26 December 2011

උණුසුම් හිම පිහාටු..

"We wish you a Merry...
Merry Mer..."


කරට අත දාගෙන යාන්තමට පියවීගෙන යන මත්වුණ ඇස් වැනි වැනී සුදු හිම මතුපිට එහෙට මෙහෙට පා සටහන් වලින් රටා මවපු නදීෂගෙත් යාළුවන්ගෙත් දෑස් ඉදිරිපිට ති‍බුණෙ තමන්ගෙම ලෝක විතරයි.. ඉගෙන ගන්න අතර අතිරේක රැකියාවක් කලත් මාසෙ අන්තිමදි වටේටත් ණයවෙන යාළුවන්ට.. අදි මදි නොකරන්න කවදත් තමන්ගෙම මුදලින් සලකන නදීෂට යාළුවන්ගෙන් ලෝකය පිරිලා හිටියේ තමන්ගෙ 'ඉටු දෙවි' නදීෂ කියලා හිතාගෙන හිටිය පිරිසක් එක්ක.. 


සාක්කුවේ කොයිපැත්තෙන්ද ඇහුණු දුරකතන‍ය වෙරිමතින්ම අතට ගත්තු නදීෂ ඒ දිහා බැලුවෙ ඕනාවට එපාවට..


Calling >>>Home<<< 


"ෂ්... වහගන්නවලා ඔය කට.. ගෙදරින් කතා කරන්නෙ.. මාට්ටු වුණොත් උඹලගෙ දෙවියට වීසා කැන්සල් හරී..."
යාළුවන්ගෙ දිහාවට හැරැණු ඔහු අතින් සන් සලේ විකාරයෙන් දොඩවන යාළුවන්ට..


"හ හලෝ..."


"පුතේ.. අද නිවාඩුද පුතාලට..? දැන් රෑට කෑවද පුතේ.."


"අ.. අම්මේ.. ඔව් අම්මේ.. මේ.. මං පස්සෙ ගන්නනම්කො.. මං වැඩක ඉන්නෙ.."


"පුතේ ඔයා අසනීපන්ද.. කට හඬ වෙන..."


කී.....


තවත් දේවල් කියන්නට කලින් විසන්දි කල දුරකතනයෙන් ආව හඬ දිහා බලාගෙන හිටිය නදීෂ හිනාවුණේ කට කොනකින්.. 


"තාත්තේ.. මට පිටරටක කැම්පස් එකකට යන්න ඕනෙ.."


මීට අවුරුදු හතරකට කලින් තාත්තගෙ ඉස්සරහා මූණ නමාගෙන කිව්ව හැටි නදීෂට මතක් වුණේ නිතැතින්.. තමන්ගෙ ජීවිතේ අනාගතය හදාගන්න.. අනිත්වුන්ට වඩා ඉස්සරහින් ඉන්න.. පිටරටක තියෙන තාක්ෂණයත් එක්ක මෙරටට ගැලපෙන්න.. නදීෂට ඕන වුණා.. මොනම විදිහකින් හරි එතැනට යන්න.. හොඳට ඉගෙන ගන්න.. තමන් එක්ක එකට ඉගෙන ගත්තු යාළුවෝ වගේ ලොකු ලොක්කො වෙන්න..
මේ බවක් අම්මට කිව්ව දවසෙ ඇස් දෙකේ පුරවන් හිටිය කඳුළු වෙනතකට හැරිලා රහසෙම පිහදාගත්ත හැටි නදීෂ දැක්කෙ නැතත්.. ඇස්වල තිබුණ තෙතමනය හංගගන්න එකම පුතාගෙ බලාපොරොත්තු වෙනුවෙන් අම්මට බැරිවුණ බව දැක්ක නදීෂට ඒ බවක් හිතන්න එදා ඉස්පාසුවක් තිබුණෙ නැහැ...


"උඹව ඔච්ර දුරකට ඇරලා අපි මෙහෙ සැනසිල්ලෙ ඉන්නෙ කොහොමද පුතේ.. කාත් කවුරුවත් නැතිව.. උඹයි අපියි දෙගොල්ලොම තනිවෙනවා.. අපිට ඉන්නෙ උඹ විතරයි.. අනික ඒ තරම් ගාණක්...! අපි කොහෙන් හොයන්නද පුතේ.. තාත්තට කිව්වද මේ ගැන.."


කොතරම් හිත හදන්න උත්සහ කලත්.. නදීෂ මැව්ව ලොකේම තව තවත් ඈතට ඉගිලුණා..


"අම්මගෙ එකම පුතා වෙනුවෙන් වියදම් කරන්න බැහැ එහෙනම්..! හොඳයි එහෙනම් මං හොයාගන්නම්කො.."
එදා උදෙන්ම ගෙදරින් පිටවුණු නදීෂ රාත්‍රියේ නිවසට එන විට තාත්තගෙ රැල් බුරුල් මැද තවත් පියවරක් ඉදිරියට ඔසවගන්න බැරිව දෙපා නතර වුණා ඔහුට මතකයි..


"උඹ කාටවත් ණය වෙන්න ඕනෙ නැහැ.. මේ ටික තියාගනින්..!"


අතට ලැබුණ මුදලින් නදීෂ ඉගිලුනේ මුහුදු උඩින්.. නවාතැන් ගත්ත තැන සිට විශ්වවිද්‍යාලයට කිලෝමීටර් ගණනක් ගෙවන්න තිබුණත් සුළු මුදලකට හෝ ලැබුණ මේ නවාතැනේ සිට නදීෂ තමන්ගෙ අනාගතේ පියවර මනින්න ගත්තා.. කාත් කවුරුවත් නැතිව තනිවුණ ඔහුට හිටියෙ ඒ රටේම යාළුවො රොත්තක්.. වියදම් වැඩි වෙද්දි නදීෂ රැකියාවක් හොයාගත්තත් ඒ මුදල් සතියෙ මුල සිට අනිත් අත බලන විට ජීවත් වෙන්න මදිවුණත්.. නදීෂගෙ නිවසින් එවන මුදල් ඔහුව තව තවත් පොහොසතෙක් කලා.. යාළුවන්ගෙන්..!


තම පුතාගේ අනාගත සිහිනය වෙනුවෙන් තම සන්තකව ඉතිරිවුණ වහල උගස්කර බැංකුපොතේ තිබුණ අන්තිම සතයත් අතට ගත් තාත්තා ඒ බවක් හැමෝගෙන්ම සැඟවූ බවක් නදීෂ දැනගනිද්දී... ගේ දොර සින්න වෙන්නට යන බව දන්වන ලියුම් ගෙදරට එන්න පටන් අරන්... ඒත් නදීෂට ඒ වගකට උත්තර බඳින්න වෙලාවක් තිබුණෙ නැහැ.. කාලයත් එක්කම නදීෂ යා‍ළුවොත් එක්ක පන්තිවලට සහභාගීවීම මඟ හැරියා.. තමන්ගෙ හීන මත්වුණු වතුරෙන්.. පිච්චෙන දුමෙන් හළුකරලා අහසට හරින්න පුරුදු වුණා.. සීතලට දැනෙන තනිකමට එයින් තවත් මි‍තුරෙක්ව හෙව්වා..


"සුබ නත්තලක් පුතා..!!"
නදීෂ කල්පනාවෙන් වීසිවෙලා යාළුවො රොත්ත මැදට වැ‍ටුණෙ ඒ හඬින්.. තමන් දිහා කරුණාවෙන් බලාගෙන හිටිය දෑස දිහා නදීෂ බැලුවෙ ඇස් පුංචි කරලා..


"සුබහ්..! හ්ං සුබ කොහෙද අන්කල්.. ඕන් නත්තල් නම් තියෙනවා... යනවා යන්න.. සුබහ්ං චමින්ද.. හූ..... හූ... හූ..."
සද්දෙට හිනාවුණ යාළුවන්ගෙන් ඇසුණ කවට වදන් ගණනකටවත් ගත්තෙ නැති ඒ වයසක පුද්ගලයා නදීෂගෙ පිටට තට්ටුවක් දාගෙනම සීත හිමේ නදීෂගෙ යාළුවො පසුකරන් ආව මඟ දිගේ නොපෙනී ගියා..


"වරෙන් බං යන්න.. තව හිම වැස්සකට කලින්.. පාරෙ හිටියොත් අයිස් කුට්ටි තියෙයි හෙට.."
නැවතත් වාරු කරගත් යාළුවො තමන්ගෙ ලෝකයෙම පාවෙමින් කටට එන වචන කෑලි අහුල ගනිමින්.. සැහැල්ලුවෙන් ඉදිරියට පය තිබ්බත් අඩි දහයකට වඩා වැඩි නැති පියවරින් ඇහුණු කන්බිහිරි කරවන ශබ්දයෙන්.. හතර අත කැරකෙන මනසින්.. දෑසට එල්ල වූ තද ආලෝක එළියෙන් යාන්තමට වෙව්ලන ඇස්වලින් නදීෂ දැක්කේ තමන්ට මොහොතකට කලින් සුබ පැතුව.. යාන්තම් හිනාවක් මුහුණේ රැදුණු ඒ වයසක පුද්ගලයව..


ඇස් දෙක හෙමින් අරින්නට වෙර දරද්දී.. අවටින් පෙනුන සුදු පැහැති ආලෝකය නැවතත් ඇස් දෙක පියවන්නට උත්සහ දරණ බවක් දැනුනත්.. නදීෂට ඕ‍න වුණේ තමන්ගෙ හිසට මෙච්චර බරක් දැනෙන දේ මොකද්ද කියලා බලන්න..  හතර අත ඇස් කරකවලා බැලුවත් තවමත් තමන් ඉන්න තැන අඳුරගන්න නදීෂට බැරිවුණා.. අන්තිමට මතක ඇති සියළු දේ එකින් එකට පෙලගස්වන්නට උත්සහ ගත්ත නදීෂට පසුගිය රාත්‍රියේ සීත හිම මැද්දෙන් යාහළුවන් සමඟ පැමිණි ගමනත්.. කරුණාබර, හුරු පුරුදු මහළු මිනිසාගේ සුබ පැතුමත්.. දෑසට එල්ලවූ ආලෝකයෙන් රිදුම් දෙන්නට වූ සිරුරත් ඔහුට රූප පෙලක් මෙන් මැවුණා.. උදව් ඉල්ලලා කෑ ගහන්න ගත් උත්සහය ව්‍යාර්ත වුණේ නදීෂගේ තොල් යන්තම් හෙලවෙමින්... තමන්ගෙ අතට දැනුනු උණුසුම් සුසුම් රැල්ලකින් යාන්තමට ඔළුව හරවලා බැලුව නදීෂ දැක්කෙ තමන් දිහා බලාගෙන ඉන්න ඒ කරුණාබර ඇස්..!


"පුතාට දැන් කොහොමද.. තවම ඔළුව රිදෙනවද.."
 නිවුන හඬින් තම දුක සැප විමසන මේ මිනිසාගේ වදනින් වගේම සාත්තුවෙනුත් නදීෂගේ තුවාල ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබුණා.. ‍නදීෂව බැලීමට රෝහලට පැමිණෙන එකම නෑදෑයා වගේම එකම හිතවතා වුණේ මේ වයසක පුද්ගලයා විතරයි..


"අහ්.. නදීෂ හොඳින් නේද.. මං පස්සෙ කතා කරන්නම්කෝ.. දැන් වැඩක්.."


තම යහළුවන්ගේ විසන්දි කරන දුරකතන වලට කොතරම් උත්සහ කලත් සම්බන්ධ කරගැනීමට නොහැකිවුණ නදීෂට ඇතැම් විට ලැබුණෙ මෙවැනි ප‍්‍රතිචාර.. ගෙවීමට නොහැකිව ඉතිරි වූ හිඟ මුදල් හේතුවෙන් නවාතැනින් නදීෂව පිටමං කර තිබුණා..


රෝගීන් බලන වෙලාව එනතෙක් නොඉවසිල්ලෙන් ඉන්න නදීෂට එදා ඔරලෝසුවේ කටු ගෙවුණෙ ඉබි ගමනින් වගේ.. මාස ගණනක් කූඩුවක හිරවුණ කුරුල්ලෙකුට නිදහස ලබන අද දවස... බලාපොරොත්තුව හුන් නදීෂ තවමත් බලාගෙන ඉන්නෙ මෙච්චර කලක් තමා ලඟම හිටි ඒ කරුණාබර දෑස් දකින්න.. ඇතුළුවන දොරෙන් මතුවෙන දෑස් අතර හොයන ඒ පුරුදු රුව වෙනුවට කුඩා පාර්සලයක් අතැතිව තමා දෙසට එන වෛද්‍යවරයාගේ දසුන නදීෂගෙ හිතට ගෙන ආවේ කුතුහලයක්...


"ඔයාට දැන් හොඳටම හොඳයි.. ගෙදර යන්න පුළුවන්.." නදීෂව පරික්ෂා කර බැලූ වෛද්‍යවරයා අවසන් නිගමනය ප්‍රකාශ කලා..


"ඩොක්ටර්.. මාව බලන්න ආව අර සීයා එනකල් මට ඉන්න පුළුවන්ද..? එයා මට ගොඩක් උදව් කලා.."


"අහ්..! තව ටිකකින් මට අමතක වෙනවා.. මෙන්න මේ පාර්සලේ ඔයාට දෙන්න කියලා තිබුණා.."
ඔහු අත රැදි ඒ කුඩා පාර්සලය නදීෂගේ අතට පත් කල ඔහු යන්න ගියා..


මෙ‍පමණ කලක් නදීෂට අමතකව තිබුණු  දෙයක් නැවත සොයන ‍ලෙසින් ඔහු ඉක්මනින් දුරකතනයේ යතුරු පුවරු මත තම ඇඟිලි ගෙන ගියා... ඇමතුමට එහා කොනෙන් ගලාගෙන ආවෙ තමාට අමතක වුණ අමතක කරන්නට උත්සහ ගත්ත ඒ කට හඬ..


"හෙලෝ.."


"අම්මේ... "
බොඳව ගිය ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටෙද්දී.. තමන්ගෙ හඬින් ඒ ඇමතුම ගෙවීගිය අවුරුදු ගණනට නදීෂගෙ හදවතට අද තරම් ලබැඳිව කතා කල දවසක්.. ඔහුට මතක්වුණේ නැහැ..


"මගෙ පුතේ.."


"අම්මයි තාත්තටයි සුබ අළුත් අවුරුද්දක් වේවා.. අම්මගෙ පොඩි පුතාගෙන් මේ අවුරුද්දට වටි..."
ඉතිරිය කියාගන්නට තවත් වචන ඔහුගේ දිවග නැත.. රෝහලේ කවුළුව එපිටින් පියඹන හිම පිහාටු අතරින් ඉදිරියම ඇදුණ නදීෂ ඉතිරිව තිබුණ මුදලුත්, තමාගේ ගුවන්බලපත්‍රයත් රැගෙන ඉක්මන් ගමනෙන් ලංවුණේ... ගුවන් තොටුපලට.. ඒ ඔහුගෙ ජීවිතේට ඒ කරුණාබර දෑස් වලින් ලැබුණ ලොකුම තෑග්ගත් අරගෙන..
ඒ.... තමන්ගේ එකම පුතා එනතුරු පෙරමඟ බලා හිඳින අම්මගෙයි තාත්තගෙයි දයාබර වදනක් හිතේ ගුලිකරගෙන..!


‍වයසක මනුෂ්‍යයා ගැන යමක්..

සමහරවිට ඒ අපේ යටි හිත වෙන්න පුළුවන්.. සමහර විට අපේ ජීවිත වලට අහම්බෙන් ගොඩවදින අමුත්තෙක් වෙන්න පුළුවන්.. සමහර විට අවුරුදු හතරක් තිස්සේ ණය බරින් නිදහස්වෙන්නට තමන්ගෙ ජීවිතේ දියවෙනකල් ගත කල නදීෂගෙම පියා වෙන්නත් පුළුවන්.. ඒ ගැන තීරණය ඔයාලට බාරයි.. :)

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේ මගේ දෙවෙනි කෙටි කතාව.. 
අඩුපාඩු ඇත්නම්.. වෙනස්විය යුතු තැන් තිබේනම් පෙන්වා දෙන්න යාළුවනේ.. සතුටින් බාරගන්නවා.. :)

26 comments:

  1. මට තේරුනේ නැහැ එතකොට කවුද එයාගේ ඔලුව අතගාපු වයසක මනුස්සය!

    ReplyDelete
  2. 44 වෙනියට මම ඹන්න ගොඩ වැදුනා මේ අවුරුදු හීනයට....

    ReplyDelete
  3. හරිම ආදර්ශවත් කථාවක්. ගොඩාක් දුවල පුතාලට අමතක වෙනව වෙන රටකට ගියාම ඉගෙනගන්න තමන් ආව බව. දෙමාපියන් බොහෝ දුෂ්කරතා මැදින් තම දරුවන්ට යහමග පෙන්නුවත් ඒ දෙයින් ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කී දෙනාද? ගොඩක් ලස්සනයි කතාව. සුබ පැතුම්! සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. මටත් කුතුහලයක් ඇති වුනා කතාව කියවගෙන යද්දි කවුද අර වයසක මනුස්සයා කියලා.මං හිතුවා තාත්තා නැති වෙලා ආත්මය ඇවිත් කියලා.ඒත් එහෙමත් නෙවෙයි නේද?

    මොනවා වුනත් කතාව හිතට වැදෙන විදිහට ලියලා...

    ReplyDelete
  5. මටත් නං තේරුනා මදි............. මේ ළමයි ඉගෙනගන්න ගිහිං ඉගෙනගන්නව නෙවෙයිනෙ, කෝලංනෙ කරන්නෙ!

    ReplyDelete
  6. ‍වයසක මනුෂ්‍යයා ගැන යමක්..

    සමහරවිට ඒ අපේ යටි හිත වෙන්න පුළුවන්.. සමහර විට අපේ ජීවිත වලට අහම්බෙන් ගොඩවදින අමුත්තෙක් වෙන්න පුළුවන්.. සමහර විට අවුරුදු හතරක් තිස්සේ ණය බරින් නිදහස්වෙන්නට තමන්ගෙ ජීවිතේ දියවෙනකල් ගත කල නදීෂගෙම පියා වෙන්නත් පුළුවන්.. ඒ ගැන තීරණය ඔයාලට බාරයි.. :)

    ReplyDelete
  7. කථාව නම් උපරිමයි මාර ලස්සනයි මාව අමුතුම ලෝකෙකට ගෙනිච්චා මම හිතන්නේ ඔයා තව තව කථා ලියයි කියලා ජය වේවා මැක්සා ඈ...

    ReplyDelete
  8. කතාව ඉදිරිපත් කර ඇති අන්දම, ලිවීමේ විලාසය ගොඩාක් හිත් ගත්තා. දෙවන කෙටිකතාව වුවද තොරාගත් මාතෘකාව, ඉන් ඔබ දෙන පණිවුඩය ඉතා අගේය. ඔබට ජය!

    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  9. හ්ම්ම් කතාව හරිම ලස්සනයි අක්කේ. හරිම ආසාවෙන් කියෙව්වා. සිදුවීම් පෙළ එක දිගට හිතේ ඇදුනා.
    තමන්ට වාසියක් වෙනකන් තමයි මිතුරෝ ලගින ඉන්නේ, කරදරයක් වුනු වෙලාවේ කව්රුවත් නැහැ.

    ReplyDelete
  10. ලස්සන්යි ... පලවෙනි කතාවත් බලන්න ඕනෙ ......

    ඇත්තටම ගොඩක් ලමයි පිටරට ගිහින් ඉගෙන ගන්නව කියල කරන්නෙ ඔහොමද ?

    ReplyDelete
  11. නදීෂගේම යටිහිත වෙන්නත් පුළුවන්.. ඒක ඇත්ත... අත්දැකීමක්ද නන්දු?

    ReplyDelete
  12. @ අසරණයා- :)වයසක මනුෂ්‍යයා ගැන යමක්..

    සමහරවිට ඒ අපේ යටි හිත වෙන්න පුළුවන්.. සමහර විට අපේ ජීවිත වලට අහම්බෙන් ගොඩවදින අමුත්තෙක් වෙන්න පුළුවන්.. සමහර විට අවුරුදු හතරක් තිස්සේ ණය බරින් නිදහස්වෙන්නට තමන්ගෙ ජීවිතේ දියවෙනකල් ගත කල නදීෂගෙම පියා වෙන්නත් පුළුවන්.. ඒ ගැන තීරණය ඔයාලට බාරයි.. :)

    ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට සහෝ. :)

    ReplyDelete
  13. @ චමින්ද ගුණරත්න- ආයුබෝවන් ඔබට..!! :) බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.. :)

    ReplyDelete
  14. @ Chandi නැන්දා- බොහොම ස්තූතියි චන්දි නැන්දෙ මේ කතාවෙ සාරංශය ඒ විදිහටම ග්‍රහණය කර දැක්කුවට.. චන්දි නැන්දටත් පවුලේ හැමදෙනාටත් සුබ නව වසරක් වේවා..!!! :)

    ReplyDelete
  15. @ නිසුපා අක්කා- හිහිහී.. වෙන්න පුළුවන් ‍නේද අක්කියෝ.. :) ගොඩක් ස්තූතියි මේ පැත්තටත් කාලය මිඩංගු කලාට අක්කේ.. :)

    ReplyDelete
  16. @ සයුරි අක්කා- මේ මුකෝ අක්කියෝ.. :)

    ReplyDelete
  17. @ තනි අලියා මල්ලියා- හිහිහී.. නොතේරුණේ අර වයසක සීයා ගැන වෙන්න ඕනි.. ඕන් පැහැදිලි කිරීමක් දැම්මා.. හ්ම්ම්ම... සමහර දෙමව්පියන්නට ඉගෙන ගන්න පිටරටකට ගිය දරුවව ආයෙ තමන් ලගට එනකොට දකින්න ලැබෙන්නෙ ඇස් දෙක සදහටම පියාගත්ත කෙනෙක් විදිහට.. :(

    ReplyDelete
  18. @ ගැමියාගේ පත් ඉරුව- බොහොම ස්තූතියි සහෝ. මේ පැත්තට ගොඩවැදුනටත්... මේ දිරිගැන්වීමටත්..!!! :)

    ReplyDelete
  19. @ ගල්මල්-Coral- මේ දිරිගැන්වීම් වලට.. ඒ වගේම දහසකුත් රාජකාරි මැද්දෙ මේ පැත්තට ගොඩවැදුනටත්.. ගොඩක් ස්තූතියි ඩීන් අයියේ..
    අයියටත් පවුලෙ හැමදෙනාටත් සුබ නව වසරක් වේවා..!! :)

    ReplyDelete
  20. @ වර්ණා නංගියා- ඒක ඇත්ත නංගියෝ.. හැබැයි සැබෑ යාළුවෝ ඉන්නවා.. ඒත් හරිම ටිකයි.. ගොඩක් ස්තූතියි නංගියෝ මේ පැත්තට ආවට..:)

    ReplyDelete
  21. @ Sammani- ආයුබෝවන් කියලා පිළිගන්නවා.. :) ‍හැදුනු වැඩුණු පරිසරයෙන් ඈත් වෙලා.. වෙනම සංස්කෘතියකට හැඩ ගැහෙද්දි ගොඩක් දෙනෙක්ට ඒකෙ සීමාව අඳුරගන්න ලැබෙන්නෙ ගොඩක් පහුවෙලා.. හැමෝම නෙමෙයි.. ඒත් ගොඩක් දෙනෙක්.. :)

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවට.. මේ දිරිගැන්වීම් මට ‍ශක්තියක්..:)

    ReplyDelete
  22. @ Ice (අයේෂා කුලතුංග) - හලේ නංගියෝ.. මේක මේ හිතට ආව සිතුවිල්ලක් විතරයි.. :D ඇයි හප්පා ඔයාට එහෙම හිතුණේ.. :D හේහේහේ..
    ගොඩක් ස්තූතියි නංගියෝ මේ පැත්තට ආවට.. :)

    ReplyDelete
  23. thava tikak edit keruna nam...

    ReplyDelete
  24. @ Ano- එසේ විය යුතු තැන් පෙන්වා දුන්නනම්.. :)

    ReplyDelete
  25. අනිවා ඔහොම වෙන අයත් ඉන්නවා...මම මගේ ඇස් වලින් දැකලත් තියනවා.
    ලස්සන කතාවක්....ඇස් වලිං කඳුළු පැනපු ඉක්මන හිත ගන්නත් අමාරුයි....

    ReplyDelete