කාලෙකට පස්සෙ මතක්වුණ පොතක් කියවලා අවසානෙට එනකොට පාන්දර තුනත් පහුවෙලා.. අද නිවාඩුදවසෙ (09) ටිකක් නැගිටින්න පරක්කු වුණත් මොකද කියලා හිතාගෙනම ඇස් දෙක පියා ගත්තෙ සීතටත් එක්ක.. යාන්තම් ඇහැපියවීගෙන.. හීන වලටත් අත වනාගෙනම එන කොට.. පුරුදු Music එකක් ඇහෙනවා.. කනලඟම.. නිකන් නෙමෙයි.. දෙදර දෙදර.. ෂැහ්!ෆෝන් එක ඕෆ් කරන්න අමතක වෙලා.. කවුරු වුණත් මේ මහ පාන්දර මට කුකුලෙක් දෙන්න කෝල් කරන්නෙ කවුද බලන්න ඇස් ඇරියත් ස්ක්රීන් එකම බොදවෙලා පෙනුනෙ..
"හලෝ.."
"මේ ඕයි.. නිදිද හලෝ.."
"නෑ හීන බලනවා.. කවුද ඔය..?"
"ගුඩ් නිවුස් එකක් දෙන්න කතා කලේ.. අපි දෙන්නට ගෙදරින් කැමැත්ත හම්බවුණා ඕයි.. මේ අවුරුද්දෙ අන්තිම වෙඩිම.. ඕන් පොරොන්දු වුණ විදිහටම පළවෙනියටම කිව්වා... එන්න ඕනෙ.."
ඈහ්..? කැමැත්ත..? වෙඩිම..? පොරොන්දුව..?
ටිකක් ඇස් දෙකත් පොඩි කරලා.. නිදිමත එහාට මෙහාට පා කරලා කතා කරන කට හඬ මතක් කරලා බැලුවා.. අලේ දැන්නෙ මතක්වුණේ.. මේ මගෙ දෙවෙනි මස්සිනා නෙව..
"ආ... එහෙනම් බිරිඳ කෑ ගහන.."
ඉතිරියට කිව්ව ටික මතක නෑ... තියෙන සුබ පැතුම් ඔක්කොම කියලා ෆෝනත් ඇදෙන් ටිකක් එහාට කරලා තිබ්බ නින්ද ආයෙත් ගන්න උත්සහ කලත් හිනාවත් එක්ක මතකෙ ඇඳුනෙ අතීතයේ ඒ සුන්දර මතක...
"අන්න අතන ඉන්නෙ.. අර අර හිනාවෙන්නෙ.."
"එතන ඉන්න ඔක්කොම සිරික්කිය දාද්දි මං කොහොමද හලෝ එක්කෙනෙක් කියලා හොයන්නෙ..?"
"අර තනිකොණ්ඩයක් ගොතලා.. ක්රීම් පාට බ්ලවුස් එක.."
"ආ.. එයාද.."
නෑ කමට නෑනා මස්සිනා වුණත් අපි අතර තිබුණෙ සහෝදර බැඳිමක්.. අපේ අයියා, අම්මගෙ පැත්තෙන් අවුරුදු ගණනක් තිස්සෙ දෙවෙනි ගෑණු දරුවෙක්ට රජකම් කරන මම (දැන් නම් අවු.4, අවු1 ගෑණු දරුවො දෙන්නෙක් ඉන්නවා රජකමට..) පළවෙනි මස්සිනා, දෙවෙනියා, තුන්වෙනියා.. තව බාප්පගෙ පැත්තෙනුත් අය ඇවිත් එකතුවුණාම.. ගෙදරට කියන නම් වලින් කතාකරනවා මිසක්.. නෑදෑකම් වල හරි නමත් අමතකවෙනවා.. මේ එහෙම දවසක ප්රදර්ශණයක් බලන්න ගිහින් වුණ දෙබසක්.. මගෙ මස්සිනා මේ ගෑණු දැරිවිව ඕනෙමයි කියලා ඇඩුවෙ නැතැ... සාකච්චා මාර්ගයෙන් විසඳගන්න පුළුවන් තත්වයක නෙමෙයි තිබුණෙ.. කැමැත්ත ඇහුවම ගෑණු දැරිවි ටිකක් ආඩම්බර වෙලා.. ඉතින් විදේශ ආධාරයක් විදිහට ඔතනට අපි මැදිහත් වුණා.. අපි කිව්වට මම තමයි ඉතින්.. අඳුරන්නෙ නැති වුණත් මං කාගෙ කවුද කියලා.. අනේ ගෑණු දැරිවි ටික වෙලාවකින් හොඳ යාළුවෙක් වුණා.. කොහොමින් හරි මස්සිනාගෙ යෝජනවත් දැම්මට පස්සෙ කිව්වෙ..
"අනී.. අම්මලාගෙන් ඇවිත් අහන්න .." (ආන්න කොල්ලො ගැන දන්න ළමයි ඉහි)
එයාගෙන් නම් අකමැත්තක් නෑලූ.. එතන ඉදන් ඒ දෙන්නනම් පෙම් සයුරෙ නෑවෙ, අපි ඉන්නවද, ගිලිලද, ගහගෙනවත් ගිහිල්ලද කියලා බලන්නෙ නැතිව (අනේ හැබෑටම..හරිගියාම) ඒ ගෑණු දැරිවිගෙන් කැමැත්ත ගන්නවට වඩා අමාරුම කාර්යය තමයි පුංචිට මේ ගැන කියන එක.. ඒකටත් ඉතින් නෑදෑපරපුරේ වැඩිහිටි අයත් එක්ක මස්සිනාව යවලා ඒ ටිකත් ගාණට ශේප් කලා.. ඒ අතර අපේ මස්සිනාට ඕනාලු පුංචලා අර ගෑණු දැරිවිව බලන්න ඒ ගෙදර යද්දි.. ගෑණු දැරිවිව හොරෙන් හම්බුවෙලා ප්රසන්ට් එකක් දෙන්න.. මෙයාගෙම අතින්..ඔන්න දැන් කවි ලියන්න ඕනලු... තෑග්ගක් දෙන්න ඕනලු.. මෙතන එකම ඥාව් ගෑවිල්ල.. තෑගිටික ඔතන වැඩෙයි, කවියයි ලියන වැඩේ මමයි තව හිටිය නංගිකෙනෙකුයි බාර ගත්තා.. ගෙනත් දුන්න තෑග්ග ලස්සනට ඔතලා පොඩි ඩෙකරේෂ් ටිකකතුත් දාලා.. කවියකුත් ලියලා ලස්සන කාර්ඩ් එකක.. ඕන් දවස එනකල් හංගලා තිබ්බා.. අපරාදෙ කියන්න බෑ.. මගෙ පොඩි මලයගෙන් ලැබුණෙ මාරම සපෝර්ට්එකක්.. රිබන් හොයන්න.. කතුරු හොයන්න.. ඒ විතරද ඔත්තු බලන්න.. (පස්සෙ ටිප් එකට අයිසින් කේක් එකක්ම ඉල්ලුවෙ නේ..)
ඕන් දැන් අපේ අම්මා.. පුංචි.. එතකොට ආව වැඩිහිටි නෑදෑයො ඔක්කොම අර ගෙදර ගිහින් මොනවද මන්දා කතාකරගෙන ආවයි කියමුකෝ..
ඔය අතර මාත් එක්ක කතා කර කර හිටියෙ බාලම මලයා..
දැන් මල්ලි කී වසරද?
"7 වසරෙනෙ - - - අක්කේ.."
"ඊට පස්සෙ මල්ලි මොකද කරන්න හිතන් ඉන්නෙ..?"
"මාත් කෂාදයක් බඳින්න හිතුවා.."
"ඈහ්..?"
අපේ පුංචිගෙ අතේ තිබුණ මොන මොනවදෝ බිමට නොහැලෙන්න , මගෙ හිනාව නවත්ත ගන්න බැරිවෙන්න, අපේ අම්මත් පොඩි ශේෂ් කතාවක් නොකියන්න.. පොඩිඑකාගෙ කටින් පැන්න ගෙබ්බො ටික අහුලන්න වෙන්නෙ පුංචිගෙ අතින් පියාඹගෙන එන කොස්සෙ කෙදි දතුත් එක්කම..
කොහොම වුණත් මස්සිනාගෙ ආදරයට දරදිය ඇදීම නිමිතිකොට ගෙනත්, දැනට තම මවගේ පාර්ශවයෙන් දැරිවියකුට රජකම් කරන නන්ඳුට.. අවු. 7-6 කට එහා ගිය මේ මතකෙ පොරොන්දුව දෙවැනි මස්සිනා ඕන් ඉෂ්ට කලා.. ඒ සුන්දර මතක මැද ඇස්වලට නිදිමත එද්දි... යාන්තමට හතර අතට එළියත් වැටීගෙන ඇවිත් ජනේලයෙන් කාමරය ඇතුලටත් එඹිලා..
එහෙමනම් මේ අවුරුද්දෙ අන්තිමට සුබ මංගලම්..!!! මට නෙමෙයි ඕන් මගෙ මස්සිනාටයි වෙන්න වෆ්ටයි... :D
ප.ලි- බාල මලයා හොටේල් කෝස් එකක් කරලා මේ දවස්වල ගෙදර එකම බේකරියක් කරලලු තියෙන්නෙ.. මාළු බනිස්, දිව උළුක්වෙන කෑම ජාති, ඩෙසර්ට් එහෙම කාලා ඉවරයක් නැතිලු.. හැබැයි පුංචි අප්සට් එකකට තියෙන්නෙ ඉගෙන ගත්ත තැනින් ඔය ඔක්කොම කරලා අන්තිමට අස් කරන්න කියලා දීලා නැතිලු.. ඒ නිසා මේ දවස්වල සැලර්ඩ් එකට දිරවන්නෙ අපේ පුංචිගෙ සුගම්ය බස් ලු.. එහෙම කිව්වෙ හිනාවෙවී අපේ පුංචි...

අහ් තව දෙයක්.. අපේ බාල මලයා.. නන්ඳු අක්කා එනකල් මඟබලාන ඉන්නවලු.. කේක් එහෙම හදලා දෙන්න.. (අනේ මලයෝ.. මං එන්න කලින් උඹ රස්සාවක් හොයාගෙන යන්නෝ..) උඹ කිව්වෙ සහෝදර කමට හොදේ.. :)
නන්ඳු පෝස්ට් දැමීමට අදිමදි කරන විට ඒ ප්රීතිය නිමිත්තෙන් මා දිහාවට තර්ජන එකතුකල සැමට..මේ පෝස්ටුව.. :)