"ඕක ඉක්මනට ඇරපන් මිනිහෝ.."
අඳුරේම පෙන්නවූ පිස්තෝලය සමගින් නාඳුනන කටහඬ ගැන තැකීමක් නොකරම බිම ඇන තියාගත් ඔහු හෙමින් සැරේ වසාතිබුණ අටපට්ටම් හැඩැති පෙට්ටිය විවෘත කරන්නට විය. රතුපාට විල්ලුද ඇතිරූ එහි රන් ද, රිදී කැබැලි කිහිපයක්ද ඒමතින් විසර තිබුණ රතු මැණික් ද දැක ඒවා තම සීත කබායේ සාක්කුවල පුරවගන්නට වුණේ කොන්ත්‍රාත්තුව පරිදි එය පසුව සමසේ ඔවුන් අතර බෙදාගැනීමටත් තමාගේ කොටස මුදල් වලින් ලබාගැනීමට සහතිකයකුත් වශයෙන්. කෙතරම් විශ්වාස වන්ත වුණත් ඔවුන්ට උවමනාවුනේ එහි ඇති රතු දියමන්ති කැට සියල්ල ඔහු ඔවුන් අතට භාරදේද යන්න සැක මත ඔවුනුත් පැමිණ සිටියහ.
එහෙත් සිදුවූයේ අනිකක්..
හදිසියේම එල්ලවූ විදුලිපන්දම් වලින් මතුවුණ වගකිවයුතු අයවලුන්ටගේ කලබැගෑනියෙන් සියළුදෙනා හිස්ලුලූ අත දිවයන්නට විය. අඳුරේම අත පත ගා අවසාන දියමන්තිය දක්වා තම කබා සාක්කුවට දමා ගත් ඔහු , ඉදිරියට පැමිණෙන නිලධාරීන්ට තම සාක්කුවට අත දමා මිටට අහුවෙන මැණික් අහුරක් ඔවුන්ගේ මිට මොළවා ඔහු පිළිබද පොලිස් වාර්ථාවල නොලියැවෙන සේ කට වසාදමන්නට ඔහුට හැකිවිය.. නිලධාරිත් ඒවා රැගෙන සතුටු සිතින් මඟහැර යන්නට විය. මෙම ගනුදෙනුව කනවැටී මහමග විසිරෙන කලඹලය මතින් ඔහු වහා දිව ගියේ ඔහුගේ තනිකුටිය වෙතටයි. උසට වැඩුණු ෆයිනස් ගස් මැදිකොට බදාගනිමින් සිටි වැල් ගෙදර වහල පුරාද බිත්ති පුරාද දිවගොස් තිබුණ. ගරාවැටෙමින් අඳුරුව තිබුණ කඩතොලුවූ තනි දොරත්, අඳුරු කාමරයේ උස් කවුලුවෙන් හිතුවක්කාරකමට වැටුණ සඳ එළියෙන් ඔහුගේ කාමරයේ උස්තැනක ඇතිරූ රෙදිකඩත්, හිස තැබීමට යන්තම් රෙදිකඩයක් ඔතාගත් කොට්ටයත් එහෙන් මෙහෙන් විසිවූ පිඟන් කෝප්පත් අතර ඔහු දුටුවේ බිය මුසුව හිඳ සිටිනා තම නැඟනියට තුරුළුව සිටිනා දරු දෙදෙනාගේ පළිඟු ඇස්ය. දොරේ සිඳුරු අතරින් ඔත්තුබැලුම පසෙක තැබූ ඔහු ළං වූයේ දරුදෙදෙනාවෙතට..
"උඹලා මොකද මෙහෙ..?" එකෙක්ව තුරුළු කරගන්න අතර ඔහු විමසුවේ ඇයගෙන්.. පොඩි එකා ගුලිවූයේ පියෙකුගේ උණුසුමට පැන උණුසුම හොයන හංස පැටියෙක්සේ ඔහුගේ ශක්තිමත් පියපත්අතින් රැකවරණය කොට ගෙන ලයට තුරුළු විය.
"මොකුත් ඉල්ලගන්න.. අද දවසටම හරිහමන් කෑමක් නැහැ."
ඇය පැවසුවේ බිම බලාගෙන වුවත් ඒ දෑස්වල රැදුන උණුසුම් මුතු දිය දකින්නට හඳ එළියත් ඔහුගේ ළයමත තැබුණ සොයුරු පෙමත් දරු පෙමත් ඉක්මන් වන්නට ඇත.
විගසම පහත්ව තිබූ දොර සිඳුරකින් ඔහු දුටුවේ පාරෙන් මතුවන උස් අඩි ඇති කළු පැහැති සපත්තු යුවලකි. කලබලව එහෙ මෙහෙ දිවයන සෙනඟ අතරින් තාලයට එහෙත් කඩිනමින් අඩිය තබා ඔහුගේ ගරාවැටුණ පැලට ඉදිරියෙන් ඇති මාර්ගය ලං ලංවත්ම දෙදෙනාගෙම හදවත් ගැහෙන්නට වූයේ එකම රිද්මයෙනි. ඔහු තමාගේ තුරලෙහි නිදියන දරුවාගේ මුව හඬක් නොනැගෙන සේ වසා නැඟනිය අසල සිටි අනෙකාටද ශබ්ද නොකරන ලෙස සන්කලේය.
මෙහෙට එන්න එපා.. හැරියන් හැරියන් ඔහුගේ වෙව්ලන තොල්පෙති මත යාතිකාවක විශ්වාසයෙන් එහෙත් මන්ත්‍රයක ජපකිරීමකින් කියවන්නට විය.

ඔහු තම ඝණකම් කබායේ සාක්කුවෙන් රතු මැණිකක් ගෙන තම නැඟණියට පෑය.
ඇය ඒ දෙස බලාගෙන සිටියේ උෂ්මයෙන් මහත්වූ දෑස්වලිනි.
"කොයින්ද මේවා..?"
"මේ වීදුරු කැටද..?"
"ඒත්....."
"හ්ම්ම.. මේක ගනින්.. දැන්ම මාරුකරන්න එපා. එහෙම වුණොත් දන්නවනේ. ඉස්සරවෙලාම අහුවෙන්නෙ ඔයාව.."
"ඔව්. මං ඒ ගැන බලාගන්නම්."
නැවත වරක් ඔහු දරු දෙදෙනාගෙම හිස අතගා සිඹ වටපිට බලා පාරට පැනගත්තේ ඔහු ගෙදර නොසිටි බව ඇඟයීමට ගත් උත්සහයක් ලෙසින්ද ඔහුගේ නැඟනියත් දරුදෙදෙනාගෙත් ආරක්ෂාව තකාද වශයෙනි. ඔහුගේ දෑසට හසුවූයේ තවමත් වැඩිදුරක් ගොස් නැති තම නිවස දෙසට පැමිණ හැරුණ උස්පාවන් අයිතිකාරියයි. මවාගත් ලෙසම ඇය පොලීසියේ ඉහළ නිලයක් දැරු හැඩ රුව ඔහුට මුව කොණින් සිනා නැඟුණත් ඔහු කලේ වෙනත් මඟකින් හැකි ඉක්කමනින් ඇයව පසුකොට සෙනඟ අතරට එක්වීමයි.
පසුදා පහන්වනතුරු ඔහුට මතකයක් නැතත් ඔහු ඇවිදගියේ සුපුරුදු විශ්වවිද්‍යාලයක් ඉදිරිපිටට. එහිවූ සිසුසිසුවියන් එළියට බැස පුවරු එල්ලාගෙන නඟන හඬ අතර ඔහු එහි එකක් දෙකක් කියවන්නට විය. රටෙහි ඉතිහසයේ අධ්‍යාපනය වෙනුවන් ධනය රැස්කල අයගේ පින්තූර හඳුනාගත් ඔහු නිහඬවම සෙනඟ අතරින් පසුබාන්නට විය. එහෙත් කලක් තම කල්‍යාණ මිතුරියන් දෙදෙනෙක්ද ඒ අතර පුවරු සමඟ තම හඬ අවදිකරන්නට විය. දෙදෙනාම එකම වයසේ එකම ගමක මෙන්ම එකම උස ඇති අයය.
"ඇයි මෙහෙම කෑ ගහන්නෙ....?"
ඔහු ඇසුවෙ එක මිතුරියකගෙන්..
"පේන්නෙ නැතිද.. අපිට ඉගෙනගන්න වෙන්කරලා තිබුණ දේවල් කවුද ඊයෙ හොරා අරගෙන.. "
දැන් කොහොමද අපි ඉගෙන ගන්නෙ..?" ඇය කිව්වෙ ඔහුදෙස ද විපරම් ඇසකින් බලන ගමන්.
දැන් කොහොමද අපි ඉගෙන ගන්නෙ..?" ඇය කිව්වෙ ඔහුදෙස ද විපරම් ඇසකින් බලන ගමන්.
ඔහුට කල වරදෙහි බරපතලකම වැටහුණත් ඒබවක් නො අඟවාම ඔහු තව දුරටත් පැරණි වීරවරුන් දෙස බලාගෙන හිටියා. කබායෙ සාක්කුවට අත දැමුනෙ පුරුද්දට වගේ.. ඔහුටත් අමතකව ගිය දියමන්ති අතරට වැටුණු ඇඟිලි , ගැටී ඇතිවුණ ශබ්දය ඔහුට වඩා හොඳින් ඔහුගේ මිතුරියට ඇසුන බව වැටුහිණ. ඇය එකෙනෙහිම අනිත් මිතුරියට ඒ බවක් කනට කර කී බව ඔහු හොරැහින් දුටුවා. තම ජීවිතය වැටී ඇති අනතුර ගැන හොඳ හැටි අවබෝධයක් ලබාගත් ඔහු මිතුරියන්ගේ පිළිකුල් මුහුණු හමුවේ සමුගත්තේ ඔවුන්ගේ දෑස්වලින් මිදීමට වුවත් බලධාරීන්ගේ නීතියේ රැහැන තමාට අනිවාර්යය බව පසක් කර ගනිමින්. අතොරක් නැති සෙනඟ අතරින් නිදහස් තැනකට පැමිණි ඔහු සැඟවී සිටින්නට තැනක් සොයන්නට විය.
********************************

බලධාරියා කරමින් සිටි වැඩය නවතා බෝතල් අඩි උපැස් යුවල යටින් ඔහුදෙස බැලුවේ බියත් සැකයත් රැදි ඇස් සඟවමින්.
"උඹව දැකලා තියෙනවා ගොඩක් දෙනෙක්..!"
"මම කිව්වා.. මම ඒ වගක් දන්නෙ නැහැ."
"එහෙනම් කබායෙ සාක්කුවෙන් ශබ්දයක් ඇවිත් තියෙනවා.. හරියට දියමන්ති ගැටීමෙන් ඇතිවෙන ශබ්දයක්මයි.. ඒ කොහොමද..?"
ඔහු රබර් පටියක දෙපසට ගැට ගසන ලද කොණ්ඩෙට දමන (Hair Band) එකක් මේසය මතට විසික් කලෙත් එහි විසිතුරු වීදුරු බෝල ගැටීමෙන් හඬ ඇතිවුණෙත් ඔහුගැන ඇති චෝදනාවන් උඩු යටිකුරු කරමින්. එය නිලධාරියටත් ඔහුගේ අසල ආරක්ෂාවට සිටි අයටත් ඇසින.
"යන්න පුළුවන්..!" ඒ දෙස බලාසිටි නිලධාරියා ප්රශ්නය එතනින් විසඳුවා.
නිලධාරියටත් අනෙක් අයටත් ආචාර කොට විසල් කාමරයෙන් එළියට පැමිණි ඔහුව අතොරක් සොයාගත නොහැකි කොරිඩෝවෙ මදක් දුර කැටුව එන ලදි. හැර ඇති විසල් දොරටු දෙකින් එළියේ ඇදහැලෙන මහවැසි දකින මානයෙන් ඔවුන් නැවත හැරුණත් ඔහු කල්පනා කරන්නට වූයේ කුමන දොරටුවෙන් එළියට යනවාදැයි. අන්තිමට ඔහු ඉදිරි දොරටුවෙන්ම එළියට බැස්සා.
වැහිබිඳු ඔහුගේ හිසටත්, මහවැසි නිසා පාර පුරා ඇතිවුණ ගැලීම්වලින් ඔහුගේ දෙපාත් තෙමාගෙන තව තවත් සුළං වලින් බේරෙන්නට ඒ වැස්සෙම තෙමෙන අය අතරින් ආවරණයක් නොමැතිව දිව යන්නට විය.. සීතලෙන් තම දෙඅත් ගලවගනුවස් ඔහු තම ඝණකම් කබායට අත දමන ලදි. ඔහුගේ හිතට බියක් දැනුනේත්, මුහුණට විහිළු හිනාවක් නැගුණෙත් එකම විටක. දියමන්ති එකිනෙකට ගැටී ඇතිවුණ ඝට්ටණයත්, ශබ්දයත් ඔහුගේ දෑත් අඟින් හදවතට දැනින..
~නින්දෙන් ඇහැරෙන ලදි~