14 February 2013

රෑ දුරු රට රැඳි තනිකම..

 ඈත කඳු එහා මෙහා නොපෙනෙන මීදුමකින් වැහෙන්න පටන් අරන්...  ඇඟිලි තුඩු තව තවත් සීතලෙන් රිදුම්දෙද්දී..උණුහුමෙන් ගුලිවෙන්න ස්විටරයෙ තුරුල සොයායමින්.. මනාලියකගේ වේලයෙන් ඉහිරෙන මුතු පොකුරක් හුළඟින් එහාට මෙහාට නළවන, පහළින් ඇති පහන්කනුවෙ එළිය වැටී දිලිසෙන හිම වරුසාවන් මවන දසුන් තුන්වෙනි මහලේ සිටින මගෙ හිතට කියාගන්න බැරිවුණ අමුතුම හැඟීමක් එකතුකරයි.. කොයිතරම් හිත මිතු මිතුරියන් සිටියත්, තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්.. මේ  වෙලාවට ලැපයේ තිරයත් මා දිහා බලා සිටින්නේ කොයිතරම් පාලුවකින්ද.. වෙලාවකට එකම මි‍තුරෙක්වත් පේන්න ඉන්න නැතිකොට.. ඒ හැමදෙයක්ම ඉනද්‍රජායකින් නොපෙනී ගොස් ඇතැයි සිතෙනවා..

හිත වෙනදටත් වඩා හීතලෙන් හිරි‍වැටෙන්නෙ සෘණාංකය වැඩි නිසාම නෙමෙයි. අවුරුදු ගණනක තනිකම ඉවසුවත් තමාවෙනුවෙන් තව කෙනෙක් ඉන්නබව දැන දැනත් ඒ ආදරයේ ළඟ නැති අඩුපාඩුවේ හිඩසටයි මේ.. වෙලාවකට හදවතේ ගැඹුරටම පැන ඒ තනිකම හිත රිද්දන්න වැඩි වෙලා නොයන බව ඔබටත් අත්දැකීම් ඇති. රටින් දුර බැහැර ඉන්නා ප්‍රියයන්ගෙන් ඈත්ව සිටින්නට වන්නා වූ කාලය සෑම විටම ඒ ආදරය නැති අඩුපාඩුවම මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්නම ඔබත් විටෙක අත්දැකීම් මත පිළිගන්නවා ඇත.

එතෙක් මෙතෙක් පරතෙරක් වන් වූ බවක් කිව නොහැකි සාගර ගැඹුර තෙක් දිවෙන සිතිවිලි කල්පනාවන්, විටෙක විහඟුන් සේ සිත් අහසින් ආවරණය වන්නාවූ ක්ෂිතජ නිම්නය තුල දෙපියාපත් විදා සැරිසරති. සැහැල්ලුවෙන්ද.. තවත් විටෙක රංචු වශයෙන්ද බොහෝමයක් විට දෙමලිච්චන්ගේ කිචි බිචියෙන්ද එකින් එක පරයමින් ගොස්.. මේ හැමටම සිතිවිල්ලක් ව මනැස නිරතුරු අයැදින පිළිලක් වන්ව නිතැතින් සිත් මඬල මධ්‍යට ගොඩවදින ඒ අතීතය.. ඈල වැල් පාලමක පැද්දෙන රිද්මයෙන් හදවතට සමීපකරන්, මේ සීත රෑ නිදිවර්ජිතව යහනේ තබන්නේ නිතැතිනි. බොහෝ වෙහෙසකර දවසේ නිමාව, විටෙක රිදුම් දෙන මස්පිඬු අතරට වඩා තනිකමෙන් මිරිකෙන හදවත දරුණුය.. 

එහෙත්.. ගතකල සුන්දර අතීතය මත තව තවත් අනාවක බලාපොරොත්තු මූදු සතක දුර සිට නැවත නැවතත් දළුලමින්.. මතක ලුහු බඳීයි. ආදරණීය වදන්.., උණුසුම් චුම්බනයන්, හදවතින්ම දකින්න මඟ බලන විටෙක ළඟ මෙන් ඇසෙන මනසේ රැඳි ඒ හිනාවන්.., නොනිදි සිත් යහන මත රහසේම විටෙක උණු කඳුළු සගවති. අතීතයත් වර්තමාණයත් අනාවකත් අතර දෝලනය වන්නා වූ පරතෙරක නොනිමි කල්පනා දුරස්වූ පෙම්වතුනට උරුමවූවකි.

එකිනෙකාට තුරුළුව පියැඹූ, උණුහුම විදි විහඟ පෙම් යුවලගේ සිහින සොයා  සිහින තොටුපලින් පෙම් රැහැනින් දුරස් වීමේ අවසාන දසුන නිතර මතකයෙ මැවෙයි. සිහින සොයා ගුවන්තොටුපලින් දුර රට ඉගිලෙන පෙම්වතුන්ගේ  භාෂාවට රචයකා විසින් මෙමෙ යෙදුම කෙතරම් ලබැඳි කොට ඇද්ද.... 
ඒ... සිහින එකතු කරන සහ ආදරය කෙටිකලකට වුව වෙන්කරන තොටුපල "සිහින තොටුපලයි."

රෑ දුරු රට මේ..
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ..
කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ…
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ..
රෑ දුරු රට මේ..


සීත පාළු රැයකදි කෙතරම් වෙහෙසව සිටියත් කන්දෙකින් කාන්දුව හදවතේ කල්පනාවන් බැඳ තබාගන්නා පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් නොමැති තරම්. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ගැලපෙන්නට අමරදේවයන්ගේ හඬ තුල මහා තනිකමක්, දැනෙන පාළුවේ ගැඹුරත් කියාපායි. ආදරය, දුරස්බව සහ තනිකම එකට යාකොට සැදි සරල පබැඳු‍ම් කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් හදවත පත්ලටම දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයේ අරුත තව තවත් ඔපදමන්නට සමත්වී ඇත.

දුරු රටක තනිකමක් වූ සීතල පාළුවෙන් බැඳි ඒ ආදරණීය මතකයන්.. යළි යළිත් ආවර්ජනය කරනු වස් නිදි නොමැති විටෙක අන්තර්ජාලයද ආදරයට බකට් බාල්දි අඳින කල.. පෙර කිසි කලක හිත නොනැවතුණ මේ ගීතය එවූ.. මා මේ ගීතය තුලින් දකින දයාබර නුඹ නමට..
මේ පිදුම.

53 comments:

  1. මේ සිහින තොටුපලින් සමුගෙන යන්න මට බැරි...

    සුන්දරයි !!

    ReplyDelete
    Replies
    1. මේ සිහින තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි.. :D

      තුති..!

      Delete
  2. අඩේ මම මේ සින්දුව අහලා නෑනේ...
    තනියම ඉන්න වෙලාවක විදින්න අහන්න පුළුවන්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. විදින්න..? හා හා පඳුර බේරලා රජා මල්ලි..!
      තනියෙන් ඉන්න වෙලාවක ගීතය විඳින්න..

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  3. මේක කියවනකොට මටත් නිකන් ඒ තනිකම දැනුනා දැනුනා වගේ වුනා..... මේ ගීතය නම් හරිම සංවේදී තමයි..... තනිකම හොදින්ම හිතට දැනෙනවා ඒක අහනකොට....

    ReplyDelete
    Replies
    1. හඬ, තනු පැදි එකතුවෙන් ගීතයකට හදවත් දහසකට කල හැකි අරුමය..!
      තුති සමනළී..!

      Delete
  4. ගොඩක් මහන්සියෙන් කරපු ලස්සන පෝස්ට් එකක්..
    හැඟුම් බරයි මේ නිර්මාණය නන්දු ..
    මාත් කැමතිම සින්දුවක් ..මේ සින්දුවම අරන්
    මන් පෝස්ට් එහෙකුත් කරා ..
    ඔයාගේ එක ගොඩක් ලස්සනයි...
    දිගටම ලියන්න , එනවා බලන්න....

    ReplyDelete
    Replies
    1. //මාත් කැමතිම සින්දුවක් ..මේ සින්දුවම අරන්
      මන් පෝස්ට් එහෙකුත් කරා ..//
      ලින්ක් එක සඳහනක් කලානම්.. වටිනවා ගොඩක්.. :)
      තුති මේ ඇගයීමට..

      Delete
    2. අපෝ මේ නිර්මාණය එක්ක ඒ ලින්ක් එක
      දාන්න තරම් මගේ පෝස්ට් එක මදි කොලිටිය ..
      ඒකයි දැම්මේ නැත්තේ නන්දු කලින් ..





      Shermie and Miguel | රාත්‍රියේ වෙරළ කොනේ මුණගැසුණ අමුත්තාගේ රහස ...

      Delete
  5. ගොඩක් මහන්සියෙන් කරපු ලස්සන පෝස්ට් එකක්..
    හැඟුම් බරයි මේ නිර්මාණය නන්දු ..
    මාත් කැමතිම සින්දුවක් ..මේ සින්දුවම අරන්
    මන් පෝස්ට් එහෙකුත් කරා ..
    ඔයාගේ එක ගොඩක් ලස්සනයි...
    දිගටම ලියන්න , එනවා බලන්න....

    ReplyDelete
  6. අදරේදී ඒ දුරස් වීම ඇතුලේ හරි අමුතු හැඟීමක් තියනවා නේද අක්කේ...වචන වලින් කියාගන්න බැරි ගොඩක් දේ...!!


    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මල්ලී..

      //වචන වලින් කියාගන්න බැරි ගොඩක් දේ...!!//
      අත්දැකීම් කතාකිරීම..

      Delete
  7. අමරදේව මහත්මයාගේ මේ ගීතය මං බොහොම ඇලුම් කර ගීතයක්. තවත් තියනවා ඒ වගේම ගීත ගොන්නක්. "සඳ තරු නිහඬයි..." ඒකත් ඒ වගේම හිතට වදින ගීතයක් මට.
    නන්දුගේ සටහනත් හිතට දැනෙන විදිහට ලියල තියනවා..

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ගීතයක්..
      ස්තූතියි ගොඩක්..

      Delete
  8. පිට රටවල් එපා වෙලා ඉන්න අපි වගේ උංට තවත් එපා කරෝනවා...

    ReplyDelete
  9. අනේ දුක හිතෙනවා. මම ආස සිංදුවක් ඒත් අහද්දී හිතට ලොකු දුකක් දැනෙනවා නන්දු..

    ReplyDelete
    Replies
    1. තනිකමත් පාළුවත් කොයිතරම් හිත්වලට කතාකරනවද.. මේ ගීතයෙන්..
      තුති පුංචියේ..

      Delete
  10. පාලුවෙන් ඉන්න හැම කෙනෙක්ම මේ ගීතය ඇහෙද්දී වෙනමං ලෝකකයට පා වෙලා යනවගේ.පාළුවේ ගැබුර දැනෙනවා දැනෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් කතාකිරීම..! :)

      Delete
  11. නන්ඳු හරිම ආදරණීය සටහනක් ඔහු වෙනුවෙන්. මගෙ හිතත් අතරමං කලා ඒ සටහන. කාලෙකට කලින් ලියාපු කවි පන්තියක් මටත් මේ අත්දැකීම නිසා තියෙනවා නන්ඳු.

    ReplyDelete
    Replies
    1. ඒ කවිපන්තිය නැවතත් අපට දකින්න හැකිද..
      ස්තූතියි ගොඩක් ඔබතුමියට..!

      Delete
  12. ඇත්තමයි මම පෝස්ටුවේ මුල් කොටස දැක්කම නිතැතින්ම මතක් වුනේ අමරදේවයන්ගෙ ඔය ගීතය...අමරදේවයන් යනු ගීතයක ඇති හැගිම ශ්‍රාවක ජනතාව වෙත ඉතා හොදින් සන්නිවේදනය කල හැකි හඩක් හිමි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ මහා සංගීත රුකයි.

    ඒ හඩට කන් දෙන්න මමත් පුදුමාකාර විදියට කෑදරයි...එතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් මේ අවස්ථාව හොදයි.

    ReplyDelete
    Replies
    1. තුති සිරා..
      එතුමාට දිර්ඝායුෂ ලැබේවා..!

      Delete
  13. කියෙව්වා, ආසාවෙන් කියෙව්වා, බලන් ගියාම අපිට වඩා දුක තියෙන අය ඉන්නවා නේ, ලංකාවෙම ඉදලත් කිලෝමීටර් ගානක්ම ඈත නිසා මාසෙකට සැරයක්වත් මූණ බලාගන්න බැරිව ඉන්න එකේ, ඔහොම ඉද්දි කොහොම ඇද්ද කියලා තේරෙනවා..

    සිංදුව නම් අද ඇහුවේ...ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඒකනම් ඇත්ත නංගො..
      ආදරය නිසා දැනෙන පාළුව දුක හැමෝටම පොදුයි නේද..

      Delete
  14. තනිකම හරිම වේදනාකාරී හැඟීමක්....හිතට වදින පෝස්ට් එකක්

    ReplyDelete
  15. ඔයාගේ සටහන් හැමදාමත් හැඟුම්බරයි. මේකත් එහෙමයි නන්දු. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් සයුරි අක්කෙ.. :)

      Delete
  16. දුක , තනිකම, හිතට ගොඩක් දැනෙන ගීතයක් ,,
    …මේ ඉරිදට අනිවාර්යෙන් නිශාන්තයෙන් ඔබ වෙනුවෙන් මේ ගීය ලබා දෙනවා නන්දු .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම නිශාන්තය අසන්නට පැමිණෙමි..
      ස්තූතියි ගිම් අක්කෙ..

      Delete
  17. පුදුමාකාර විදියට හිත රදවන අඩවියක් සුන්දර ලියැවිල්ලක්. අදයි මෙතැනට ආවේ එන්නං හැමදාමත්.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා නාඳුනන ගෙත්තමට...!

      Delete
  18. මාත් අදමයි ඇහුවෙ!
    ස්තූතියි ගීතය ගැන කිව්වට!

    ReplyDelete
    Replies
    1. සතුටුයි ලස්සන ගීතයක් ඇසීමට සැලස්වීම ගැන ගිමා..

      Delete
  19. "...තමනුත්, තමුන්ට ආදරය කරන පුද්ගලයනුත්, අතර පවතින අධ්‍යාත්මික බැඳීම අප්‍රතිවර්ත්‍ය ලෙස ශක්තිමත් වේ නම්, "මූදු සතකින් ඈත දේශයේ"දී පමණක් නොව චක්‍රාවාට ගණනාවකින් ඈත පවතින විශ්වයේදී වුවද කිසිදා තනිකමක් ඇති නොවේ..." :)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. ඒ දැනෙන තනිකම නිසා නොවෙන්නම් අප තව තවත් ඒ ආදරයටම බැ‍ඳෙන්නෙ..

      මීට වඩා වෙනස් වටින විචාරයක් මේ ගීතය ගැන ඔබගෙන් මට ලැබුණා කියා සිතනවා හේරත්.. :)
      තුති.. නැවත මේ පැමිණීමට..

      Delete
  20. සින්දුව නම් අහලා නෑ. නමුත් හැඟීම නම් අඳුනනවා.

    ReplyDelete
    Replies
    1. අද සිංදුවත් අහන්න ඇති නේද එහෙනම්..
      තුති ඩූඩ් අයියේ..

      Delete
  21. මමත් මේ සින්දුවට හුගාක්ම ආදරෙයි අක්කියෝ..

    ReplyDelete
    Replies
    1. පාළුවත් තනිකමත් වෙලාවකට මවන රටා..
      තුති නංගියෝ..

      Delete
  22. සදහම් අනුත්තරFebruary 16, 2013 at 10:58 PM

    හිත ලග ආදරයක් තිබිලත් ඒ ආදරේ ලග ඉන්න බැරුව දුර ඈතක ඉන්න එක කොයි තරම්නම් වේදනාවක්ද? හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. සහදම් අත්දැකීම් ඇතිවා වගෙයි..
      තුති මේ පැත්තට ආවට.. :)

      Delete
  23. සැහැල්ලුව, හුදකලාව, කල්පනා සිතුවිලි ෙම් වැනි ගීයකට මුසු කලාම ඒ් ගීතය හදට වඩාත් ළංව දැෙනනවා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...
      ස්තූතියි ඔබතුමාට..!

      Delete
  24. සැහැල්ලුව, හුදකලාව, කල්පනා සිතුවිලි ෙම් වැනි ගීයකට මුසු කලාම ඒ් ගීතය හදට වඩාත් ළංව දැෙනනවා

    ReplyDelete
  25. ගීතයත් වියමනත් එක වගේ ලස්සනයි..ස්තුතියි නන්දු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ අක්කේ.. :)

      Delete
  26. අර සිංදුවට නං මං ආසයි :D :D

    ReplyDelete
  27. අදමයි ඇහුවෙ. ගොඩක් හිතට දැනුණා

    ReplyDelete
  28. හුඟක් ආදරය කරන අයගෙන් ඇත්වෙලා දුර රටක තනියම ඉන්නකොට ඇතිවෙන හැඟිම කොයිවගෙයිද කියන්න මම අත්දැකිමෙන්ම දන්නවා
    :)

    ReplyDelete