු පදවැලක් මතක් වුනා.
ReplyDeleteපිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන මේ පස්කදු යට රහසේ
මිහිකත කම්පා වී.....පුපුරා දෙස් දේවි...
අමුතුම ආරක නිර්මාණයක්..හිතට දැනුනා තදින්ම
ReplyDeleteඅපූරුයි
ReplyDeleteසිතට දැනෙන ආඩම්බර පද පෙළක්.
ReplyDeleteඅමුතු, ලස්සන.., වගේම මොහොතකට හිත කම්පා වෙන සිතුවිල්ලක් අක්කි. ලස්සනයි!
ReplyDeleteඑදා සහ අද කාලය වෙනස් වූ හැටි.. කවියෙන් හෙළිවන යථාර්ථය එයයි.
ReplyDeleteමේ කාලයේ වෙනසක්ද නැත්නම් සමාජ චින්තනයේ වෙනසක්ද යන පැනය මතු කරන නිර්මාණයක්,,
ReplyDeleteyaalu kaalekin liyala ne vage
ReplyDeleteලියන්ටකො අලුත් යමක්
Deleteඅගෙයි....
ReplyDeleteහ්ම් නන්ඳු මිස් මොකද හුඟ කාලෙකින් මොනවත් ලියල නැත්තේ...
හොඳින් ඉන්නව කියල හිතනව... හ්ම්...
තෙරුවන් සරණයි !
ලස්සන නිර්මාණයක්.......
ReplyDeleteජය වේවා......
නියමයි... ලස්සන නිර්මාණයක්...
ReplyDeleteසුභ පැතුම්..