15 October 2011

අළුත් සෑර් හා ලොකු අයියලාගෙ බස් රැග් - 01

 සිංහලෙන් කතා කරන්න තියා මේ පළාතෙ සිංහල කෙනෙක් දකින්නවත් නැති නාදුනන රටක ඉද්දි, විස්සවිද්‍යාලයට නන්දුට යන්න වෙන්නෙ තනියම‍... සීත කාලෙ පටන් ගන්න ලඟ නිසා බස්එකේ වීදුරු, කවුළු ඔක්කොම වහගෙන තමයි මේ කාලෙට බස් ධාවනය වෙන්නෙ...එයාර්ටයිට්බස් එකේ හැතැප්ම ගානක් දවස ගානෙ ගියත් වංගු 47ක් පහුකරලා ගෙදර ලඟට එද්දි නන්දුට හොඳ ගණන්...  නන්දු ආව බස්එකට ස්කෝලෙ ඇරිලා මගින් ගොඩවුණ ළමයි ගොඩක්ගෙ සෙල්ලම් දැකලා නන්දුටත් නන්දුගෙ පාසැල් බස් එක මතක් වුණා.. හැබැයි මෙහෙ ස්කෝල වල විනය අතින් නම් අන්තිමයි.. ලංකාව ගැන සතුටක් හිතේවී.. ඒ ගැන කියොව්වොතින් නම්.. මං ඒ ගැන වෙනම පෝස්ටුවක් දාන්නම්කෝ.. :) ඔන්න එහෙනම් අළුත් සෑර් හා ලොකු අයියලාගෙ බස් රැග්කතාවට...
-------------------------------------------------------------------------------------------------------------
මතකනෙ අළුත් සෑර්ව.. ඔව් ඔව් අතිවිශිෂ්ඨ කෑම... :D දැන්නම් ලංකාවෙ තියනවද කියනම් නන්දු දන්නෙ නැහැ.. ගොඩක් කාලෙකින් නන්දු ලංකාව පැත්තටනම් ගොඩ බහින්න බැරි වුණා.. ඉගෙනීම් වැඩ කටයුතු නිසාම තමයි... :( මේ කතාව ඔය කෑම හා සම්බන්ධ රැග් කෑමක්.. :D
නන්දු හොස්ටල් ජීවිතෙන් අයින්වෙලා බැස්ටියාගම ඉදන් මුතුපුරට ස්කෝලෙ යන කාලෙ අපිටම කියලා විශේෂ ස්කෝලෙ බස් එකක් තිබුණෙ නැහැ. ඒත් උදේ 6.00ට ගෙදර ඉස්සරහින් යන බස් එකත්.. ස්කෝලෙ ඇරුණම තියෙන පොදු ගමනා ගමන බස් එකත් තමයි අපි හැමෝගෙම ස්කෝල බස්එක.. ඔය උදේට යන බස් එකෙ පළතුරු බීම ඇඩ් එකකුත්, හවසට යන එකේ ටෙලිෆෝන් ඇඩ්එකකුත් තමයි ඇඳලා තිබ්බෙ.. ඒ බස් හැදින්නුවෙත් ඒ නමින්ම තමයි..

බස් එකට අළුතෙන් එන හැමෝටම අනේ අපරාදෙ  කියලා කියන්න බෑ... එක වගේම තමයි ලොකු අයියලා ටික සලකන්නෙ.. රැග් එක අනිවාර්යයි... මං හිතන්නෙ කැම්පස් යන්න ඒ කාලෙ ඉඳන්ම ගත්ත තීරණයක්ද කොයිද.. ඔතනින් ඉතින් දන්න අඳුනන කවුරු හරි හිටියෙ නැතිනම්.. රැග් එක ටිකක් විතර දලුණු වැඩී.. ඇයි ඉතින් කියන දේවල් ඔක්කොමත් දරාගෙන ඉන්න වෙනවනෙ.. නන්දුටනම් ගෙවල් ලඟම අක්කියෙක් හිටියා හොඳවෙලාවට... ඒ විතරක් නෙමෙයි ඉතින්.. නන්දුගෙ අයියත් උසස් පෙළ කරන්න ස්කෝලෙ ගියෙ ඔය බස්එකේම තමයි.. ඔය ලොකු අයියා කෙනෙක් යන ස්කෝලෙටමනෙ නන්දුගෙ අයියත් ගිය... නිසා එයාටනම් රැග් දුන්නෙ නෑලු..

ස්කෝලෙ ළමයි ඉතින් සීසන්නෙ.. බස්එකට පය තියන්න ඕනෙ අනිත් අය ඔක්කොම නැඟලා ෂීට් ඔක්කොම පිරුණට පස්සෙ.. ඔන්න නන්දුත් දැන් අර අක්කිලත් එක්ක පළවෙනි දවසෙ ස්කෝලෙ ඇරිලා සෙනඟ පිරෙනකල් ඉදලා ඇවිත් බස්එකට නැග්ගා..  

මගක් ගියාට පස්සෙ අර ලොකු අයියා කෙනෙක් එනවා සෙනඟ පීරගෙන මේ පැත්තට.. ඔළුව වහලෙට ගෑවෙන්න අපේ බස්එකට හිටියෙ දෙන්නයි.. ඒ ‍එක්කෙකේ තමයි ඔය.. මඟදි හම්බවුණ ෂීට් එකේ ඉඳගෙන අදුරන අක්කිලගෙ ඔක්කොම බෑග් ගොන්න ‍තියාගෙන යද්දි ඉතින් පේන්නෙ බෑග් ගොඩ විතරයි.. (නීතියක් නොවුණත්, යාළුවෙක්ට ඉඳගන්න ෂීට් එකක් ලැබුණොත් බෑග් පැටවීම අනිවාර්යය වේ..) 

"නංගි ඕන් න.ල අයියා (මේ ඒ අයියට දාලා තිබ්බ කෙටි නම.. ඇත්ත නම කෙටි කරල තමාලු ඔය නම)  එනවා.. ඔයා සද්ද නැතිව ඉන්න.." 
මේ මගෙ අඳුරන අක්කා හෙමීට මාව බෑග් ගොඩ අස්සෙන් හොයලා කනට කරලා කිව්ව උපදේසයක්.. අනේ මමත් ඉතින් සද්ද නොකර ඒ උපදේසයම පිළිපැද්දා.. ඔළුව එහෙ මෙහෙ හරවන්නෙ නැතිව.. කීකරු බළල් පැටියෙක් වගේ.. පැත්තට තිබුණ වීදුරුවෙන් එළිය බලාගෙන.. අ‍පිට විරුද්ධ පැත්තට යන ගස්වල සුන්දරත්වය විදගෙනම..

"අහ් දැකලා නැති මූණක්.. නංගි අළුතෙන් නේද.."
 ඉවරයි.. බලන්න ඉතින්.. එකනෙ ඔච්චර උස යන්න එපා කියන්නෙ.. ජිරාෆ් වගේ බෙල්ලත් දිග් කරගෙන... අමාරුවෙන් හුස්ම පොදක් එකතු කරගත්තෙත් මේ බෑග් ගොඩ එහාට මෙහාට කරලා... සිකේ මෙහෙම අයියලා... වට පිටාවෙ සුන්දරත්වය බලන්නවත් දෙන්නෙ නැති හැටි... මමත් ඉතින් කීකරු වික්සෝප මූණක් මවාගෙන‍ නොදන්න ගානට ඒ පැත්ත බැලුවා..

"කෝ කියන්න බලන්න.. ආර්ට් ද ඩාන්ස්ද මියුසික්ද කරන්නෙ.."
 ආර්ට් නම් කලේ... කාගෙ හරි පිටකට කොලයක් තියලා එයාගෙ මූණ අඳින්න ඕනෙ.. මියුසික්නම්.. සිංදුවක් කියන්න ඕනෙ මුළු බස් එකටම ඇහෙන්න.. මේ තමයි එයාලගෙ වැඩ පිළිවෙල... ඩාන්සින්ග් නම් තමයි වැඩේ.. මං කලේ මියුසික්.. ඒත් මෙතන ඇත්ත කිව්වොත් වෙනදේ දන්නවනේ... මෙන්න ඩාන්සින්ග් කියන්න කට හද්දිම.. 

"අනේ බුදු නංගියේ ඩාන්සින්ග් නම් කියන්න එපෝ...!"
 (මේ සෙනඟ අස්සෙ මොන ඩාන්සින්ග්  නෙහ්..! ) අපි අහුවෙයි ඕවට.. අහන්න අකමැතිම උත්තරේ කියද්දි මං අඳුරන අක්කිත් එයාගෙ යාළුවොත් මං කියන්නෙ ඇත්ත කියලා එක හෙලාම කන්ෆර්ම් කරලා මාව ඒ දඩුවමෙන් නම් බේරගත්තා.. 

අළුත් සෑර්ගෙ අතිවිශිෂ්ඨ කෑම... ඔන්න ඔය බිස්කට් තමයි ගේන්න කියලා බාරදුන්නෙ පහුවදාට එනකොට මුළු බස් එකටම.. ඒ දේනම් ඉතින් අළුතෙන් එන  කාටත් අනිවාර්යයි... ඔය අළුත් සෑර් ආවම කාලෙ නෙ.. ඒකයි ඔය.. හැමෝටම දොලදුක.. :D 
අපරාදෙ කියන්න බෑ.. ඩ්‍රයිවර්අන්කලුයි,කොන්දොස්තර අයියටත් මෙයාලා දීලා බෙදාහදාගෙන තමයි කන්නෙ.. එදායින් පස්සෙ නම් හැමෝම එකම පවුලක සහෝදර සහෝදරියො වගේ තමයි.. ඔය බස් එක නැති වුණොත් අපි හැමෝම ප්‍රයිවට් බස් එකක යන්නෙත් එකට තමයි... ඊ ළඟට  බස් එකට අළුතෙන් ආව අක්කියෙක්ට නම් ගේන්න වුණේ අර අළුත් සෑර්ලගෙ චොක්ලට් බ්ස්කට් එක.. 

නංගිලා ද මල්ලිලා ද කියලා නෑ.. දෙගොල්ලොන්ටම රැග් තමයි.. මල්ලිලාටනම් ඉතින් සිංදුවක් අනිවාර්යයි.. ඒ වගේම රැග් කාලෙ ටිකක් විතර දීර්ගයි.. තරහවකට නම් නෙමෙයි.. :) රැග් කාලෙ ඉවර වුණාමනම් ඉතින් මතක් වුණාම ඕවා ගැන කියලා හිනාවෙනවා මිසක් කාවවත් පහතට දාලා කතා කරන්නෙ නැහැ.. ඇයි ඉතින් අනිත් අයත් ඒ වගේම ඒ හෝටලෙන්ම පරිප්පු කාලා තියෙනවනෙ.. :D 

"ජීවිතේ ලස්සනම කාලෙ පාසැල් කාලේ" කියලා ගොඩක් දෙනෙක් නන්දුට පොඩි කාලෙ කිව්වත්... ඒ කාලෙ නන්දු අකමැතිම කාලෙ වුණෙත් පාසැල් කාලෙ.. ඒත් අද.. එදා තිබුණ ඒ සුන්දර කාලෙ ගොඩක් ආදරයෙන් ආවර්ජනය කරනවා... ඒ පහුවෙලා දැනුන පාසැල් ජීවිතයේ සුන්දරත්වයත් එක්ක.. :)

ඈහ් දැන් නන්දුගෙ අයියා කෝ කියලානම් අහන්න එපා.. එයාට මේවට අත දාන්න තහනම්නෙ.. අනික අයියයි මමයි එකම බස් එකේ ආව ගියාට අළුත් නිසා අයියගෙ නංගි බව දැන ගත්තෙ ටිකක් කල් ගිහින්... ඒ දැනගෙනත් ඒකෙනුත් ගැලවීමක් නැති වුණේ මට.. ඒ කොහොමද කියලා ඊ ළඟ කොටසින් කියන්නම් හො‍‍‍ඳේ... :)

9 comments:

  1. ඉස්කෝලේ බස් එකෙත් රැග් එක තිබුනා කියලා මං අදමනේ අහුවේ.. අදමයි ඇහුවේ කිව්වට ඉතින් අපි යන දවස් වල වැරදිලාවත් ප්‍රයිවට් එකක අපි ගියොත් ටිකට් ගන්න ඕන සෙට් එකට අලුතින් එකතු උන එක්කෙනා.. ඒකත් එක විදිහක රැග් එකක් තමයි බලාගෙන යනකොට...

    ReplyDelete
  2. ආසාවෙන් කියෙව්වා. මිහිරි ආවර්ජනයක්. පාසැල් කාලෙ මතක කවදාවත් අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
  3. නන්දු ඉන්න සීත රට මොකක්ද ?

    විනය ගැන නම් ඉතින් මම හිතන්නෙ ඔතන තියෙන්නෙ සංස්කෘතික වෙනස නිසා දකින විදිහේ වෙනස වෙන්න ඕනි !

    ReplyDelete
  4. Dinesh- හිහිහී.. ඒකත් හොඳ රැග් එකක්නේන්නම්... ස්තූතියි සහෝ. මේ පැත්තට ආවට..

    චන්දි නැන්දා- බොහොම ස්තූතියි නැන්දෙ.. අනිවාර්යයෙන්ම.. :)

    බුවාගේ සිතුවිලි- හිහිහී.. සමහර විට නන්දු ඒ රට ‍නොකියා ඉඳිවි.. සමහර විට කියාවි.. හ්ම්ම්.. සංස්කෘතික වෙනස නිසාම දකින වෙනසක් නෙමෙයි අයියේ.. නීතියෙන්ම හිතන්න පුරුදුවෙලා තියෙන රටක මානුෂිකව හිතන්න බැරි වෙනසක්.. ස්තූතියි සහෝ. :)

    ReplyDelete
  5. ඔය කියන බස් එක මම දන්නවද කොහෙද// එත් මගේ ගේ නම් තියෙන්නේ ඉස්කෝලේ ලගම නිසා ඔය කියන බස් එකේ ගිහින් නම් නැහැ. එත් මගේ යාළුවො ගියා නොවැ. ඒ නිසා මමත් දන්නවා ඔය බස් එකේ රැග් ගැන හිකිස්‌..

    ReplyDelete
  6. හිහිහී.. අනිවාර්යයෙන්ම නංගියා දන්නවා ඇති.. :D

    ReplyDelete
  7. school බස් එක මාර fun නේද මටත් මතක් උනා

    ReplyDelete
  8. :D ඒ කාලෙ ගැන අසරණයගෙනුත් පෝස්ට් එකක් බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
  9. රැග් නම් පට්ට ෆන්.. තරහ ගන්නේ නැතිව මූන දුන්නම සුන්දර මතකයක්..

    ජය නන්දු !

    ReplyDelete