26 February 2012

අතීතයෙන් ~ වර්තමාණයට

පවුලෙ කතා බහ නමයෙන් පසුත් දිග් ගැස්සෙද්දි.. කාගෙ හරි ඇඳකින් ඇදගෙන එන කොට්ටයක් අම්මා ළඟින් තියලා අම්මගෙ තුරුලෙ උණුහුම හොයන දූ සිඟිත්තියක්.. දවසක් පෙර පාසැල් ගිහින් ඇවිත් අම්මගෙම තුරුලෙ නිදා වැටිලා හොර රහසෙම අම්මා ඇ‍දෙන් ගිහින් තිබ්බ ඒ දූ.. දවස් ගණනකින් දැක්කෙ නැති අම්මගෙ තුරුලෙ උණුහුම හෙව්වෙ අම්මව ඇහැරවන්නෙ නැතිව.. පුංචි හිතට දැනෙන්න ඇති.. අම්මගෙ මහන්සිය.. රූපවාහිනය ක්‍රියාත්මක වෙවී තිබුණ මොහොතක අම්මට හොඳටම නින්දගිහින්.. ආදරයෙ උණුහුමට යාන්තමට ඇහිපියාගෙන එන කොට ඇහුණ ශබ්දයෙන් ඇහිපියන් ඇරුණෙ ඒ ශබ්දය පැමිණි දිහාවට.. 

කොළපාට රබර් වත්තක් මැදින් සුදුපාට කාරයක් ගමන් කරමින් ඉදිරියට ඇදෙමින් තිබුණා.. හරිම නිස්කලංක පරිසරයක ඇහුණෙ ඒ මෝටර් රථයේ ශබ්දය.. ඒ තුල හිටියෙ සුදු වේලයකින් සැරසුණ කාන්තාවකුත් කළු කෝට්ටුවකින් සැරසුණ කෙනෙකුත් සහ වාහනය පදවන කෙනා පමණයි.. එක පාරටම මෝටර් රථය නැවතුනේ හිනාවෙමින් සතුටින් පැමිණි ඒ දෙපළගෙම හිනා හඩ නතරකරමින්.. ඒත් එක්කම පරිසරයත් නිශ්ශබ්ද වුණා.. මොහොතකට.. මොනවදෝ කිව්ව රියැදුරුත් කළු කෝට්ටුව හැඳගත් පුද්ගලත් බිමට බහින්නෙ සිදුවී තිබෙන කාර්මික දෝෂය මඟහරවගන්න හිතාගෙන.. පිටුපස ඩිකිය ඇර කතා කරද්දි ඇයත් බිමට පනින්නේ කිසිම දෙයක් ගැන නොහිතමින්.. ඇය දකින්නෙ සමච්චලයට හිනාවෙන රියදුරුත් ඇයත් සමඟ පැමිණි කළු කෝට්ටුව හැඳි පුද්ගලයත් ඔහු අතේ ලොකු පිහියකුත් සමඟ.. ඇය අනතුරක බයෙන්..!

ඒ දර්ශණය ඇසගැටිලා කාලය සතියක් ගෙවෙන්න ඇති.. ඒ දූට ලැබෙනවා තාත්තගෙ යාළුවෙකුගෙන් රෝසපාට ගවුමකුත් රත්තරන්පාට ගවුමකුත්.. තෑගි විදිහට.. තාත්තගෙ යාළුවගෙ පවුලට හිටියෙ පුතාලා දෙදෙනෙක් පමණයි.. මේ නිසාම මේ දූට ඒ අය ගොඩක් ආදරෙයි.. දූ පුංචි කාලෙම ඒ  වගේ දිලිසෙන ගවුම් වලට ආසා කලා.. දවසක් පාන්දරක අම්මා ඇහැරලා අර රෝස පාට ගවුම ඇයට අන්දවලා හැඩ බලනවා.. පාන්දර ඇහැරුණ නිසාත් වට පිට කිසිදෙයක් දකින්න බැරිනිසාත් ඒ දූට වාහනය පිටිපස අසුනෙ නින්ද ගිහින් ආයෙ ඇහැරෙන්නෙ අම්මගෙ කටහඬින්.. මල් වලින් සරසණ.. කොණ්ඩෙ සකසන.. ‍තැනක... ඒ  දූටත් ලස්සන මල් කිනිත්තකින් කොණ්ඩෙ සරසලා.. මල් කූඩයක් අතට දෙනවා.. එතන හිටිය නැන්දලා.. දූගෙ අම්මයි තාත්තයි බලාගෙන ඉද්දි ඒ දූයි සුදු වේලයකින් සැරසුණ නැන්දියෙකුයි තව අක්කියෙකුයි සුදු කාරයකට නැගෙනවා..

එතැන සිට මේ දූ පිටුපස අසුනෙ දනගහගෙන  හොයන්නෙ අම්මවයි.. තාත්තගෙ වාහනයයි.. මැවෙන්නෙ... ඒ දර්ශණය.. ඒ දැක්ක සුදු වේලය.. කොළ පාට රබර් වත්තක් මැදින් වැටුණ දුඹුරු පැහැති පටු මාවත දිගේ ඉස්සරහට ඒ දූ හිටිය කාරයත් ඇදෙද්දී.. ටික ටික ඇස් බොදවෙනවා.. හිත ගැස්සෙනවා.. "දූ අර එන්නෙ අම්මයි තාත්තයි.." නැන්දිලා කියන කියන වාරයක් ගාණෙ ඈත බලාගෙන ඉකි ගහන්න ගන්නවා.. එහෙම දෙයක් නොදකින වාරයක් ගාණෙ එන්න එන්නම ඇඩීම වැඩිවෙනවා.. කාටවත් එතැන තේරුම් ගන්න බැරිවුණ හිත.. "දැන් මාව මරයි.. දැන්.. දැන්.." බයෙන් බලන්නෙ ඉස්සහ රියැදුරු දිහාවත් පිටුපස වීදු‍රුවෙන් ඈතත්..

අන්තිමට ගිහින් නතරවෙන්නෙ සෙනඟින් පිරුණු ශාලවක.. දූ ළඟට ආවෙ ඒ වයසෙම ඒ උසම පුංචි පුතෙක්..

"පුතේ.. නංගිත් එක්ක ඉස්සරහට යන්න.." කවුදෝ නැන්දියෙක් කියනවා.

ඒ පුංචි පුතා අතේ තිබුණෙ මල් වැලක් එතුව වේවැලක්..! හිනාවෙන්ම අතින් අල්ලගත්තෙ අඬලා හෙම්බත් වුණ ඒ දූව.. හරිම පරිස්සමින් පියවරත් එක්ක ඉස්සරහට... ශාලව තුල යන්නට තිබුණ පාර අවසන් වුණේ ලස්සනට හදලා තිබුණ උස් තැනකින්..කාගෙන්වත් නවතින්න විධානයක් නොවුණ නිසා තවත් පියවරකින් එතැනට තැනුන පඩිපෙලට අඩියක් තියන්න යනකොටම කවුදෝ මන්දා කෑ ගැහුවා පිටිපස්සෙන්.. "මෙහෙට එන්න මෙහෙට එන්න".. අතර මගදි ගත්ත ෆොටෝ එකකින් ඇස්වලට වැදුනෙ ‍ෆ්ලෑෂ් එළියක්.. ඇස් නිලංකාරවෙන්න..


රූපවාහිනියෙ අහම්බෙන් ඇස දුටුව දෙයින් හිත බයෙන් ගැහුණ.. එදා ඇහිපිල්ලම් යටින් දැක්ක දර්ශණයෙ නිළියව තවම මතක.. ඒ නිසාම අතීතයේ දේවලින් ආයෙ කවදාවත් මේ වගේ වරදක් වර්තමාණයේ දී ඉදිරි පරම්පරාවකට නොවෙන්න... ලස්සන දවසක, පොඩි එකෙක්ගෙ පොඩි එකියක්ගෙ මූණ නරක් නොවෙන්න..  ඒ පුංචි හදවත් ආදරයෙන් ආරක්ෂා කරන්න  අද දසුන්වලින් රූපවාහිනියෙ... 

එදා... ඒ දූව අතින් අල්ලගෙන තව තඩ්ඩෙන් පොඩ්ඩෙන් පෝරුවට නගින්න ගිය පුතු , අද ලෝකෙම හොඳම වාහන නිපදවන එක්තරා ආයතනයකින් ලංකාවට ඒ වාහන ගෙන්වන තැන ඉහළ නිලයක් දරණ තැනැත්තෙක්..  
එදා...  මූණ ඇඹුල් කරන් කෑ ගැහුව හේතුව අද වෙනකල් කවුරුවත් දන්නෙ නැති.. රත්තරන් පාට ඒ පුංචි ගවුම  අදින්න බැරිවුණ.. තවමත් එදා මතකයන්ගෙන් ඇන්ද රෝස පාට ගවුමෙන් එකම එක මතකයක ෆොටෝවක් ගෙදර තියෙන...
අද සීතලේ නාඳුනන රටක කටුකන දූ.. 
මම
නඳූ... :)



37 comments:

  1. මේක තවත් ලස්සන වෙනවනේ අර තියාගෙන ඉන්නවයි කියපු ෆොටෝ එකම දැම්මනම්... :)

    ReplyDelete
    Replies
    1. හිහිහී... එහෙමනම් ලිව්ව පෝස්ට් එකත් අපරාදෙ.. :D ඒ තරමට ෆොටෝ එකේ මූණ බෙරිකරන් ඉන්නෙ.. :D

      Delete
  2. පුංචි දරුවන්ගෙ හිත් පිරිසිදු කඩදාසි වගේ.. බාහිර ලෝකෙන්, වැඩිහිටියන්ගෙන් ලැබෙන දේවල් ඒ හිත්වල සටහන් වෙන්නෙ මැකෙන්නෙ නැති විදියටයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙනම තරූ.. එදා අහම්බෙන් දැක්ක දෙයින් කොයිතරම දුරක් ගියාද.. :)

      Delete
  3. ලස්සන කතාවක්.... අතීතයයි වර්තමානයයි යා කරන්න හරිම ලේස්යි නේද අක්කි??

    ReplyDelete
    Replies
    1. හිහිහී... ඔව් නංගියෝ.. අතීතයෙන් වර්තමාණය ගොඩ නැගිලා තියෙනවා.. :)

      Delete
  4. හයියෝ මේ පින්තූරේ වෙනුවට අර අක්කගේ රෝස පාට ගවුමනේ දාන්න තිබ්බේ...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. බලන්න පුළුවන් විදිහක ඒක නෑ නංගියෝ.. :D

      Delete
  5. දෙවැනි සැරෙත් කියවලම කමෙන්ට් කලේ.මොකද හිතෙන්නේ දිනේෂ් මල්ලි කියල තියෙන දේ කලොත්.

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඒ දේම තමයි අයියෙ කියන්න වෙන්නෙ..
      //හිහිහී... එහෙමනම් ලිව්ව පෝස්ට් එකත් අපරාදෙ.. :D ඒ තරමට ෆොටෝ එකේ මූණ බෙරිකරන් ඉන්නෙ.. :D//

      Delete
  6. සමහර අතීත මතක ලස්සනයි....ලස්සනට ගලපල.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම අතීතයේ මතක.. වර්තමාණයේ සුන්දරද කොච්චර..
      ස්තූතියි සහෝ. :)

      Delete
  7. සමහර මතක පරණ වෙන්නෑ! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම.. හ්ම්ම්.. හ්ම්ම්.. :)

      Delete
  8. මම දෙපාරක්ම කියවලා තමා මේක තෙරුම් ගත්තේ. ලස්සනයි නන්ඳු....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ලිවීමේ රටාව ටිකක් වෙනස් කලා.. ගොඩක් දෙනෙක් කිව්වා තේරුම් ගන්න අමාරු වුණා කියලා.. ආයෙ මේ විදිහට ලියන්නෙ නෑ අක්කෙ..
      ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)

      Delete
  9. පුංචි කාලේ රූපවාහිනියෙන් උනත් දකින දේවල් හරියට හිතට වදිනවා...මටත් තවම මතකයි ඒ කාලේ බලපු හොල්මන් කතාවක්..ඔයා මේක ලස්සනට ලියලා..තේරුම් ගන්න නම් ටිකක් වෙලා ගියා..

    ReplyDelete
    Replies
    1. අම්මෝ හොල්මන් කතා.. ඒ ගැනත් දෙයක් මතක් වුණා..
      ඔව් අක්කෙ ටිකක් ලිවීමේ ක්‍රමය වෙනසකටත් එක්ක වෙනස් කලා.. හිහිහී.. සමාවෙන්න ඒ ගැන..
      ස්තූතියි ගොඩක් අක්කට..!! :)

      Delete
  10. ලස්සනයි.. සමහර මතකයන් අමතක කරන්න අමාරුයි තමා..මටත් ටිකක් විතර තේරුම් ගන්න අමාරු වුනා අක්කියෝ පළවෙනි සැරේ...

    ReplyDelete
    Replies
    1. අනේ.. සමාවෙන්න නංගියෝ.. ගොඩක් දෙනෙක් කිව්වා :(
      ආයෙ මෙහෙම වෙන්නෙ නෑ..

      Delete
  11. මේ පොස්ටුවේ අතීතය හා වර්ථමානය අතර දෝලනය ඉදිරිපත් කරන ආකාරය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඩීන් අයියේ.. :)

      Delete
  12. හ්ම්ම් ඒ අරයා බදලාද අක්කේ/ බැදලා නැත්තම් ඔයා ඇප්ලිකේෂන් එකක් දාන්න :)))

    ලස්සනට ලියලා තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. හලේ.. ඔ.එල් කරන කාලෙන් පස්සෙ අද වෙනකල්වත් දැක්කෙ නෑ නංගියෝ.. :D

      Delete
  13. ඒ කියන්නෙ ලස්සනම ලස්සන රෝස පාට ගවුම් පොඩිත්තකුත් ඇඳගෙන ලස්සන චූට් කුමාරයෙක්ගෙ අතේ එල්ලිල ගියා ..පුදුමෙ කියන්නෙ ඇඬිල්ලත් නතර වෙලා..:D

    හරිම ලස්සනට ලියල තියෙනවා..ගොඩාක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. :D දැන්නෙ මතක්වුණේ මටත් ඒ වෙලාවෙ ඇඩිල්ල නතරවෙලා කියලා.. හිහිහී..
      ස්තූතියි අක්කේ.. :)

      Delete
  14. අදයි මම මේපැත්තට ආවේ...
    මටත් මගෙ චූටිකාලෙ එක සිද්ධියක් මතක්වුනා අක්කියෝ.....
    මටත් තේරුම්ගන්නනම් දෙපාරක්ම බලන්න වුනා....:)

    ReplyDelete
    Replies
    1. නංගියව ආදරයෙන් පිළිගන්නවා..
      හලේ.. ඔව් නංගියෝ.. ටිකක් තේරුම් ගන්න අමාරුයි නේද.. ආයෙ එහෙම වෙන්නෙ නෑ..
      ගොඩක් ස්තූතියි ඔයාට මේ පැත්තට ආවට.. :)

      Delete
    2. මටත් ඕකමයි වුනේ අක්කේ. . මම 3 පාරක් කියෙව්වා...මොනා උනත් මතකයන් ඉතුරු වෙන්නේ ෆොටෝ වල නම් නෙමෙයි. අපේ හිතේ අක්කේ

      Delete
  15. පුංචි කාලේ වුණ සමහර දේවල් දැන් මතක් වෙනවා හරියට ෆිල්ම් එකක් වගේ. අපූරු මතකයක්නේ. හැබැයි අර පරන විදියට ම ලියනවා නම් තමයි තවත් ලස්සන! කලින් පෝස්ට් එකත් එහෙමද මන්දා...

    ReplyDelete
    Replies
    1. හිහිහී.. ඔව් සහෝ. ආයෙ පරණ විදිහට ලියන්නම් හො‍ඳේ..
      ස්තූතියි මේ පැත්තට ගොඩවැදුනට.. :)

      Delete
  16. ඇත්තට පුංචි කාලේ අහන දකින දේවල් හොඳට හිතට කාවදිනවා නේද අක්කෝ? :D

    ReplyDelete
    Replies
    1. හිහිහී ඒකනෙ නංගියෝ.. :D

      Delete
  17. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
    Replies
    1. අනේ නංගියෝ.. කෝ ආයෙත් බ්ලොග් එකට යන්න බෑනේ.. පරණ බ්ලොග් එකත් නෑනෙ.. මොකද වුණේ..? :(

      Delete