22 September 2011

විහඟ තටු ලැබ...!


කියනු මං නොහී
ගලපගනු බැරී
සිතට මං නොකී
රහස දැන් දනී

තබා ලය මත
වසා සුරැකිව
කඳුළු බිඳුවක්
නඟන සිනහව

කඩළු වැට බැඳි
නුඹෙන් ගිනි ලැබි
වදන් හද රැඳි
නිවයි කවි හිමි...!

සියක් යදමින් නුඹේ වදනින් බඳ තැබුණු මා... යළි සොයාගතිමි විහඟ බඳක්..!

13 comments:

  1. විහඟුනේ තටු ලැබූ
    එතෙරව මහ සමුදුරු
    ජය ගන් සිසිරය
    උදාවේ මතු වසන්තය

    ReplyDelete
  2. ‍අනිවාර්යෙන්ම.. බොහොම තුති ඔබට..! :)

    ReplyDelete
  3. විහඟුන් මනුසත් අපට කියා දෙන පාඩම් බොහෝය. විවේකයක් ලැබුණාම ගල්මල් අඩවියෙ /රටාවට පියාඹන කුරුල්ලනී/ කියවා බලන්න.

    මා ගල්මල් අඩවියෙන් මෙතැනට සැබැඳියක් එක් කරා.

    මේ බ්ලොග් එක සින්ඩිවලට එක් කරන්න, ඉන් ඔබේ නිර්මාණ වැඩි පිරිසක් අතරට ගෙනියන්න පුළුවන්. සින්ඩි කිහිපයක්:

    අඹ ගහ යට http://ambagaha.blogspot.com/

    හත්මාළුව http://hathmaluwa.org/

    ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk/

    නව බ්ලොග් හඳුන්වා දෙන්න සැකසූ තැනක්... http://buwa-blogpromo.blogspot.com/

    සිංහල බ්ලොග් කියවනය http://blogs.sinhalabloggers.com/


    දිගු බ්ලොග් ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
  4. ලස්සනයි නන්දු...!!!! වෙනස් ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  5. කවියේ අර්ථයත් එක්කම මවන්න ලෝකයම එහි එක් පැත්තකින්..ලස්සනයි..මගේ දිරි සවි..

    ReplyDelete
  6. ලස්සන නිර්මාණයක් දුවේ. විහඟුන් දසත පියාසරමින් ඉන්නා විට දකින සිත නිවන සේ
    "කඩළු වැට බැඳි
    නුඹෙන් ගිනි ලැබි
    වදන් හද රැඳි
    නිවයි කවි හිමි...! " හිත රැඳුන වදන් පෙළක්. ජයම පතනවා.

    ReplyDelete
  7. @ ගල්මල් සහෝ.- ඔබට බොහොමත් ස්තූතියි..! මේ දිරිගැන්වීම් වලට.. අනිවාර්යයෙන්ම නිවාඩුවක් ලැබුණ විගස මං එනවා..:)

    @ හිතූ- ස්තූතියි ගොඩක්.. :)

    @ජනරඟ- බොහොම ස්තූතියි සහෝ. ඔබට.. :)

    @චන්දි- බොහොම ස්තූතියි මේ දිරිගැන්වීමට.. :)

    ReplyDelete
  8. ලස්සනයි...දිගටම ලියන්න. මාත් එනවා බලන්න..

    ReplyDelete
  9. බොහොම ස්තූතියි සයුරි සහෝදරී.. :)

    ReplyDelete
  10. ස්තූතියි වර්ෂා නංගියෝ.. :)

    ReplyDelete
  11. උළුත් විදිහක..
    අලුත් හැඩයක..
    ලස්සන අදහසක්...
    සුබ පැතුම්............!!

    ReplyDelete
  12. ස්තූතියි තරූ.. :)

    ReplyDelete