25 November 2011

ස්වේත ගෙත්තම..




සිතුම් කවි රළ පෙලට
ඇවිත් නුඹ ඇතහැරිය
ගෙනත් තව සත් ස්වර
වියයි පද ගැලපුමම...

ගියත් අද දුර ඈත
තබා සුසුමන් හදට
තුරල් කර තනිකමට
කරයි කවි ගෙත්තමම..

නැතත් නුඹ නෙතු ළඟම
තවත් කවි හද ගෙතුව
ස්වේත වර්ණෙන් බැඳුණ
ලියයි තව නුඹ නමම...

21 comments:

  1. තනිකම කවි කරනවා හිත ලග
    අපේ ඒ සොදුරු මතක හැමවිට
    ආයෙම ඒවි සිතා නුඹ මා සිත
    කවි පද අමුනනවා ආදරේ මුසු කර..

    ReplyDelete
  2. විටින් විට ඔබ ගෙනෙන
    සොඳුරු සිහිනෙක නිදන,
    ලඟින් ඔබෙ හිඳින්නට
    දිනක් පතනෙමි තවම,.

    ලස්සනයි ,..

    ReplyDelete
  3. ගියත් ඔහු ඔබව තනිකර
    නැවත එයි කෙනෙක් සීත තුටින
    ඉතින් සිනා සෙනු අක්කණ්ඩිය
    හැරදා හදෙහි ලතැවුල් ඉවතට...

    ReplyDelete
  4. දුර ඈත එපිට හිඳ
    හඬන වැළපෙන නුඹෙ හිත
    ළගට ළං වී මකන්නට තනි
    කවිය මිස වෙන කුමක් වේවිද රස...

    ඔයාට තරම් ලස්සන කවි ලියන්න මට බෑ අක්කියෝ... හරිම ලස්සනයි ඔයාගෙ පද ටික

    ReplyDelete
  5. ඔයා අලුත් නේද? හොදට කරගෙන යන්න. ලොකු එකා වගේ උපදෙස් දුන්නට මමත් ඔයටත් වඩා අලුත් මෙලෝ දෙයක් දන්නා

    ReplyDelete
  6. තේරුමක් නැත්තං ඔය නමට තවත් ලියලා වැඩක් නෑ...හික් හික් ...ලස්සනයි කවි ටික....සුභ පතනවා තව තවත් ලස්සන කවි ලියන්න....ජය ....

    ReplyDelete
  7. @ දිනේෂ්-
    හිත ළඟ කවි කෙරූ තනිකම
    ළබැදි බව සදාකල් සිත යට
    කෙදින හෝ නුඹ නොඑන වග
    කියයි රහසක් සිතට ලං කර..

    හ්ම්ම්ම.. ඒ මතක හැමදාමත් කවි කරයි ඒත්... ආදරය එහෙමලුනෙ.. ස්තූතියි දිනේෂ.. :)

    ReplyDelete
  8. @ ප්‍රාර්ථනා-

    විටින් විට ඉගි කරන
    අඳුරු අහසක නිදන
    තාරුකා මල් පිපෙන
    කරයි ඔච්චම් සිතට
    කවි ලියන..

    ‍ඔයාගෙ කවි සිතුවිල්ල ගොඩක් ලස්සනයි ප්‍රාර්ථනා.. ස්තූතියි නංගියෝ.. :)

    ReplyDelete
  9. @ වර්ණා-

    හිහිහී..
    කුරුල්ලන්ට ගී ගයන්න , ගහට කොළට පාට වෙන්න.. වීසිකලෙමි හදේ තිබුණු ආදරයයි, කරුණාවයි ආයෙ කාටවත් නොදී...

    ස්තූතියි නංගියෝ ලස්සන කවියකින් මේ පැත්තට ආවට..:)

    ReplyDelete
  10. @ හිතූ-
    ළගට ළං වී මකන්නට තනි
    කවිය මිස වෙන කුමක් වේවිද රස...

    ඔන්න කිව්වා බොරුවක් නංගියෝ.. මේ ලියලා තියෙන්නෙ ලස්සනට.. අන්තිම පැදි හරිම ලස්සනයි නංගියෝ.. ඇත්තමයි.. :)

    ස්තූතියි නංගියෝ... :)

    ReplyDelete
  11. @ අසරණයා-

    ඔයත් ලියන්න අසරණයා.. අපිත් එනවා ඒ පැත්තට ඔයාගෙ නිර්මාණ බලන්න..
    ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)
    දිගු ගමනකට සුබ පැතුම් ඔබට..!!!

    ReplyDelete
  12. @ ඔබ නොදුටු ලොවක්-

    හිහිහී...
    හ්ම්ම්ම.. හ්ම්ම්ම.. සිතුවිල්ලක්ම වුණු කවියක් පමණයි.. :D ඒ නිසා ලියත් බෑ නොලියත් බෑනේ...

    ස්තූතියි සහෝ. මේ දිරිගැන්වීමටත්, පැත්තට ආවටත්..:)

    ReplyDelete
  13. ගොතා පදවැල් රසට
    කියා කවි සිත් තුලට
    එබී හදවත් තුලට
    ගෙනෙයි විරහව හදට

    ReplyDelete
  14. කවි ටික ලස්සනයි...
    ජයවේවා... දිගටම ලියන්න

    මමත් කාලයක් කවි ලිව්වා, ඒත් දැන් ලියන්න කිසිම හිතක් නැහැ
    කවුරුහරි ලියපු කවි කියවන්නෙත් ඒ කවි වැඩිය දිග නැත්නම් විතරයි...:)
    (මම හිතන්නේ මගේ කවිසිත කම්මැලි වෙලාද කොහෙද)

    ReplyDelete
  15. ලස්සන කවි පෙළ.....
    මේ හැමෝගෙම කවි නිසඳැස් කියවනකොට මට ඉරිසියයි....අනේ මටත් මෙහෙම කවි ලියන්න පුළුවන් උනා නම්....
    හිටුකො....මාත් ට්‍රයි කොරල බලන්න.....

    ReplyDelete
  16. @Chandi- ගොඩක් ස්තූතියි චන්දි නැන්දේ.. ලස්සන කවිපෙලකින් මේ පැත්තට ආවට.. :)

    ReplyDelete
  17. @Miyuru- ස්තූතියි මියුරු.. :) ඔයාටත් අනිවාර්යයෙන්ම පුළුවන්.. ඔයා ඔහොම හිතද්දි මං හිතන්නෙ අනිත් අය වගේ මට කෙටි කතා ලියන්න පුළුවන් වුණානම් කියලා.. අපි දෙන්නම උත්සහ කරලා බලමු..
    එහෙමනම් සුබ පැතුම්.. ඔබේ උත්සහය පන්හිදෙන් මල්ඵල ගැන්වෙන්නට..!!! :)

    ReplyDelete
  18. @Anonymous-ම්ම්ම්.. කවුද මේ නංගියා.. :) නමක් නැතිව... :( ගොඩක් ස්තූතියි නංගියෝ.. :)

    ReplyDelete
  19. ම්ම්ම්ම්ම්ම්ම්.....ගොඩක් ලස්සනයි....!!!

    ReplyDelete